Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Sunday, June 21, 2015

සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියෝ ඔන්න බලාගන්



ආදියේ සිට  මේ දිවයින  සීහල ,  සීහලක   , සිංහල හා එහා නම් වලින් උපතලද  සින්හලාන් ,  සේය්ලාන්  සිලෝන් , සිහෝල් , ආදී නම් වලින් හැඳින්විණි  සංස්කෘත පොත්වල  සිංහල නාමය බහුලව යෙදී ඇත . සමන්තපාසාදිකා අටුවාවේ එය  ”සීහල ” ලෙස සිටී  දෙමල පොත්වල ” සින්ගලම් ‘ ලෙසද තැනෙක”ඊලම් ‘ ලෙසද ඇත . සීහලම්  , ඊළාම් ලෙස බින්දී ඇත .  චීන්නු යෙදුවේ” සෙන් – කියා -ල  ” යනුවෙනි  අරාබින්   ‘සරන්දිබ් ”  ලෙස ලිව්වේ  සීහල දීප ” යන්නය .  ටොලමි” සලිකේ ” නමින් ලිව්වෙ  සීහලක නම විය හැක  තවත් අරාබි වචනයක් නම් සිංහල ද්වීප   යන්නට සමාන  ”සිං ගල් දිබ් ” යන්නය   තිකුනාමලයේ  නිත්තුප්පානේ සෙල්ලිපියක ”’ සිං ඝලේන්ද්‍ර ශිලාමෙඝ ”යනුවෙන් ඇත 
                                          වයඹ දිග ඉන්දියාවේ පළමුවන සිය වසට අයත් ඛරෝෂ්ටි   ශිලා ලේඛන දෙකකම    ‘සිංහල නමින්  පුද්ගල නාම දැක්වේ  තැනෙක  ”සිංහ’ ” නමින්ද තවතනෙක ”’සිහිලකගේ  යහළු සිංහ මිත්‍ර ‘ යනුවෙන් ඇත .  ලංකාවේ  බ්‍රාහ් මී  ශිලා ලිපියක”’සිධ  සිහස බමනහ ‘ය්  දැක්වේ  සිහස යනු ” සිංහගේ ‘  යනුය්.  . ඉන්දියාවේ සමුද්‍ර ගුප්ත රජුගේ — ක්‍රි ව 4 සියවස –” ලිපියක  අපරට වැසියන් ”’සයින්හලක ”’ එනම් සිංහලේ නිවැසියන් ලෙස හඳුන්වා ඇත . නාගාර්ජුන කොණ්ඩයේ  සෙල්ලිපියක  ” සීහල සංඝ ” නම් භික්ෂුන් පිරිසක්  විසින් එහි ආරාමයක් කරවූ බව සඳහන්ය .  ඒ 4 වන සියවසේදීය .  සීහල දේශයෙන් ගිය සංඝයා සීහල සංඝ වුයේ  අන්ග්ලොවරුන්ගේ රට  ඉංග්ලන්ඩ්  වූ ලෙසිනි  මහා භාරතයේ එක කොටසක ”සින්හලාන් ලෙසද තැනෙක ”සින්හලාහ් ” ලෙසද ඇත . විභීෂණ සීතාට සිංහලයන්ගේ රට පෙන්වූ හැටි    ‘බාල රාමායනයේ ” දැක්වේ  රාජසුය යාගය සඳහා  සිංහල රජුන් පැමිණි බව  මහා භාරතයේ  රාජසුය  පර්වයේ දැක්වේ අලහබාද් ප්‍රශස්තියක ” සයින්හලික ” නම් වචනයක් ඇත . බුධ්ධගයාවේ  සෙල්ලිපියක  ”සිංහලද්වීප ජන්මනා …..” ලෙසද කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ ”’සිංහල ද්වීපේ මයුර ග්රාමේ  කුලා නාම නදී ”’ යනුවෙන් දෙතනකම ඇත . ඉන්දීය ඉතිහාසයට ආලෝකය සැපයු ”මන්ජුශ්‍රී මුල කල්පයේ ”” සිංහල ද්වීප වාසීනඃ ”’යය දැක්වේ .
                            සිංහලය    මුතු  උපදිනා ආකාර අටෙන් එකකි ——රත්න පරීක්ෂා —
                              සිංහලය මුතු උපදින පළමුවෙනි තැනය —  අගස්ති මතය   මේ තැන්වල කෙලින්ම රට සිංහල නමින් හඳුන්වා ඇත 
” සිංහලයෙහි ”’පලිඟු ගැන  ”යුක්ති කල්ප තරුවෙහි   ”භෝ ජ  රාජ’ විසින්   දක්වා ඇත  සිංහලය ”මුතුකෙත ” බව  නවරත්න පරීක්ශාවෙහි දැක වේ
 පාලියෙන් සීහල වශයෙන්ද සකුවෙන් සින්හලාහ්  සහ සින්හලාන් ලෙසද දෙමලෙන් ”ඊලවාර් ” සිංහල ජනයා හඳුන්වා ඇත . පාලියෙන්” සීහල දීප ” සකුවෙන් සිංහල ද්වීප ” ලෙසද දෙමලෙන් ”ඊළාම් ”  යනුවෙන්ද මේ දේශය හැඳින්වුනේය .රාජරාජ චෝල රජුගේ  ගේ ලිපිවල මේ රට ”ඊල මණ්ඩලම් ” නමින් දැක්වේ ”’සින්ගලම්  එන්රදු ඊල නාට්ටේ  අන්දෝ  එන්රැදු  සින්ගලම් චෝල් ” යනුවෙන්  පවනන්දී පිරිවජිගේ   නන්නුල් වියරණයෙහි  කියන්නේ ” සිංහල නම් ඊල දේශය  ”  යනුවෙනි  ”සින්ගලර්  ” නමින්ද  දෙමලෙන් සිංහලයන් හඳුන්වා ඇත  ”කලින්ගත්තුප්පරනී දෙමල කාව්‍යයේ  ”සින්ගලර් වන්කලර් ”හා රාජරාජ චෝලගේ ”මුරට්ටෝලීල් සින්ගලර්  ඊල මණ්ඩල ‘මුම් ‘ යන පාඨ  .බලන්න   . වීර සෝලියම් ව්‍යාකරණයේ ”සින්න්ගලවන්  පෙසුවදු  සින්ගලම්  යනුවෙන් පවසා ඇත්තේ ”සිංහලයා දොඩ  න   බස සිං හල  නම් වේ ” යනුවෙන්ය .
            
2 කොටස පසුව
--------------------------------------------------------------------------
සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියො ඔන්න බලාගන් -2 කොටස
Posted on June 18th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

1999 දී මා විසින් ලියා පල කල” ජාතිය පාවාදීම ” නම්වූ පොතේ මේ ලිපි මාලාවේ සඳහන් කරුණු සවිස්තරාත්මකව ඇත . ඒ පොතට හැඳින්වීමක් සැප යුවේ ඇති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ය  විජේදාස රාජපක්ෂ ඇමති වරයා  ප්‍රසිධියේ සිංහල  නතය් ප්‍රසිධියේ කියා සුලුවාර්ගික චන්ද වලට කෙල හලන්විට  මට එක වරටම මතක්වුයේ ”ජාතිය පාවා දීම යනවචනයය් .ඒ සමගම සෝම හිමියන්වය් .සෝම හිමියනි ඔබවහන්සේ නැති රටේ දැන් පජාතිකයෝ  පාවාදෙන්නෝ වැහි වහැලාය  මන්ත්‍රී සර ත් වීරසේකර සමග සසඳනවිට මේ විජේදාස රාජ පක්ෂ  සමස්ත සිංහල ජාතිය විනාශ කිරීම සඳහා පහල වූ පවුකාර ද්‍රෝහියෙකි . රනිල්   ගෙන් මේ ප්‍රකාශය පිටවුනානම්  පුදුමයක් නොවේ නමුත් ගමෙන් ආ  දාසයා දැන් ගමට හාම්පුතාවෙන්නට යන්නේ පරයින් පිනවා ලැබෙන බලයෙනි ඒ කය්  කන ගා ටුව
                     කොහොම වුනත් කාරී  නෑ  අන්ද බාලයින්ගේ ඇස ඇරවීම අපේ යුතුකමක් නිසා  ඉතා අමාරුවෙන් හෝ මේ කරුණු ඉදිරිපත් කරමි ගැමුණු විජයබා පැරකුම්  විහාරමහාදේවී පරපුරේ සිංහල බෞධ්ධයිනි  ලොව කොහේ හිටියත් මේ කරුණු ඉගෙන ගෙන ඔබේ රට රැකගැනීම සඳහා ක්‍රියාත්මක වන්න  මේ කරුණු සොයා ගැනීම සඳහා  විශාල   මහන්සියක් දැරීමට සිදුවිය. හිත හොඳ වුවත්  බොහෝ මෝඩ ශ්‍රී ලනිපයෝ  ඉතිහාසය නොදත් කමින්  රට ද්‍රෝහිවී ඇත්තේ නුගත් කම නිසා ය . වෙනස  සැ පදුන්නේද  යනුවෙන් නැවත සිතා බලන්නට මේ කරුණු ප්‍රයෝජනවත්වෙවා 
                  සීහලට්ඨ  කතා  යය්  සමන්ත පාසාදිකාවේ දැක්වෙන්නේ  සිංහල භාෂාවෙන් ලියවුන අටුවා ගැනය .  සිංහල භාෂාව ව්‍යවාහාරවුනේ සිංහල රටේ ය . සිංහල භාෂාව ,, හෙළ බස  හා එළු බස  නමින්ද  හැදින්වේ  දම්පියා     අටුවා ගැටපදයේ  සිංහල ජනතාව  ”හෙලු ” යනුවෙන් සඳහන්ය ”’මගධ බසින් වැටෙ  මින්  ආ  බුදුකුලි අටුවා හෙළ දිවැ  ඇ ජූරෝ   හෙලු බසින්  තැබුහ ” ය්  10 සියවසේ    ලියු   දම්පියා  අටුවාවේ  එය් . බුදුගොස්  හිමි 5 සිය වසේදීපාලියට  නැගුවේ   ක්‍රි  පුර්ව  3 සියවසේ  සිංහල  රටේ දී  සිංහලයන්  විසින්  සිංහලෙන්  ලියැවී   තිබු   1  මහා ,,2 පච්චරී  3 කුරුන්දට්ඨ   යන
 අටුවාවන්ය මේ  අටුවා 12 වන  සියවස  තෙක්ම පැවති බව    පොළොන්නරු   යුගයේ  සාරීපුත්ත ටීකාචාරීන්ගේ ග්‍ර  න්තවලින්   පෙ.නේ . ගැඹුරු  බුදු   දහම  මිහිඳු  හිමියන් විසින් දේශනාකර  තේරුම්      කලේ    මිනිසුන්ට   නොතේරෙන බසකින්  නොව සිංහල    යන්ගේ  සින්හල බසිනි . මේ දහම”’සීහල අටුවා ‘ වුයේ රටේ හිටියේ  සිංහල මිස වෙනත් උන්   නොවන  නිසාය     
               දෙවන පෑතිස් සො  යුරු  උත්තිය   රජුගේ සෙල්ලිපියක ”””””’ ගමනි  උති  දෙවන  පිය මහරජ හ ……ශුමන දෙවිය ලෙනෙ …………””’ වැනි  වචන අද සිංහලට ද   සමානය 
  3 කොටස පසුව  
--------------------------------------------------------------------------------
සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියෝ ඔන්න බලාගන් 3 කොටස
Posted on June 18th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

උත්තිය රජුගේ  කාලයේ ලියවුන භාෂාවෙන් ම  තවත් සියවස් ගණනාවක්ම  ලිපි ලියා ඇත . මේ භාෂාවෙන්  හා මේ අක්ෂර වලින් ලියු ලිපි දිවයිනේ සතර දිග භාගයේම ඇත . මෙයින් පෙනී යන්නේ සෑ ම  අස්සක් මුල්ලක් නාරම  එකම භාෂාවක්  භාවිතා වූ බවය්  එය සිංහලය .  මේ දක්වා හමුවී ඇති ලේඛන ගත කල ලිපි 3000 ඉක්මවය්  විනාශවූ ඒවා කොපමණද නොදනිමු  1911 බෙල් මහතා විසින්  දැක්වූ  ලිපි සිය ගණනක් දැන් අස්ථාන ගතය . ක්‍රි පුරවා යුගයට අයත් ශිලා ලිපි  1276 ක් පරණ විතාන  ගේ සෙල් ලිපි සංග්‍රහයේ  ඇත . තල්  පත් කෙතරම් තිබෙන්නට ඇත්ද .
                                                                   අය්යෝ ශය්යෝ විජේදාස .
  මෙසේ එකල භාවිතාවූ  භාෂාව ””සීහල භාසා ” ලෙස පැරණි ග්‍රන්ථ වල දැක්වේ ” එත්ථ  සීහල  භාසං  භිත්වා ” ය්  වන්සත්තපකාසිනියේ එය්  මනෝරත පුරනියේ ” සීහල භාසා ” ලෙස දැක්වේ .” සීහල භාස නමස්කාර වන්නනා ” නම් පොතේ නමින්ම  භාෂාව කුමක් දය වැටහේ .  දිවයින පුරාම පැතිරුණ මේ බස  ” දීප භාසා ” නම්විය  ධම්ම පදට්ට කතාවේ ” දීප භාසාය ඝන්ටිතා ” ලෙසද මහාවංශයේ  ” ධම්මං   භාසිත්වා  දීප භාසාය එවං ” ලෙස ඇත . සමන්ත පාසාදිකාවේ ” සීහල දීපක  වාක්‍ය ” ලෙසත්  අත්තසාලිනියේ  ” දීපවාසීනං  භාසාය ” ලෙසත් දැක්වේ .
                                 10 වන සියවසේ  5වන කාශ්‍යප රජු ලියු  දම්පියා අටුවා ගැටපදයේ  දීප භාෂා යන්නෙහි  එකම අදහස  සිංහල බස  බවත්  මේ දීප වාසීන්  සිංහල බවත් විස්තර කොට කියය් ( අහෝ ඉතින් මේ අම්බරුවා  තවත් උම්බෑ  කීයය් . අහෝ ඛේදයකි )
          
        මහාවංශ තුපවංශ දාඨ   වංශ කේසධාතු වංශ  බෝධි වංශ  ආදී සියල්ල  මෙන්ම දීප වංශයද මුලින්ම ලිව්වේ සින්හලෙන්ය . ක්‍රිව 336  බුද්ධදාස රජුගේ   කාලයේ  මහා ධම්ම කින් නම් තෙරණුවෝ  සුත්‍ර පිටකයෙහි  කොටස් සිංහලට නැගු බව සඳහන්ය .  ක්‍රි වර්ෂ 5 සියවසේ සීගිරි ගී ඇරඹිණි . ක්‍රිව 6 සියවසේ මුගලන් රජු සිංහල කවියෙන්  බුදුදහම ලිව්වේය  ඒ කාලයේම අග්බෝ රජු දවස දොළොස්මහ සිංහල කවීන් ගැන කියවේ ‘ ක්‍රිව  4 සියවස පමණ දක්වා  සිංහල ප්රාක්ක්රුතය  භාවිතාවී  ඉන්පසුව වෙනස් ස්වරුපයක් ගත ”ආදී සිංහලය ”ක්‍රිව 8 සියවස  පමණ වන තෙක් භාවිතා විය ක්‍රමයෙන් ප්රාක්රුතයෙන් මිදී  විකා ශනනයට  පත් විය  ක්‍රිව 4 සියවසේ රචිත අපේ මුල්ම වංශ කතාව වන    දීපවංශයේ ”’ ලන්කාදීපෝ  අයං  ආහු සීහෙන  සින්හලා ඉති  ”’ – —– ලංකා දිවයින  සිංහයා නිසා  සිංහල නමින්  හැඳින්විණි —– යය කියය් ( අම්බරුව ඔලුව උස්සා බලව )
                                  
