Showing posts with label දෙමළ. Show all posts
Showing posts with label දෙමළ. Show all posts

Friday, June 5, 2015

සිංහල වීම නිසා නන්නත්තාරවූ යාපනයේ සරණාගතයෝ

සිංහල වීම නිසා නන්නත්තාරවූ
යාපනයේ සරණාගතයෝ


යාපනය යන නම ඇසූ පමණින් එම දිස්‌ත්‍රික්‌කයේ සිංහලයෙකු ලබා සිංහල නමක්‌ හෝ ඇසෙනු යෑයිට අපට සිතෙන්නේ නැත. ජාතිවාදී වූත් ගෝත්‍රික වූත් උතුරේ දෙමළ දේශපාලනය ලෝකයට එහෙම සිතන්නට පවා ඉඩ තබා නැත. නමුත් සැබෑව එය නොවේ. මේ ගෝත්‍රික දේශපාලකයන් කතා කරන්නේ කොලේ වසාය. අතීතයේ යාපනය අදට වඩා බෙහෙවින් වෙනස්‌ වූ යාපනයක්‌ විය. වසර 30ට එපිට එදා යාපනයේ ජීවත්වූ සිංහල මිනිසුන්ගෙන් කීප දෙනකුද අද වන විට යුද්ධය නිම වීම හේතුවෙන් යාපනයේ සිය උරුමය සොයා යාපනයට ගොස්‌ තිබේ. මේ මිනිස්‌සු අද වන විට යාපනය නාවක්‌කුලි ගම්මානයේ පදිංචිව සිටිති.

අතීතයේ තමන් ජීවත්වූ යාපනයේ ස්‌වභාවය පිළිබ`දව ඔවුහු ආදරයෙන් කතා කරති. ඒ සො`දුරු අතීත ස්‌මරණයන් තෘප්තියෙන් සිහි කරති. එදා තරුණයන්ව සිටි ඔවුහු අද ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින්නෝය. තමන්ට හුරු පුරුදු වාස භූමියට ජීවිතයේ අවසන් සමයේ හෝ එන්න ලැබීම පිළිබ`ද ඔවුහු සතුටින් පිනා ගොස්‌ සිටිති. සිය අතීතය ආවර්ජනය කිරීම ස`දහා මුලින්ම අප හා එක්‌වූයේ හේවාකෙටෙබගේ සිරිසේනය. ඔහු දැන් හැත්තෑ හය වන වියේ පසුවන්නේය. ඔහු සිය අතීත කතාව මෙසේ දිග හරින්නට වූයේය.

"මා ඉස්‌සරවෙලාම යාපනේට අවේ 1949 අවුරුද්දේ. මම මෙහේ එනකොට පොඩි කොල්ලෙක්‌. එතකොට මගේ වයස අවුරුදු 10 ක්‌ විතර ඇති. මගෙ මාමල කාලයක්‌ තිස්‌සේ පදිංචිව උන්නේ යාපනේ. මං ආවේ මෙහේ හිටපු අපේ මාමලාගෙ ගෙදර. එයාලා මෙහේ ලොකු බේකරියක්‌ කළා. ඒකේ නම චන්ද්‍රd බේකරිය. මාමලා යාපනේ පදිංචියට ඇවිල්ලා තියෙන්නේ 1920 විතර. මම එන දවස්‌ වල සිංහල අය තමයි මෙහේ බේකරි සම්පූර්ණයෙන්ම වාගේ කළේ."

"මම ඉතින් මෙහේ එනකොට පොඩි කොල්ලනේ. මමත් බේකරියේ වැඩට උදව් කරගෙන හිටියා. ඒ දවස්‌ වල ඉතින් සිංහල දෙමළ කියලා බේදයක්‌ තිබුනේ නෑ. සිංහල අය තමයි යාපනේ බේකරි, තේ කඩ, රත්තරන් බඩු කඩ, වඩු මඩු කරගෙන උන්නේ. ඒ දවස්‌ නම් හරිම ලස්‌සනයි."

