Monday, February 23, 2015

අපේ රට ජාතිය ආගමට පණ දුන් දැයේ විරුවෝ

අපේ රට ජාතිය ආගමට පණ දුන් දැයේ විරුවෝ
වීර කැප්පෙටිපොළ හෙළ ජාතියට ආගමට වැට කඩුළු බැදෙමින් හෙළ ස්වාධීපත්‍යයේ පරිහානිය 1815 මාර්තු 7 වන දින දිනින් උදාවිය. ඒ සිංහල හා ඉංග‍්‍රීසීන් අතර පැවති කන්ද උඩරට ගිවිසුම නිසාවෙනි. මෙසේ පැවති ගිවිසුමට අනුව හෙළ ජාතියේ නිදහසට ආගමේ සුරක්ෂිතතාවයට කිසිඳු කැළලක් නොවන්නට මතු ආරක්ෂාවට කටයුතු කරන බව ඉංග‍්‍රීසීන් විසින් දුන් ප‍්‍රතිඥාව ක‍්‍රමයෙන් වෙනස් වන්නට විය. ඒ අනුව විවිධ අසාධාරණකම් රට පුරා පැතිරෙන්නට විය එවකට රජ කළ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගේ පාලනය ගැන කළකිරුණු රදළයෝ පවා එයින් මිදීමට සිතා ඉංග‍්‍රීසීන්ට සහයෝගය දැක්වූහ. 1817 ඔක්තෝබර් මස 26 වන දින “බ‍්‍රවුන්රිග්” ආණ්ඩුකාරවරයා මහනුවරට පැමිණ ඌව වෙල්ලස්ස ඒකාබද්ධ කොට නොවැම්බර් 01 දා සිට එහි පාලනය කැප්පෙටිපොළ වීරයාණන්ට බාරදෙන ලදී. දොරේසාමිගේ නායකත්වයෙන් පෙරමුණට පැමිණි ජනතාව තම නිදහස් සටන දියත් කිරීමෙන් අනතුරුව එය ඉංග‍්‍රීසීන්ට කරදරයට හේතු විය. මේ අතරතුර බ‍්‍රවුන්රිග් ප‍්‍රතිවාදී අරගලය මැඩ පැවැත්වීමට කැප්පෙටිපොළ දිසාව වෙත බාරදෙන ලදී. අනතුරුව ඉංග‍්‍රීසි සේනාංක පිරිවරා කැප්පෙටිපොළ වීරයාණන් සටන මැඩලීමට යන අතර මඟදී සතුරු සේනාව පිරිවරාගත් සිංහල නායකයින් කීප දෙනෙක් මුණ ගැසීය.ඒ අතර මිත‍්‍ර කොහුකුඹුරේ රටේ රාළද පෙරමුණේ සිටිනු දැක කැප්පෙටිපොළ ඔහු වෙත ගොස් කරුණු සාකච්ඡාකොට ජනතාවට වන්නට යන විපත පිළිබඳ වැටහී තම ජාතියට සතුරු ඉංග‍්‍රීසීන්ට විරුද්ධව සටන මෙහෙය වන්නට විය.
වීර පුරන්අප්පුලක් වැසි ජනතාව තලාපෙලා අධිරාජ්‍යවාදීන් විසින් කටයුතු කරද්දී 1847 වන විට කෝපි මිල පහත වැටීම නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට සිතා අහිංසක ජනතාවගෙන් බදු අයකරගන්නට අදහස් කර 1848 ජූලි මස 01 වන දින සිට තුවක්කු බද්ද, සුනඛ බද්ද, කරත්ත බද්ද, සාප්පු බද්ද, සහ ඇඟ බද්ද, යනාදිය ප‍්‍රකාශයට පත් විය.පුරන්අප්පු නායකත්වය දරමින් 1848 ජූලි මස 06 වන දින හා දසකට වැඩි ජනකායක් රැස්කර මහනුවර කච්ෙච්රිය අසල රැස්වී අසාධාරණකම් වලට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට වූහ. මෙවිට මොවුන්ගේ අදහස් නොඉවසූ බි‍්‍රතාන්‍යය සොල්දාදුවන් පිරිස පලවා හරින ලදී. එහෙත් මෙයින් පසුබට නොවූ පුරන්අප්පු 1848 – ජූලි මස 28 වන දින ක‍්‍රමවත් සැලැස්මක් අනුව ගොංගාලේගොඩ බණ්ඩා, ඩිංගිරාල යන අයද හවුල්කර ගෙන තිදෙනා තුන් දිශාවකින් ගොස් කටුගස්තොටදී හමුවී ජූලි 30 වන දින මහනුවරට පහරදීමට සූදානම් වූහ. මෙසේ ඉදිරියට ගිය පුරන්අප්පුගේ සේනාව ක‍්‍රමයෙන් මාතලේ “මැක්ඩෝවල්” කොටුවට පහර දෙන්නට වූහ. බි‍්‍රතාන්‍ය සොල්දාදුවන්ගේ පහරදීමට ලක්වූ ගොංගාලේගොඩබණ්ඩා පලාගිය අතර ඩිංගිරාළ කුරුණෑගලදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එල්ලා මරණ ලදී. බිහිසුණු ලෙස මාතලේ කැරැල්ල මෙහෙයවූ පුරන් අප්පු අත් අඩංගුවට ගැනීමට ඉංග‍්‍රීසීහු කටයුතු කළහ.