                                ඉතිහාසය කන්නදය් අසන ජාතියේ මෙන්ම කවදාවත් කාලෙන ධම්ම සාකච්චා නොකරන   බය්ලා කාරයන්ට මේ ලිපිය වහ කදුරු විය හැක  ඔවුන් මට පලු පැලෙන්නට බනිනු ඇත .  එහෙත් මේ අම්බරුවන් කමතේ දඟලමින් පහරමින්  යන විට රන්වන් බත පෑගී පෑගී  මැ ඩු වන් ඉස්මතුවෙන නිසා ඇතිවෙන  වේදනාව තුනී කර ගැනීමට ලියමි තව තවත් ලියමි 
     සිංහල දේශයේ ඉපිද ඒ දේශයේම හැදී වැඩී සිහලුන්ගේ කරපිටින්ම ගොස් බලය ලබාගෙන  උන්ගේ ඔලුවලම පහරන  පාහරයින් හඳුනාගැනීමට උත්සාහ කරවූ සිහලුනි  
 4 කොටස පසුව   සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියෝ ඔන්න බලාගන්   3 කොටස 
ධර්මසිරි සෙනෙවිරත්න 
         උත්තිය රජුගේ  කාලයේ ලියවුන භාෂාවෙන් ම  තවත් සියවස් ගණනාවක්ම  ලිපි ලියා ඇත . මේ භාෂාවෙන්  හා මේ අක්ෂර වලින් ලියු ලිපි දිවයිනේ සතර දිග භාගයේම ඇත . මෙයින් පෙනී යන්නේ සෑ ම  අස්සක් මුල්ලක් නාරම  එකම භාෂාවක්  භාවිතා වූ බවය්  එය සිංහලය .  මේ දක්වා හමුවී ඇති ලේඛන ගත කල ලිපි 3000 ඉක්මවය්  විනාශවූ ඒවා කොපමණද නොදනිමු  1911 බෙල් මහතා විසින්  දැක්වූ  ලිපි සිය ගණනක් දැන් අස්ථාන ගතය . ක්‍රි පුරවා යුගයට අයත් ශිලා ලිපි  1276 ක් පරණ විතාන  ගේ සෙල් ලිපි සංග්‍රහයේ  ඇත . තල්  පත් කෙතරම් තිබෙන්නට ඇත්ද .
                                                                   අය්යෝ ශය්යෝ විජේදාස .
  මෙසේ එකල භාවිතාවූ  භාෂාව ””සීහල භාසා ” ලෙස පැරණි ග්‍රන්ථ වල දැක්වේ ” එත්ථ  සීහල  භාසං  භිත්වා ” ය්  වන්සත්තපකාසිනියේ එය්  මනෝරත පුරනියේ ” සීහල භාසා ” ලෙස දැක්වේ .” සීහල භාස නමස්කාර වන්නනා ” නම් පොතේ නමින්ම  භාෂාව කුමක් දය වැටහේ .  දිවයින පුරාම පැතිරුණ මේ බස  ” දීප භාසා ” නම්විය  ධම්ම පදට්ට කතාවේ ” දීප භාසාය ඝන්ටිතා ” ලෙසද මහාවංශයේ  ” ධම්මං   භාසිත්වා  දීප භාසාය එවං ” ලෙස ඇත . සමන්ත පාසාදිකාවේ ” සීහල දීපක  වාක්‍ය ” ලෙසත්  අත්තසාලිනියේ  ” දීපවාසීනං  භාසාය ” ලෙසත් දැක්වේ .
                                 10 වන සියවසේ  5වන කාශ්‍යප රජු ලියු  දම්පියා අටුවා ගැටපදයේ  දීප භාෂා යන්නෙහි  එකම අදහස  සිංහල බස  බවත්  මේ දීප වාසීන්  සිංහල බවත් විස්තර කොට කියය් ( අහෝ ඉතින් මේ අම්බරුවා  තවත් උම්බෑ  කීයය් . අහෝ ඛේදයකි )
          
        මහාවංශ තුපවංශ දාඨ   වංශ කේසධාතු වංශ  බෝධි වංශ  ආදී සියල්ල  මෙන්ම දීප වංශයද මුලින්ම ලිව්වේ සින්හලෙන්ය . ක්‍රිව 336  බුද්ධදාස රජුගේ   කාලයේ  මහා ධම්ම කින් නම් තෙරණුවෝ  සුත්‍ර පිටකයෙහි  කොටස් සිංහලට නැගු බව සඳහන්ය .  ක්‍රි වර්ෂ 5 සියවසේ සීගිරි ගී ඇරඹිණි . ක්‍රිව 6 සියවසේ මුගලන් රජු සිංහල කවියෙන්  බුදුදහම ලිව්වේය  ඒ කාලයේම අග්බෝ රජු දවස දොළොස්මහ සිංහල කවීන් ගැන කියවේ ‘ ක්‍රිව  4 සියවස පමණ දක්වා  සිංහල ප්රාක්ක්රුතය  භාවිතාවී  ඉන්පසුව වෙනස් ස්වරුපයක් ගත ”ආදී සිංහලය ”ක්‍රිව 8 සියවස  පමණ වන තෙක් භාවිතා විය ක්‍රමයෙන් ප්රාක්රුතයෙන් මිදී  විකා ශනනයට  පත් විය  ක්‍රිව 4 සියවසේ රචිත අපේ මුල්ම වංශ කතාව වන    දීපවංශයේ ”’ ලන්කාදීපෝ  අයං  ආහු සීහෙන  සින්හලා ඉති  ”’ – —– ලංකා දිවයින  සිංහයා නිසා  සිංහල නමින්  හැඳින්විණි —– යය කියය් ( අම්බරුව ඔලුව උස්සා බලව )
                                  
                                ඉතිහාසය කන්නදය් අසන ජාතියේ මෙන්ම කවදාවත් කාලෙන ධම්ම සාකච්චා නොකරන   බය්ලා කාරයන්ට මේ ලිපිය වහ කදුරු විය හැක  ඔවුන් මට පලු පැලෙන්නට බනිනු ඇත .  එහෙත් මේ අම්බරුවන් කමතේ දඟලමින් පහරමින්  යන විට රන්වන් බත පෑගී පෑගී  මැ ඩු වන් ඉස්මතුවෙන නිසා ඇතිවෙන  වේදනාව තුනී කර ගැනීමට ලියමි තව තවත් ලියමි 
     සිංහල දේශයේ ඉපිද ඒ දේශයේම හැදී වැඩී සිහලුන්ගේ කරපිටින්ම ගොස් බලය ලබාගෙන  උන්ගේ ඔලුවලම පහරන  පාහරයින් හඳුනාගැනීමට උත්සාහ කරවූ සිහලුනි  
 4 කොටස පසුව   සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියෝ ඔන්න බලාගන්   3 කොටස 
ධර්මසිරි සෙනෙවිරත්න 
         උත්තිය රජුගේ  කාලයේ ලියවුන භාෂාවෙන් ම  තවත් සියවස් ගණනාවක්ම  ලිපි ලියා ඇත . මේ භාෂාවෙන්  හා මේ අක්ෂර වලින් ලියු ලිපි දිවයිනේ සතර දිග භාගයේම ඇත . මෙයින් පෙනී යන්නේ සෑ ම  අස්සක් මුල්ලක් නාරම  එකම භාෂාවක්  භාවිතා වූ බවය්  එය සිංහලය .  මේ දක්වා හමුවී ඇති ලේඛන ගත කල ලිපි 3000 ඉක්මවය්  විනාශවූ ඒවා කොපමණද නොදනිමු  1911 බෙල් මහතා විසින්  දැක්වූ  ලිපි සිය ගණනක් දැන් අස්ථාන ගතය . ක්‍රි පුරවා යුගයට අයත් ශිලා ලිපි  1276 ක් පරණ විතාන  ගේ සෙල් ලිපි සංග්‍රහයේ  ඇත . තල්  පත් කෙතරම් තිබෙන්නට ඇත්ද .
                                                                   අය්යෝ ශය්යෝ විජේදාස .
  මෙසේ එකල භාවිතාවූ  භාෂාව ””සීහල භාසා ” ලෙස පැරණි ග්‍රන්ථ වල දැක්වේ ” එත්ථ  සීහල  භාසං  භිත්වා ” ය්  වන්සත්තපකාසිනියේ එය්  මනෝරත පුරනියේ ” සීහල භාසා ” ලෙස දැක්වේ .” සීහල භාස නමස්කාර වන්නනා ” නම් පොතේ නමින්ම  භාෂාව කුමක් දය වැටහේ .  දිවයින පුරාම පැතිරුණ මේ බස  ” දීප භාසා ” නම්විය  ධම්ම පදට්ට කතාවේ ” දීප භාසාය ඝන්ටිතා ” ලෙසද මහාවංශයේ  ” ධම්මං   භාසිත්වා  දීප භාසාය එවං ” ලෙස ඇත . සමන්ත පාසාදිකාවේ ” සීහල දීපක  වාක්‍ය ” ලෙසත්  අත්තසාලිනියේ  ” දීපවාසීනං  භාසාය ” ලෙසත් දැක්වේ .
                                 10 වන සියවසේ  5වන කාශ්‍යප රජු ලියු  දම්පියා අටුවා ගැටපදයේ  දීප භාෂා යන්නෙහි  එකම අදහස  සිංහල බස  බවත්  මේ දීප වාසීන්  සිංහල බවත් විස්තර කොට කියය් ( අහෝ ඉතින් මේ අම්බරුවා  තවත් උම්බෑ  කීයය් . අහෝ ඛේදයකි )
          
        මහාවංශ තුපවංශ දාඨ   වංශ කේසධාතු වංශ  බෝධි වංශ  ආදී සියල්ල  මෙන්ම දීප වංශයද මුලින්ම ලිව්වේ සින්හලෙන්ය . ක්‍රිව 336  බුද්ධදාස රජුගේ   කාලයේ  මහා ධම්ම කින් නම් තෙරණුවෝ  සුත්‍ර පිටකයෙහි  කොටස් සිංහලට නැගු බව සඳහන්ය .  ක්‍රි වර්ෂ 5 සියවසේ සීගිරි ගී ඇරඹිණි . ක්‍රිව 6 සියවසේ මුගලන් රජු සිංහල කවියෙන්  බුදුදහම ලිව්වේය  ඒ කාලයේම අග්බෝ රජු දවස දොළොස්මහ සිංහල කවීන් ගැන කියවේ ‘ ක්‍රිව  4 සියවස පමණ දක්වා  සිංහල ප්රාක්ක්රුතය  භාවිතාවී  ඉන්පසුව වෙනස් ස්වරුපයක් ගත ”ආදී සිංහලය ”ක්‍රිව 8 සියවස  පමණ වන තෙක් භාවිතා විය ක්‍රමයෙන් ප්රාක්රුතයෙන් මිදී  විකා ශනනයට  පත් විය  ක්‍රිව 4 සියවසේ රචිත අපේ මුල්ම වංශ කතාව වන    දීපවංශයේ ”’ ලන්කාදීපෝ  අයං  ආහු සීහෙන  සින්හලා ඉති  ”’ – —– ලංකා දිවයින  සිංහයා නිසා  සිංහල නමින්  හැඳින්විණි —– යය කියය් ( අම්බරුව ඔලුව උස්සා බලව )
                                  
                                ඉතිහාසය කන්නදය් අසන ජාතියේ මෙන්ම කවදාවත් කාලෙන ධම්ම සාකච්චා නොකරන   බය්ලා කාරයන්ට මේ ලිපිය වහ කදුරු විය හැක  ඔවුන් මට පලු පැලෙන්නට බනිනු ඇත .  එහෙත් මේ අම්බරුවන් කමතේ දඟලමින් පහරමින්  යන විට රන්වන් බත පෑගී පෑගී  මැ ඩු වන් ඉස්මතුවෙන නිසා ඇතිවෙන  වේදනාව තුනී කර ගැනීමට ලියමි තව තවත් ලියමි 
     සිංහල දේශයේ ඉපිද ඒ දේශයේම හැදී වැඩී සිහලුන්ගේ කරපිටින්ම ගොස් බලය ලබාගෙන  උන්ගේ ඔලුවලම පහරන  පාහරයින් හඳුනාගැනීමට උත්සාහ කරවූ සිහලුනි  

---------------------------------------------------------------------------------------------------

Posted on June 18th, 2015 http://www.lankaweb.com

Wednesday, June 17, 2015

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය - 11 - කොටස - නිර්මාල් රංජිත්ට පිළිතුරු

ප්‍රථමයෙන්ම කිව යුත්තේ ආචාර්ය නිර්මාල් විසින් කමෙන්ටු මත පදනම් කරගෙන ලිපි ලිවීම අනුමත කළ නොහැකි බවයි. මා මේ කමෙන්ටුව දැමූ අවස්ථාවේම මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අවස්ථාව තිබිණි. අනෙක් අතට කමෙනටුවක අර්ථය වටහාගැනීමට ඊට පෙර සහ පසු කමෙන්ටු මෙන්ම එය පදනම් වූ ලිපියද කියවිය යුතුය. එය වෙහෙසකර මෙන්ම කාලය මිඩංගු වන ක්‍රියාවකි. එහෙත් ආචාර්ය නිර්මාල්ගේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ඒ ගැන කරදර වේයැයි සිතිය නොහැකිය. මෙයින් සිදු වන්නේ කමෙන්ටුවක දැක්වෙන අදහසක් උපුටාගෙන එයින් තමාට අවශ්‍ය පරිදි විවිධ අර්ථ ජනිත කිරීමට අවස්ථාවක් ලැබීමයි. එය අනුමත කළ නොහැකිය. මේ කාරණාවට ආචාර්ය නිර්මාල් රංජිත් වරක් එකග වූ අතර එහෙත් නැවතත් ඔහු එයම සිදු කර ඇත. එය ඔහුගේ ආචාර ධර්මවලට එකගදැයි නොදනිමි. ඔහුට අනුව ආචාරධර්ම වාස්තවික බැවින් ප්‍රශ්න කිරීමකින් තොරවම ඊට අනුගත වීමට මට සිදුව ඇත්තේය. 