"ඔහොම ටික කාලයක්‌ යනකොට, මගෙ මතකේ හැටියට 1958 විතර, ශ්‍රී කොලොප්පම ඇති වුණා. ඒ කියන්නේ ශ්‍රී අකුරට විරුද්ධව දෙමළ මිනිස්‌සු වැඩ කරන්න පටන් ගත්තා. ඒ දවස්‌ වල අපි ඒ තරම් හිතුවෙ නෑ මෙච්චර ලොකු කලබලයක්‌ වෙයි කියලා."

"මම ඒ වෙනකොට නුවරින් බැ`දලා නෝනවත් අරගෙන යාපනේ ඇවිල්ලයි හිටියේ. අපි ශ්‍රී කොලොප්පම වුණාට පස්‌aසෙත් යාපනේ හිටියා. ඊට පස්‌සේ අපිට 1977 කලබල නිසා යාපනෙන් යන්න වුණා. අපි අනුරාධපුරේ ගිහින් හිටියේ. අපි ඊට පස්‌සේ ආයෙත් යාපනේට ආවා. 1983 අවුරුද්දෙදි ඉන්නම බැරි තත්ත්වයක්‌ අපිට උදා වුණා. 83 දවසක්‌ අපිට එක පාරටම හමුදාවෙන් කිව්වා නාග විහාරේට එන්න කියලා. අපි ඇ`දන් උන්නු ඇඳුම් පිටින් පන්සලට ගියා. පස්‌සේ හමුදාව කිව්ව දේ අදහා ගන්න බැරි වුණා. අපිට කිව්වා බස්‌ වල නැගලා පුළුවන් තරම් ඉක්‌මනින් අනුරාධපුරෙන් එහාට යන්න කියලා."

"මහත්තයෝ... එදා දැනුන හැ`ගීම කියන්න බෑ. අපි හරි හම්බ කරපු සේසතම දාලා ඇ`දිවත පිටින් අපිට යන්න වුණා. මගේ ජීවිතේ අමතක නොවෙනම දවස එදා. අපි අපේ තරුණ කාලේ ගෙව්වේ යාපනේ. ඒ දවස්‌ වල යාපනේ සිංහල මිනිස්‌සු 15,000 ට එහා හිටියා. මම දැනුවත්ව බේකරි හාරසිය අසූ ගාණක්‌ තිබුණා. සිංහල මහා විද්‍යාලයේ තමයි යාපනේ තිබුණ ලොකුම විද්‍යාගාරය තිබුනේ. 1983 අවුරුද්දෙ ඉස්‌සරවෙලාම දෙමළ මිනිස්‌සු පන්සල් වලට ගැහුවා. හැබැයි හැමෝම නෙමෙයි. අපි අනාථ වෙලා. අපිව ඉස්‌සරලම අනුරාධපුර රත්නමාලී එකට අරන් ගියා. ඊට පස්‌සේ වවුනියාව මාමඩුව ප්‍රදේශයේ පදිංචි කළා. එහෙත් ඉන්න බැරිවුණා. පස්‌සේ ආයේ මිහින්තලේ හිටියා. පස්‌සෙ තමයි යුද්දේ ඉවර වුණාම යාපනේට ආවේ." 83 ජූලියේ දී යාපනයේ ඇවිලුණු මේ දෙමළ ජාතිවාදී ගින්න ගැන කවුරුත් කතා කරන්නේ නැත. එය මුළුමනින්ම සිංහල ජාතිවාදීන් දකුණේ ඉපිදවූ කළු ජුලියේ දුමෙන් වැසී ගොස්‌ය.

යුද සමයේ පවා යාපනයේ සිංහල මිනිස්‌සු ජීවත් වූහ. ඔවුන් තම අඳුරු අතීතය මතක්‌ කර සිටියේ හැ`ඩූ කඳුළිනි. යාපනය නාවක්‌කුලි ගම්මානයෙන් අපට හමු වන ඒ රූපවතීගේ කතාව හැ`ගීම් බරය. ඇය ඇගේ කතාව අප හමුවේ මුදා හරින්නේ මෙසේය.

