Saturday, February 28, 2015

සිංහ ධජයේ කතාව





සිංහ ධජයේ කතාව


ගැමුණු රජතුමන් භාවිතා කළ ධජය

සිංහ ධජයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. එය අපගේ ලිඛිත ඉතිහාසය තරම්ම දිග ඉතිහාසයකි.



ක්‍රිස්තු පූර්ව 486 දී  ලක්දිවට පැමිණි විජය රජු ප්‍රමුඛ පිරිස සිංහයකු සහිත ධජයක් රැගෙනවිත් ඇත. විජය රජුගේ අනුප්‍රාප්තිකයෝද එම ධජය නිදහස් ස්වෛරී බවේ සංකේතයක් ලෙස අඛණ්ඩව භාවිත   කළ බව මහාවංශයේ හා චූලවංශයේ සඳහන්වේ. ගැමුණු රජාණෝ සතුරු එළාර හා සටන් ව්‍යපෘතිය තුලදී සුරතින් අසිපත රැගත් කේසර සිංහයකුගේ රුවක් ඇති ධජයක් භාවිතා කළහ. සිංහ රුවට ඉහළින් හිරු හා සඳු සංකේතාත්මකව දක්වා තිබුනි. 

1815 මාර්තු දෙවන දින අත්සන් කෙරුනු උඩරට ගිවිසුමෙන් ලංකාවේ රජු ලෙස බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු ලෙස පිළිගන්නා තෙක්ම එම සිංහ ධජය මෙදිවයිනෙහි ධජය ලෙස රජවරුන් විසින් භාවිතා කරන ලදී. ඉන් පසු ඉංග්‍රීසීන් විසින් එක්සත් රාජධානි කොඩියම ඔවුන්ගේ රජ‍යේ කොඩිය ලෙස භාවිතා කරන ලදී. 
එංගලන්තය වෙත රැගෙන යන ලද සිංහ ධජයට සිදු වූයේ චෙල්සියා රාජකීය ආරෝග්‍යශාලාවේ වැතිර සිටින්නටය. වසර ගණනාවක් පුරා එක්සත් රාජධානි කොඩිය යට්තේ සිටින ලාංකිකයන්ගේ මතකයෙන් ඒ සිංහ ධජයේ හැඩ රුව ගිලිහින.


නුවර යුගයේදී හා 1948 සිට 1951 දක්වා භාවිතා කළ ධජය
ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරය ශක්තිමත් වූ විසිවන සියවසේ මුල් බාගය තුළ එම ව්‍යාපාරයේ ප්‍රමුඛ ක්‍රියාකරිකයකු වූ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා එවක දිණමින පුවත් පතෙහි අයිතිකරු වූ ඩී. ආර්. විජේවර්ධන මහතාගේද සහය ඇතිව එංගලන්තයේ චෙල්සියා රාජකීය රෝහලේ තබා තිබූ සිංහ ධජය සොයා ගත්තේය.


සිංහ ධජය ජාතිකත්වයේ සංකේතයක් විය. සවුත්වුඩ් සහ සමාගම විසින් එම ධජය 1815 වන විට පැවති ලෙසම වර්ණ හා රූප සම්පාදනය කරන ලදී. 

ලාංකීය නිදහස සිදී ගොස් වසර සියයක් ගත වන දින පළ කරන ලද විශේෂ දිණමින කලාපයක මුල් පිටුවේ එම සිංහ ධජයේ වර්ණ පින්තූරයක් පළ විය. එය මහජනයා අතර දැඩි අවධානයට ලක් විය.



අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක, ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, හා ජේ. ආර්. ජයවර්ධන යන අය ජාතික ධජය පිළිබඳ ගැට්ළුවට ක්‍රියාකාරීව මැදිහත් වූ ප්‍රමුඛ දේශපාලනඥයන් විය. 1945 දී ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍යය උත්සව වලදී ජාතික ධජය එසවීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳව ප්‍රකාශයක් කළේය.



1948 ජූලි 16, මඩකලපුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සින්නලෙබ්බේ පාර්ලිමේන්තුවේදී සිංහ ධජය අපගේ ජාතික ධජය ලෙස පිළිගැනීමට ඇති හේතු පැහැඳිළි කරමින් එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේය. ඒ. ඊ. ගුණසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය. කන්කසන්තුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ජේ. වී. චෙලවනායගම් හා වඩුකොඩෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කනගරත්නම් යන අය එම යෝජනාවට ප්‍රතිපක්ෂ වෙමින් එය ප්‍රතිශෝධනය කරන ලෙස විරුද්ධත්වය පෑම නිසා ගැටළු සහගත තත්වයක් උද්ගත විය.  එම තත්වය යටතේ නොකැළඹුනු අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක මහතා දැඩි අවධාරණයෙන් පැහැඳිළි කළේ සිංහ ධජය සිංහලයන් පමණක් නියෝජනය කළ ධජයක් නොවූ බවත් අපගේ අවසන් රජු වූ නායක්කර් වංශික ශ්‍රී වික්‍රමරාජසිංහ රජ සමය වන විට සිංහල, දමිල හා මුස්ලිම් යන සියළු දෙනාම එකම ජාතියක් ලෙස ජීවත් වූ නුවර රාජධානීයේ රාජකීය ධජය ලෙස සිංහ ධජය නිදහස අහිමි වන තෙක්ම භාවිතා වූ බවය. එනිසා සිංහ ධජය ලාංකීය ධජය ලෙස පිළිගත යුතු බව එතුමා සඳහන් කළේය.



