Saturday, March 7, 2015

සුදු අදිරද සපත්තුවේ හැටි සුදු පුතුනට කියයි


http://www.lankadeepa.lk/index.php/articles/299235
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්‍රියා  පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඇතුළු රජය දැනුවත් කිරීමේ ජන හමුවක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අභියසදී පැවැත්වීමට යයි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කෙරෙන මෙම ජන හමුව මාර්තු  මස 02 වැනි සඳුදා සවස 04 සිට රාත්‍රී 07 දක්වා පැවැත් වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු වන ජනක අලහප්පෙරුම පැවසුවේ " මේ වසරේදී 1815 මහනුවර මගුල් මඩුවේදී සිංහල නායකයින් රවටා අත්සන් කළ ව්‍යාජ ගිවිසුමට වසර 200 සම්පුර්ණ වන බවයි.

රට වෙනුවෙන් එදා අභිතව සටන් වැදුණු සහ ජීවිත පරිත්‍යාග කළ ගැමුණු මහරජු, වීර කැප්පෙටිපොල, පුරන් අප්පු වැනි අභීත විරුවන් සැමරීම ශ්‍රී ලාංකික කාගේත් යුතුකමක්. බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව යටත් කළ අවස්තාවේදී සිදුවූ අසාමාන්‍ය මිනිස් ඝාතන, දේපළ විනාශ කිරීම් වැනි අපරාධ පිළිබඳව බ්‍රිතාන්‍යයේ වර්තමාන දේශපාලඥයින් දැනුවත් කිරීම තමා මෙම ජන හමුවේ බලාපොරොත්තුව. මෙහිදී 1815 දී උඩරට ගිවිසුමට අත්සන් කල සිංහල ප්‍රභූන් සංකේතාත්මකව සිහිපත් කරමින් මුල් ඇඳුමෙන් සැරසුණ කණ්ඩායමක් සුදු ජාතීන් කළ  අපරාධ පිළිබඳ සියලු සාක්කි සහ විස්තර ඇතුළත් සංදේශයක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙතටත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් භාරදීමට ද කටයුතු යොදා ඇත".


JANAKA

Saturday, February 28, 2015

සිංහ “ලේ ” ගලා යද්දී මුතුන් මිත්තන් යටත් නොකළේ “සිංහලේ රාජ්‍යයි”

ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය                   “සිංහලේ රාජ්‍යයි”
ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය              “සිංහලේ රාජ්‍යයි”
පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය                      “සිංහලේ රාජ්‍යයි”
ඔබේ රට ශ්‍රීලංකාව නොව එය                                               “සිංහලේ රාජ්‍යයි”

1948දී ඔබේ මුතුන් මිත්තන් දීනාගත් රට                                “සිංහලේ රාජ්‍යයි”
1815 දී ඔබ මුතුන් මිත්තන් අතින් ගිලිහුනේ ඒ                         “සිංහලේ රාජ්‍යයි”
නිදහස ලැබුණි නම් අපේ රට                                                  “සිංහලේ රාජ්‍යයි”
මෙය අසිංහලයින්ගේ රට නොවේ                                           “සිංහලේ රාජ්‍යයි”

උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින්ට පවරා දුන්නේ                             “සිංහලේ රාජ්‍යයි”
CEYLON ලෙස යලිත් නිදහසින් ලබන්නේ                          “සිංහලේ රාජ්‍යයි”
රටේ ඔප්පුව වන උඩරට ගිවිසුමේන් සදහන් වෙන්නේත්           “සිංහලේ රාජ්‍යයි”
සැකයක් ඇතිකරගත යුතු නැත අපේ රට                                 “සිංහලේ රාජ්‍යයි”

යටත් විජිතයක් නොවී ලොව ගිවිසුමකින් පවරාදුන් එකම රට    “සිංහලේ රාජ්‍යයි”
සුද්දාට යුද්ධ කොට ජයගැනීමට නොහැකිවූ එකම රට              “සිංහලේ රාජ්‍යයි”
2500 වසරක ඉතිහාසයක් ඇති එකම රට                                  “සිංහලේ රාජ්‍යයි”
 සිංහ “ලේ ” ගලා යද්දී  මුතුන් මිත්තන් යටත් නොකළේ          “සිංහලේ රාජ්‍යයි”

“ශ්‍රීලංකාව” අසිංහල කොලනියකි මගේ රට                            “සිංහලේ රාජ්‍යයි”
“ශ්‍රීලංකාව” මුලාවකි යත්වූ සත්‍ය රට                                      “සිංහලේ රාජ්‍යයි”
සත්‍යක් ඇත යටත් කල නොහැකි එය                                      “සිංහලේ රාජ්‍යයි”
අසිංහලයින්ට හිමිකමක් නැත මෙය                                        “සිංහලේ රාජ්‍යයි”

ජාතියේ හෳදය ෂාක්ෂිය                         “සිංහලේ රාජ්‍යයි”
මුතුන් මිත්තන්ගේ  “හෳදය ෂාක්ෂිය”    “සිංහලේ රාජ්‍යයි”
භුමියේ යථාර්තය                                “සිංහලේ රාජ්‍යයි”
ශ්‍රීලංකාව මිත්‍යාවකි ,මගේ රට            “සිංහලේ රාජ්‍යයි”

කළු සුද්දන්     සිංහලේ රට වෙනස් කලේ                           “ශ්‍රීලංකා”  කරලා
කළු සුද්දන්       “සිංහල කොඩිය” වෙනස් කලේ කොඩියට         “පටි” ගහලා
කළු සුද්දන්      “සිංහල ජාතිය” වෙනස් කලේ                      “හිපියන්” කරලා
කළු සුද්දන්    “සිංහල සිරිත්” වෙනස් කලේ                   “තුප්පහියන්” කරලා






සිංහ ධජයේ කතාව





සිංහ ධජයේ කතාව


ගැමුණු රජතුමන් භාවිතා කළ ධජය

සිංහ ධජයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. එය අපගේ ලිඛිත ඉතිහාසය තරම්ම දිග ඉතිහාසයකි.



ක්‍රිස්තු පූර්ව 486 දී  ලක්දිවට පැමිණි විජය රජු ප්‍රමුඛ පිරිස සිංහයකු සහිත ධජයක් රැගෙනවිත් ඇත. විජය රජුගේ අනුප්‍රාප්තිකයෝද එම ධජය නිදහස් ස්වෛරී බවේ සංකේතයක් ලෙස අඛණ්ඩව භාවිත   කළ බව මහාවංශයේ හා චූලවංශයේ සඳහන්වේ. ගැමුණු රජාණෝ සතුරු එළාර හා සටන් ව්‍යපෘතිය තුලදී සුරතින් අසිපත රැගත් කේසර සිංහයකුගේ රුවක් ඇති ධජයක් භාවිතා කළහ. සිංහ රුවට ඉහළින් හිරු හා සඳු සංකේතාත්මකව දක්වා තිබුනි. 

1815 මාර්තු දෙවන දින අත්සන් කෙරුනු උඩරට ගිවිසුමෙන් ලංකාවේ රජු ලෙස බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු ලෙස පිළිගන්නා තෙක්ම එම සිංහ ධජය මෙදිවයිනෙහි ධජය ලෙස රජවරුන් විසින් භාවිතා කරන ලදී. ඉන් පසු ඉංග්‍රීසීන් විසින් එක්සත් රාජධානි කොඩියම ඔවුන්ගේ රජ‍යේ කොඩිය ලෙස භාවිතා කරන ලදී. 
එංගලන්තය වෙත රැගෙන යන ලද සිංහ ධජයට සිදු වූයේ චෙල්සියා රාජකීය ආරෝග්‍යශාලාවේ වැතිර සිටින්නටය. වසර ගණනාවක් පුරා එක්සත් රාජධානි කොඩිය යට්තේ සිටින ලාංකිකයන්ගේ මතකයෙන් ඒ සිංහ ධජයේ හැඩ රුව ගිලිහින.


නුවර යුගයේදී හා 1948 සිට 1951 දක්වා භාවිතා කළ ධජය
ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරය ශක්තිමත් වූ විසිවන සියවසේ මුල් බාගය තුළ එම ව්‍යාපාරයේ ප්‍රමුඛ ක්‍රියාකරිකයකු වූ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා එවක දිණමින පුවත් පතෙහි අයිතිකරු වූ ඩී. ආර්. විජේවර්ධන මහතාගේද සහය ඇතිව එංගලන්තයේ චෙල්සියා රාජකීය රෝහලේ තබා තිබූ සිංහ ධජය සොයා ගත්තේය.


සිංහ ධජය ජාතිකත්වයේ සංකේතයක් විය. සවුත්වුඩ් සහ සමාගම විසින් එම ධජය 1815 වන විට පැවති ලෙසම වර්ණ හා රූප සම්පාදනය කරන ලදී. 

ලාංකීය නිදහස සිදී ගොස් වසර සියයක් ගත වන දින පළ කරන ලද විශේෂ දිණමින කලාපයක මුල් පිටුවේ එම සිංහ ධජයේ වර්ණ පින්තූරයක් පළ විය. එය මහජනයා අතර දැඩි අවධානයට ලක් විය.



අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක, ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, හා ජේ. ආර්. ජයවර්ධන යන අය ජාතික ධජය පිළිබඳ ගැට්ළුවට ක්‍රියාකාරීව මැදිහත් වූ ප්‍රමුඛ දේශපාලනඥයන් විය. 1945 දී ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍යය උත්සව වලදී ජාතික ධජය එසවීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳව ප්‍රකාශයක් කළේය.



1948 ජූලි 16, මඩකලපුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සින්නලෙබ්බේ පාර්ලිමේන්තුවේදී සිංහ ධජය අපගේ ජාතික ධජය ලෙස පිළිගැනීමට ඇති හේතු පැහැඳිළි කරමින් එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේය. ඒ. ඊ. ගුණසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය. කන්කසන්තුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ජේ. වී. චෙලවනායගම් හා වඩුකොඩෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කනගරත්නම් යන අය එම යෝජනාවට ප්‍රතිපක්ෂ වෙමින් එය ප්‍රතිශෝධනය කරන ලෙස විරුද්ධත්වය පෑම නිසා ගැටළු සහගත තත්වයක් උද්ගත විය.  එම තත්වය යටතේ නොකැළඹුනු අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක මහතා දැඩි අවධාරණයෙන් පැහැඳිළි කළේ සිංහ ධජය සිංහලයන් පමණක් නියෝජනය කළ ධජයක් නොවූ බවත් අපගේ අවසන් රජු වූ නායක්කර් වංශික ශ්‍රී වික්‍රමරාජසිංහ රජ සමය වන විට සිංහල, දමිල හා මුස්ලිම් යන සියළු දෙනාම එකම ජාතියක් ලෙස ජීවත් වූ නුවර රාජධානීයේ රාජකීය ධජය ලෙස සිංහ ධජය නිදහස අහිමි වන තෙක්ම භාවිතා වූ බවය. එනිසා සිංහ ධජය ලාංකීය ධජය ලෙස පිළිගත යුතු බව එතුමා සඳහන් කළේය.



බ්‍රිතාන්‍යය-ලංකා කොලනියේ ධජය (1875-1948)
1948 ජනවාරි 27 දින උපදේශක කමිටුවක් පත්කොට ජාතික ධජය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අග්‍රාමාත්‍යය වරයාට උපදෙස් ලබා දීමට එයට  පවරන ලදී. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල,  ජේ. ආර්. ජයවර්ධන, ටී. බී. ජයා, ලලිත රාජපක්ෂ, ජී. ජී. පොන්නම්බලම් සහ සෙනෙට් මන්ත්‍රී ඇස්. නඩේසන් යන අයගෙන් එම කමිටුව සැදුම්ලත් විය.



1948 පෙබරවාරි 4 දින අපට නිදහස ලැබෙන දින ජාතික ධජය එසවිය යුතු බවට අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක, පාර්ලිමමේන්තු නායක ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනාය හා මුදල් අමාත්‍යය ජේ. ආර්. ජයවර්ධන ආදීහු පැහැඳිළි මතයක සිටි‍යෝය. එසේම ඊට විරුද්ධව යම් යම් කණ්ඩායම් ක්‍රියා කරනු වළකාලනු වස් වෙනත් ධජයක් එසවීම තහනම් කරමින් දැඩි අවවාදයක් නිකුත් කරන ලදහ. කිසියම් හෝ පුද්ගලයකු එය අනුචිත යයි සිතන්නේ නම් ඔහුට හෝ ඇයට එක්සත් රාජධානි ධජය එසවීමට අවසර  ලැබිනි.



එදින සියළු රාජ්‍යය ගොඩනැගිලි වල ජාතික ධජය හා එක්සත් රාජධානි ධජය ඔසවා තැබුනි. එනමුදු උතුරු හා නැගෙනහිර පලාත්වල ජාතික ධජය එසවීමක් නොකළේය. ඉංග්‍රීසීන්ට රට භාර දෙන විට නොතිබුන  පන්නයේ ජාතිවාදයක් හිසින් ගත් දේශපාලන භූමිකාවකට දමිළ දේශපාලනඥයන් ඉංග්‍රීසි පාලන සමය තුල හුරු වී සිටීමේ අවාසනාවන්ත ප්‍රතිපලයකි එය.



ජාතික ධජය පිළිබඳ උපදේශක කමිටුව 1948, 1949 හා 1950 යන වසර වලන් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එකොළොස් වරක් රැස් විය. කමිටුවේ තීරණය  උතුර සඳහා මන්ත්‍රී බී. නඩේසන් හැර අන් සියළු දෙනාගේ අනුමැතිය හා අත්සන සහිතව ලබා දුනි. 1951 දී මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට බදුන් කරන ලදුව ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක හා ජේ. ආර්. ජයවර්ධන ඊට එරෙහිව පැන නැගි වාදයන්ට දක්ෂ ලෙස පිළිතුරු සැප‍යිය. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ ව්‍යක්තභාවය හා චතුර බව විපක්ෂ මන්ත්‍රී සුන්දරලිංගම් වෙත පිළිතුරු දීමේදී මැනවින් ඉස්මතු විය. 1951 මාර්තු දෙවන දින ජාතික ධජය පිළිබඳ කමිටු වාර්තාවට පක්ෂව  ඡන්ද 51ක් හා ප්‍රතිපක්ෂව ඡන්ද 21 ක් පාර්ලිමේන්තුව තුල ලැබී එය සම්මත වන විට එදින රෑ බෝ වී තිබුනි. අට දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 1952 පෙබරවාරි මාසයෙන් පසුව එක්සත් රාජධානි ධජය අපගේ කොඩි ගස දිගේ ඉහළට නොනැගි අතර පාර්ලිමේන්තුව තුල සම්මත කෙරුනු ජාතික ධජය සැම විටම ඔසවන ලදී.

1951 සිට 1972 දක්වා භාවිතා කළ ජාතික ධජය

රතු පැහැති පසුබිමක අසිපතක් සුරතින් රැගත් කහ  පැහැති සිංහ රුවක්, සතර කොණින් බෝ කොළ හතරක් , කොළ හා තැඹිලි පැහැති සිරස්  තීරු දෙකක් සහ කහ පැහැති රාමුවකින් එම ධජය සමන්විත විය. මෙහිදී වැදගත් කාරණයක් වන්නේ  කමිටු වාර්තාව විසින් එම රූප සහ වර්ණයන් සඳහා අර්ථ නිරූපණයයක් ලබා දී නොතිබීමයි. කොළ තීරුවෙන් මුස්ලිම් වරුන් සහ තැඹිලි තීරුවෙන් දමිල වරුන් නියෝජනය වන බව සඳහන්ව තිබුනේ ඇස්. නඩේසන් මන්ත්‍රී විසින් ලබා දුන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කළ ලියවිල්ලෙහිය.

1971-72 ජාතික ධජය නැවත වරක් විවරණයකින් පසුව, 1972 මැයි 22 දින වඩා පැහැඳිළි ලෙස පෙනෙන ලෙස බෝ කොළ හතර පමණක් සකස් කර සම්මත කරන ලදී.

1972 සිට භාවිතා වන ජාතික ධජය
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මඟින් ජාතික ධජය අ‍පගේ ව්‍යවස්ථාවට ඇතුල් කරන ලදී.

ඒ ජාතික සිංහ ධජයේ ඉතා දිගු කතාවයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යුගය තෙක්, ඉංග්‍රීසීන්ට රට බාර දෙන තෙක් සිංහ ධජය, නිදහස් ස්වෛරී බවේ සංකේතයක් ලෙස මෙරට භාවිතා විය. නිදහස් සිංහයා නැවත සොයා යන විට ජාතිවාදී අදහසින් පෝෂණය වූ දමිළ දේශපාලනඥයන් පිරිසක් ඉංග්‍රීසීන් විසින් බෝ කර තිබුනි. ඔවුනට සිංහයා පිළිගැනීම ගැටළුවක් විය. ඒ ඔවුන් සිංහයා තුලට අවශෝෂනය වන්නට අකමැති නිසාය. වෙනම වෙන්ව කටයුතු කිරීමට වුවමනාවකින් ඔවුන් සන්නද්ධ කර තිබූ බැවිනි. ජාතික කොඩි‍යේ කතාන්දරය තුළින්ද පැහැඳිළි වන්නේ වෙනකක් නොව ඉංග්‍රීසීන් විසින් ඇති කළ බෙදීමේ මානසිකත්වය මත සිංහයාට අහිමි වූ නිදහසයි.