"මගේ උපන් ගම යාපනේ. අපේ අම්මගේ සහෝදරයෝ ඔක්‌කොම මෙහේ රත්තරන් බඩු කඩ කරගෙන හිටියේ. අපි යාපනේ හිටියේ ගොඩක්‌ සතුටින්. ඒත් කළබල ඇති වුණා. ඒ දවස්‌ වල අපේ රත්තරං කඩ ඔක්‌කොම කොල්ල කෑවා. ගිනි තිබ්බා. පංසලට බෝම්බ ගැහුවා. යාපනේ සිංහල ඉස්‌කොලෙත් කැඩුවා. ඊට පස්‌සේ අපි 1977 යාපනේ දාලා ගියා. ගිහින් ආයෙත් ආවා. 1983 ලොකුවටම කළබල වුණ නිසා දවසක්‌ ආමි එකෙන් කිව්වා අපිට අනුරාධපුරෙන් එහාට යන්න කියලා. එත් අපිට යන්න බැරි වුණා. මොකද ඒ වෙනකොට කොටි අපේ මල්ලිලා දෙන්නව අල්ලන් ගිහිල්ලා තිබුණෙ. අපේ මල්ලිලා සමුපකාරෙට ගිහිල්ලා එනකොට තමයි කොටි අල්ලගෙන තියෙන්නේ. කොහොම හරි උදේ 10 ට විතර මල්ලිලා දෙන්නා කොටි අල්ලගෙන ගියා කියලා අ`දුනන කෙනෙක්‌ කිව්වා. ඊට පස්‌සේ අම්මයි තාත්තයි මමයි මල්ලිලා එනකම් හිටියා. කොටි මල්ලිලාව එව්වෙ නෑ. ඊට පස්‌සේ අපිට යන්න බැරි වුණා."

"කොටි අපිව යාපනේට කොටු කර ගත්තා. අපි ඒ විදියට ටික කාලයක්‌ ඉන්නකොට ආරංචි වුණා මල්ලිලා වන්නිවල හිර කරන් ඉන්නවා කියලා. පස්‌සේ අපි වන්නියට ගියා මල්ලිලා හොයන්න. අපි උන්ගෙන් මල්ලිලා ගැන අහනකොට කිව්වා ඒ අයව නිදහස්‌ කරනවා. හැබැයි දැන්මම නෙමෙයි කියලා. ඊට පස්‌සේ හමුදාව යාපනේ අල්ලන්න ආවා. මගේ මතකේ හැටියට ඒ 1996 අවුරුද්ද. එදා දෙපැත්තෙන්ම හො`දටම ගහ ගත්තා. හිතා ගන්න බැරි තරම් තත්ත්වය භයානක වුණා. එදා අපි දුවලා ඇවිල්ලා හැංගුනේ නාවක්‌කුලි වල. මටත් තුවාල වුණා. මගේ මල්ලිලා උන්ගෙ හිරකාරයො විදිහට මැරුණා". ඇය කතාව හමාර කළාය.

එවකට යාපනයේ සිටි සිංහලයන් 15,000 ක්‌ දෙමළ ජාතිවාදීන් විසින් පන්නා දැමනු ලැබීය. අනෙක්‌ පිරිස කොටි සිරකරුවෝ වූහ. සමහර අසරණ සිංහලයෝ මේ දෙමළ ජාතිවාදීන්ගේ සිරකරුවන් ලෙස අන්ත දුක්‌ වි`ද මිය ගියහ. ඔවුන් කළ එකම වරද සිංහල වීමය.