බ්‍රිතාන්‍යය-ලංකා කොලනියේ ධජය (1875-1948)
1948 ජනවාරි 27 දින උපදේශක කමිටුවක් පත්කොට ජාතික ධජය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අග්‍රාමාත්‍යය වරයාට උපදෙස් ලබා දීමට එයට  පවරන ලදී. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල,  ජේ. ආර්. ජයවර්ධන, ටී. බී. ජයා, ලලිත රාජපක්ෂ, ජී. ජී. පොන්නම්බලම් සහ සෙනෙට් මන්ත්‍රී ඇස්. නඩේසන් යන අයගෙන් එම කමිටුව සැදුම්ලත් විය.



1948 පෙබරවාරි 4 දින අපට නිදහස ලැබෙන දින ජාතික ධජය එසවිය යුතු බවට අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක, පාර්ලිමමේන්තු නායක ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනාය හා මුදල් අමාත්‍යය ජේ. ආර්. ජයවර්ධන ආදීහු පැහැඳිළි මතයක සිටි‍යෝය. එසේම ඊට විරුද්ධව යම් යම් කණ්ඩායම් ක්‍රියා කරනු වළකාලනු වස් වෙනත් ධජයක් එසවීම තහනම් කරමින් දැඩි අවවාදයක් නිකුත් කරන ලදහ. කිසියම් හෝ පුද්ගලයකු එය අනුචිත යයි සිතන්නේ නම් ඔහුට හෝ ඇයට එක්සත් රාජධානි ධජය එසවීමට අවසර  ලැබිනි.



එදින සියළු රාජ්‍යය ගොඩනැගිලි වල ජාතික ධජය හා එක්සත් රාජධානි ධජය ඔසවා තැබුනි. එනමුදු උතුරු හා නැගෙනහිර පලාත්වල ජාතික ධජය එසවීමක් නොකළේය. ඉංග්‍රීසීන්ට රට භාර දෙන විට නොතිබුන  පන්නයේ ජාතිවාදයක් හිසින් ගත් දේශපාලන භූමිකාවකට දමිළ දේශපාලනඥයන් ඉංග්‍රීසි පාලන සමය තුල හුරු වී සිටීමේ අවාසනාවන්ත ප්‍රතිපලයකි එය.



ජාතික ධජය පිළිබඳ උපදේශක කමිටුව 1948, 1949 හා 1950 යන වසර වලන් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එකොළොස් වරක් රැස් විය. කමිටුවේ තීරණය  උතුර සඳහා මන්ත්‍රී බී. නඩේසන් හැර අන් සියළු දෙනාගේ අනුමැතිය හා අත්සන සහිතව ලබා දුනි. 1951 දී මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට බදුන් කරන ලදුව ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක හා ජේ. ආර්. ජයවර්ධන ඊට එරෙහිව පැන නැගි වාදයන්ට දක්ෂ ලෙස පිළිතුරු සැප‍යිය. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ ව්‍යක්තභාවය හා චතුර බව විපක්ෂ මන්ත්‍රී සුන්දරලිංගම් වෙත පිළිතුරු දීමේදී මැනවින් ඉස්මතු විය. 1951 මාර්තු දෙවන දින ජාතික ධජය පිළිබඳ කමිටු වාර්තාවට පක්ෂව  ඡන්ද 51ක් හා ප්‍රතිපක්ෂව ඡන්ද 21 ක් පාර්ලිමේන්තුව තුල ලැබී එය සම්මත වන විට එදින රෑ බෝ වී තිබුනි. අට දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 1952 පෙබරවාරි මාසයෙන් පසුව එක්සත් රාජධානි ධජය අපගේ කොඩි ගස දිගේ ඉහළට නොනැගි අතර පාර්ලිමේන්තුව තුල සම්මත කෙරුනු ජාතික ධජය සැම විටම ඔසවන ලදී.