මහාමාන්‍යය ඩී. ඇස්. සේනානායක මහතා 1948 ජූලි 16 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි, සිංහ ධජය සිංහලයන් පමණක් නියෝජනය කළ ධජයක් නොව, අපගේ අවසන් රජු වූ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය වන විට සිංහල, දමිල හා මුස්ලිම් යන සියළු දෙනාම එකම ජාතියක් ලෙස ජීවත් වූ නුවර රාජධානීයේ රාජකීය ධජය ලෙස සිංහ ධජය නිදහස අහිමි වන තෙක්ම භාවිතා විය. 51 කමිටුව විසින් සිංහ කොඩියට කොළ සහ තැඹිලි තීරු දෙකක් එක් කරන්නට ඇත්තේ, එය යුක්ති සහගත වන නිසා නොව ඓතිහාසික උරුමයක් වූ සිංහ කොඩිය ජාතික ධජය ලෙස පිළිගැනීම සඳහා වූ විරෝධය නිසාම විය යුතුය. ඉංග්‍රීසි පාලන සමය තුල බලවත් කෙරුනු දමිල ජාතිවාදය පිනවීමට එදත් අදත් අතාර්කික වූ බාග තීරණ වලට එළැඹීමේ නරක පිළිවෙතක් අපි අනුගමනය කරමින් සිටින්නෙමු. ඒ නිසා සිදුව ඇත්තේ ජාතිවාදය උත්තේජනය වී බලවත් වීම මිස ඔවුන් සෑහීමකට පත් වීම නොවන බවට ජාතික ධජයේ කතාව එක් උදාහරණයක් පමණි.

(2010 පෙබරවාරි 4 වැනිදා The Island පුවත් පතට වෝල්ටර් විජේනායක මහතා විසින් රචිත ලිපියක් ඇසුරු කොට තොරතුරු ලබා ගන්නා ලදී.) 
 




-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
- See more at: http://www.yuthukama.com/2014/02/sinhaKodiya.html#sthash.QaZe3MtM.dpuf


http://www.yuthukama.com/2014/02/sinhaKodiya.html

Monday, February 23, 2015

වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි

වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි
1815 පෙබරවාරි මස 18 වනදා ඉංගී‍්‍රසි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.
1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්‍රකාශ කෙරිණි. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්‍ෂය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. ඒ පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන්ය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්‍රව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය ද සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි.
පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත ද්‍රෝහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ.
සුමංගල හිමිපාණන්ගේ අභීත අදීන තියුණු ගැඹුරු කට හඬ අවදි කෙරිණි. නිලමේවරු එකත්පස්ව සිටිති.
“දැන් මේ තිරණාත්මක අවස්ථාවේදී අප විසින් අපේ සිරිත් විරිත් ආගම ජාතිය ආරක්‍ෂා වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංගී‍්‍රසියෙන් ලබා ගත යුතුයි. එබඳු පොරොන්දුවකට අත්සන් කරන තෙක් ඉංගී‍්‍රසි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.”
අභීත කේශර සිංහරාජයෙකු සේ සිය දැඩි ස්ථාවර පළ කළ සුමංගල හිමිපාණෝ සිංහල රාජ්‍යයේ අවසාන ලිපිය සකස් කරන්නට සූදානම් වූහ. දේශනුරාගයෙන් ජාත්‍යාලයෙන් ඔද වැඩුණු සුමංගල හිමිපාණෝ අපට අපේ ජාතියට ආගමට දේශයට ස්වාධීනත්වයට වාසිවන ආකාරයේ වගන්ති කීපයකින් යුක්තව අදාළ කෙටුම්පත සකස් කළහ.
මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්‍රී දළදා මාළිගාවෙහි වැඩ සිටියහ.
කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගී‍්‍රසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන ලෙස මහනුවර මඟුල් මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංගී‍්‍රසි සෙන්පති දෙපලට නියම කරන ලදී. අනෙක් පසක සිංහල, ඉංගී‍්‍රසි සෙනවියෝ පෙළ ගැසී සිටියහ. තවත් සුළු මොහොතින් තමන්ගේ කතිර කොඩිය අහස් තලයෙහි ලෙළ දෙන වග දැන දැනත් බල කාමයෙන් නිල කාමයෙන් වියරු වැටුණු ඉංගී‍්‍රසි සෙන්පතියා කතිර කොඩිය අහසට නංවාලීය.
ආත්ම විශ්වාසයෙන් ආත්මාභිමානයෙන් , ජාත්‍යානුරාගයෙන් තෙදවත් වූ වාරියපොළ හිමිපාණෝ අභීත කේසර සිංහ රාජයෙකු සේ ඉංගී‍්‍රසි සෙන්පති ඉදිරිට පැමිණියහ.
“තොපට තොපගේ කොඩිය දැන්ම මෙහි ඔසවන්නට ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවරෙක්” දැයි දැඩි ස්වරයෙන් ප්‍රශ්න කළහ. ඒ සමඟම ක්‍ෂණයකින් ම කතිර කොඩිය පහතට ඇද බිම දමා පයින් පෑගූහ.
ගිවිසුම අත්පත් කිරීමට තවත් කල්වේලා තිබෙන බව ප්‍රකාශ කර සිංහල කොඩිය අහසට නංවාලූහ. මෙම වීර වික්‍රමාන්විත ක්‍රියාවෙන් කෝපයට පත් ඉංගී‍්‍රසි සෙනෙවියකු කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොළ හිමිපාණන් වෙත හෙළන්නට සූදානම් වෙත්ම ජෝන් ඩොයිලි ඉදිරියට පැන කඩු පහර වැළැක්විය. ඒ පමණක් නොව කතිර කොඩිය සම්මතයට එරෙහිව එසෙවීම පිළිබඳව අපේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාගෙන් සමාව අයැද සිටියේය. වැඩි කලක් ගතවන්නට මත්තෙන් ඌව වෙල්ලස්සේ වීර කැප්පෙටිපොළ වීරයන්ගේ ප්‍රධානත්වයෙන් සිංහලයේ ජන අරගලයට ඇරැඹිණි. ඒ සමඟම වාරියපොළ නාහිමියෝ සිංහල රජ පදවිය පිළිබඳ පරම සංකේතය වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දළදා මාලිගයෙන් පිටමං කළහ. 1818 අරගල සමයෙහි වීරකැප්පෙටිපොළ වෙතට දළදා වහන්සේ භාරවූයේත් වාරියපොළ හිමිපාණන්ගේ මෙහෙයවීමෙනි. සිංහලේ රජ කිරුළ සිංහල බෞද්ධයෙකුට උරුම කරදී අතීත උරුමයන් යළිත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම අප නාහිමිපාණන්ගේ උතුම් අභිලාෂය විය.
එහෙත් ජාතියේ අවාසනාවට සිදුවූයේ අනපේක්‍ෂිත ක්‍රියාවකි.
1818 නොවැම්බර් 01 වනදා සවස් කාලයෙහි බ්‍රිතාන්‍ය රජයේ 73 වන රෙජිමේන්තුවේ එකසයින් සුට්බේරේඩ් විසින් මාතලේ කයිකාවල මුරපොළේදී දන්ත ධාතුන් වහනසේ සමඟ වාරියපොළ සුමංගලහිමියන් අත්අඩංගුවට ගැනිණි. වාරියපොළ හිමියන්ගේ හිස ගෙනවුත් දුන් අයකුට ත්‍යාග 1000 ක් ප්‍රදානය කරන බවට ඉංගී‍්‍රසි ආණ්ඩුව, අණ බෙර මගින් ප්‍රචාරය කර තිබූ බවද අමතක කළ යුතු නොවේ. දළදා වහන්සේට හෝ තමන් වහන්සේට කිසිදු කරදරයක් නොකරන බවට ඉංගී‍්‍රසි හේවායන් පොරොන්දු කර ගැනීමෙන් පසු දළදා වහන්සේ ඉංගී‍්‍රසින් වෙත භාර දුන්හ.
“දළදා මාලිගාවෙන් දන්ත ධාතුන් වහන්සේ පිටකරනවාත් සමඟම සුමංගල හිමියෝද පිටත්වූහ. “නයිගිල්ල ‘ කරඬුව නොහොත් හේමමාලාවන් විසින් දළදා වහන්සේ තැන්පත් කර ගෙන පැමිණි කුඩා කරඬුවෙහි දළදා වහන්සේ තබා ස්වකීය සිවුරේ කුඩා උරයක් භදා එම උරයෙහි සඟවා ගත්හ. දඹුල්ලේ මහා විහාරයට ආසන්නව දඹුලු කැලයේ වාරියපොළ හිමියෝ සැඟවුණහ. දඹුලු කැලයෙහි සැරිසරමින් විසුවා පමණක් නොව දළදා වහන්සේට ඇති බලවත් ගෞරවය නිසා දළදා වහනසේ වැඩ සිටි සිවුරු ගැබ පිහිටි වම් උරය මත බෙල්ල ඇල නොකොට දකුණටම හරවා ගෙන කල් ගත කළහ. ශරීර ස්වභාවය වෙනස් විය.
(වාරියපොළ මාහිමි – තුඹුල්ලේ සීලක්ඛන්ධ පි 95 – 97)
ශ්‍රී දළදා වහන්සේ සඟවා ගෙන සිටීම රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකූ ඉංගී‍්‍රසි ආණ්ඩුව එහිමිපාණන් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලදී. සොරකමත් කිරීමේ චෝදනාව මත යාපනයේ සිර කඳවුරෙහි වධ බන්ධනයට ලක් කරන ලදී. ඒ හිමිපාණෝ සිර කඳවුරෙන් නිදහස ලබන ලද්දේ 1821 අපේ‍්‍රල් මස 13 වන දිනදීය.
වාරියපොළ සුමංගල හිමිපාණන්ගේ වීර ක්‍රියාවන් ගැන අධිනීතිඥ වෝල්ටර් විමලචන්ද්‍ර මහතා ළඟ සුරක්‍ෂිතව තිබුණු පුස්කොළ පොත්වල සඳහන් වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේව මැදි හත්පත්තුවේ දෙව මැදි කෝරළේ වාරියපොළ නම් ඓතිහාසික භූමිය සුමංගල හිමිපාණන්ගේ ජන්ම භූමියයි. හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ පියාණන් වේ. කොටුවේ රාළගේ පුත් කිරිහාමි නම් කුල කුමරු අස්ගිරි මහා විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල මහානායක ස්වාමින්ද්‍රයන් වෙතින් පැවිදි බිමට පත් විය. අස්ගිරි මහා විහාරයේ මහානායක ධම්මපාල නායක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.
අනුශාසක ධූරයෙන් පිදුම්ලත් සුමංගල හිමිපාණෝ සුදුහුම්පොළ රාජ මහාවිහාරයෙහි විහාරාධිපති ධූරය හෙබවූහ. වාරියපොළ ශෛලතලාරාම රාජ මහා විහාරස්ථානයෙහි භාරකාරත්වය දැරූහ. ඒ ශ්‍රී නාමය අනුස්මරණය කිරීම සඳහා වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන එම විහාරස්ථානයෙහි ස්ථාපිත කර ඇත.වාරියපොළ භික්‍ෂු පරම්පරාවට විහාරස්ථාන රාශියක් අයත් වේ.
අපේ දේශයේ ජාතියේ හා බෞද්ධ ආගමේ අනාගත චිරස්ථිතිය උදෙසා දේශපේ‍්‍රමයෙන් ජාතිවාත්සල්‍යයෙන් ආත්ම පරිත්‍යාගයෙන් අමිල මෙහෙවරක් ඉටුකළ වීරෝදාර ජාතික නායකත්වයක් ගොඩ නැගු වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ 1831 පෙබරවාරි මස 05 දින අමරණීය නාමයක් ජාතියට ඉතිරිකර අපවත් වී වදාළහ.
Like ·  · 