සිංහල වූ හේතුව මතම පමණක්‌ සිංහල කඩ සිය ගණනක්‌ ගිනි තැබිණි. යාපනයේ සිංහල මහා විද්‍යාලය විනාශ කර දැමිණි. එවකට අධ්‍යාපනය එහි අධ්‍යාපනය ලබමින් සිටි දරුපැටවු තුන්දාහකගේ අධ්‍යාපනය විනාශ විය. යාපනයේ පන්සලට බෝම්බ ගසා කුඩු කෙරිණි. මේ තුච්ඡ අපරාධය කළේ සාමාන්‍ය දෙමළ වැසියන් නොවේ. කොටි විසින් වියරු වට්‌ටවන ලද දෙමළ ජාතිවාදීන් විසිනි.

මේ අවතැන් වූ සිංහල සරණාගතයන් ගැන කතා කරන එකෙක්‌ නැත. මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබ`දව හ`ඩ නගන එකෙක්‌ නැත. සාර සුබාවට ජීවත්වෙමින් සිටියදී ස්‌වකීය සබ්බ සකලමනාවම පැහැරගෙන ඇ`දිවත පිටින් පාරට ඇද දැමූ මනුෂ්‍යයන්ට අහිමි වූ දේපළ ගැන කතා කරන්නට එකෙක්‌ නැත. කොටින් විසින් පැහැරගෙන ගොස්‌ සිරකරුවන් ලෙස වධ බන්ධනයට ලක්‌ කර මරා දැමූ සිය ගණනක්‌ වූ යාපනයේ සිංහලයන් ගැන කතා කරන්නට මානව හිමිකම් සංවිධාන නැත. තැන් තැන්වල සරණාගතයන් ලෙස දුක්‌ වි`දිමින් ජීවත්වූ, එසේ දුක්‌ වි`දිමින්ම සිට මියගිය, යළිත් යාපනයට ගියත් අන්ත දිළින්දන් ලෙස ජීවිතය අරඹන්නට සිද්ධ වී ඇති මේ මිනිසුන්ගෙන් කොල්ල කෑ ජීවිතය ගැන කතා කරන්නට පපුකැණති උණුවන උන් නැත.
ඛේදවාචකය මෙයය. ජාතිවාදයේ ම්ලේච්ඡත්වයට ජාතිභේදයක්‌ නොවේ. දකුණේ කළු ජූලියේ තිරිසන්කම ගැන කොන්දේසි විරහිතව දකුණේ සිංහල සමාජය පශ්චාත්තාප වී තිබේ. ඒ ම්ලේච්ඡත්වයේ ප්‍රමාණය පිළිබ`ද ස්‌වයං විවේචනයක්‌ තිබේ. දකුණේ නැවත කළු ජූලි උපදින්නේ නැත. එහෙත් උතුරේ එදා සිදුවූ නින්දිත අපරාධ පිළිබ`දවත් ඒ අපරාධයන්හි වින්දිතයන් පිළිබ`දවත් කිසිවෙකුගේ පශ්චාත්තාපයක්‌ නැත. අදත් උතුරේ ක්‍රියාත්මක දෙමළ ජාතිවාදයේ නින්දා සහගත නිරුවතට විවේචනයක්‌ නැත. උතුර මේ මොහොතේත් ගිලී ඇත්තේ ගෝත්‍රික ජාතිවාදය තුළය. උතුරේ දෙමළ දේශපාලනය විසින් කුළුගත්වමින් සිටින්නේ දෙමළ ජාතිවාදයේ තිරිසන් කමය. යුද්දයෙන් පෑරුණු සිත් වල උපන් තුවාල මේ උන්මන්තකයන් විසින් සුව වන්නට ඉඩක්‌ දෙන්නේ නැත. සංහි`දියාව ස`දහා ඉඩක්‌ ලැබෙන්නේ නැත.

සාධාරණය ඉෂ්ටවිය යුත්තේ වාර්ගික අවශ්‍යතා අනුව නොව, යුක්‌ති ධර්මය අනුවය. අප බලා සිටින්නේ යාපනයෙන් පලවා හළ පහළොස්‌ දහසකට අධික සිංහලයන්ගේ ජීවිත අවනඩුව පසි`දන ආකාරය දෙසය.