1951 සිට 1972 දක්වා භාවිතා කළ ජාතික ධජය

රතු පැහැති පසුබිමක අසිපතක් සුරතින් රැගත් කහ  පැහැති සිංහ රුවක්, සතර කොණින් බෝ කොළ හතරක් , කොළ හා තැඹිලි පැහැති සිරස්  තීරු දෙකක් සහ කහ පැහැති රාමුවකින් එම ධජය සමන්විත විය. මෙහිදී වැදගත් කාරණයක් වන්නේ  කමිටු වාර්තාව විසින් එම රූප සහ වර්ණයන් සඳහා අර්ථ නිරූපණයයක් ලබා දී නොතිබීමයි. කොළ තීරුවෙන් මුස්ලිම් වරුන් සහ තැඹිලි තීරුවෙන් දමිල වරුන් නියෝජනය වන බව සඳහන්ව තිබුනේ ඇස්. නඩේසන් මන්ත්‍රී විසින් ලබා දුන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කළ ලියවිල්ලෙහිය.

1971-72 ජාතික ධජය නැවත වරක් විවරණයකින් පසුව, 1972 මැයි 22 දින වඩා පැහැඳිළි ලෙස පෙනෙන ලෙස බෝ කොළ හතර පමණක් සකස් කර සම්මත කරන ලදී.

1972 සිට භාවිතා වන ජාතික ධජය
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මඟින් ජාතික ධජය අ‍පගේ ව්‍යවස්ථාවට ඇතුල් කරන ලදී.

ඒ ජාතික සිංහ ධජයේ ඉතා දිගු කතාවයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යුගය තෙක්, ඉංග්‍රීසීන්ට රට බාර දෙන තෙක් සිංහ ධජය, නිදහස් ස්වෛරී බවේ සංකේතයක් ලෙස මෙරට භාවිතා විය. නිදහස් සිංහයා නැවත සොයා යන විට ජාතිවාදී අදහසින් පෝෂණය වූ දමිළ දේශපාලනඥයන් පිරිසක් ඉංග්‍රීසීන් විසින් බෝ කර තිබුනි. ඔවුනට සිංහයා පිළිගැනීම ගැටළුවක් විය. ඒ ඔවුන් සිංහයා තුලට අවශෝෂනය වන්නට අකමැති නිසාය. වෙනම වෙන්ව කටයුතු කිරීමට වුවමනාවකින් ඔවුන් සන්නද්ධ කර තිබූ බැවිනි. ජාතික කොඩි‍යේ කතාන්දරය තුළින්ද පැහැඳිළි වන්නේ වෙනකක් නොව ඉංග්‍රීසීන් විසින් ඇති කළ බෙදීමේ මානසිකත්වය මත සිංහයාට අහිමි වූ නිදහසයි.

මහාමාන්‍යය ඩී. ඇස්. සේනානායක මහතා 1948 ජූලි 16 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි, සිංහ ධජය සිංහලයන් පමණක් නියෝජනය කළ ධජයක් නොව, අපගේ අවසන් රජු වූ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය වන විට සිංහල, දමිල හා මුස්ලිම් යන සියළු දෙනාම එකම ජාතියක් ලෙස ජීවත් වූ නුවර රාජධානීයේ රාජකීය ධජය ලෙස සිංහ ධජය නිදහස අහිමි වන තෙක්ම භාවිතා විය. 51 කමිටුව විසින් සිංහ කොඩියට කොළ සහ තැඹිලි තීරු දෙකක් එක් කරන්නට ඇත්තේ, එය යුක්ති සහගත වන නිසා නොව ඓතිහාසික උරුමයක් වූ සිංහ කොඩිය ජාතික ධජය ලෙස පිළිගැනීම සඳහා වූ විරෝධය නිසාම විය යුතුය. ඉංග්‍රීසි පාලන සමය තුල බලවත් කෙරුනු දමිල ජාතිවාදය පිනවීමට එදත් අදත් අතාර්කික වූ බාග තීරණ වලට එළැඹීමේ නරක පිළිවෙතක් අපි අනුගමනය කරමින් සිටින්නෙමු. ඒ නිසා සිදුව ඇත්තේ ජාතිවාදය උත්තේජනය වී බලවත් වීම මිස ඔවුන් සෑහීමකට පත් වීම නොවන බවට ජාතික ධජයේ කතාව එක් උදාහරණයක් පමණි.

(2010 පෙබරවාරි 4 වැනිදා The Island පුවත් පතට වෝල්ටර් විජේනායක මහතා විසින් රචිත ලිපියක් ඇසුරු කොට තොරතුරු ලබා ගන්නා ලදී.) 
 




-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
- See more at: http://www.yuthukama.com/2014/02/sinhaKodiya.html#sthash.QaZe3MtM.dpuf


http://www.yuthukama.com/2014/02/sinhaKodiya.html

No comments:

Post a Comment

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...