අපේ රට ජාතිය ආගමට පණ දුන් දැයේ විරුවෝ

අපේ රට ජාතිය ආගමට පණ දුන් දැයේ විරුවෝ
වීර කැප්පෙටිපොළ හෙළ ජාතියට ආගමට වැට කඩුළු බැදෙමින් හෙළ ස්වාධීපත්‍යයේ පරිහානිය 1815 මාර්තු 7 වන දින දිනින් උදාවිය. ඒ සිංහල හා ඉංග‍්‍රීසීන් අතර පැවති කන්ද උඩරට ගිවිසුම නිසාවෙනි. මෙසේ පැවති ගිවිසුමට අනුව හෙළ ජාතියේ නිදහසට ආගමේ සුරක්ෂිතතාවයට කිසිඳු කැළලක් නොවන්නට මතු ආරක්ෂාවට කටයුතු කරන බව ඉංග‍්‍රීසීන් විසින් දුන් ප‍්‍රතිඥාව ක‍්‍රමයෙන් වෙනස් වන්නට විය. ඒ අනුව විවිධ අසාධාරණකම් රට පුරා පැතිරෙන්නට විය එවකට රජ කළ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගේ පාලනය ගැන කළකිරුණු රදළයෝ පවා එයින් මිදීමට සිතා ඉංග‍්‍රීසීන්ට සහයෝගය දැක්වූහ. 1817 ඔක්තෝබර් මස 26 වන දින “බ‍්‍රවුන්රිග්” ආණ්ඩුකාරවරයා මහනුවරට පැමිණ ඌව වෙල්ලස්ස ඒකාබද්ධ කොට නොවැම්බර් 01 දා සිට එහි පාලනය කැප්පෙටිපොළ වීරයාණන්ට බාරදෙන ලදී. දොරේසාමිගේ නායකත්වයෙන් පෙරමුණට පැමිණි ජනතාව තම නිදහස් සටන දියත් කිරීමෙන් අනතුරුව එය ඉංග‍්‍රීසීන්ට කරදරයට හේතු විය. මේ අතරතුර බ‍්‍රවුන්රිග් ප‍්‍රතිවාදී අරගලය මැඩ පැවැත්වීමට කැප්පෙටිපොළ දිසාව වෙත බාරදෙන ලදී. අනතුරුව ඉංග‍්‍රීසි සේනාංක පිරිවරා කැප්පෙටිපොළ වීරයාණන් සටන මැඩලීමට යන අතර මඟදී සතුරු සේනාව පිරිවරාගත් සිංහල නායකයින් කීප දෙනෙක් මුණ ගැසීය.ඒ අතර මිත‍්‍ර කොහුකුඹුරේ රටේ රාළද පෙරමුණේ සිටිනු දැක කැප්පෙටිපොළ ඔහු වෙත ගොස් කරුණු සාකච්ඡාකොට ජනතාවට වන්නට යන විපත පිළිබඳ වැටහී තම ජාතියට සතුරු ඉංග‍්‍රීසීන්ට විරුද්ධව සටන මෙහෙය වන්නට විය.
වීර පුරන්අප්පුලක් වැසි ජනතාව තලාපෙලා අධිරාජ්‍යවාදීන් විසින් කටයුතු කරද්දී 1847 වන විට කෝපි මිල පහත වැටීම නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට සිතා අහිංසක ජනතාවගෙන් බදු අයකරගන්නට අදහස් කර 1848 ජූලි මස 01 වන දින සිට තුවක්කු බද්ද, සුනඛ බද්ද, කරත්ත බද්ද, සාප්පු බද්ද, සහ ඇඟ බද්ද, යනාදිය ප‍්‍රකාශයට පත් විය.පුරන්අප්පු නායකත්වය දරමින් 1848 ජූලි මස 06 වන දින හා දසකට වැඩි ජනකායක් රැස්කර මහනුවර කච්ෙච්රිය අසල රැස්වී අසාධාරණකම් වලට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට වූහ. මෙවිට මොවුන්ගේ අදහස් නොඉවසූ බි‍්‍රතාන්‍යය සොල්දාදුවන් පිරිස පලවා හරින ලදී. එහෙත් මෙයින් පසුබට නොවූ පුරන්අප්පු 1848 – ජූලි මස 28 වන දින ක‍්‍රමවත් සැලැස්මක් අනුව ගොංගාලේගොඩ බණ්ඩා, ඩිංගිරාල යන අයද හවුල්කර ගෙන තිදෙනා තුන් දිශාවකින් ගොස් කටුගස්තොටදී හමුවී ජූලි 30 වන දින මහනුවරට පහරදීමට සූදානම් වූහ. මෙසේ ඉදිරියට ගිය පුරන්අප්පුගේ සේනාව ක‍්‍රමයෙන් මාතලේ “මැක්ඩෝවල්” කොටුවට පහර දෙන්නට වූහ. බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ගේ පහරදීමට ලක්වූ ගොංගාලේගොඩබණ්ඩා පලාගිය අතර ඩිංගිරාළ කුරුණෑගලදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එල්ලා මරණ ලදී. බිහිසුණු ලෙස මාතලේ කැරැල්ල මෙහෙයවූ පුරන් අප්පු අත් අඩංගුවට ගැනීමට ඉංග‍්‍රීසීහු කටයුතු කළහ.
අනගාරික ධර්මපාලතුමාලේඛන කලාවට වැඩි සැලකිල්ලක් දක්වමින් සිංහල බෞද්ධයා පත‍්‍රය ආරම්භ කළ මෙතුමා එමඟින් ජනතාවට ගව ඝාතනයෙහ විපාක සුරාවෙහි ආදීනව මොනවට පහදා දෙමින් ජනතාව ඉන් මුදවා ගැනීමෙන් බෞද්ධාගම කෙරේ හොඳ අවබෝධයක් ලබාදීමටත් උපයෝගී කර ගත්තේය.වයස අවුරුදු 27 දී එනම් 1891 දී දඹදිවට ගිය අවස්ථාවේ බුද්ධගයාව හින්දු භක්තිකයින් විසින් හින්දු චාරිත‍්‍රානුකූලව වැදුම් පිදුම් කරනු දැක සිතේ ඇතිවූ කළකිරීම නිසා වහා නැඟී සිට “බෞද්ධයනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව්” යන උදම් පාඨය ප‍්‍රකාශ කළේය. මෙතෙක් කල් බුද්ධගයාව මහන්තා කෙනෙකු යටතේ පාලනය වූ නමුත් ඔවුන්ගෙන් බුද්ධගයාව මුදා ගැනීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් කි‍්‍රයා කළ මෙතුමා 1891 මැයි මස 31 වන දින මහාබෝධි සමාගම පිහිටුවිය.මේ හැරුණු විට තම හෙළ ජාතියට ආගමට, දැඩිව ඇලුම් කළ මෙතුමා පරගැති බවද දැඩිව පිළිකුල් කර තිබීම තවත් ලක්ෂණයකි. අනගාරික ජීවිතයට වඩා ප‍්‍රවෘජ්ජා පදවියට ඇතුළත් වීම නුවණට හුරුයි හෙයියන්තුඩුවේ සිරිදේවමිණ හිමිපාණන් විසින් කලකට පෙර මෙතුමාට අවවාද කර තිබුණි. එවකට සිරිදේවමිත්ත හිමිපාණන් ජීවත්ව නොසිටිය ද උන්වහන්සේගේ අවවාද පිළිගත යුතු යයි කල්පනාවී ක‍්‍රි. ව. 1931 ජූලි මස 13 වන දින ඉන්දියාවේදී පැවිදි විය. හෙයියන්තුඩුවේ සිරිදේවමිත්ත හිමිපාණන් කෙරෙහි කළගුණ සලකණු වස් ධර්මපාලතුමාගේ තම පැවිදි තම සිරිදේවමිත්ත ධර්මපාල නමින් ප‍්‍රචලිත කළහ. අනතුරුව දඹදිව මූලගන්ඨකුටි විහාරය තනා 1931 නොවැම්බර් මස 31 වන දින විවෘත කිරීමටද මුන්වහන්සේට හැකි විය.