මුලතිව්
ප්‍රසන්න ප්‍රදීප්


http://www.divaina.com/2014/09/28/feature01.html

Sunday, April 26, 2015

ගැමුණු කුමරුනි කීර්ති කුමරුනි ඔබ විසින් රැ ක දුන් දේශයයලි විනාශය හමුවේ ය

Posted on April 24th, 2015-ධර්මසිරි සෙනෙවිරත්න


පුංචිම  පුංචි කාලයේදීත්  ගැමුණු කුමරු  හිතුවේ රට ගැනය පියා සමග  නොහොඳ නෝක්කාඩු  වුනෙත් එනිසාය  අතපය හකුලා ගෙන නිදා ගෙන  තම  වේදනාව  සහ අධිෂ් ට්හා නය පෙන්වුයෙත් සිංහල බෞද්ධයන් රැකගැනීමේ සටන  අත්‍යවශ්‍ය දෙයක්  නිසය් .පුංචි කීර්ති කුමාරයා කර කොළ කමින් වයස 12 සිට බික්ෂුන් වහන්සේගේ ආරක්ෂාව යටතේ  කැ ලේ හැංගී යුද හරඹ පුහුණුවෙමින් දුක් වින්දේ  සිංහලේ රකීමටය . අනේ ඔබ දෙදෙනා වින්ද දුක් කන්දරාව දැන් ඉන්න තරුණ න්   දන්නේ නැත ඉතිහාසය මෙලෝ හසරක් නුගත් උන් දන්නේ බය්ලා නටමින්  වල්බූරු නිදහස  භුක්ති වි දී න්නත් පමණයජේත්තු ජීවිතයකට ඉඩ ඇත්නම් උන් ඊලාමය යටතේත්  බය්ලා නටමින් සිටිනු ඇත .
                                                                        2015 අප්‍රේල් 14 අලුත් අවුරුදු දවසේ  කාතන් කුදියේ ඉස්ලාමික කෞතුකාගාරයක්  විවුර්ත කර  ඇත පැරකුම්බා රජ දවසෙත්  රජු යටතේ මුස්ලිම් වරු ඇමතිවරු වී සිටි බවත්  සිංහල දේශයේ  පේෂ කර්මය හා යකඩ කර්මාන්තයේ මූලිකයන්  හා ආදිතමයන්  මුස්ලිම් වරු බවත් එහි දක්වා ඇත .  මුස්ලිම් ඇමැතියන්ගේ පිලිරු  යය පිලිරූ හදා ඇත . දැන් මුන් හදන්නේ  දෙමලු මෙන්ම මුස්ලිම් වරුද  ලංකාවේ ආදිතමයන් යය දරුවන්ට ඒත්තු ගැන්වීමටය  මේවා ඉගෙන ගත දෙමල දරුවෝ වසර 30 ක් අපව විනාශ කළහ   මයිත්‍රී රනිල් රජයේ  අලුත් මුස්ලිම් ඇමතියා ලවා රජය මේවා කරවන්නේ  මුස්ලිම් චන්ද ගෙන සිංහල බලය නැතිකිරීමේ රනිල්ගේ අභිප්‍රාය ඉටු කිරීමටය රනි නාදය මානුෂික මෙහෙයුම් වලක්වා ප්‍රභා බේරා ගැනීමට  2009 දී  මැදවච්චි  පාමංකඩ  වැනි නොසන්ඩාල කතා කියමින් මහින්ද  මානසිකව වට්ට වීමට කටයුතුකළ හැටි මේ මොහොතේ  මතක් කර ගන්න මගේ  දරුවනි . සෝම හාමුදුරුවෝ මරා ගත අ  ය දැන් බුරුතු පිටින් හාමුදුරුවරු බිලීබා ගනිති මාදුළුවාවේ සෝභිත හිමි එදා ජාතියේ මුරදෙවන්ගේ පලමුවෙනියාය  එහෙත් ඉන්දියානුවොත් බට හිරයොත් එතුමා  විකුර්තිකළහ රතන චම්පික ආදීන් නම් හැමදාම ප්‍රතිපත්ති වෙනස් කලඅ  යය් හෙළ උරුමය යන නම එපාකරවන්නට  පරයෝ රනිල් ලවා මොවුන්ද බිලීබා ගත්හ . ගමේ මිනිහෙකුවූ මයිත්‍රී  දැන් මුන්ගේ හිරභාරයෙය.  