අප කියන්නේ විවිධ ජනවර්ග සහ ආගම් අදහන අය අනුකලනයෙන් ශ්‍රීලාංකීය හෝ එවැනි ජාතියක් (ඒ නම එතරම් වැදගත් නොවේ) නිර්මාණය කරගත යුතුබවය. එය සිදු විය යුත්තේ ඒ ඒ ජනවර්ග සහ ආගම් අදහන අයගේ අනන්‍යතාව රැකෙන පරිදිය. සිංහල බෞද්ධ සංස්කෘතිය එහිදී විශේෂිත සංස්කෘතිය ලෙස සැලකිය යුතු බව අපි කියමු. ඕනෑම රාජ්‍යයක විශේෂිත වූ සංස්කෘතියක් ඇති අතර දෙමළ ජාතික රාජ්‍යයක් බිහිවුවද එහිද විශේෂිත සංස්කෘතියක් පවතිනු ඇත. වාර්ගික වශයෙන් හෝ ආගමික වශයෙන් බෙදීමකින් තොරව පොදු ජාතිකත්වයක් ගොඩනැගීමට ඇති ක්‍රමය මෙය වෙයි. මෙය කිසිසේත්ම ඊනියා දෙමළ නිජබිම වැනි වර්ගවාදී මතවාදයක් නොවන බව කිව යුතුය. ලංකාවේ ජීවත් විය යුත්තේ සිංහල ජනයා පමණක්ය හෝ සිංහල නොවන ජනයාට යම් කිසි භූමියක ජීවත් විය නොහැකිය කියා මින් නොකියවෙයි. ඕනෑම ජනවර්ගයක ඕනෑම ආගමක කෙනෙකුට රටේ ඕනෑම තැනක ජීවත්වීමට මේ යටතේ අවස්ථාව සැලසෙයි. වාර්ගික පදනමෙන් තොරව සියල්ලන්ටම සමානාත්මතාවයෙන් සැලකීමද එවැනි රාජ්‍යයකින් සිදු විය යුතුය. එහෙත් සංස්කෘති සමාන කිරීම කළ නොහැක්කකි. ඕනෑම රාජ්‍යයක විශේෂිත සංස්කෘතියක් ඇති අතර මෙහිදී එය සිංහල බෞද්ධ සංස්කෘතිය වනු ඇත. ඇත්ත වශයෙන්ම වෙන් කිරීමෙන් නොව අනුකලනයෙන් ජාතිය ගොඩනැගීමම සිංහල බෞද්ධ සංස්කෘතියේ එන අදහසක් වෙයි. ඒ නිසා මේ ක්‍රමයට ජාතිය ගොඩනැංවීමේදී සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය වන්නේ බලහත්කාරයෙන් නොව නිරායාසයෙන්මය. අනෙක් අතට ඊනියා දෙමළ නිජබිමෙන් යෝජනා කෙරෙන එක් ජනවර්ගයකට විශේෂිත වූ භූමිභාගයක් වෙන් කිරීම හෝ වෙනත් ජනවර්ගවලට ඒ ප්‍රදේශයේ පදිංචි වීම සීමා කිරීම වර්ගවාදයකට සහ ජාතිවාදයකට මගපාදන්නකි. එහිදී නම් ගොඩනගන දෙමළ ජාතික අනන්‍යතාව සෙසු ජනකොටස් බැහැර කරන අනන්‍යතාවයක් බව කිව යුතුයි. මෙහි කිසිදු දෙබඩි පිළිවෙතක් නැති අතර අපි යෝජනා කරන පිළිවෙත මෙයයි. වාර්ගික පදනමින්  ‘පොඩ්ඩක්‘ බලය බෙදා ‘ෂේප්‘ විය හැකියැයි අපි නොසිතමු. එයින් සිදු වන්නේ වාර්ගිකව බෙදීම තවත් උච්ඡ වීමය. ඇත්ත වශයෙන්ම එය නම් දෙබිඩි පිළිවතකි. මන්ද ශ්‍රී ලංකීය ජාතියක් ගොඩනැගීම ගැන කතාකරමින් ඊට පටහැනිව යන වාර්ගිකව බෙදීමකට එයින් මග පෑදෙන බැවිනි. 


කෙසේ වෙතත් ඒ මහතා දක්වා ඇති කමෙන්ටුවට පසුව මම තවත් විස්තරාත්මකව මේ ගැන පැහැදිලි කළ බවක් මගේ මතකයේ ඇත. මා ඇසූ ප්‍රශ්නය සැකැවින් මෙයයි. 


“දෙමළ ජනතාව සිය රාජ්‍යය ලෙස පනවාගන්නා භූමිය සිංහල ජනතාවගේ දැනට පවතින රාජ්‍යයේ කොටසක් නම්, දෙමළ ජනතාවගේ රාජ්‍යයේ අභිලාශය සාක්ෂාත් කිරීමට සිංහල ජනතාවගේ රාජ්‍ය පිළිබද සාක්ෂාත් වූ අභිලාශය නොසලකා හැරිය යුත්තේ මන්ද?“ යන්න එම ප්‍රශ්නයයි. මා ඒ අවස්ථාවේ භාවිත කළ වචන හරියටම මතක නැති මුත් මා මතු කරන්නට උත්සාහ කළ ප්‍රශ්නය මීට සමාන යැයි සිතමි. මේ අදහස තුළ නිර්මාල් රංජිත් මහතා සදහන් කරන ‘සුජාත භූමිය‘ වැන කතාවක් නැත. හුදෙක් අභිලාශවල සමමිතිකත්වය පිළිබද ප්‍රශ්නයකි මෙය. දෙමළ ජනතාවගේ අභිලාශවලට අසමමිතික වැදගත්කමක් දිය යුත්තේ ඇයිද යන්න ඒ ප්‍රශ්නයම වෙනස් ආකාරයකින් ඇසීමකි. 


නිර්මාල් මහතා මීට දෙන පිළිතුර සිංහල අභිලාශය පරිකල්පනීය වන අතර දෙමළ අභිලාශය සංකේතීය වන බවය (මෙහිදී ඒ මහතා මනෝවිශ්ලේෂණයේ ඇති සංකල්පයක් යොදා ගනී. පොපර්ගේ අසත්‍යකරණ න්‍යාය පිළිගන්නා ඒ මහතා පොපර් විසින් මිත්‍යා ලෙස සැලකූ මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය අදහන්නේ මන්ද?) . මේ සංකේතීය යන වදනින් යථාර්තවාදී බවක් හැගවෙන බවද කියා ඇත. සංකේතීය කතාව ඉවත් කළොත් සිංහල අභිලාශයට වඩා දෙමළ අභිලාශය යථාර්තවාදී යැයි අපට කිව හැකිය. එහෙත් සිංහල අභිලාශවලට වඩා දෙමළ අභිලාශ යථාර්තවාදී වන්නේ කෙසේදැයි ඒ මහතා පැහැදිලි නොකරයි. ඒ මහතාට අනුව සිංහලයන්ගේ රාජ්‍ය පිළිබද දැක්ම ඓතිහාසික ෆැන්ටසියකි. ඒ මහතා දෙමළ ජනතාවගේ ඓතිහාසික දැක්ම mythical construction එකක්යැයි වරක් කීවා මට මතකය. ඒ නිසා ඒ දෙකේ වැඩි වෙනසක් තිබිය නොහැකිය (කෙසේ වෙතත් ඒ මහතා ‘සම්ප්‍රදායික‘, ‘ඓතිහාසික‘, ‘නිජභූමිය‘, ‘අනාදිමත් කාලයක සිට වෙසෙන‘ වැනි යෙදුම් දෙමළ ජනතාවගේ රාජ්‍ය අභිලාශය සම්බන්ධයෙන් වරින් වර එහෙන් මෙහෙන් හොරෙන් හොරෙන් භාවිත කරයි. ඓතිහාසික පදනමකින් තොරව එවැනි වචන යොදාගත හැකිද යන්න මට ප්‍රශ්නාර්ථයකි. කොටින්ම ‘නිජබිම‘ යන වචනයෙන් සෘජුවම හැගවෙන්නේ ඓහිහාසික පදනමකි).

කදුරුගොඩ පිළිබදව හෝ ලන්දේසි සිතියම් ගැන නිර්මාල් මහතා දරන මතය අයත් වන්නේ මේ මිත්‍යා දෙකෙන් කොයිකටද? සමහර විට මේ දෙකෙන්ම බැහැර නිරපේක්ෂ ඉතිහාසය කතාවක් ගොඩනැගීම ඒ මහතාගේ අපේක්ෂාව විය හැකිය. එවැනි නිරපේක්ෂ ඉතිහාස කතාවක් ආචාර්ය නිර්මාල් රංජිත්ගෙන් ඇසීමට අපි පුල පුලා බලා සිටිමු. විශේෂයෙන්ම ආචාර්ය නිර්මාල් රංජිත් දෙමළ ප්‍රශ්නය ගැන දරන අපක්ෂපාතී මැදහත් ස්ථාවරය මත ඔහු විසින් ගොඩනගන ඉතිහාස කතාවද එවැනිම මැදහත් අපක්ෂපාතී නිරපේක්ෂ එකක් වනු ඇති බවට අපට ඉදුරාම විශ්වාසය. ආචාර්ධර්මද නිරපේක්ෂ වන කල ඉතිහාසය නිරපේක්ෂ කිරීම කජ්ජක්ද? ඊනියා දෙමළ නිජබිමට දේශපාලන බලය ලැබීම, මාක්ස්වාදීන් විසින් සිය අරමුණ වන සමාජවාදී සමාජය බිහිකර ගැනීමට පූර්ව අවශ්‍යතාවයක් ලෙස විවෘතව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන පසුබිමක් තුළ, මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් නිර්මාණය කෙරෙන ඉතිහාසයකින් සේවය කෙරෙන්නේ කාටදැයි නිගමනය කිරීමට පේන බැලීමට අවශ්‍ය නොවේ. 


කෙසේ වෙතත් සිංහල අභිලාශ වලට වඩා දෙමළ අභිලාශ යථාර්තවාදී වීම මත ඒ මහතා ඉදිරිපත් කරන තර්කය රදා පවතී. අපි යථාර්තවාදී යැයි කියනවාට වඩා සංගතය කියන යෙදුම ප්‍රිය කරමු. අපේ සංගත බවට ඓතිහාසික සාධක වැදගත් වෙයි. ඒ මහතාද වරක් පිළිගත් පරිදි අපේ ඓතිහාසික කතාව වඩා සංගතය (උපුටනය ලිපිය අවසානයේ දක්වා ඇත). එසේ සංගත වන්නේ ඒ මහතා ප්‍රතික්ෂේප කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ අනිකුත් සාධකද සමග බව සැලකිය යුතුය (සංකේතීයභාවයට බලපාන සාධක නිර්ණය කරන්නේ කවුද යන්නද ප්‍රශ්නයකි. එක් එක් පාර්ශව සංකේතීයත්වය නිර්ණය කරන ආකාරය වෙනස් විය හැකිද?). ඒ නිසා අපට අනුව සිංහල අභිලාශය, එනම් ඒකීය රාජ්‍යයක් තුළ විවිධ ජනවර්ග සහ ආගම් අදහන අය එක ජාතිකත්වයකට ගොනු කිරීම දෙමළ අභිලාශය ලෙස ඒ මහතා ඉදිරිපත් කරන නිජභූමියට වඩා සංකේතීය වෙයි.


එසේම ආචාර්ය නිර්මාල් රංජිත් ඉතා උනන්දුවෙන් සලකන ජනගහණ සංඛ්‍යාලේඛන අනුව හැත්තෑවේ දශකය සහ ඊට පෙර උතුරේ සහ නැගෙනහිර පළාත්වල ජනගහන ව්‍යාප්තියට අදාළ දත්ත ඒ මහතා සලකන්නේ සංකේතීය ලෙසද පරිකල්පනාත්මක ලෙසද යන්න පැහැදිලි නැත. ඒ ප්‍රදේශවල ජීවත් වූ සිංහල ජනතාව එල්ටීටීඊය සහ වෙනත් දෙමළ ජාතිවාදී කණ්ඩායම් විසින් පළවාහැරීම පරිකල්පනාත්මකද? යටත්විජිත යුගයේ ජන අනුපාත වෙනස් කිරීම පරිකල්පනාත්මකද? පෘතුගීසි ලන්දේසි සිතියම් වල උතුරු සහ නැගෙනහිර පළාත්වන සිංහල ගම්මාන වල නම් වැඩිපුර තිබීම පරිකල්පනාත්මකද සංකේතීයද? ඒ ප්‍රදේශවලින් මතුකරගන්නා ලද පුරාවිද්‍යාත්මක සාධක සියල්ලම පරිකල්පනාත්මකද? යටත්විජිත යුගයේ සිට ක්‍රියාත්මක වන වාර්ගික නීතිවලින් දෙමළ නොවන ජනයාට උතුරු පළාතේ පදිංචි වීමට බාධා එල්ල කර තිබීම පරිකල්පනාත්මකද? මගේ කමෙන්ටුවක ඇති වන්දනා ගමන්වල එල්ලීගෙන ඒ මහතා සිංහල ජනතාවගේ රාජ්‍ය පිළිබද සමස්ත අභිලාශයම (මෙය ඒ මහතාම වරක් ප්‍රකාශ කළ පරිදි සාක්ෂාත් වූ අභිලාශයකි. සාක්ෂාත් වූ අභිලාශයක් පරිකල්පනාත්මක වන්නේ කෙසේදැයි මට නොතේරේ) හුදු පරිකල්පනයක් බවට පත් කිරීමට උත්සාහ දරා ඇත. ලක්ෂ දෙකකට ආසන්න මුස්ලිම් ජනතාවක් යාපනයෙන් පළවාහැරීම දෙමළ ජනතාවගේ සංකේතීය අභිලාශයන්ට එකගවන්නේදැයි නොදනිමි. නොඑසේ නම් එය දෙමළ ජාතිවාදී පරිකල්පනාත්මක අභිලාශයක් ඊනියා සංකේතීය අභිලාශයක් බවට පත්කෙරීමට දැරූ ප්‍රයත්නයක්ද? අදටත් මේ පිරිස නැවත පදිංචි කිරීමට දෙමළ ජාතිවාදීන් විරුද්ධ වීම අප තේරුම්ගත යුත්තේ පරිකල්පනාත්මක අභිලාශයක් සංකේතීය කිරීමට වෙර දැරීමක් ලෙසද? ලංකා රාජ්‍යය තුළ දෙමළ නිජබිම නම් වූ ඊනියා උත්තර අවකාශයක් ගොඩනැගීමට දරන ප්‍රයත්නයක් ලෙසද? (මේ උත්තර අවකාශ කතාව ගැන කිව යුත්තේ පරණ කතාවම බරසාර වචන යෙදීමෙන් අලුත් කතාවක් නොවන බවය. ‘දෙමළ නිජබිම මත සිංහලයන් සිය දේශපාලන වඥාණය යොදාගෙන උත්තර අවකාශයක් ගොඩනගාගන්ඩ උත්සාහ කරනවා‘ යනු දෙමළ ජාතිවාදීන් කියන ‘දෙමළ පළාත් සිංහලයන් අල්ලාගැනීමට උත්සාහ කරනවා‘ වැනිම කතාවකි. මේ අවස්ථා දෙකේදීම ‘දෙමළ නිජබිම‘ හෝ ‘දෙමළ පළාත්‘ යනුවෙන් ප්‍රදේශ වෙන් කරගැනීම සිදු කරන්නේ අන් කිසිවක් මත නොව අර ඓහිහාසික mythical construction එක සහ දෙමළ ජාතිවාදය මත පිහිටමිනි).