හික්කඩුවේ ශ‍්‍රී සුංමගල හිමිතෙල්වත්තේ විහාරයේදී පැවිදි වී සිය ගුරු රේවත හිමියන්ගෙන් අධ්‍යාපනය ලැබ අනතුරුව රත්මලානේ පරම ධම්ම ෙච්තිය පිරිවෙනට අතුළත්ව එහි ධර්ම, විනය, ශබ්ද ශාස්ත‍්‍රය, මැනවින් ප‍්‍රගුණ කළහ. ධර්මයට පමණක් නොව සිංහල, පාලි, සංස්කෘත ප‍්‍රාකෘත, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ද්‍රවිඩ, බුරුම ආදී භාෂා ශාස්ත‍්‍ර පිළිබඳ විශාරද දැනුම ලැබීම නිසා අනතුරුව “මිහිබට සුරුගුරු” යන අන්වර්ථ නාමයෙන් ජනතාව අතර ප‍්‍රචලිත වූහ. 1873 දෙසැම්බර් 01 වන දා ආරම්භ කළ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන මගින් හෙළ සාහිත්‍යයට බෞද්ධාගමට, අසහාය සේවාවක් කළ මුන්හන්සේ “ලක්මිණි පහන” නමින් ප‍්‍රථම වතාවට පළවූ පත‍්‍රය මේ හිමියන්ගේ අනුග‍්‍රහය ඇතිව පළවූවකි. තවද පරම විඥානාර්ථ බෞද්ධ සංගමය ආරම්භ කළ “සරසවි සඳ රැස” මහා බෝධි සංගමය ආරම්භ කළ “සිංහල බෞද්ධයා” ශ‍්‍රී සුමංගල හිමියන්ගේ අනුග‍්‍රහය හා දායකත්වය ලබමින් පළවූ ඒවාය. මෙසේ හෙළ ජාතියට ආගමට විශාල සේවාවක් කළ මුන්වහන්සේ අපට සිටි ජාතික වීර හිමි නමකි.
ඩී. ආර්. විජේවර්ධන මැතිතුමාවිදේශයෙන් ද උගත් දැනුම උපයෝගී කර ගත් මෙතුමා මව් රටට කිසියම් මෙහෙයක් කිරීමේ පරම පවිත‍්‍ර සිතිවිල්ල පෙරදැරි කර ගනිමින් ලේක්හවුස් මන්දිරය ඉදි කොට සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි පුවත් පත් මුද්‍රණය කිරීමට කටයුතු කළේය. ඒ අනුව 1914 දී දිනමිණ පුවත්පත ද, 1918 දී සිලෝන් ඩේලි නිවුස් පුවත්පත ද, 1923 දී ඔබ්සෝවර් පුවත්පත ද, 1930 දී සිළුමිණ පුවත්පත ද වශයෙන් පසුකාලීනව පුවත්පත් ගණනාවක්ම ආරම්භ කිරීමට කටයුතු සලසන ලදී.නිදහස් සමයේ වීරයින් සමග උරෙනුර ගැටී කටයුතු කරමින් එවකට පැවති බි‍්‍රතාන්‍ය පාලකයින්ගේ වැරදි කි‍්‍රයා කලාපයන් එරට ආණ්ඩුවට හඳුන්වා දීමටත් ජාතියේ උදාරත්වය හා ජාතික මමත්වය පීඩනයෙන් හෙම්බත්ව සිටි සිංහල ජනතාවගේ සිත් තුළ නව බලාපොරොත්තු පැළ පදියම් කිරීමටත් අපේ වීරයා ආරම්භ කළ පුවත් පත් ඉතා විශාල ලෙස ඉවහල් විය.තවද සිංහල මුස්ලිම් සටනේ බි‍්‍රතාන්‍ය පාලකයින් ගෙන ගිය දයානුකම්පා විරහිත කටයුතු ආණ්ඩුවට පෙන්වා දී කිසියම් අස්වැසිල්ලක් ලබා ගැනීමටත්, ප‍්‍රවෘත්ති පාලනය ඉවත් කළ පසු බි‍්‍රතාන්‍ය ප‍්‍රවෘත්ති පත‍්‍රවල පළ වූ සංදේශ වාර්තා හා කර්තෘ වාක්‍ය සිය පුවත්පත්වල පළ කිරීමෙන් ලක්වැසි ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීමටත් මෙතුමා සමත් විය. අවියකින් කළ නොහැකි තරමේ ශක්තියක් පුවත් පතකින් ජනතාවට උරුම කර දුන් මෙතුමා ජනතාවගේ අධිෂ්ඨානය වැඩි කිරීමට කටයුතු කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකාණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණයන් ඇති විය.කැලණිය රජමහා විහාරය ඇතුළු ලංකාවේ විහාරස්ථාන ගණනාවක්ම දියුණුව කරා ගෙන ගිය විජේචර්ධන මහතා ජාතික ආගමික සංස්කෘතික පමණක් නොව සාහිත්‍ය කලාව ආදී ක්ෂේත‍්‍ර තුළින් ද ජනතාවට විශාල සේවයක් කළේය.
ඩී. ඇස්. සේනානායක මැතිතුමා1815 මාර්තු මස 02 වන දින මහනුවර දී ඉංග‍්‍රීසීන් විසින් පහත හෙළනු ලැබූ සිංහල කොඩිය 1948 පෙබරවාරි මස 04 වන දින යළි ඉහළ නන්වමින් ශ‍්‍රී ලංකාවේ ස්වර්ණමය නිදහස උදාකිරීමෙහි ලා පුරෝගාමී වූ ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යතුමා වූවේ මෙතුමාය.ඩී. ඇස්. සේනානායක අග‍්‍රාමාත්‍යතුමා ඉතා දක්ෂ දේශපාලනඥයෙකි. ජාති බේද, කුලබේද නොතකා සැම දෙනාටම එක ලෙස සාධාරණ අයිතිවාසිකම් සුරැකෙන අයුරින් පාලනය ගෙන ගියේය. හැම විටම වැවිලි කර්මාන්තය කෙරෙහි යොමුවීමෙන් විදේශීීය මැදිහත්වීම් වලින් තොරව කෘෂි කර්මාන්තයෙන් දියුණු රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමට අදහස් කළ මෙතුමා ගමින් ගමට කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමට හැකි හැම උත්සාහයක්ම ගත්තේය.උතුරු නැගෙනහිර සිංහල ජනපද පිහිටුවීමෙන් එකිනෙකාට තම අයිතිවාසිකම් සුරැකෙන ලෙස කි‍්‍රයා කළේ මෙතුමාය. හෙළ බිම ඉතා සරුසාර කෙතක් බවට පත් කිරීමට සමත් වූ මෙතුමා කෘෂිකර්මාන්තයට කළ සේවාව අති විශාලය.මේ නිසාම ගැමි ජනතාවට අවශ්‍ය කෘෂි ආහාර නොඅඩුව ලැබීමට හැකිවීමෙන් ස්වයංපොෂිත බවින් පෝෂණයවීමත් නිසා ජන හදවත් සතුටු වන්නට විය. ඒ නිසාම මහ ජනතාව අතර ප‍්‍රචලිත නමක් දිනා ගැනීමට සමත් වූ ඩී. ඇස්. සේනානායකයන් “ජාතියෙ පියා” නම් විරුදාවලිය ලැබීමට තරම් වාසනාවන්ත විය.
පොන්නම්බලම් රාමනාදන් මැතිතුමාජාතියෙන් ද්‍රවිඩ වුව ද සිංහලයින් අතර මෙතුමා ඉක්මනින් ජනප‍්‍රියවීමට ප‍්‍රධාන වශයෙන් එතුමාගේ ප‍්‍රතිපත්ති ගරුකත්වය, ප‍්‍රිය වචනය, සමානාත්මතාවය, ඍජු බව හේතු වූවට සැක නැත. මෙලෙසින් ජන හද දිනා ගනිමින් 1911 දී උගත් ලාංකිකයින්ගේ මන්තී‍්‍රවරයා ලෙසින් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ද තේරී පත් විය.මෙතුමාගෙන් හෙළ ජාතියටත්, බෞද්ධාගමටත් තිබූ ලැදියාව කෙබඳු එකක් ද යන්න සිතතොත් දිනක් කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ පැවති ත්‍යාග ප‍්‍රදානෝත්සවයක දී කළ කතාව සාක්ෂි දරයි. එය නම් මහත්වරුන් සිංහල කටින් සිංහල භාෂාව කතා නොකරනවා නම් එය කතා කිරීමට සිටින්නේ කවරහුද? මම නම් ගෙදරදීවත් මගේ දරුවන්ට ඉංග‍්‍රීසි කතා කිරීමට ඉඩ දෙන්නේ නෑ. තමුන්නාන්සේලා සිංහල භාෂාවෙන් කටයුතු කිරීම ප‍්‍රීතියක් කොට ගත යුතුයි. ඊට නින්දා නොකළ යුතුයි. හෙළ ජාතිය වෙනුවෙන් කළ කැපවීම මෙවන් උදාර කතිකාවකින් වැටහෙනු ඇත.ලංකාවේ විශ්ව විද්‍යාල පිහිටුවීමේ පුරෝගාමීව කටයුතු කළ අය අතර, එක් අයකු වූ මෙතුමා ගෙන් සිදු වූ සේවාවට කෘතගුණ සැළකීම සඳහා දැනටමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයේ ඇති එක් නේවාසිකාගාර ශාලාවක් රාමනාදන් ශාලාව නමින් හඳුන්වයි.