ජේ ආර් 1932 දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කල යුත්යය්  සන්දේශයක් ඉදිරිපත් කල බව දන්නේ   මුහුණු පොත් බුවෝ කී දෙනාද . දැන් නිකන් දෙන  වය්  මගින් ගම්වල  සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ද  ”’හය්   ෆය් ” කරගන්නට රජය උත්සාහ ගන්නේ   නුතන මෙවලම් වලට ගිජුවූ විට ජාතිය අමතක වෙන   ප්‍රේත කුම්භාන්දයින්  ලංකාවේ සෑහෙන්නට ඉන්න නිසාය  .  අශ්රෝෆ්ෆ් ගේ කාලයේ කුරගල  බොරු සෙල්ලිපි  කොටවා ඒ භුමිය  මුස්ලිම් පුදබිමක් බව ඔප්පු කරන්නට   උත්සාගත් හ. ලත් තැන මේවා ලොප් නොකර සිංහලයෝ  බට හිටයන්ගේ ඉඳුල් කකා ඉන්දියානුන්ගේ පරිප්පු කකා සිටි නිසා   අද ලංකා පොලිසිය ත් අලුත් රජයත්  මුස්ලිම් අබුසාලියාට බයය . ඩී එස්     නම් එජා පයේ නිර්මාතෘ වරයා කන්නන් ගරගේ නිදහස් අධ්‍යාපනයට විරුධව  ක්‍රියා කලේ අය දය  අලුත් තරුණයෝ දන්නා වාද සිංහලයා ඉගෙන ගෙන ඉහල තනතුරු වලට ගියොත් බටහිරයන් ඩී  එස් ගෙන් බලා පොරොත්තුවූ  වහල්  ගැතිකම  සමාජයෙන් තුරන් වන බව ඔහු දන්නා නිසා ””’  මුන් ඔක්කොම ඉගෙන ගත්තොත්  පොල්ගෙඩියක් කඩා ගන්න වත් එකෙක්  ඉතුරු වෙන්නේ නැහැ”’ ඔහු කීවේ එනිසය්  .  කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත අනුමත කරවා ගත්තේ ඩී  එස් රටින් පිටවූ අවස්තාවකය .. ඩී  එස්  මේ නිසා කන්නන්ගර චන්දයෙන් පරදවන්නට වැඩ කළේය  .ඒ ජා පය හැමදාම කලේ  මේවාය ඩී  එස් ඩඩ්ලි ටිකක් හරි හොඳ වුනත් අනිත් උන් නම්  අසමත්ජාතියෝය  මෙයි න අන්තිම ද්‍රෝහියා රනිල්ය   චන්ද්‍රිකා නම් චව්ර  ගැහැණිය රනිල්ටම උපන් ගැහැනියකි  මේ දෙන්නා මයිත්‍රී විනාශ කර ඇත  ඉන්දීය මෝඩි අනුගමනය කරන මෝඩයෙකු බවට මයිත්‍රී පත් කලේ මුන් දෙන්නාය   තමන්ටන්  පිටරටි  ඇති තෙරපුම ගැන  දැන් මයිත්‍රී මැසිවිලි කියය්  තැන තේරෙනවද   මගේ දරුවනේ  මේවා දන්නා අයගේ බඩ  පපු  දනවා දරුවනේ හිරුනොබසින අධිරාජ්ජයටවත් සිංහල බෞද්ධයන් 4% කට වඩා කිතුනුවන් කර ගන්නට නොදී දේශය ආගම රැක  ගත් දේශ ප්‍රේමීන් නොහිටින්නට උඹලා එක්කෝ දෙමළය කිතුණුය නැත්නම් මුස්ලිම්ය . සිංහලයන් විසින් තනා  හදා වඩා  වසර දහස් ගණනක් රැකගත් එකම දේශය