අනගාරික ධර්මපාලතුමාලේඛන කලාවට වැඩි සැලකිල්ලක් දක්වමින් සිංහල බෞද්ධයා පත‍්‍රය ආරම්භ කළ මෙතුමා එමඟින් ජනතාවට ගව ඝාතනයෙහ විපාක සුරාවෙහි ආදීනව මොනවට පහදා දෙමින් ජනතාව ඉන් මුදවා ගැනීමෙන් බෞද්ධාගම කෙරේ හොඳ අවබෝධයක් ලබාදීමටත් උපයෝගී කර ගත්තේය.වයස අවුරුදු 27 දී එනම් 1891 දී දඹදිවට ගිය අවස්ථාවේ බුද්ධගයාව හින්දු භක්තිකයින් විසින් හින්දු චාරිත‍්‍රානුකූලව වැදුම් පිදුම් කරනු දැක සිතේ ඇතිවූ කළකිරීම නිසා වහා නැඟී සිට “බෞද්ධයනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව්” යන උදම් පාඨය ප‍්‍රකාශ කළේය. මෙතෙක් කල් බුද්ධගයාව මහන්තා කෙනෙකු යටතේ පාලනය වූ නමුත් ඔවුන්ගෙන් බුද්ධගයාව මුදා ගැනීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් කි‍්‍රයා කළ මෙතුමා 1891 මැයි මස 31 වන දින මහාබෝධි සමාගම පිහිටුවිය.මේ හැරුණු විට තම හෙළ ජාතියට ආගමට, දැඩිව ඇලුම් කළ මෙතුමා පරගැති බවද දැඩිව පිළිකුල් කර තිබීම තවත් ලක්ෂණයකි. අනගාරික ජීවිතයට වඩා ප‍්‍රවෘජ්ජා පදවියට ඇතුළත් වීම නුවණට හුරුයි හෙයියන්තුඩුවේ සිරිදේවමිණ හිමිපාණන් විසින් කලකට පෙර මෙතුමාට අවවාද කර තිබුණි. එවකට සිරිදේවමිත්ත හිමිපාණන් ජීවත්ව නොසිටිය ද උන්වහන්සේගේ අවවාද පිළිගත යුතු යයි කල්පනාවී ක‍්‍රි. ව. 1931 ජූලි මස 13 වන දින ඉන්දියාවේදී පැවිදි විය. හෙයියන්තුඩුවේ සිරිදේවමිත්ත හිමිපාණන් කෙරෙහි කළගුණ සලකණු වස් ධර්මපාලතුමාගේ තම පැවිදි තම සිරිදේවමිත්ත ධර්මපාල නමින් ප‍්‍රචලිත කළහ. අනතුරුව දඹදිව මූලගන්ඨකුටි විහාරය තනා 1931 නොවැම්බර් මස 31 වන දින විවෘත කිරීමටද මුන්වහන්සේට හැකි විය.