පරිකල්පනාත්මක දෙමළ ජාතිවාදී කතිකාව සංකේතීය කිරීමට මුක්කු ගසන නිර්මාල් මහතා එසේ පළවා හරින ලද පිරිස තම ඊනියා පීඩිතයන්ගේ ලැයිස්තුවට ඇතුළ් නොකිරීමට හේතුව කුමක් විය හැකිද? ඒක පීඩිතයන්ගෙන් පීඩා විදින පිරිස පීඩකයන් විය යුතු නිසාද? මේ අනුව අපට අවශ්‍යනම් සිංහලයන් අන් ජනවර්ග සහ ආගම් එක් කරගෙන ගොඩනගන සංකේතීය ඒකීය රාජ්‍ය මත දෙමළ ජාතිවාදීන් විසින් පරිකල්පනීය වර්ගවාදී දෙමළ නිජබිමක් මගින් ඊනියා උත්තර අවකාශයක් ගොඩනගන්නට උත්සාහ දරන බවද කිව හැකිය. ලංකා රාජ්‍යය විසින් කරන ලද යුධ මෙහෙයුම් දෙමළ නිජබිම නම් වූ ඊනියා උත්තර අවකාශය අහෝසි කිරීමට කළ එකක් බව අපි කියමු. ඉන් ඉදිරියට ගොස් දේශපාලනකිව මෙන්ම මතවාදීවද ඒ ව්‍යාජ උත්තර අවකාශය අහෝසි කළ යුතු වෙයි. එසේම ඊශ්‍රායල් උදාහරණයේදී මෙන් බටහිර රටවල් විසින් මෙහිදීද ඒ ඊනියා උත්තර අවකාශය ගොඩනැගිමට උපකාර කරන බවද සිතිය හැකිය. ලංකාව සම්බන්ධයෙන් බටහිර රටවල වර්තමාන හැසිරීමද එමගින් සංගතව පැහැදිලි කරගත හැකිවේ. එහිදී මතු වන තවත් එක් ප්‍රශ්නයක් වන්නේ නිර්මාල් මහතාගේ සමාජවාදී සමාජය හුදු පරිකල්පන තලයෙන් ඔබ්බට යාම මේ පසුබිමේ සිට පැහැදිලි කරන්නේ කෙසේද යන්නය. දෙමළ ජාතිවාදීන්ටනම් අඩුම තරමේ ඊනියා උත්තර අවකාශයක්වත් ඇත. මාක්ස්වාදීන්ට එල්ලීමට උත්තර අවකාශයක්වත් නැත. ඒ නැති කම නිසාම ඔවුහු දෙමළ නිජබිම නම් ව්‍යාජ උත්තර අවකාශයේ එල්ලී සමාජවාදී සමාජය නම් දිව්‍ය ලෝකයට යාමට උත්සාහ කරති. එය කොතරම් ඛේදජනක තත්වයක්ද යත් ඒ ඊනියා උත්තර අවකාශය පිහිටුවීමට ධනවාදී සහ යටත්විජිතවාදී බටහිර රටවල් අනුග්‍රහය ලැබීම පවා පිළිගැනීමට ඔවුහු සූදානම් වෙති. මෙය නම් එසේ මෙසේ කඩේ යාමක් නොව උත්තර අවකාශමය කඩේ යාමකි. ඔවුන්ට අනුකම්පා කරනු හැර අපි වෙන කුමක් කරමුද?


කෙසේ හෝ වේවා ඒ මහතා අප සංගත බව (හෝ සංකේතීය බව) සලකන සාධක සැලකීම ප්‍රතික්ෂේප කරන හෝ නොසලකා හරින නිසා අපට ඒ මහතාගේම රාජ්‍යය ගැන නිර්වචනයට බැසීමට සිදුවෙයි. 

"රාජ්‍යය යනු ඒ මගින් පරිහරණය කරනු ලබන ස්වෛරී බලය (sovereign power) ක‍්‍රියාත්මක භූමි ප‍්‍රදේශය තුළ වසන ස්ථිර පදිංචි කරුවන්ගේ සාමූහික දේශපාලන විඥානයේ අවසාන ප‍්‍රකාශනය"

නිර්මාල් මහතා මේ අර්ථදැක්වීම ඉදිරිපත් කරේ සිය ලිපි පෙළෙහි 6 වැනි කොටසෙහිය. ඒ මහතාට අනුව මෙය නූතන යුගයේ රාජ්‍යයක නිර්වචනය වෙයි. කෙසේ වෙතත් ඒ මහතාම වරක් නූතන රාජ්‍යයකට උදාහරණයක් ලෙස පෙන්වාදූන් ඊශ්‍රායලය බිහිවූ භුමිය යුදෙව් ජනයා ස්ථිර පදිංචිකරුවන් වී සිටි භුමියක් නොවේ. ඒ අනුව ඒ මහතාගේ නිර්ණායකයට අනුව ඊශ්‍රායලය රාජ්‍යයක් නොවේයැයි අප කියමුද? එසේත් නැතිනම් ඒ මහතාගේ නිර්වචනයෙන් පැහැදිලි නොවන නූතන රාජ්‍ය තිබෙන අතර ඊශ්‍රායලය ඊට උදාහරණයක්ද? නැතිනම් මෙයින් පෙනෙන්නේ ඊශ්‍රායලයේ සිදුවූ පරිදි අධිරාජ්‍යවාදීන් විසින් තමන්ගේ අභිලාශයන් මුදුන් පත් කරගැනීමට විවිධ ජනවර්ගවලට ඇතැයි කියන අභිලාශයන් නිදහසට කරුණක් කර ගනිමින් රාජ්‍ය නිර්මාණය කිරීමට ඉඩ ඇති බවද?

ඊශ්‍රායල උදාහරණයෙන් තවත් කාරණයක් ඉල්පී එයි. එය නම් වර්තමානයේ ඊශ්‍රායලයේ ස්ථිර පදිංචිය ඇති අය යුදෙව් ජනයා බවය. එය ඉබේ සිදුවූවක් නොව සංවිධානාත්මකව කෙරුන ජනපදකරණයක සහ වාර්ගික පවිත්‍රකරණයක ප්‍රතිඵල වෙයි. එදා මේ නිර්වචනයට අනුව ඊශ්‍රායලය රාජ්‍යයක් නොවේ (නමුත් එදා එවැනි රාජ්‍යයක් බිහිවිය. රාජ්‍යයක් නොවන රාජ්‍යයක් බිහිවීම නිර්මාල් මහතා පැහැදිලි කරන්නේ චතුස්කෝටිකයෙන්ද?) කෙසේ නමුත් ‘අද‘ මේ නිර්වචනයට ඊශ්‍රායලය දැම්මොත් ඊශ්‍රායලය රාජ්‍යයක් බව නිගමනය කිරීමට සිදුවෙයි. මන්ද ‘අද‘ යුදෙව්වන් ඒ භූමියේ ස්ථිර පදිංචිකරුවන් වන හෙයිනි. එමතුද නොව ඔවුන් වාර්ගික පදනමෙන් සාමූහික දේශපාලන විඥාණයක් නිර්මාණය කරගෙන ඇති හෙයිනි. දශක ගණනාවකට පෙර ඔවුන් එහි ස්ථිර පදිංචිකරුවන් නොවීම හෝ පලස්තීනුවන් පළවාහැරීම මේ නිර්වචනයට අදාළ නැත. මෙයින් සලකන්නේ ‘අද‘ තත්වය පමණි. ජනවාර්ගික පවිත්‍රකරණයකින් හෝ වාර්ගික රාජ්‍යයක් පිහිටුවීම අනුමත කිරීමක් නොවේද මෙයින් සිදුවන්නේ? නිර්මාල් මහතා පෙනී සිටිනවායැයි කියන සමාජවාදී සමාජයද මේ?


මේ නිර්වචනයට අනුව ඓතිහාසික සාධක ගැන සදහනක් නොමැත. නමුත් සාමූහික දේශපාලන විඥාණයක් ගැන සදහන් වෙයි. ප්‍රශ්නය මේ දේශපාලන විඥාණය ඓතිහාසික සාධකවලින් ස්වායත්ත නොවීමය. දේශපාලන විඥාණයක් ඔපපාතිකව පහළ නොවේ. සිංහලයන්ගේ දේශපාලන විඥාණය මෙන්ම දෙමළ ජාතිවාදී දේශපාලන විඥාණයද ඔවුනොවුන්ගේ ඓහිහාසික දැක්ම මත පදනම් වෙයි. එසේ තිබියදී නිර්මාල් මහතා ඓතිහාසික සාධක නොසලකා හැරීම ඔහුගේ රාජ්‍යය පිළිබද අර්ථකථනයට අනුවම දෝෂ සහගතය. 


ඊටත් වඩා වැදගත් කාරණයක් වන්නේ මේ නිර්වචනය අනුව ඊනියා දෙමළ නිජභූමියද ප්‍රශ්නයට ලක් වීමය. දෙමළ නිජභූමිය යනු වාර්ගික විඥාණයක් මත ගොඩනගාගත් සංකල්පයකි. මේ අර්ථකථනයේදී සලකා බලන්නේ යම් ජනකොටසකගේ (ඒ කොටස බහුතරයද යන්න නොකියවෙයි. කිසිම භූමි ප්‍රදේශයක 100%ක් එකම ජනකොටසක් නොවසන බැවින් මෙතැන සලකන්නේ බහුතර ජනවර්ගය විය යුතුය) ස්ථිර පදිංචිය සහ දේශපාලන විඥාණය පමණකි. කලින් කියූ පරිදි දේශපාලන විඥාණය ඓතිහාසික සාධක මත රදා බවතී. ඒ නැතත් සිංහල දේශපාලන විඥාණය ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින අතර ඒ වටා දේශපාලන ව්‍යාපාරයක්ද ගොඩනගාගෙන ඇත. මේ නිසා දෙමළ ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයක් තිබීම මෙහිදී තීරක සාධකයක් නොවේ. 


ඒ නිසා දෙමළ ජනතාවගේ අභිලාශයේ සංකේතීයත්වය හෝ යථාර්තවාදීත්වය රදා පවතින්නේ මෙහි සදහන් වන ස්ථිර පදිංචිය යන සාධකය මත විය යුතුය. මේ ස්ථිර පදිංචිය යනු කුමක්දැයි පැහැදිලි නැත. ස්ථිර පදිංචිය යන නෛතික නිර්ණායකට අර්ථ දැක්වෙන්නේද දැනට පවතින රාජ්‍යයක ඉඩම් අයිතිය අනුවය. උදා ලෙස ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හෝ එවැනි ආයතනයක ලියාපදිංචි වී ඇති ඉඩම්ය. දැනට පවතින රාජ්‍යයක ඇති නෛතික ඉඩම් අයිතියක් මත පදනම්ව වෙනත් රාජ්‍යයක දේශපාලන විඥාණයක් පනවාගැනීමම ප්‍රශ්නයකි. බොහෝ විට මෙතැන ස්ථිර පදිංචියක් ගැන කතා කරන්නේ එවැනි නෛතික පදනමකින් නොව සම්මුති පදනමකින් විය හැකිය. නමුත් ඒ ප්‍රශ්නය මොහොතකට නොසලකා හරිමු.


දෙමළ නිජභූමිය පනවන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධවය. 1948 නිදහස ලැබෙන විටද මේ පළාත් වෙනම පැවතුනි. අද වන විටත් නැගෙනහිර පළාතේ බහුතරය දෙමළ නොවන අය වෙති. දෙමල සහ මුස්ලිම් ජනතාව සම සමව මෙන්ම සැලකිය යුතු සිංහල ප්‍රතිශතයක්ද නැගෙනහිර පළාතේ වසති. එවන් තත්වයක් තුළ නැගෙනහිර පළාත ඊනියා දෙමළ නිජභුමියට එක් කල හැකිද? මන්ද නැගෙනහිර පළාතේ ස්ථිර පදිංචිකරුවන් බහුතරයකගේ දේශපාලන විඥාණය ඊට අනුකූල නොවන බැවිනි. දෙමළ දෙමළ නිජභූමිය පනවන්නේ දෙමළ වාර්ගික විඥාණයකින් මිස උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථිර පදිංචි සියලු ජනතාගේ සාමූහික දේශපාලන විඥාණයකින් නොවේ. නැගෙනහිර පදිංචි දෙමළ ජනතාවද මුළුමුනින්ම දෙමළ නිජබිමක් මත තම දේශපාලන විඥාණ හසුරුවන බවක් නැගෙනහිර ඡන්ද ප්‍රතිඵල වලින් විද්‍යාමාන නොවේ. එසේ නම් නිර්මාල් මහතාගේ මේ රාජ්‍යය ගැන නිර්වචනයට අනුවම දෙමළ නිජබිම මත පදනම් වූ රාජ්‍යයකින් නැගෙනහිර පළාත හැළිමට සිදුවනු ඇත. මන්ද එහිදී ‘ස්ථිර පදිංචිය‘ ප්‍රධානතම සාධකය වන හෙයිනි. එසේම මේ අර්ථකථනයට අනුව යම් ප්‍රදේශයක ස්ථිර පදිංචියක් නැති පිරිසකට ඒ ප්‍රදේශයේ රාජ්‍යයක් පිහිටුවීමට හැකියාවක් නැත. කෙසේ වෙතත් දෙමළ නිජභූමියෙන් නැගෙනහිර පළාත ඉවත් කෙරෙන රාජ්‍යය පිළිබද වූ නිර්වචනයකට පළමුවෙන්ම විරුද්ධ වන්නේ දෙමළ ජාතික සන්ධානය බව නොකිවමනාය. දෙමළ ජාතිවාදීන් පැහැදිලිවම තම අභිලාශය පදනම් කරගෙන ඇත්තේ ඓහිතාසික පදනමකිනි. නැගෙනහිර පළාතේ දෙමළ බහුතරය නොවුවද එය ඔවුන් විසින් සිය ඊනියා නිජබිමට එක් කරගෙන ඇත්තේ එහෙයිනි. ඒ ඓහිතාසික පදනම ආචාර්ය නිර්මාල්ට අනුව සිංහල ජාතිකවාදීන් යොදාගන්නා ඓතිහාසික පදනමට වඩා අසංගත වන අතර දැන් දෙමළ නිජබිමක් මත පදනම්වන දේශපාලන විඥාණය ඔහුගේ රාජ්‍යය ගැන වන නිර්වචනයද පටහැනි බව අපට කිව හැකිය. දෙමළ නිජභුමියට නැගෙනහිර පළාත බලහත්කාරයෙන් ඈදා ගැනිමෙන් නිර්මාල්ගේ උත්තර අවකාශ කතාව වඩාත් ගැලපෙන්නේ ඊනියා දෙමළ නිජභුමියටම බව වඩාත් තහවුරු වේ.