1815 මාර්තු 02 වන දින මහමළුවේ දී ඉංග්රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය අහසට නංවාලූ වාරියපොළ ශ්රීන සුමංගල නා හිමි.

1815 මාර්තු 02 වන දින මහමළුවේ දී ඉංග්රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය අහසට නංවාලූ වාරියපොළ ශ්රීන සුමංගල නා හිමි.
අදින් වසර එකසිය අනූ නවයකට පෙර එනම් 1815 මාර්තු 02 ගුරු දින ලංකා ඉතිහාසයේ තවත් අමරණීය වූ සිද්ධියක් සනිටුහන් විය. එය ඉතිහාසඥයන් හඳුන්වන්නේ උඩරට ගිවිසුම යනුවෙනු යි.
1815 පෙබරවාරි මස 18 වනදා ඉංගීරිම සි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රරිම රාජසිංහයන් ජීවග්රාහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.
1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්ර කාශ කෙරිණි. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්ෂවය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. ඒ පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්රීැ සුමංගල හිමිපාණන්ය.
ශ්රීප වික්ර ම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්රුව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්රීය දළදා මාලිගාවේ ශ්රීෙ දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය ද සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි.
පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත ද්රෝතහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ.
සුමංගල හිමිපාණන්ගේ අභීත අදීන තියුණු ගැඹුරු කට හඬ අවදි කෙරිණි. නිලමේවරු එකත්පස්ව සිටිති.
“දැන් මේ තිරණාත්මක අවස්ථාවේදී අප විසින් අපේ සිරිත් විරිත් ආගම ජාතිය ආරක්ෂාස වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංගීර විසියෙන් ලබා ගත යුතුයි. එබඳු පොරොන්දුවකට අත්සන් කරන තෙක් ඉංගීරත සි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.”
අභීත කේශර සිංහරාජයෙකු සේ සිය දැඩි ස්ථාවර පළ කළ සුමංගල හිමිපාණෝ සිංහල රාජ්යතයේ අවසාන ලිපිය සකස් කරන්නට සූදානම් වූහ. දේශනුරාගයෙන් ජාත්යාලලයෙන් ඔද වැඩුණු සුමංගල හිමිපාණෝ අපට අපේ ජාතියට ආගමට දේශයට ස්වාධීනත්වයට වාසිවන ආකාරයේ වගන්ති කීපයකින් යුක්තව අදාළ කෙටුම්පත සකස් කළහ.
මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්රීි දළදා මාළිගාවෙහි වැඩ සිටියහ.