හික්කඩුවේ ශ‍්‍රී සුංමගල හිමිතෙල්වත්තේ විහාරයේදී පැවිදි වී සිය ගුරු රේවත හිමියන්ගෙන් අධ්‍යාපනය ලැබ අනතුරුව රත්මලානේ පරම ධම්ම ෙච්තිය පිරිවෙනට අතුළත්ව එහි ධර්ම, විනය, ශබ්ද ශාස්ත‍්‍රය, මැනවින් ප‍්‍රගුණ කළහ. ධර්මයට පමණක් නොව සිංහල, පාලි, සංස්කෘත ප‍්‍රාකෘත, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ද්‍රවිඩ, බුරුම ආදී භාෂා ශාස්ත‍්‍ර පිළිබඳ විශාරද දැනුම ලැබීම නිසා අනතුරුව “මිහිබට සුරුගුරු” යන අන්වර්ථ නාමයෙන් ජනතාව අතර ප‍්‍රචලිත වූහ. 1873 දෙසැම්බර් 01 වන දා ආරම්භ කළ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන මගින් හෙළ සාහිත්‍යයට බෞද්ධාගමට, අසහාය සේවාවක් කළ මුන්හන්සේ “ලක්මිණි පහන” නමින් ප‍්‍රථම වතාවට පළවූ පත‍්‍රය මේ හිමියන්ගේ අනුග‍්‍රහය ඇතිව පළවූවකි. තවද පරම විඥානාර්ථ බෞද්ධ සංගමය ආරම්භ කළ “සරසවි සඳ රැස” මහා බෝධි සංගමය ආරම්භ කළ “සිංහල බෞද්ධයා” ශ‍්‍රී සුමංගල හිමියන්ගේ අනුග‍්‍රහය හා දායකත්වය ලබමින් පළවූ ඒවාය. මෙසේ හෙළ ජාතියට ආගමට විශාල සේවාවක් කළ මුන්වහන්සේ අපට සිටි ජාතික වීර හිමි නමකි.
ඩී. ආර්. විජේවර්ධන මැතිතුමාවිදේශයෙන් ද උගත් දැනුම උපයෝගී කර ගත් මෙතුමා මව් රටට කිසියම් මෙහෙයක් කිරීමේ පරම පවිත‍්‍ර සිතිවිල්ල පෙරදැරි කර ගනිමින් ලේක්හවුස් මන්දිරය ඉදි කොට සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි පුවත් පත් මුද්‍රණය කිරීමට කටයුතු කළේය. ඒ අනුව 1914 දී දිනමිණ පුවත්පත ද, 1918 දී සිලෝන් ඩේලි නිවුස් පුවත්පත ද, 1923 දී ඔබ්සෝවර් පුවත්පත ද, 1930 දී සිළුමිණ පුවත්පත ද වශයෙන් පසුකාලීනව පුවත්පත් ගණනාවක්ම ආරම්භ කිරීමට කටයුතු සලසන ලදී.නිදහස් සමයේ වීරයින් සමග උරෙනුර ගැටී කටයුතු කරමින් එවකට පැවති බි‍්‍රතාන්‍ය පාලකයින්ගේ වැරදි කි‍්‍රයා කලාපයන් එරට ආණ්ඩුවට හඳුන්වා දීමටත් ජාතියේ උදාරත්වය හා ජාතික මමත්වය පීඩනයෙන් හෙම්බත්ව සිටි සිංහල ජනතාවගේ සිත් තුළ නව බලාපොරොත්තු පැළ පදියම් කිරීමටත් අපේ වීරයා ආරම්භ කළ පුවත් පත් ඉතා විශාල ලෙස ඉවහල් විය.තවද සිංහල මුස්ලිම් සටනේ බි‍්‍රතාන්‍ය පාලකයින් ගෙන ගිය දයානුකම්පා විරහිත කටයුතු ආණ්ඩුවට පෙන්වා දී කිසියම් අස්වැසිල්ලක් ලබා ගැනීමටත්, ප‍්‍රවෘත්ති පාලනය ඉවත් කළ පසු බි‍්‍රතාන්‍ය ප‍්‍රවෘත්ති පත‍්‍රවල පළ වූ සංදේශ වාර්තා හා කර්තෘ වාක්‍ය සිය පුවත්පත්වල පළ කිරීමෙන් ලක්වැසි ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීමටත් මෙතුමා සමත් විය. අවියකින් කළ නොහැකි තරමේ ශක්තියක් පුවත් පතකින් ජනතාවට උරුම කර දුන් මෙතුමා ජනතාවගේ අධිෂ්ඨානය වැඩි කිරීමට කටයුතු කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකාණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණයන් ඇති විය.කැලණිය රජමහා විහාරය ඇතුළු ලංකාවේ විහාරස්ථාන ගණනාවක්ම දියුණුව කරා ගෙන ගිය විජේචර්ධන මහතා ජාතික ආගමික සංස්කෘතික පමණක් නොව සාහිත්‍ය කලාව ආදී ක්ෂේත‍්‍ර තුළින් ද ජනතාවට විශාල සේවයක් කළේය.