එපමණක්ද නොව ඊනියා දෙමළ නිජභූමියෙන් පිට ස්ථිර පදිංචිකරුවන් වන දෙමළ ජනතාවගේ දේශපාලන විඥාණය මේ අනුව සලකා බැලිය නොහැකිය. මන්ද ඔවුන් එහි ස්ථිර පදිංචිකරුවන් නොවන බැවිනි. චරිත පෙන්වාදුන් පරිදි වර්තමාන සංගණන වාර්තාවලට අනුව දෙමළ ජනතාවගෙන් 52%ක් ජීවත් වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පිටය. ඒ අනුව දෙමළ නිජබිමක් මත පදනම්වන දේශපාලන විඥාණය ඒ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වන සමස්ත දෙමළ ජනතාවගෙන් සුළුතරයකයේ සාමූහික විඥාණය මත පදනම්වූවක් ලෙස මේ නිර්වචනය අනුව සැලකීමට සිදුවෙයි. 


අනෙක් අතට නිර්මාල් මහතාගේ රාජ්‍යය පිළිබද අර්ථකථනය සිංහලයන් රාජ්‍යය පනවාගන්නා ආකාරයට සමීප වෙයි. මේ අර්ථකථනයේ වාර්ගික පදනමක් ගැන නොකියවෙන අතර එහිදී වැදගත් වන්නේ යම් ප්‍රදේශයක (මුළු රටේම) ස්ථිර පදිංචිකරුවන්ගේ සාමූහික පොදු දේශපාලන විඥාණයක් පනවාගැනීමය. ආචාර්ය නිර්මාල් සිය නිර්වචනයේ සදහන් කරන සාමූහික දේශපාලන විඥාණය වාර්ගික පදනමකින් වෙන්වීමෙන් ඇති වන දේශපාලන විඥාණයක් නොව විවිධ ජනවර්ග එකතු වීමෙන් ගොඩනැගෙන සාමූහික දේශපාලන විඥාණයක් බව අපි කියමු. එහිදී විවිධ ජනවර්ග සහ ආගම් අදහන අය පොදු දේශපාලන විඥාණයක් මත එක්කිරීමක් සිදුවෙයි. සියලු ජනවර්ගවලට සහ ආගම්වලට අයත් අයගේ ස්ථිර පදිංචිය මුළු රටම ලෙස සැලකිය හැකිය. ඒ මුළු රටේම ස්ථිර පදිංචිකරුවන් පොදු දේශපාලන විඥාණයක් යටතට ගැනීම එහිදී සිදුවෙයි. සිංහලයන් පමණක් නොව උතුරු සහ නැගෙනහිර පළාත් වල මෙන්ම ඉන් පිටතද ජීවත් වන දෙමළ ජනතාව ඊට එක්කාසු කරගත හැකිය. ඇත්ත වශයෙන්ම ආචාර්ය නිර්මාල් රංජිත් නොදැනුවත්වම හෝ කර ඇත්තේ සිය රාජ්‍ය පිළිබද නිර්වචනය මගින් වාර්ගික බෙදීම මත පදනම්වූ දෙමළ නිජභූමිය ප්‍රතික්ෂේප කරන අතරතුර සිංහලයන් විවිධ ජනවර්ග එකතු කිරීමෙන් ජාතිය සහ රාජ්‍යය නිර්මාණය කර ගැනීම අනුමත කිරීමය. ඒ ගැන අපි ඔහුට ස්තුතිවන්ත වෙමු.


අවසාන වශයෙන් චරිත විසින් වරක් පෙන්වා දුන් ‘කිරිබත් තර්කය‘ භාවිත කරමින් ආචාර්ය නිර්මාල් තම ලිපිය අවසන් කරයි. දඹදිව වන්දනාවේ යන සිංහලයන් සහ නාගදීපයේ යන සිංහලයන් යන්නේ වන්දනාවේ බැවිනි දඹදිව යන අයටද එය තමන්ගේ රාජ්‍යයක් යැයි පරිකල්පනාත්මක දැක්මක් ඇතැයි ඔහු උපකල්පනය කරයි. මෙය බුදුදහම සහ බෞද්ධ සංස්කෘතිය ගැන ඒ මහතාගේ නොදැනුම ප්‍රදර්ශනය කරන කියමනක් වන අතර ඊට අපි ඒ මහතාට සමාව දෙමු. සිංහල බෞද්ධයන් දඹදිව යන්නේ බුදුහාමුදුරුවන් එසේ යන්නට දේශනා කර තිබෙන නිසා මිස එය තම රාජ්‍යයේ කොටසක් ලෙස පරිකල්පනාත්මකව සිතන නිසා නොවේ. සැදැහැවත් බෞද්ධයන් විසින් බුදුවරයකු උපන් තැන, බුදුවූ තැන, පළමු ධර්ම දේශනය කළ තැන සහ පිරිනිවන් පෑ තැන දැකබලාගෙන සිත පහදවාගත යුතු බව උන් වහන්සේ දේශනා කර ඇත. සිංහල බෞද්ධයන් දඹදිව යන්නේ ඒ අවවාදය පිළිපැදීමටය. සිංහල බෞද්ධයෝ පමණක් නොව තායි බෞද්ධයෝ, බුරුම බෞද්ධයෝ මෙන්ම ජපන් බෞද්ධයෝද දඹදිව වන්දනාවේ යති. එකම ක්‍රියාව විවිධ අය විවිධ අවස්ථාවල විවිධ අරමුණු වලින් කරති. ක්‍රියාව එකම වූ බැවින් අරමුණුද එකම බැව් නොහැගවෙයි.


අනෙක් අතට මේ ලිපියෙන් අපට පෙනී යන්නේ ඒ මහතා දෙමළ ජනතාවගේ අභිලාශය වෙනම රාජ්‍යයක්නම් ඊට විරුද්ධ නොවන බවය. සුපුරුදු පරිදි ඒ මහතා කිසිම තැනක මේ බව සෘජුව නොකියන නමුත් ඒ මහතාගේ මුළු ලිපියම සමස්තයක් ලෙස බැලූ විට එහි ඇත්තේ දෙමළ අභිලාශය යථාර්තවාදී බැවින් සිංහලයන් සිය ෆැන්ටසිය අතහැර දමා එය පිළිගත යුතු බවයි. එහිදී වෙනම දෙමළ ජාතික රාජ්‍යයක් නිර්මාණය වීමට කිසිදු බාධාවක් න්‍යායාත්මකව නැත. විශේෂයෙන්ම ඒ මහතා යොදා ගන්නා දඹදිව උදාහරණයෙන් මේ බව වඩාත් තහවුරු වෙයි. දඹදිව, භාරතය හෝ ඉන්දියාව ඉතිහාසයේ කවරකලෙකවත් වර්තමානයේවත් සිංහලයෝ පරිකල්පනාත්මකවවත් තමන්ගේ රාජ්‍යයේ කොටසක් ලෙස නොසලකති. එය පැහැදිලිවම විදේශීය රාජ්‍යයකි. නිර්මාල් මහතා වෙනුවෙන් අදහස් දක්වන වංගීෂ සහ මනෝජ් (එවැනි කෙනෙක් ඇත්තටම සිටීද යන්න මෙහිදී අදාළ නැත) වෙනම රාජ්‍යයකට විරුද්ධ බව කියති. ඔවුන්ට අනුව එයින් සමාජවාදී සමාජයකට අවශ්‍ය වාර්ගිකහරණයක් සිදු නොවේ. වාර්ගිකහරණයක් සිදුවීමටනම් බලය බෙදා දෙමළ වාර්ගික දේශපාලනය තුළ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මතුවීමට ඉඩදිය යුතුය (මේ අදහසටද අපි එකග නොවෙමු. මක් නිසාද යත් එහිදී දෙමළ වාර්ගිකහරණයට සහ සිංහල වාර්ගිකහරණයට ක්‍රමවේද දෙකක් යොදා ගැනීමට හේතුව එහිදී සංගතව පැහැදිලි නොකෙරෙන බැවිනි). එහෙත් නිර්මාල් මහතා පැහැදිලිවම වෙනම රාජ්‍යයකට විරුද්ධ බවක් නොපෙනේ. එසේ නිර්මාණය වන නව ජාතික රාජ්‍යයකින් ජාතිය අහෝසි වීමක් හෝ යටපත් වීමක් වන්නේ කෙසේද යන්න අපට පැහැදිලි නැත. කොටින්ම දෙමළ ජනතාවගේ අභිලාශ ගැන කතා කරන නිර්මාල් මහතාගේ අභිලාශය කුමක්ද? දෙමළාගේ අභිලාශය සාක්ෂාත් වීමෙන් නිර්මාල්ගේ අභිලාශය සාක්ෂාත් වන්නේ කෙසේද යන්න ඔහු අපට පැහැදිලි කළ යුතුය. ඒ අභිලාශය සමාජවාදී සමාජයක්නම් දෙමළ ජාතික රාජ්‍යයක් බිහිවීමෙන් ඊට මග පෑදෙන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කළ යුතුය. එසේ නොකරන්නේ නම් ඒ මහතා දෙමළ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින්නේ මාක්ස්වාදය මත පදනම්ව නොව දෙමළ ජාතිවාදය සහ/හෝ හුදු සිංහල බෞද්ධ විරෝධය මත පදනම්ව බවද මාක්ස්වාදය යනු ඔහු එහිදී පැළදගන්නා වෙස්මුහුණක් පමණක් බවද අපට නිගමනය කිරීමට සිදුවේ.


අවසාන වශයෙන් මා ආචාර්ය නිර්මාල් රංජිත්ට යෝජනා කරන්නේ ඔහුම ලියූ ලිපි පෙළ නැවත කියවා බලා එහි ඇති විසංවාද සහ පැටලිලි අඩු කර ගැනීමට උත්සාහ ගන්නා ලෙසය. කොටින්ම දැන්වත් පඹ ගාලෙන් එළියට එන ලෙසය. ඒ මහතා ස්වකැමැත්තෙන්ම පඹගාල තුළට වී අපටද එයට ඇතුළු වීමට ආරාධනා කරයි. ඉදින් අපි කුමක් කරමුද?





1.  5 වන ලිපිය

නමුත් මා ‘ඓතිහාසික නිජබිම්’ පිළිබඳ දෙමළ ජාතිකවාදී කියා පෑම දකින්නේ සිය දේශපාලන අභිලාෂ සුජාත කරණය කිරීම සඳහා ගොඩනංවා ඇති මිත්‍යා ප‍්‍රබන්ධමය ගොඩනැංවීමක් (mythical construction) ලෙසයි. මා මේ ප‍්‍රකාශය කළ වහාම මගේ සිංහල ජාතිකවාදී කඳවුරේ ප‍්‍රතිචාරකයින් ‘‘ ඕක තමයි අපිත් කියන්නේ’’ යයි කියනු ඇත. එසේ කීමට කලබල වීමට අවශ්‍ය නැත. මා ප‍්‍රකාශ කරන්නේ ‘ඓතිහාසික දෙමළ නිජබිම්’ පිළිබඳ ප‍්‍රවාදය මෙන්ම ඊට විරුද්ධව සිංහල-බෞද්ධ ජාතිකවාදී පාර්ශවයෙන් ඉදිරිපත් වී ඇති ‘උතුරු නැගෙනහිර සිංහල-බෞද්ධ උරුමය’ පිළිබඳ ප‍්‍රවාදය ද මිත්‍යා ප‍්‍රබන්ධමය ගොඩනැංවීමක් බවයි.
දැන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප‍්‍රකාශකයෙක් කියනු ඇත්තේ දෙවනුව කී ප‍්‍රවාදයට පක්ෂව වැඩිපුර සාධක ඇති බවයි. නලින් ද සිල්වා කියනු ඇත්තේ එම ප‍්‍රවාදය වඩා සංගත බවයි. එම ප‍්‍රකාශයට පදනමක් තිබෙන බව මම ද පිළිගනිමි.


මුල් ලිපිය - 

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – (11 කොටස)


-------------------------------------------------------------------------------------------------------------------
උපුටාගැනීම,
http://on.fb.me/1GXy9sC

Tuesday, June 9, 2015

ලක්දිව හැඳින්වූ විවිධ නාම මෙසේ ය

ලක්දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙයින් පුරා සියවස් විසිපහක් පමණ (එනම් වසර 2500 ක් පමණ) වූ එම කාල පරිච්ඡේදය තුළ ලොව විවිධ ජාතීන් විසින් විවිධ භාෂාවලින් ලක්දිව හැඳින්වූ විවිධ නාම බොහොමයකි. ඒවා අතුරෙන් වර්තමානයේ දී විද්‍යාමාන වන විවිධ නාම (සිංහල අකාරාදියට අනුව) විමර්ශනය කිරිම මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.

භූගෝලීය සාධක

ලක්දිව ප්‍රධාන දූපතකින් හා ඒ අසල පිහිටි කුඩා දූපත් කීපයකින් යුක්ත ය. එය දකුණු ආසියාවේ පිහිටි විශාලතම දූපත ද වන්නේ ය. උතුරු අක්ෂාංශ 5.55’ - 9.51’ යන නැඟෙනහිර දේශාංශ 79.42 - 81.52 අතර ඉන්දියානු අර්ධද්වීපයට දකුණින් එයින් වෙන්ව ඉන්දියානු සාගරයෙහි කේන්ද්‍රස්ථානයෙහි පිහිටා ඇත. ලක්දිව ඉන්දියාවෙන් වෙන්වී ඇත්තේ කි.මී. 32 ක් පමණ වූ පටු මුහුදු තීරයකිනි.
ලක්දිව ප්‍රාග් ඉතිහාසය වර්ග කිරීමට අනුව
. ප්‍රාග් ඓතිහාසික යුගය (Pre History)
. මුල ඓතිහාසික යුගය (Proto History)
. මුල් ඓතිහාසික යුගය (Early History)
. මධ්‍යම ඓතිහාසික යුගය (Middle History)
. අපර ඓතිහාසික යුගය (Post History)

ලක්දිව ප්‍රාග් ඓතිහාසික ජනාවාස බිහිවීම

ලක්දිව ප්‍රාග් ඓතිහාසික ජනාවාස බිහිවිම පිළිබඳව ඉපැරණිතම සාධක හමුවන්නේ උතුරු දිසාවෙන් පිහිටි ඉරණමඩු පස් සැකැස්මේ බොරළු ටෙරසය තුළිනි. මෙහිදී වඩාත් නිශ්චිත ලෙස වාර්තාවූ සාධකවලට අනුව ගල් ආයුධ (මෙවලම) අදින් වසර 1, 25,000 ක් පමණ ඈත අතීතය කරා දිවයන බව පෙන්වා දී ඇත.
එනමුත් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් බුන්දල මුතුරාජවෙල හා වැල්ලේගන්ගොඩ යනාදී ස්ථාන ඇසුරු කරගනිමින් කරන ලද විද්‍යානුකූල පුරාවිද්‍යා කැනීම් මගින් සොයාගනු ලැබූ මානව කෘතික සාධකවලට අනුව යට කී ස්ථානවල ආදි මානවයා ජීවත් වූ කාලය අදින් වසර 2,50, 000 ක් දක්වා ඈත අතීතයක් කරා දිවයන බවට විශ්වාස කෙරේ. පුරා ශිලා යුගය නොඑසේ නම් පැලියෝලිතික යුගය (Paliolitic Era) නියෝජනය කරන්නා වූ වසර 2,50,000 ක් පමණ ඉපැරණි ගල් ආයුධ (මෙවලම්) භාවිතා කළ මානවයා බොහෝ විට හෝමෝහැබිලිස් (Homo Habelis) මානවයා විය හැකි බවට අනුමාන කෙරේ.
එසේම බුන්දල මිහිහාගලකන්ද හා උස්සන්ගොඩ යනාදී ස්ථානවලින් වාර්තා වී ඇති අදින් වසර 1,25,000 ත් 75000 අතර කාල වකවානුවට අයත් වන ගල් ආයුධ (මෙවලම්) භාවිතා කළ මානවයා බොහෝ විට හෝමොඉරෙක්ටස්(Homo Erectus)  මානවයා විය හැකි බවට අනුමාන කෙරේ. මෙකී පුරාවිද්‍යාත්මක සාධක මඟින් තහවුරු වන්නේ ලක්දිව මුල් ම ජනාවාස කරණයේ ආරම්භය ඉතා ඈත අතීතයක් කරා දිව යන බවයි.
මධ්‍යතනය ශිලා යුගය නොඑසේ නම් මෙසොලිතික යුගයේ (Mesolitic Era) දී මානව ජනාවාස ගතතොරතුරු මෙරට බොහෝ ස්ථානවලින් හමුවී ඇත. ඉන් අදින් වසර 34000 ක් පමණ ඈත අතීතයක් කරා දිවයන මානව අවශේෂ බුලත්සිංහල පාහියන් ලෙනින් හමුවී ලක්දිව සාධක සහිත තහවුරු වී ඇති ඉපැරණිතම ජනාවාස සාධකය වේ.
මෙයට අමතරව කුරුවිට අසල බටදොඹ ලෙන (එනම් වසර 28500 ක් පමණ), අම්බලන්ගොඩ බෙල්ලන්බැදිපැලැස්ස ලෙන (එනම් වසර 14,000 ක් පමණ) කිතුල්ගල බෙලිලෙන (වසර 13000 ක් පමණ) කෑගල්ල අත්තනගොඩ අලු ලෙන (එනම් වසර 10500 පමණ) යනාදී ලෙන් තුළින් ලංකාවේ ආදිතම ජනාවාස පිළිබඳව ද්‍රව්‍යාත්මක සාධක හමුවී ඇත.