රටම රැවටූ උඩරට ගිවිසුම



රටම රැවටූ උඩරට ගිවිසුම
1796 දී මෙරට මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් අල්ලාගත් ඉංග්‍රීසිහු උඩරටට ඇතුළුව 1815 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමත් සමග සමස්‌ත දිවයිනේම ස්‌වාමීත්වයට පත්වූහ. 1796 සිට 1815 දක්‌වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනයට ඔවුන්ට ගිවිසුම් හෝ සම්මුතීන් අවශ්‍ය නොවූවත් 1815 දී උඩරට යටත් කිරීමත් සමග මෙවැනි ගිවිසුමක්‌ අවශ්‍ය වූයේ එවකට බලවත්ව සිටි උඩරට සිංහල ප්‍රධානීන් අවනතව තබා ගැනීමට අවශ්‍ය වූ හෙයිනි. සිංහල ප්‍රධානීන් වටා ජනතාවද, ආගමද, සිංහල සිරිත් විරිත්ද, සම්ප්‍රදායන්ද ඇඳී බැඳී තිබුණ හෙයින් දෙපාර්ශ්වීය ගිවිසුමක අවශ්‍යතාව ඉංග්‍රීසිහු වටහාගෙන සිටියහ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගෙන සති දෙකක්‌ යැමට පෙර උඩරට ගිවිසුම සිංහල ප්‍රධානීන් ඉදිරියේ කියවීමෙන් මේ සඳහා වූ ඉංග්‍රීසින්ට වූ හදිසිය කැපී පෙනේ. මෙම ගිවිසුම සකස්‌ කිරීමට
රටම රැවටූ උඩරට ගිවිසුම
සිංහල පාර්ශ්වය වෙනුවෙන් ඇහැලේපොල, කපුවත්තේ (පිළිමතලව්වේ), මොල්ලිගොඩ හා මිල්ලෑව දිසාවද සහභාගි වී අති බවක්‌ ඉංග්‍රීසි පාර්ශ්වය වෙනුවෙන් සිංහල භාෂාව පිළිබඳ මනා පරිචයක්‌ ලබා සිටි ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි මහතාත් ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් වූ ඡේම්ස්‌ සදර්ලන්ඩ් මහතාත් ක්‍රියාකර ඇති බව පෙනේ.
උඩරට ගිවිසුම ආරම්භ වන්නේ "ක්‍රිස්‌තු වර්ෂ එක්‌වා දහස්‌ අටසිය පහළොහක්‌ වූ මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්‌වා දහස්‌ සත්සිය තිස්‌හයට පැමිණි අවුරුද්දේ නවම් මස අවසනවක්‌ තීර්ථය ලත් ගුරු දින..." යනුවෙන් සඳහන් කරමිනි. මෙයට උඩරට මහජනතාව වෙනුවෙන් ඇහැලේපොල මහ නිලමේ, මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව වූ මොල්ලිගොඩ, දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව වූ පිළිමතලව්වේ (කපුවත්තේ) සතර කෝරළේ දිසාව වූ පිළිමතලව්වේ (කනිෂ්ඨ) ඌවේ දිසාව වූ මොණරවිල, මාතලේ දිසාව වූ රත්වත්තේ, තුන් කෝරළේ දිසාව වූ මොල්ලිගොඩ (කනිෂ්ඨ), වලපනේ දිසාව වූ දූල්ලෑවේ, වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව වූ මිල්ලෑව, තමන්කඩුවේ දිසාව වූ ගලගම, නුවර කලාවියේ දිසාව වූ ගලගොඩ අත්සන් කළ බව සඳහන් වේ. මෙයට එංගලන්තයේ මහ රජු වෙනුවෙන් රොබර්ට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරු අත්සන් තැබූ බවත්, එම අත්සන් සහතික කරමින් ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි හා ඉංගී්‍රසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් ඡේම්ස්‌ සදර්ලන්ඩ් අත්සන් තැබූ බවත් සඳහන් වේ.
1815 මාර්තු දෙවන දින සිදු වූයේ උඩරට ගිවිසුමේ වගන්ති කියවීම පමණක්‌ බවත් අත්සන් කරන ලද්දේ පසුව බවත් ඇතැම්හු පෙන්වා දෙති. මෙම ගිවිසුමට අත්සන් කළ මිල්ලව කරුණාධාර ඒකනායක ධර්මකීර්ති හෙවත් පණ්‌ඩිත මුදියන්සේ හෙවත් මිල්ලව දිසාව එම තනතුරට පත්කරන ලද්දේ 1815 මාර්තු පස්‌වන දිනයේය. අනෙක්‌ උඩරට ප්‍රධානීන් එම තනතුරුවලට පත්කරන ලද්දේ 1815 මාර්තු තුන්වන දින ගැසට්‌ පත්‍රයෙනි. ඒ අනුව ඔවුන් එකී නිලතලවලට පත්වීමට පෙරාතුව එම නිලතල නාම යොදා අත්සන් තබන ලද්දේ යයි පිළිගැනීමට හැකියාවක්‌ නැත. 1815 මාර්තු 15 දින නිකුත්වූ රජයේ නිල ප්‍රකාශනයට අනුව උඩරට ගිවිසුමට අත්සන් තබන ලද්දේ 1815 මාර්තු මස 10 වන දින බව පෙනේ.
උඩරට ගිවිසුම අත්සන් පිටපත් කරමින් පිටපත් ගණනාවක්‌ නිකුත්වූ අතර සැබෑ පිටපත හෙවත් මුල් පිටපත සොයා ගන්නා තෙක්‌ මෙම ගිවිසුමේ අත්සන් ගැන නිගමනයක්‌ දීම දුෂ්කර වී තිබුණි. 1984 වර්ෂයේ හිටපු ජාතික ලේඛනාගාර අධ්‍යක්‌ෂ ආචාර්ය හරිස්‌චන්ද්‍ර ද සිල්වා මහතා විසින් මෙම මුල් පිටපත සොයා ගන්නා ලදී. එම පිටපත අනුසාරයෙන් හා වෙනත් පිටපතක්‌ අනුසාරයෙන් පිටපත් දෙකක්‌ නිකුත් වී ඇති බව පෙනේ. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා උඩරට මහ කැරැල්ල තුන්වැනි කාණ්‌ඩයට ඇතුළත් කළ පිටපතත් ජාතික ලේඛනාගාරයේ ඇති මුල් පිටපතත් සසඳන විට පැහැදිලි වෙනසක්‌ හතර කෝරළේ දිසාව වූ පිලිමතලව්වේගේ අත්සන සම්බන්ධයෙන් පෙනේ. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ ග්‍රන්ථයේ හතර කෝරළේ දිසාවේ වශයෙන් ඇති පිළිමතලව්වේ (කනිෂ්ඨ) අත්සන හුදකලාව ඇති අතර ජාතික ලේඛනාගාරයේ ඇති මුල් පිටපතේ මෙය වටා පොල් ගෙඩියක මෙන් පෙනුම ඇත. මෙයින් පෙනී යන්නේ මෙම ගිවිසුමේ පිටපත් දෙකක්‌ දෙයාකාරයෙන් පිටපත් වී ඇති බවයි.
මෙම ගිවිසුමේ වම් පසින් ඇති බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකරු වූ රොබර්ට්‌ බ්‍රවුන්රිග් ගේ අත්සන සමකාලීන ලේඛනවල ඇති ඔහුගේ අත්සන් හා සැසඳීමේදී සමාන බව පෙනේ. දකුණු පසින් ඇති ඇහැලේපොල මහ නිලමේගේ අත්සන ඔහුගේ පුරුදු අත්සනට වඩා හාත්පසින් වෙනස්‌ බව පෙනේ. ඇහැලේපොල මහ නිලමේ 1811-1819 වර්ෂ අනතුර සබරගමුව මහ දිසාව වශයෙන් කටයුතු කරන අවධියේ නිකුත් කළ සන්නස්‌ ගණනාවක ඇති ඒකාකාරී අත්සන් හා මෙම අත්සන් අතර බරපතල වෙනස්‌කම් ඇත. මෙම සන්නස්‌වල ඇහැලේපොලගේ නම සඳහන් වූයේ සබරගමු දිසාව ඇතුළුව මහනුවර මහ අධිකරණ නිලමේ කරවන ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්‌ඩිත මුදියන්සේ රාළහාමි නමිනි.
ඒ අනුව මෙම ගිවිසුමේ ඇති ඇහැලේපොලගේ අත්සන ව්‍යාජ අත්සනක්‌ බව පෙනේ. උඩරට ගිවිසුම කෙටුම්පත් කළ පුරෝගාමියා වූ ජෝන් ඩොයිලිගේ දිනපොත අනුව ඇහැලේපොල මහ නිලමේ 1815 මාර්තු 03 සිට 11 දක්‌වා අසනීපව සිටි අතර ඔහු සුවපත් වන 11 වන දින බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරු අසනීප වී ඇත. මාර්තු 18 වන දින ආණ්‌ඩුකරු පුද්ගලිකව මුණගැසුන විට ඇහැලේපොල එම අත්සන යෙදූ බව සඳහන් වේ.
සබරගමුවේ සන්නස්‌ හා සීaට්‌ටුවල ඇති අත්සන් හඳුනාගැනීම සඳහා බ්‍රිතාන්‍ය සිවිල් සේවාවේ නිලධාරියෙක්‌ වශයෙන් රෙජිස්‌ට්‍රාර් ජෙනරාල් තනතුර දැරූ එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා දේශීය ප්‍රධානීන්ගේ සහාය ඇතිව විශේෂ ලිපි ගොනුවක්‌ සකසන ලදී. පුරාණ ලංකාවේ ඉඩම් භුක්‌තිය, පුරාණ ලංකාවේ කාසි හා සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය යන ග්‍රන්ථ රචනා කරමින් රාජකීය ලංකා ආසියාතික සමිති කලාපයන්ට ශාස්‌ත්‍රීය ලිපි සැපයූ විද්වතෙකු වූ මොහු විසින් පිළියෙළ කරන ලද මෙම ලිපිගොනුව මෙහිලා සුවිශේෂ මූලාශ්‍රයක්‌ වේ.