නැතිකරන්නට  යහපාලන යය කියන   ය. ම පාලකයින්ට ඉඩ දෙන්න එපා දරුවනේඋතුරේ සිටි 25000 ක්සින්හලයන් කෝ කොලඹ  දෙමලු  අල්ලා ගත්තේ කොහොමද  අධි ආරක්‍ෂිත කලාප  වල ඉඩම් දැන් ආපසු  දෙන්නේ  සිංහල දේශය රක ගන්නටද  බැසිල්  ගොඨ  මහින්ද අත්අඩංගුවට ගන්නට වලිකන ආණ්ඩුව විග්නේශ්වරන් රටට විරුද්ධව කරනදෙවල් ගැන නොසොයන්නේ අය ‘ ඊලාමය  ප්‍රකාශ කල රටින් පැනගිය  වර්ධරාජා පෙරුමාල් ලංකාවට  නැවත ආවේ මේ යහපාලන  කාලයේ ය මහින්ද හිටියා නම්  මේ ත්‍රස්තයා එය් ද.  වෙනස තේරෙනවද . 
                                                      අඩුම ගනනේ  රනිල් චන්ද්‍රිකාගෙන්   මය්ත්රීව වත් බේරාගන්නට සටන් කරන්න  මේ මනුස්සයා  අරුන් විසින්  විකුර්තිභාවයට පත් කර ඇත .  ඒ බය්යා අර ටෝය්ය ලාට වඩා””’ හොඳ””’ වියහැක අඩුගනනේ උත්සාහයක් වත් ගන්න . පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තිබු බෞද්ධ විහාර නටබුන්   අද දෙමල කක්කුස්සි හැදීමට අරගෙන ඇතිබව ඔබ දන්නවාද .එජා පයේ ම සිටි  සිරිල් මැති ව්  විසින් පල කල   සිංහල බෞධ්ධයිනි අවදිවව්   පොතේ ඇති එදා පැරණි විහාරාරාම ගැනවත් එජා පයෝ කියවා නැද්ද  සිරිල් ව එළවා දැම්මේ  ජේ ආර් ය .
                                                   මහින්ද බලය තිබු විට 13අ අහෝසි නොකිරීමේ වැරැද්ද  නිසා අද රනිල් ද්‍රෝහියා බලයට පත්විය  ප්‍රභා මරුමහින්ද පසුව පිටරටුන් ට ටිකක් බය වුනා විය හැක  . එහෙත් එය අහෝසි කරවා ගත හැක්කේ මහින්ද හැර රනිල් ලවා නම් නොවේ එනිසය් නැවත මහින්ද අවශ්‍ය රට බේරාදී  ගෝඨා  වැනි සුදුසු කෙනෙක් පත්කර මහින්දට වීරයෙක් ලෙස විශ්‍රාම ගිය හැක 
                  ගැමුණු පුතනුවනි        කීර්ති පුතනුවනි   නැවත සිංහලේ ඉපදී  නුතන නොදරුවන්  ට අපේකම හඳුන්වා දෙන්න  මාගේ දේශය රැ  ක දෙන්න   දැන් ඇත්තේ ඇති බිහිසුනුම අවස්තාවය්     සිංහලේද   ඊලාමයද ? දෙකෙන් එකක් තෝරා ගන්න දරුවනි    විහාර මහා දේවී මාතාවනි ඔබවැනි වීර මාතාවන්ගේ කුසින් ඉපදුන දරුවෝ   අද විනාශය අභිමුඛයේය    ඉන්දියාවේ හා බටහිර  ම්ලේච්චයින්ගෙන්  රට බේරා ගෙන රනිල් වැනි උන්ගේ ඒජන්තයින්  අවීචි මහා නරකාදියට දක්කන කෙනෙක් වහාම රටට අවශ්ෂ්‍ය ය  

අනුග්‍රහය ලංකා වෙබ්

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...