ලක්දිව ආර්ය ජනාවාස බිහිවීම

ක්‍රි.පූ. 6 වෙනි සියවසේ දී පමණ උතුරු ඉන්දියාවේ සිට ලක්දිවට සංක්‍රමණය වූ ආර්යයන් මෙරට තුළ ජනාවාස පිහිටුවා ගැනීම ලක්දිව ඉතිහාසයේ ආරම්භය ලෙස සාමාන්‍යයෙන් සලකුණු ලැබේ. මේ ආර්ය ජනාවාසවල ආරම්භය නිශ්චිත වශයෙන් කාල නිර්ණය කිරීමට උගහට ය. යටකී අන්දමින් ක්‍රි.පූ. 6 වෙනි සියවසට පෙර ආර්යයන් මෙරටට සංක්‍රමණය වන්නට ඇතැයි කියා අනුමාන කළ හැකි වන අතර එතැන් පටන් සියවස් ගණනාවක් යනතුරු ම සිදුවූ සංක්‍රමණයන් හේතු කොටගෙන යටකී ජනාවාස ක්‍රමික ව මෙරට තුළ ව්‍යාප්ත විය.
ලක්දිව ආර්යය ජනාවාස පිහිටුවීම හා එහි ව්‍යාප්තිය පිළිබඳ ව විමර්ශනය කරනු වස් මහාවංශයේ එන තොරතුරුත් ඉපැරණි බ්‍රහ්මි සෙල්ලිපිත් (එනම් යාල අභය භූමිය, සිතුල්පව්ව, බෝවත්තේගල යනාදී ස්ථානවලින් හමුවී ඇති බ්‍රහ්මි සෙල්ලිපි වලින්) මහත්සේ මහෝපකාරී වේ.
ඒ අනුව ගංගා මිටියාවත්වලට ආසන්නව ජනාවාස පිහිටුවා ගන්නට ඔවුන් පෙලඹුණු බව පැහැදිලි වන ලක්ෂණයකි. එකී ගංගා අතර මල්වතු ඔයට (මහා වංශයට අනුව කාදම්භ නදී) ප්‍රධාන තැනක් හිමි විය. එනම් මල්වතු ඔය මුවදොරට ආසන්නව පිහිටි මහාථිත්ත හෙවත් මාන්තායි නම් වූ පැරණි වරායෙන් මෙරටට ගොඩබට ආර්යයෝ මල්වතු ඔය මිටියාවත ඔස්සේ රජරට උතුරු දිසාවට පැමිණියහ.
ඉක්බිතිව ඔවුන් විසින් මල්වතු ඔය අසබඩ ඉදිකරගන්නා ලද ප්‍රධාන ජනපද දෙකකි අනුරාධගාම හා උපතිස්සගාම. මෙයට අමතරව ඔවුහු ගිනිකොණ දිසාවෙන් වූ කුඹුක්කන් ඔය, කිරිදිඔය හා මැණික් ගඟ ඇසුරු කර ගනිමින් තව තවත් ජනපද පිහිටුවා ගනිමින් තම ජන ව්‍යාප්තිය වර්ධනය කරගන්නට උත්සුක වූහ.

ලක්දිව හැඳින්වූ විවිධ නාම මෙසේ ය.
1. ආමු ද්වීප
2. ඉන්දියන් සාගරයේ මුතු ඇටය
3. ඉළංගෙයි
4. ඉළංදු
5. ඉළනාර
6. ඊළ
7. ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්දිව හැඳින්වූ නාමයයි)
8. ඕජදීප
9. කසිගෝ
10. කේට් ලංකා
11. කෙයිලෝන්
12. චල (අරාබි භාෂාවෙන්)
13. චිංකලෙයි (දමිළ භාෂාවෙන්)
14. තනසරිම්
15. තපරවාන්
16. තබර්ඛාන්
17. තම්බපණ්ණී
18. තම්බපණ්ණී ද්වීප
19. තම්තබීන්
20. තඹපැන් ද්වීප
21. තැප්‍රොබේන් (ග්‍රීක - රෝම යන භාෂාවලින්)
22. තාර්සිස්
23. තාමුදීප්
24. තිලක (රුහුණු පිහිටි මායා බෙදීම මුල්කොට ගෙන භාවිතා විය)
25. ත්‍රී සිංහලය (ඉහත බෙදීම හා බැදේ)
26. තේහු හොයිගෝ (බුරුම භාෂාවෙන්)
27. දසඛණ්ඩි රාජ්‍ය
28. දිල්මුන්
29. දශෂිර : පුර
30. පරවාන් ද්වීප
31. පලාංකොට්
32. පළේසිමන්දු
34. ජැසිරාත් - අල් යකුත් (අරාබි භාෂාවෙන්)
35. ජම්බු ද්වීප (පාලි භාෂාවෙන්)
36. මණ්ඩ ද්වීප
37. මණ්ඩු ද්වීප
38. රත්න ද්වීප (ලක්දිව මැණික් ලොව ප්‍රකට බැවින්)
39. රත්නදීප
40. රාවණපුර
41. රාවණ ද්වීප
42. රාක්ෂ ද්වීප
43. රාක්ෂ පුර
44. රකියුප්
45. රුවන්දීප
46. ලංකා (හෙළ භාෂාවෙන්)
47. ලංකා ද්වීප
48. ළක
49. ලක්දිව
50. වරදීප
51. පිති ක්වෝ (චීන භාෂාවෙන්)
52. ශ්‍රී ලංකා (වර්ෂ 1972 ජනරජ
ව්‍යවස්ථාවෙන් ඉක්බිතිව)
53. සග සස්දිව්
54. සයිලන්තු (මලයාලම් භාෂාවෙන්)
55. සලිස්
56. සළිකේ
57. සාලයික්
58. සින්දු
59. සිමන්ඩා
60. සීමන්ඩාදු
61. සිරිලක (හෙළ භාෂාවෙන්)
62. සිසිල
63. සිහලද්වීප
64. සිලිදිව්
65. සිලොන් (ඉංග්‍රීසි භාෂාවෙන්
66. සිංගල් දිව්
67. සිංගලම් (දමිළ භාෂාවෙන්)
68. සිංහලය
69. සිංහල ද්වීප
70. සිලන්
71. සිහලදිව්
72. සිහලාන් ද්වීප
73. සිහොලේ (පාලි භාෂාවෙන්)
74. සිගෝ (බුරුම භාෂාවෙන්)
75. සිලාන් (අරාබි භාෂාවෙන්)
76. සුපර් චාන් (තායි භාෂාවෙන්)
77. සෙයිලාන්
(පෘතුගිසි භාෂාවෙන්)
78. සෙයිලාන් දිවන්
79. සෙරන්දිබ් (අරාබි භාෂාවෙන්)
80. සෙන්කියා (චීන භාෂාවෙන්)
81. හෙලන්දු
82. හෙල ද්වීප
83. හෙල දෙරණ
84. හෙළය
85. හේලිකේ
86. පෙලෙයිසිමන්ඩා
87. පරවාන් ද්වීප
88. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය

ඉංග්‍රීසීන් පළාත් බෙදූ හැටි

 ඉංග්‍රීසීන් පළාත් බෙදූ හැටි!

ලංකාව පාලනය කළ අපේ සිංහල රජවරු පාලන පහසුව පිණිස මුල සිටම රට කොටස්‌ වශයෙන් බෙදා පාලනය කරන ලදී. මෙහි මුල්ම බෙදීම වශයෙන් රට කොටස්‌ තුනකට බෙදා තිබුණේ ඈත අතීතයේ සිටය. එම බෙදීම රුහුණු, මායා, පිහිටි යනුවෙන් කොටස්‌ තුනකට අයත්විය. එය කෙටියෙන් හඳුන්වන ලද්දේ ත්‍රිසිංහලය කියායි. මහවැලි ගඟින් හා දැදුරු ඔයෙන් නැගෙනහිර කොටස අයත්වූයේ පිහිටි රට හෙවත් තැනිතලා ප්‍රදේශයටයි. මෙම කොටස වැඩි වශයෙන් අයත් වූයේ වැව් බැඳි රාජ්‍යයටයි.

පිහිටි රටට අයත් ප්‍රධාන නගර වශයෙන් එදා ගැනුණේ මාවටුපුරය, නාගදීපය, මංඩතීපය. මන්නාරම, මාතොට, අනුරාධපුරය. පුත්තලම, කදුරුගොඩ, තන්තිරිමාලේ යන පෙදෙස්‌ය. මෙහි මහාග්‍රාම සහ පටුනුග්‍රාම වශයෙන් තවත් ගම් බොහෝ ගණනක්‌ වී යෑයි විත්ති පොත්වල සඳහන්ව ඇත. පිහිටිරටේ එදා තිබූ එක්‌සාළිස්‌ රට මෙසේ දක්‌වා ඇත.

1. අමන්දරට 2. ඇළසර රට 3. උඩුගොඩ 4. අස්‌ගිරිය 5. සිරියාල 6. මහගුළුරට 7. සුළුගලුරට 8. කඩියාව 9. පොළොන්නරුව 10. පූඩාව 11. කොට්‌ටපිටිය 12. මංගලම්රට 13. කලා රට 14. සලාවල් රට 15. කෑලි රට 16. මාවටුව 17. මන්නාරම 18. කරඹ වලාන 19. නෙල්ලිවලාන 20 මහගල්ගමුව 21. දහස්‌තොට 22. දඹු නුවර 23. තඹගොමුව 24. වඩුන්නාගල 25. පළුවක්‌රට 26. කෝකාලය 27. පදීරට 28. මෝරුරට 29. කුරුඳු රට 30. මානාවතුරට 31. වැලිගම 32. මරිච්චිය 33. බලතඩිය 34. මුංඩවල්ලිය 35. කණුකිනියාව 36. ගල්තලය 37. මින්නේරිය 38 කවුඩුළු රට 39. වෙල්ගම්රට 40. ගෝණාවතුරට 41. අනුරාධපුර රට.

මෙම එක්‌ සාළිස්‌ රට පාලනය සඳහා එම යුගයේ ඈපාවරුන් හා මාපාවරුන් සිට ඇත. මීළඟට රුහුණු රට වශයෙන් බෙදා වෙන්කළ ප්‍රදේශය සීමා වූයේ මහවැලි ගඟින් බටහිරටත් කළුගඟින් බටහිරටත් වෙන් වූ කොටසයි. එය අංක 1 සිතියම මගින් පැහැදිලි වේ. මෙහි ප්‍රධාන නගර ලෙසින් තිරිකුණාමලය, ගෝණගම, මහනුවර, මහියංගණය, බදුල්ල, මාගම, කතරගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි සිව්සාළිස්‌ රටක්‌ වශයෙන් හඳුන්වා දී තිබිණි. එම සිව්සාළිස්‌ රට මෙසේ දක්‌වා ඇත.

1. කොත්මලය 2. මතුරට 3. ගොඩරට 4. පස්‌ගොමුව 5. සගම 6. කටුපුළුව 7. වේරනිම්බය 8. සොරබොර 9. කොටසර 10. ඌව 11. බදුල්ල 12. රිටිගල් දනව්ව 13. දෙගල්දනව්ව 14. කොක්‌කාගල 15. මාවටු රට 16. මැවැලිදනව්ව 17. කළුවැලිදනව්ව 18. කිණිහිරි රට 19. මාගම 20. මීවෙල් දනව්ව 21. එරා උළුරට 22. මිණිගල්රට 23. රුහුණුගල්රට 24. දිගාමඬුල්ල 25. මල්වතූ මඬුල්ල 26. ගල්බෝ රට 27. කොටගල 28. සබරගොමුව 29. පිටිගම 30. කඩරට 31. ඇඹලව 32. සඳගිරිය 33. සීවය 34. ගිරිවාය 35. මාගල් මඬුල්ල 36. කුඹුක්‌ගං දනව්ව 37. වැලිගම 38. දහස්‌ ගව්ව 39. දොළොස්‌දහස්‌ රට 40. උග්ගල්රට 41. නඳුන්ගල් රට 42. සපුගල්රට 43. බද රට 44. මාතොට දෙව්නුවර ආදී වශයෙන්ය. මේ ප්‍රදේශ පාලනය සඳහා ද එදා ඈපාවරු හා මාපාවරු පත්කර සිටි අතර රජු මුළු රටේම ප්‍රධානියා විය. භූමියේ භාරකරුවා වූයේ මහරජුය. එය ඉර හඳ පවතිනා තුරු සත්‍යයක්‌ ලෙස සෙල් පුවරුවල කොටා ප්‍රකාශයට පත්කර තිබිණි. අනෙක්‌ රට වූ මායා රට ප්‍රමාණයෙන් කුඩා වූ අතර එය දැදුරුඔයේ බටහිර හා කළුගඟේ නැගෙනහිර මිටියාවතේ විහිද තිබිණි.