ඩී. ඇස්. සේනානායක මැතිතුමා1815 මාර්තු මස 02 වන දින මහනුවර දී ඉංග‍්‍රීසීන් විසින් පහත හෙළනු ලැබූ සිංහල කොඩිය 1948 පෙබරවාරි මස 04 වන දින යළි ඉහළ නන්වමින් ශ‍්‍රී ලංකාවේ ස්වර්ණමය නිදහස උදාකිරීමෙහි ලා පුරෝගාමී වූ ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යතුමා වූවේ මෙතුමාය.ඩී. ඇස්. සේනානායක අග‍්‍රාමාත්‍යතුමා ඉතා දක්ෂ දේශපාලනඥයෙකි. ජාති බේද, කුලබේද නොතකා සැම දෙනාටම එක ලෙස සාධාරණ අයිතිවාසිකම් සුරැකෙන අයුරින් පාලනය ගෙන ගියේය. හැම විටම වැවිලි කර්මාන්තය කෙරෙහි යොමුවීමෙන් විදේශීීය මැදිහත්වීම් වලින් තොරව කෘෂි කර්මාන්තයෙන් දියුණු රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමට අදහස් කළ මෙතුමා ගමින් ගමට කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමට හැකි හැම උත්සාහයක්ම ගත්තේය.උතුරු නැගෙනහිර සිංහල ජනපද පිහිටුවීමෙන් එකිනෙකාට තම අයිතිවාසිකම් සුරැකෙන ලෙස කි‍්‍රයා කළේ මෙතුමාය. හෙළ බිම ඉතා සරුසාර කෙතක් බවට පත් කිරීමට සමත් වූ මෙතුමා කෘෂිකර්මාන්තයට කළ සේවාව අති විශාලය.මේ නිසාම ගැමි ජනතාවට අවශ්‍ය කෘෂි ආහාර නොඅඩුව ලැබීමට හැකිවීමෙන් ස්වයංපොෂිත බවින් පෝෂණයවීමත් නිසා ජන හදවත් සතුටු වන්නට විය. ඒ නිසාම මහ ජනතාව අතර ප‍්‍රචලිත නමක් දිනා ගැනීමට සමත් වූ ඩී. ඇස්. සේනානායකයන් “ජාතියෙ පියා” නම් විරුදාවලිය ලැබීමට තරම් වාසනාවන්ත විය.
පොන්නම්බලම් රාමනාදන් මැතිතුමාජාතියෙන් ද්‍රවිඩ වුව ද සිංහලයින් අතර මෙතුමා ඉක්මනින් ජනප‍්‍රියවීමට ප‍්‍රධාන වශයෙන් එතුමාගේ ප‍්‍රතිපත්ති ගරුකත්වය, ප‍්‍රිය වචනය, සමානාත්මතාවය, ඍජු බව හේතු වූවට සැක නැත. මෙලෙසින් ජන හද දිනා ගනිමින් 1911 දී උගත් ලාංකිකයින්ගේ මන්තී‍්‍රවරයා ලෙසින් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ද තේරී පත් විය.මෙතුමාගෙන් හෙළ ජාතියටත්, බෞද්ධාගමටත් තිබූ ලැදියාව කෙබඳු එකක් ද යන්න සිතතොත් දිනක් කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ පැවති ත්‍යාග ප‍්‍රදානෝත්සවයක දී කළ කතාව සාක්ෂි දරයි. එය නම් මහත්වරුන් සිංහල කටින් සිංහල භාෂාව කතා නොකරනවා නම් එය කතා කිරීමට සිටින්නේ කවරහුද? මම නම් ගෙදරදීවත් මගේ දරුවන්ට ඉංග‍්‍රීසි කතා කිරීමට ඉඩ දෙන්නේ නෑ. තමුන්නාන්සේලා සිංහල භාෂාවෙන් කටයුතු කිරීම ප‍්‍රීතියක් කොට ගත යුතුයි. ඊට නින්දා නොකළ යුතුයි. හෙළ ජාතිය වෙනුවෙන් කළ කැපවීම මෙවන් උදාර කතිකාවකින් වැටහෙනු ඇත.ලංකාවේ විශ්ව විද්‍යාල පිහිටුවීමේ පුරෝගාමීව කටයුතු කළ අය අතර, එක් අයකු වූ මෙතුමා ගෙන් සිදු වූ සේවාවට කෘතගුණ සැළකීම සඳහා දැනටමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයේ ඇති එක් නේවාසිකාගාර ශාලාවක් රාමනාදන් ශාලාව නමින් හඳුන්වයි.

No comments:

Post a Comment

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...