කොඩ්රින්ටන් මහතාගේ ලිපිගොනුව අනුව සබරගමු සන්නස්‌වල වම්පසින් ඒකාකාරීව දකින්නට ඇති ඇහැලේපොලගේ අත්සන නිවැරැදිය. අහැලේපොලගේ අත්සනට උඩින් රවුමට නැවී ඇති අර්ධ කවය හා එය දෙපැත්තේම ඇති කෙටි හා දිගු කොකුවලින් සංකේතවත් වන්නේ සබරගමු දිසාවේ තනතුරට අයත් නිල ලාංඡනයයි. මෙම තනතුර දැරූ වෙනත් පුද්ගලයන්ගේ නම් වටාද මෙම නිල ලාංඡනය දක්‌නට ඇත. මෙම අර්ධ කවයට පහළින් ඇති පූර්ණ කවය තුළ ඇති ඇහැලේපොලගේ අත්සන හා උඩරට ගිවිසුමේ ඇති ඇහැලේපොලගේ අත්සන හා කිසිදු සමාන කමක්‌ නොමැතිවීමෙන් පෙනී යනුයේ උඩරට ගිවිසුමේ ඇති ඇහැලේපොලගේ අත්සන ව්‍යාජ එකක්‌ බවයි. උඩරට රාජධානියේ 1 වන අදිකාරම් හා 2 වන අදිකාරම් ධුරය දැරූවන්ගේ අත්සන් වටා පූර්ණ කවයක්‌ ඇත. ඒ කවය වටා සබරගමු දිසවේ තනතුරට අදාළ නිල ලාංඡනය ඇහැලේපොල විසින් නිකුත් කරන ලද හැම සන්නසකම ඇත.
මෙම වකවානුවේ ව්‍යාජ අත්සන් යෙදීම බහුලව පැවති බවට සාක්‌ෂියක්‌ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල ග්‍රන්ථයේ 3 වැනි කාණ්‌ඩයේ 383 පිටුවේ දැක්‌වේ. මොල්ලිගොඩ මහ නිලමේ විසින් ඇහලේපොලත් රජුත් භේද කිරීම සඳහා රජුට ආක්‍රොෂ පරිභව කරන ලද හසුනකට ඇහලේපොලගේ ව්‍යාජ අත්සන යෙදූ බවත් ඒ නිසා ඒ දෙදෙනා භේද වූ බවත් සඳහන් වේ. උඩරට ගිවිසුම සකස්‌ කිරීමට දායකත්වය දැක්‌වූ අයකු වන මොල්ලිගොඩ මහ නිලමේට උඩරට ගිවිසුම සම්බන්ධයෙන්ද මෙවැන්නක්‌ කිරීම අපහසු නොවන බව ඔහුගේ චරිතාපදානය සාක්‌ෂි දරයි.
උඩරට ගිවිසුමට ඇහැලේපොල අත්සන් තැබී නම් ඔහුට උසස්‌ තනතුරක්‌ පිරිනමා ගෞරවනීය තත්ත්වයක තැබීමට ඉංග්‍රීසින් ක්‍රියා කරනු නිසැකය. එහෙත් එවැන්නක්‌ සිදු නොවීය. උඩරට ගිවිසුම් අත්සන් කර වසර 3 ක්‌ පිරුණු 1818 මාර්තු 02 වන දින සිට සිර අඩස්‌සියට පත් අහැලේපොල 1825 දක්‌වා කොළඹ සිරකර පසුව මුරිසි දිවයිනේ සිර කඳවුරට යවන ලදුව එහිදී කාලක්‍රියා කළේය. උඩරට ගිවිසුමට අත්සන් නොකළ කන්ද උඩරට ෙද්‍රdaහියාට ඉංග්‍රීසින් සැලකුවේ එසේය.
සබරගමු සන්නස්‌ වෙළුමේ ඇති උඩරට ප්‍රධානීන්ගේ අත්සන් අඩංගු මුල් සන්නස්‌ විවිධ ඉඩකඩම් නඩු සඳහා දිසා අධිකරණයන්ට ඉදිරිපත් වූ අවස්‌ථාවලදී ඒවා හඳුනාගෙන සාක්‌ෂි දීමට අවස්‌ථා ගණනාවකදීම මට සිදුවිය. කරකොල නමින් හඳුන්වන පදම් නොකළ තල්කොළවල වම්පස මුදුනේ අදාළ නිල දරුවන් විසින් අත්සන් තබන ලද්දේ පන්හිඳක ආධාරයෙනි. අඟල් 12 ක්‌ පමණ දිගින් යුතු පන්හිඳක ආධාරයෙන් අත්සන් තබන විට කරකොළ හෑරී යයි. ඇතැම් වචන ගැඹුරට හෑරී ඇතැම් වචන මතුපිටට හෑරී ඇත. සමහර අත්සන් හෑරී ඇත්තේ අනෙක්‌ පසින් මතු වන පරිදිය. සන්නස ලියන ලද පුද්ගලයා එය ලියන්නේ කරකොළයේ දෙපැත්තම පාවිච්චියට ගත හැකි පරිදි ඒකාකාර සමාන්තර මට්‌ටමකට අකුරු හෑරීමෙනි. එහෙත් අත්සන්වල එවැනි ස්‌වරූපයක්‌ නැත. ඒවා ගැඹුරට සිනිඳුවට හා රළුවට වැදී ඇත්තේ අදාළ ප්‍රධානීන් විසින් අත්සන් තැබීමේ හේතුවෙනි.
උඩරට ගිවිසුමේ දෙවනුවට අත්සන් කර ඇතතේ මොල්ලිගොඩ අදිකාරම්ය. ඔහු පළමුවන අදිකාරම් හා සත් කෝරළේ දිසාව වශයෙන් මෙයට අත්සන් තබා ඇත.
සබරගමු සන්නස්‌ වෙළුමේ මොල්ලිගොඩගේ නම සඳහන්ව ඇත්තේ මොල්ලිගොඩ රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් හේරත් වාසල මුදියන්සේ වශයෙනි.
කොඩ්රින්ටන් ගොනුවේ මෙම නම යටතේ ඇති මොල්ලිගොඩගේ අත්සනත්, සබරගමුව සන්නස්‌ වෙළුමේ ඇති මොල්ලිගොඩගේ අත්සන් ගණනාවද එක හා සමානය. ඉහතින් දකුණු පසින් දක්‌වා ඇත්තේ උඩරට ගිවිසුමට පසු 1816 වර්ෂයේදී මොල්ලිගොඩ විසින් නිකුත් කළ සන්නසක අත්සනකි. ඒ අනුව මේ අත්සන් පරස්‌පරය.
උඩරට ගිවිසුමේ තෙවනුවට ඇති පිළිමතලව්වේගේ අත්සනද ගැටලු සහගතය. මොහු හඳුන්වා අත්තේ දෙවැනි අදිකාරම හා සබරගමු දිසාවේ හැටියටය. මොහුගේ නම සඳහන් කර ඇත්තේ පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න වාසල අභයකෝන් පණ්‌ඩිත මුදියන්සේ හැටියටය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතින් හිස්‌ ගැසුම් කෑ පිළිමතල්වේගේ සහෝදරයෙක්‌ වන මොහු කපුවත්තේ අදිකාරම්ගේ දියණිය විවාහ කර ගැනීම නිසා කපුවත්තේ යන නමද භාවිතා කළේය. උඩරට ගිවිසුමේ ඇති ඔහුගේ අත්සනත් සබරගමු සන්නස්‌ වෙළුමේ ඇති ඔහුගේ අත්සනත් අතර පරස්‌පරතා ගණනාවකි.
උඩරට ගිවිසුමේ සිව්වෙනුවට ඇත්තේ කනිෂ්ඨ පිළිමතලව්වේගේ අත්සනයි. මොහු 1812 දී හිස්‌ගැසුම් කෑ පිළිමතල්වේ මහ අදිකාරම්ගේ පුත්‍රයාය. මොහු මෙම වකවානුවේ සතර කෝරළේ දිසාපති පදවිය දැරූ බව සඳහන් වුවත් කපිල පතිරණ විමලධර්ම මහතා විසින් රචිත උඩරට ප්‍රධානීන්ගේ තනතුරු දැරූවන්ගේ නාමලේඛනයට අනුව මෙම වකවානුවේ සතර කෝරළේ දිසාව පදවියත්, සත් කෝරළේ දිසාව පදවියත් යන පදවි දෙකම ජ්‍යෙෂ්ඨ මොල්ලිගොඩ විසින් දරා ඇත. උඩරට ගිවිසුමේ මොහුගේ අත්සන වට කොට ඇති පොල් ගෙඩියක ස්‌වරූපය ගත් සලකුණ සතර කෝරළේ දිසාවගේ නිල ලාංඡනය වේ.
මෙම නිල ලාංඡනය තුළ ඇත්තේ ඔහුගේ අත්සන නොව සබරගමුව දිසාව වශයෙන් කටයුතු කළ පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ අත්සනයි. ඒ අනුව සබරගමු දිසාවගේ නමට කෙලින් ඇත්තේ කනිෂ්ඨ පිළිමතලව්වගේ අත්සනයි. ඒ අනුව මෙම අත්සන් උඩ යට මාරුවී ඇති බව පෙනේ. කනිෂ්ඨ පිළිමතලව්වගේ අත්සන සමකාලීන වෙනත් පැරැණි ලේඛනයකින් මෙතෙක්‌ හමු නොවූ නිසා ඒ ගැන කරුණු දැක්‌විය නොහැකිය.
උඩරට ගිවිසුමේ පස්‌ වෙනුවට ඇත්තේ මොනරවිල හෙවත් කැප්පෙටිපොල දිසාවගේ අත්සනයි. මොනරවිල කැප්පෙටිපොල රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නමින් හැඳින්වූ ඔහු ඌවේ දිසාව වශයෙන් මෙයට අත්සන් කර ඇත. උඩරට ගිවිසුමට සිංහලෙන් අත්සන් කළ තිදෙනාගෙන් කෙනෙක්‌ හැටියට මොහු හඳුන්වයි.
කැප්පෙටිපොල 1803 මාතලේ දිසාව වශයෙන් කයටුතු කරන අවධියේ නිකුත් කරන ලද සන්නසක ඇති ඉහත අත්සනත් උඩරට ගිවිසුමේ අත්සනත් වෙනස්‌ය.
උඩරට ගිවිසුමේ සය වෙනුවට ඇත්තේ මාතලේ දිසාව කරවන රත්වත්තේගේ අත්සනය. රත්වත්තේ පණ්‌ඩිත මුදියන්සේ රාළහාමි වශයෙන් හැඳින්වූ මොහු මාතලේ දිසාවේ පදවිය දැරූ 1767-73 අතර කාලයේ නිකුත් කළ නඩු තීන්දු දෙකක ඇති සමාන රූපී අත්සනත් උඩරට ගිවිසුමේ අත්සනත් අතර පරස්‌පරතා ඇත.
මෙම අත්සන් සමස්‌තයක්‌ වශයෙන් ගෙන බලන විට සිංහල හා දෙමළ අක්‌ෂරවලින් මිශ්‍රව ඇති බව පෙනේ. රත්වත්තේ දිසාවගේ අත්සන තනිකරම දෙමළ භාෂාවෙනි. මේ අත්සන් තුළ හඳුනා නොගත් අක්‌ෂරද දක්‌නට ඇත.
උඩරට ගිවිසුම අත්සන් කළ සෙසු ප්‍රධානීන් සතර දෙනාවූ දූල්ලෑව, මිල්ලව, ගලගම හා ගලගොඩ දිසාවවරුන්ගේ අත්සන් දැක්‌වෙන ලේඛන ඉදිරියේදී සොයාගෙන කරුණු දැක්‌වීමට බලාපොරොත්තු වෙමි.
උඩරට ගිවිසුම අත්සන් කර 3 වසරක්‌ ගිය තැන ඉංග්‍රීසින්ට එරෙහිව ඇති වූ 1818 කැරැල්ලේ නායකත්වය ගත්තේ මෙම ගිවිසුමට අත්සන් කළ මොනරවිල කැප්පෙටිපොලය. පිළිමතලව්වේ, මිල්ලව ඇතුළු තවත් නායකයන් ගණනාවක්‌ මෙම කැරැල්ලට නායකත්වය දුන් නිසා ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව සමහරක්‌ මැරුම් කෑහ. සමහරු රටින් පිටිවහල් කරන ලදී. සමහරු සිරකරුවන් බවට පත්වූහ.
උඩරැටියනුත්, රටත් රැවටූ උඩරට ගිවිසුමට අත්සන් කළ නායකයෝම තමන් රැවටූ ඉංග්‍රීසින්ට එරෙහිව 1818 දී අවි අමෝරා ගත්තද එවකට ශක්‌තිමත්ව තිබූ ඉංග්‍රිසි බලය ඉදිරියේ පරාජය වීමට ඔවුනට සිදුවිය.
ලලිත් ගුණවර්ධන
ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවේ
සහකාර අධ්‍යක්‍ෂ

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...