පැරණි විත්ති පොත්වලට අනුව මායා රාජ්‍යයේ රටවල් 29 ක්‌ වූ බව සඳහන් වේ. එහි ප්‍රධාන ස්‌ථාන ලෙසින් මහණුවම්තොට. මාදම්පේ, කටුගස්‌තොට, කළුතර, කැලණිය, හස්‌ති ශෛලපුර, ශුභපර්වත යනාදිය සඳහන් වේ. රට විසි නවය අතරට 1. සිදුරුවාණය 2. බළවිට 3. මාතලේ 4. බෝගම්බර 5. දුම්බර 6. මායාදුනුරට 7. සඳපාන්දුනුරට 8. පාලම්ගොමුව 9. කුඹුරුගොමුව 10. අටකලන්ද 11. මානියම්ගොමුව 12. දෙණවක 13. කළුගල්ල 14. නවයොදුන්රට 15. පස්‌යොදුන්රට 16. පානබුනුරට 17. කැළණිදෙගංබඩ 18. අත්තනගල්ල 19. කුරුරට 20. පිටිගල්රට 21. දඹදෙණිය (මෙය පසුකාලීනව සිංහල රාජ්‍ය බවට පත්විය. ඒ ක්‍රි.ව. 1220 සිට 1276 දක්‌වාය). 22. බෙලිගල්රට 23. දෙලනමැද වෙලාන 24. දේවමැදිරට 25. කුරුණෑගල 26. ගල්බඩරට (විල්ලිගෙදර) 27. මිණිසරුව 28. තාරවින්න 29. මාදුරය ආදිය ගැනිණ.

මේ ඉහතින් දක්‌වන ලද්දේ එදා ඈත අතීතයේ දී අපේ රට බෙදා පාලනය කළ අයුරු සහ ඊට අයත් වූ පරිපාලන ප්‍රදේශයි. 1505 දී පෘතුගීසීන් අපේ රටට පැමිණි පසු ඔවුන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම සඳහා මහත් පරිශ්‍රමයක්‌ ගති. ඉන්පසුව ලන්දේසීන් එම කටයුත්ත තම අතට ගැනීමට කටයුතු කළෝය.

පසුව වර්ෂ 1815 දී අපේ රට ඉංග්‍රීසීන් යටත් කරගත් පසු ඔවුන්ගේ පහසුව පිණිස එක්‌ එක්‌ අවස්‌ථාවලදී අපේ රට බෙදා පාලනය කළහ. මේ අනුව මුල්වරට 1833 දී විශේෂ නිවේදනයක්‌ මගින් ලංකාව කොටස්‌ පහකට බෙදන ලද අතර ඒ කොටස්‌ පහත අයත්වූ ජනපද ප්‍රදේශයන්ද බෙදා හඳුන්වා දෙන ලදී. එම ගැසට්‌ නිවේදනය 1833 ඔක්‌තෝබර් 1 දින දරන විශේෂ නිවේදනය ලෙස හැඳින්වේ. සිතියම අංක 2 මගින් එය පැහැදිලි කෙරේ. මේ මගින් හඳුන්වාදුන් පළාත් නම් 1 .උතුරු පළාත 2. දකුණු පළාත 3. නැගෙනහිර පළාත 4. බස්‌නාහිර පළාත 5. මැද පළාත යනු විසිනි. මෙය අපට වැදගත් වන්නේ ලංකාවේ පළමුවන පළාත් බෙදීම මෙය වන නිසාය. ඊට අයත්වූ පාලන ප්‍රදේශ මෙසේය.

1. උතුරු පළාත - යාපනය, මන්නාරම, වන්නිය, නුවරකලාවිය, දිසාවනිය හා ඩෙල්µaට්‌ දූපතයි.

2. දකුණු පළාත - ගාල්ල, තංගල්ල, මාතර, හම්බන්තොට, සබරගමු දිසාවනිය, පාත ඌව හා වෙල්ලස්‌සයි.

3. නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලය, මඩකලපුව, තමන්කඩුව හා බින්තැන්න යන ප්‍රදේශ.

4. බස්‌නාහිර පළාත - කොළඹ, හලාවත, පුත්තලම, සත්කෝරළ දිසාවනිය, සතර කෝරළ දිසාවනිය, තුන්කෝරළ දිසාවනිය හා පාතබුලත්ගම යන ප්‍රදේශයන්ය.

5. මැද පළාත - මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්‌පත්තුව, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, වියළුව, ඌව දිසාවනිය, මාතලේ දිසාවනිය, උඩපළාත දිසාවනිය හා වලපනේ දිසාවනිය යන ප්‍රදේශයන්ය. මෙම ප්‍රකාශනයෙන් ඉංග්‍රීසීන් දිස්‌ත්‍රික්‌ක මායිම්ද නියම කරන ලදී. මෙම පාලන ප්‍රදේශ වෙන්කිරීම 1845 වනතුරු ඉංග්‍රීසීන් විසින් ක්‍රියාත්මක කළ අතර පසුව 1845 ඔක්‌තෝබර් 1 දින විශේෂ ප්‍රකාශනයක්‌ මගින් යළිත් ලංකාව පළාත් 6 ක්‌ ලෙසින් බෙදා වෙන්කරන ලදී. මෙම කාලයේදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයා වශයෙන් කටයුතු කරන ලද්දේ කැම්බල් මහතාය. ඔහුගේ නියමයෙන් පරිපාලනය සඳහා වෙන්කළ නව පළාත් හය මෙසේ විය. අංක 3 සිතියම මගින් එය විග්‍රහ කර ඇත. 1845 ඔක්‌තෝබර් විශේෂ ගැසට්‌පත මගින් වෙන්කළ පළාත් හය.

1. උතුරු පළාත - යාපනය, මන්නාරම, වන්නිය, නුවරකලාවිය. ඩෙල්µaට්‌ දූපත.

2. දකුණු පළාත - ගාල්ල, මාතර, හම්බන්තොට, සබරගමුවේ යකාවේල්ල, හතරබාගේ.

3. නැගෙනහිර පළාත - ත්‍රිකුනාමලේ, මඩකලපුව, තමන්කඩුව, මැද පළාතට හසු නොවූ බින්තැන්නේ ඉතිරි කොටස්‌.

4. බස්‌නාහිර පළාත - කොළඹ, සතර කෝරළය, තුන් කෝරළය, දකුණු පළාතට අයත් නොවූ සබරගමුවේ ඉතිරි කොටස්‌, පාතබුලත්ගම.

5. වයඹ පළාත - හලාවත, පුත්තලම, හත්කෝරළය.

6. මැද පළාත - මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්‌පත්තුව, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, වියලුව, ඌව දිසාවනිය, මාතලේ දිසාවනිය, උඩ පළාත දිසාවනිය, වළපනේ දිසාවනිය, යන ප්‍රදේශයන්ය. මෙම ප්‍රකාශනයෙන් ඉංග්‍රීසීන් දිස්‌ක්‍රික්‌ක මායිම්ද නියම කරන ලදී. මෙම පාලන ප්‍රදේශ වෙන්කිරීම 1845 වනතුරු ඉංග්‍රීසීන් විසින් ක්‍රියාත්මක කළ අතර පසුව 1845 ඔක්‌තෝබර් 1 දින විශේෂ ප්‍රකාශණයක්‌ මගින් යළිත් ලංකාව පළාත් 6 ක්‌ ලෙසින් බෙදා වෙන්කරන ලදී. මෙම කාලයේදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයා වශයෙන් කටයුතු කරන ලද්දේ කැම්බල් මහතාය. ඔහුගේ නියමයෙන් පරිපාලනය සඳහා වෙන්කළ නව පළාත් හය මෙසේ විය. අංක 3 සිතියම මගින් එය විග්‍රහ කර ඇත. 1845 ඔක්‌තෝබර් විශේෂ ගැසට්‌පත මගින් වෙන්කළ පළාත් හය(

1. උතුරු පළාත, යාපනය, මන්නාරම, වන්නිය නුවරකලාවිය, ඩෙල්µaට්‌ දූපත,දකුණු පළාත, ගාල්ල, මාතර, හම්බන්තොට, සබරගමුවේ යකාවේල්ල, හතරබාගේ.

3. නැගෙනහිර පළාත, ත්‍රිකුණාමලේ, මඩකලපුව තමන්කඩුව, මැදපළාතට හසුනොවූ බින්තැන්නේ ඉතිරිකොටස්‌.

4. බස්‌නාහිර පළාත, කොළඹ, සතරකෝරළය, තුන්කෝරළය, දකුණු පළාතට අයත් නොවූ සබරගමුවේ ඉතිරි කොටස්‌, පාතබුලත්ගම.

5. වයඹ පළාත, හලාවත, පුත්තලම, හත්කෝරළය.

6. මැද පළාත, මහනුවර, යටනුවර, උඩුනුවර හා හාරිස්‌පත්තුව, තුම්පනේ, වියලුව, ඌව, මාතලේ, උඩ පළාත, වළපනේ, වෑගම්පහ, කොළවක්‌ගම්පහ, බින්තැන්න, මෙයන්වේවැල්ල, මාවැලිගඟබද, බින්තැන්නේ ඉතිරි වූ බිම් පෙදෙස්‌ 1845 ප්‍රකාශයෙන් වයඹ නමින් අලුත් පළාතක්‌ වෙන්වුණි. මැද පළාතට දකුණු පළාතින් කොටස්‌ කීපයක්‌ ද, බස්‌නාහිර පළාතට දකුණු පළාතින් සුළු ප්‍රමාණයක්‌ද යළිත් එකතු කරන ලදී. මෙසේ වෙන්කරන ලද්දේ රටතුළ සිවිල් පාලනයක්‌ ගෙනයැමේ පහසුව සඳහා බව කියෑවේ.

මෙම බෙදීම බොහෝ කලක්‌ නොතිබුණි. යළිත් වරක්‌ 1873 දී පළාත් හතක්‌ ලෙසින් ලංකාව බෙදා වෙන්කරන ලදී. මේ කාලයේ දී අපේ රටේ ඉංග්‍රීසි ආණ්‌ඩුකරු ලෙස කටයුතු කළේ ග්‍රැගරි මහතාය. අපේ සිංහල උදවිය ඔහුට කීවේ ගිරිගෝරිස්‌ ආණ්‌ඩුකාරතතැන කියායි. 1873 සැප්තැම්බර් 6 දින දරන විශේෂ ප්‍රකාශ පත්‍රයෙන් බෙදා වෙන්කරන ලද පළාත් හත මෙසේ දැක්‌වේ. අංක 4 සිතියම.

1. උතුරු පළාත - යාපනය, මන්නාරම, වන්නිය ඩෙල්µaට්‌ දූපත.

2. දකුණු පළාත - ගාල්ල, මාතර, හම්බන්තොට, සබරගමුවේ යකාවේල්ල, හතරබාගේ.

3. නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලය, මඩකලපුව, මධ්‍යම පළාතට ඇතුළත් නොවූ බින්තැන්නේ කොටස්‌.

4. බස්‌නාහිර පළාත - කොළඹ, සතර කෝරළය, තුන්කෝරළය, දකුණු පළාතට අයිති නොවූ සබරගමුවේ ඉතිරි කොටස්‌, පාත බුලත්ගම.

5. වයඹ පළාත - හලාවත, පුත්තලම, දෙමළ හත්පත්තුව, ඇතුළත් නොවූ හත්කෝරළය.

6. මැද පළාත - මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්‌පත්තුව, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, වෙල්ලස්‌ස, වියලුව, ඌව, මාතලේ, උඩපළාත, වලපනේ, බින්තැන්නට ඇතුළත් වෑගම්පහ, කොළවක්‌ ගම්පහ, මෙයන්වැල්ල, මහවැලිගඟේ වම් ඉවුර බද බින්තැන්නේ කොටස්‌.

7. උතුරු මැද පළාත - නුවරකලාවිය, තමන්කඩුව, සත්කෝරළයේ දෙමළ හත්පත්තුව.

මෙම විශේෂ පත්‍රිකාව මගින් බෙදූ පළාත් හතේ බෙදීමට උතුරුමැද පළාත යනුවෙන් අලුත් පළාතක්‌ නිර්මාණය වූයේ වයඹින් හා උතුරින් ද කොටස්‌ එකතු කිරීමෙන්ය. නමුත් මෙම පළාත් හතේ පාලනයද වසර කීපයකින් අවසන් විය. 1886 දී යළිත් ඌව යනුවෙන් පළාතක්‌ බෙදා වෙන්කර පළාත් අටක්‌ වශයෙන් පාලනය කෙරිණි.

වර්ෂ 1886 පෙබරවාරි මස 1 වැනි දින විශේෂ ප්‍රකාශනයක්‌ මගින් මෙම වෙන්කිරීම සිදුකරන ලදී. මෙම බෙදීම සිදුකරන ලද්දේ ගෝර්ඩන් ආණ්‌ඩුකරුට පෙර සිටි ලොංග්ඩන් ආණ්‌ඩුකරුගේ කාලයේ දීය. ඔහු සිවිල් පරිපාලන ක්‍රමය බොහෝසේ විමධ්‍ය ගත කළ අයකු සේ සැලැකේ. එසේම ඔහුගේ කාලයේ මංමාවත් ඉදිවීමද දියුණු විය. අලුතින් ඇතිකළ ඌව පළාත පුරාණ මැද පළාතට අයත් නොවූ කොටස්‌ එකතුකර නිර්මාණය කරන ලදී.

මෙසේ නිර්මාණය කරන ලද පළාත් අටේ පාලනය සිදුවූයේ ද වසර කීපයක්‌ පමණි. යළිත් 1889 ජනවාරි 1 දින විශේෂ ප්‍රකාශයක්‌ මගින් 1873 දී වෙන්කළ බස්‌නාහිර පළාත කොටස්‌ කර එක්‌කොටසක්‌ බස්‌නාහිර පළාත කියාද අනෙක්‌ කොටස සබරගමු පළාත කියාද කොටස්‌කර පළාත් 9 ක්‌ වනසේ බෙදන ලදී. අංක 6 සිතියම. මෙම පළාත් නවයේ බෙදීම ක්‍රියාත්මක කිරීමට මුල්වූයේ එවක සිටි ගෝඩන් ආණ්‌ඩුකාරවරයාය. යළිත් 1898 නොවැම්බර් මාසයේ විශේෂ පත්‍රිකාවක්‌ මගින් උතුරුකරයේ තුනුත්කෙත පත්තුව යාපනේ දිස්‌ත්‍රික්‌කයට එකතු කරන ලදී.

1815 දී ලංකාවේ පාලනය ඉංග්‍රීසීන් අතට ගියපසු පාලනතන්ත්‍රය දිස්‌ත්‍රික මට්‌ටමින් විමධ්‍යගත කර දිසාපතිවරු හා ආදායම් පාලකවරු මගින් සිවිල් පාලනයක්‌ ගෙන ගියේය. එය අපේ රටේ තිබූ පැරණි ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් ඉවත් කිරීමකි.

එදා තිබූ රාජකාරි ක්‍රමය මඟින් සිංහල රදළ පිරිස්‌ නොයෙක්‌ මුලාදැනි තනතුරු දරන ලද්දේ කෝරළ පත්තු හා දිශා පාලන ක්‍රම තුළය. ඉංග්‍රීසීන් 1815 උඩරට ගිවිසුම මගින් උපක්‍රමශීලීව මෙම තනතුරු නැතිකර ඔවුන්ගේ හමුදා නිලධාරීන් පාලන කාර්යයට සහභාගි කරවන ලද්දේ මෙවැනි පළාත් බෙදීම ආදී ක්‍රමෝපායයන් තුළය. පසුව 1818 හා 1848 මහා අරගල ඇතිවූයේත් පසුව 1948 දක්‌වා ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයන් ඇතිවූයේත් මේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ලෙසින්ය. අදත් අපි ඒ ක්‍රම තුළම අනුගත වී සිටිමු.


