Monday, February 23, 2015

1815 මාර්තු 02 වන දින මහමළුවේ දී ඉංග්රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය අහසට නංවාලූ වාරියපොළ ශ්රීන සුමංගල නා හිමි.

1815 මාර්තු 02 වන දින මහමළුවේ දී ඉංග්රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය අහසට නංවාලූ වාරියපොළ ශ්රීන සුමංගල නා හිමි.
අදින් වසර එකසිය අනූ නවයකට පෙර එනම් 1815 මාර්තු 02 ගුරු දින ලංකා ඉතිහාසයේ තවත් අමරණීය වූ සිද්ධියක් සනිටුහන් විය. එය ඉතිහාසඥයන් හඳුන්වන්නේ උඩරට ගිවිසුම යනුවෙනු යි.
1815 පෙබරවාරි මස 18 වනදා ඉංගීරිම සි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රරිම රාජසිංහයන් ජීවග්රාහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.
1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්ර කාශ කෙරිණි. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්ෂවය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. ඒ පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්රීැ සුමංගල හිමිපාණන්ය.
ශ්රීප වික්ර ම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්රුව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්රීය දළදා මාලිගාවේ ශ්රීෙ දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය ද සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි.
පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත ද්රෝතහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ.
සුමංගල හිමිපාණන්ගේ අභීත අදීන තියුණු ගැඹුරු කට හඬ අවදි කෙරිණි. නිලමේවරු එකත්පස්ව සිටිති.
“දැන් මේ තිරණාත්මක අවස්ථාවේදී අප විසින් අපේ සිරිත් විරිත් ආගම ජාතිය ආරක්ෂාස වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංගීර විසියෙන් ලබා ගත යුතුයි. එබඳු පොරොන්දුවකට අත්සන් කරන තෙක් ඉංගීරත සි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.”
අභීත කේශර සිංහරාජයෙකු සේ සිය දැඩි ස්ථාවර පළ කළ සුමංගල හිමිපාණෝ සිංහල රාජ්යතයේ අවසාන ලිපිය සකස් කරන්නට සූදානම් වූහ. දේශනුරාගයෙන් ජාත්යාලලයෙන් ඔද වැඩුණු සුමංගල හිමිපාණෝ අපට අපේ ජාතියට ආගමට දේශයට ස්වාධීනත්වයට වාසිවන ආකාරයේ වගන්ති කීපයකින් යුක්තව අදාළ කෙටුම්පත සකස් කළහ.
මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්රීි දළදා මාළිගාවෙහි වැඩ සිටියහ.


කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගීරමාළසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන ලෙස මහනුවර මඟුල් මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංගීර‍න්සි සෙන්පති දෙපලට නියම කරන ලදී. අනෙක් පසක සිංහල, ඉංගීරහල සි සෙනවියෝ පෙළ ගැසී සිටියහ. තවත් සුළු මොහොතින් තමන්ගේ කතිර කොඩිය අහස් තලයෙහි ලෙළ දෙන වග දැන දැනත් බල කාමයෙන් නිල කාමයෙන් වියරු වැටුණු ඉංගීරය අසි සෙන්පතියා කතිර කොඩිය අහසට නංවාලීය.
ආත්ම විශ්වාසයෙන් ආත්මාභිමානයෙන් , ජාත්යාිනුරාගයෙන් තෙදවත් වූ වාරියපොළ හිමිපාණෝ අභීත කේසර සිංහ රාජයෙකු සේ ඉංගීරනය සි සෙන්පති ඉදිරිට පැමිණියහ. “තොපට තොපගේ කොඩිය දැන්ම මෙහි ඔසවන්නට ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවරෙක්” දැයි දැඩි ස්වරයෙන් ප්රපශ්න කළහ. ඒ සමඟම ක්ෂඉණයකින් ම කතිර කොඩිය පහතට ඇද බිම දමා පයින් පෑගූහ.
ගිවිසුම අත්පත් කිරීමට තවත් කල්වේලා තිබෙන බව ප්රහකාශ කර සිංහල කොඩිය අහසට නංවාලූහ. මෙම වීර වික්රතමාන්විත ක්රි්යාවෙන් කෝපයට පත් ඉංගීර කරසි සෙනෙවියකු කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොළ හිමිපාණන් වෙත හෙළන්නට සූදානම් වෙත්ම ජෝන් ඩොයිලි ඉදිරියට පැන කඩු පහර වැළැක්විය. ඒ පමණක් නොව කතිර කොඩිය සම්මතයට එරෙහිව එසෙවීම පිළිබඳව අපේ ශ්රේුෂ්ඨ බුද්ධ පුත්ර්යාගෙන් සමාව අයැද සිටියේය. 1818 අරගල සමයෙහි වීරකැප්පෙටිපොළ වෙතට දළදා වහන්සේ භාරවූයේත් වාරියපොළ හිමිපාණන්ගේ මෙහෙයවීමෙනි. සිංහලේ රජ කිරුළ සිංහල බෞද්ධයෙකුට උරුම කරදී අතීත උරුමයන් යළිත් ශ්රී ලංකාවේ ස්ථාපිත කිරීම අප නාහිමිපාණන්ගේ උතුම් අභිලාෂය විය.
අපේ දේශයේ ජාතියේ හා බෞද්ධ ආගමේ අනාගත චිරස්ථිතිය උදෙසා දේශපේරත කමයෙන් ජාතිවාත්සල්යතයෙන් ආත්ම පරිත්යාිගයෙන් අමිල මෙහෙවරක් ඉටුකළ වීරෝදාර ජාතික නායකත්වයක් ගොඩ නැගු වාරියපොළ ශ්රීෙ සුමංගල නාහිමිපාණෝ වර්ෂ 1831 අමරණීය නාමයක් ජාතියට ඉතිරිකර අපවත් වී වදාළහ.

No comments:

Post a Comment

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...