* ධර්මරත්න තෙන්නකෝන්

පාදක සටහන් -

පුරාවෘත්ත සංග්‍රහය සිරිලක්‌ කඩයිම්

"අතීත ලංකා"

මහවැලි වංශය

කන්ද උඩරට රාජධානිය සහ 1818 කැරැල්ල


http://www.divaina.com/2014/03/10/mano05.html

---------------------------------------------------------------------------------------------------------------
තුන් හෙළය පළාත්වලට බෙදුනේ මෙහෙමයි!

ශ්‍රී ලංකාව පුරාණයේ පාලනයේ පහසුව සඳහා බෙදී තිබුණේ රුහුණු, මායා, පිහිටි වශයෙනි. ශ්‍රී ලංකාවේ දකුණු මැද පෙදෙසේ කඳු රාශියක්‌ පිහිටා තිබුණ අතර අඩි 8292 ක්‌ උසැති පිදුරුතලාගල ඒවායින් උසම කන්ද විය. මේ වන විට උඩරට නමින් හඳුන්වනු ලබන මේ අති විශාල කඳුකර ප්‍රදේශය, සුවදායක, ශීතල දේශගුණයකින් ද යුක්‌ත විය. ස්‌වභාවයෙන්ම හැම කල්හිම දිය පිරුණු ගංගා හා ඇළ ,දොළ, නිසා මේ ප්‍රදේශයේ ජලය සුලබය. මේ ගංගා තැන් තැන් වල විසිතුරු දිය ඇලි ලෙසින් පහළට ගලනු දැකීම උඩරට ප්‍රදේශයටම ආවේනික දසුනක්‌ විය. මුළුමහත් කඳුකර ප්‍රදේශයම සරුවට වැඩුණු වෘක්‍ෂලතාවන්ගෙන්ද, ස්‌වාභාවික සුන්දරත්වයෙන් ද, අනූනය. මේ සෞන්දර්ය උඩරට පිහිටි කඳුවල ද මැනවින් දැකගත හැකිය. කඳුකර පෙදෙසේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 80 සිට 125 දක්‌වා ද වෙයි. රම්බොඩ හා නකල්ස්‌ පෙදෙස අවට මහවැලි ගඟේ ඉහළ නිම්නයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 140 සිට 200 දක්‌වා වෙයි. අනෙක්‌ ප්‍රදේශවලට වඩා විශාල ස්‌වභාවයකින් යුක්‌ත ඌව කඳුකරයේ හා නැගෙනහිර කඳුකරයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 65 සිට 100 දක්‌වා පවතී. මේ පුරාණ කන්ද උඩරට අසිරියෙන් බිඳකි. සිංහල රජවරුන්ගේ අන්තිම බලකොටුව වූයේ කඳුවලින් වටවූ උඩරට රාජ්‍යයයි. යුරෝපීය සතුරන් පහත රට අල්ලාගෙන සිටියදී නිදහස ආරක්‍ෂා වී තිබුණේ මේ කන්ද උඩරට රාජ්‍යයේ ය.

මහවැලි ගඟට නැගෙනහිරින් පිහිටි මුළු පෙදෙස ද, පහළ ඌව ද, හම්බන්තොට, ගාලු, මාතර, දිස්‌ත්‍රික්‌කද ඇතුළත් වූ රුහුණු රටේ අගනුවර වූයේ මහගම හෙවත් මාගමය. දැන් මාගම හඳුන්වන්නේ තිස්‌සමහරාමය ලෙසය.

රජරට ගැන සඳහනක්‌ 9 වැනි සියවස දක්‌වාම වංශකතාවල සඳහන් නොවන නමුත් ක්‍රි. පූ. 161 වැන්නේදී දුටුගැමුණු මහ රජතුමා ලංකාව එක්‌සේසත් කිරීමට පෙරාතුව විසූ රජවරුන් අනුරාධපුරය රාජධානිය කරගෙන රජකම් කළ රජරට ප්‍රධාන දිසා හතරකට අනුව නම් කරනු ලැබූ ප්‍රදේශ හතරකට බෙදා තිබුණේය. මෙයින් ඉහළ වැදගත්කමක්‌ ලැබී තිබුණේ 66 වැනි සියවසේ අවසානයේ පටන් දකුණු දේශයටය. දකුණු දේaශය පාලනය කරන ලද්දේ උප රාජයකු විසින්ය. දොළොස්‌ වැනි සියවසේ අගභාගය වන විට මේ නම් වල වෙනසක්‌ ඇති වී රජරට පිහිටි රට යනුවෙන් හැඳින්වීම ඇරඹිණි. දකුණු දේශය හා මලය දේශය එක්‌කොට මහයා රට යනුවෙන් හැඳින්වීම ඇරැඹිණි. මායා රට යනුවෙන් හැඳින්වූයේ එය මායා හෙවත් මායාගේ ප්‍රදේශය යන අර්ථයෙනි.

වෙනසකට භාජන නොවූ රුහුණු රට හෙවත් රෝහණ දේශයත් මායා රටත් එක්‌කොට ත්‍රිසිංහල රාජ්‍ය හෝ තුන් රාජ්‍ය වශයෙන් හැඳින්විය.

රජරටත් රුහුණත් එකිනෙකින් වෙන් කරන ලද්දේ මහවැලි (මහවැලි) ගඟෙනි. මහවැලි ගඟ යටකී රාජ්‍ය දෙකට රැකවරණ ලබාදුන් බාධක ගංඟාවක්‌ විය. ක්‍රි. පූ. දෙවැනි සියවසේදී දුටුගැමුණු කුමරු විසින් මෙහෙයවූ යුද්ධයේදීත්, දොළොස්‌වැනි සියවසේදී පරාක්‍රමබාහු රජු සහ මානාභරණ රජු අතර පැවැති අභ්‍යන්තර යුද්ධයේදීත් මහවැලි ගඟ අසල බොහෝ සටන් පැවති බව සඳහන් වේ. ගඟදිගේ පිහිටි තොටුපොළවලට රැකවරණය පතා පිහිටුවන ලද බළ කොටු රාශියකට විජිත නගර නමැති මහබළ කොටුවෙන් උදව් ලැබී ඇත. දොළොස්‌වැනි සියවසේ පොළොන්නරුව යනුවෙන් හැඳින්වෙන්නේ මේ බල කොටුවයි. පොළොන්නරුව යුද්ධෝපක්‍රමික අතින් වැදගත් විය. රුහුණෙන් සිදුවන ආක්‍රමණවලින් රජරට රැකුණේ පොළොන්නරුවෙන් ලැබුණ ආරක්‍ෂාව නිසාය. එසේම ආක්‍රමිණිකයන්ගෙන් තර්ජන එල්ලවූ හැම විටම එයට එරෙහිව ලහි ලහියේ ආරක්‍ෂාව සංවිධාන කිරීමට හා අවශ්‍ය වූ විටෙක රුහුණු පාලකයන්ට පලායැමට සුදුසු තැනක්‌ වූයේද පොළොන්නරුවයි.



පුරාණ යුගයේ රට බෙදා තිබුණු පිළිවෙළ ගැන හෝ එබඳු කොටස්‌ පාලනය කළ ආකාරය ගැන හෝ මෙතෙක්‌ ලැබී ඇත්තේ තොරතුරු ස්‌වල්පයක්‌ පමණකි. එසේ වුවද 8 වැනි සියවසේ සිට 12 වැනි සියවස දක්‌වා කාලය එනම් මධ්‍යතන යුගයේ පාලනය කරන ලද ආකාරය පිළිබඳ තොරතුරු රාශියක්‌ (ක්‍රි. ව. 1187 - 1196 ) කාලයේ රජකළ නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද ටැම් ලිපියක "තුන් හෙළය" (රුහුණු, පිහිටි, මායා) ගැන සඳහන් වේ.

පහතරට වියළි ප්‍රදේශය සිංහල සභ්‍යත්වයේ මුල් බිමය. ඒ හේතුවෙන් එම ප්‍රදේශය ඉතිහාසයේ වැදගත්ම ප්‍රදේශයයි. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක්‌ පමණ වන මේ ප්‍රදේශයට වයඹ, උතුර, ඊසාන, උතුරු මැද, නැගෙනහිර, ගිණිකොණ යන මේ කොටස්‌ ඇතුළත්ය. ඔක්‌තෝබරයේ සිට අප්‍රේල් දක්‌වා පමණක්‌ වැසි ලැබෙන නිසාත් (ඊසාන මෝසම්) මැයි සිට සැප්තැම්බර් දක්‌වා නියඟ ඇතිවන නිසාත්, (නිරිත මෝසම්) මේ ප්‍රදේශ වියළි කලාපය යනුවෙන් හැඳින්වෙයි.

ප්‍රධාන වශයෙන් යුරෝපීය ජාතීන් තුනක්‌ සමග නිරන්තරයෙන් පැවති අරගල අවසානයේ 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව රටේ පාලනයට ඉංග්‍රීසීන් අවතීර්ණ වීමත් සමගම, එතෙක්‌ පැවති පාලන ක්‍රමය ද වෙනස්‌වීම ඇරැඹිණි. ඒ අනුව ලංකාවේ පාලනතන්ත්‍රය පරීක්‍ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය විලියම් කෝල්බෘක්‌ සාමිවරයා පත්කරනු ලැබ 1824 අප්‍රේල් මාසයේදී අවශ්‍ය කටයුතු සඳහා ලංකාවට පැමිණියේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විවිධ පුද්ගලයන්, සමිති සමාගම් හමුවෙමින් එක්‌ රැස්‌කර ගත් කරුණු පදනම් කොටගෙන පරිපාලනය පිළිබඳ විශාල වෙනස්‌කම් සිදුවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කරමින් 1832 මාර්තු මාසයේ දී ඔහු සිය වාර්තාව බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළේය.

මේ වනවිට උඩරට පහතරට යනුවෙන් ක්‍රියාත්මක වූ පාලන ක්‍රමය එක්‌කරමින් එකම පාලනයක්‌ බවට පත්කළ යුතු බව කෝල්බෘක්‌ හා කැමරන් නිර්දේශයන් වූ අතර දිවයිනම පරිපාලන පළාත් පහකට වෙන් කිරීම තවත් එක්‌ නිර්දේශයක්‌ විය.

යාපනය අගනගරය කරමින් උතුරු පළාත ගාල්ල අගනුවර කරමින් දකුණු පළාත, ත්‍රිකුණාමලය අගනුවර කරමින් නැගෙනහිර පළාත, කොළඹ අගනුවර වශයෙන් බස්‌නාහිර පළාත හා මහනුවර අගනගරය මධ්‍යම පළාත ඉහත කී නිර්දේශය අනුව පිහිටුවන ලැබූ පළාත් පහයි. එක්‌ පළාතක ප්‍රධාන රටකරවන නිලධාරියා ආණ්‌ඩුවේ ඒජන්ත වශයෙන් හැඳින් විය. ආණ්‌ඩුවේ ඒජන්තවරු පස්‌ දෙනකුට සීමාවීම අනුව ආණ්‌ඩුවේ මුදල් විශාල ප්‍රමාණයක්‌ අඩුකර ගැනීමට හැකි වීම ඉහතකී නිර්දේශයේ එක්‌ වැදගත් අංගයක්‌ විය. මේ පළාත් බෙදීයැමේ කිසිදු ඓතිහාසික හෝ ස්‌වාභාවික හෝ දේශපාලන සම්බන්ධකම් ගැන සැලකිල්ලක්‌ දක්‌වා කරන ලද්දක්‌ නොවන බව සඳහන් වේ. මුළු රටෙන් 1/5 ක්‌ පමණ විශාල වූ කොටසක්‌ එක්‌ පළාතකට වෙන්වීම, මේ පළාත් බෙදීමේ ප්‍රධාන දුර්වලකමක්‌ වශයෙන් හැඳින්වෙන අතර ගමනාගමන දුෂ්කරතා බෙහෙවින් බලපැවැත් වූ එකල තම පාලනය අදාළ පළාතේ බොහෝ කොටස්‌ ආණ්‌ඩුවේ ඒජන්තවරයාගේ අවධානයෙන් ගිලිහීයැම හේතුකොට ගෙන ජනතාවට මහත්වූ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය.

ආරම්භයේ 1834 දී පළාත් පහක්‌ වශයෙන් පැවතිය ද , ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්‌ඩුකාරයා (1841 - 1847) 1845 දී හලාවත, පුත්තලම හා සත්කෝරළය එක්‌කොට, පුත්තලම අගනුවර ලෙස පවත්වමින්, වයඹ පළාත බිහිකළේය. 1856 දී නැවත වරක්‌ වයඹ පළාතේ අගනුවර කුරුණෑගල බවට පත්කරන ලදී. 1870 දී නැගෙනහිර පළාතේ අගනුවර වශයෙන් පැවති ත්‍රිකුණාමලය වෙනුවට මඩකලපුව තෝරා ගන්නා ලදී.

1872 සිට 1877 දක්‌වා වසර පහක්‌ ආණ්‌ඩුකාරධූරය දැරූ ශ්‍රීමන් විලියම් හෙන්ද්‍රිතුමාට, නුවර කලාපයේ හා තමන්කඩුවේ කළ සංචාරයකදී වැටහී ගිය පරිදි යාපනය දිසාපතිවරයාට ඈත සිංහල ගම් දනව් වෙනුවෙන් කටයුතු කිරීමේ දුෂ්කරතාවය පෙනී ගියෙන් 1873 දී අනුරාධපුරය අගනගරය කරමින් උතුරු පළාතට අයත්කොට තිබූ නුවර කළාපයත්, නැගෙනහිර පළාතට එක්‌කොට තිබූ තමන්කඩුවත් එක්‌කොට උතුරු මැද පළාත පිහිටුවීය.

එක්‌දාස්‌ අටසීය අනූව පමණ වන විට මොණරාගල, වැලිමඩ හා බදුල්ල ප්‍රදේශවල වතු වගාව සීග්‍රයෙන් වර්ධනය වන්නට විය. මේ වනවිටත් මෙකී ප්‍රදේශ ද මහනුවර අගනුවර කොට ගෙන පිහිටුවා තිබුණත් මහනුවර ඒජන්තගේ අවධානය යොමු වීම අපහසු කටයුත්තක්‌ විය.

මේ දුර බැහැර ප්‍රදේශ තනි පළාතක්‌ යටතට ගැනීම පාලන කටයුතු වලටද පහසුවක්‌ විය හැකි බව සලකා ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්‌ඩුකාර තුමා මධ්‍ය පළාතට අයත්ව තිබූ බින්තැන්න, වියලුව, වෙල්ලස්‌ස, උඩුකිඳ, යටිකිඳ, කොටස්‌ ද දකුණු පළාතට අයත්ව තිබූ වැල්ලවාය, බුත්තල යන පෙදෙස්‌ ද එක්‌කොට බදුල්ල අගනුවර කරමින් ඌව පළාත බිහි කළේය.

එසේම කුකුළු කෝරළය, කොළොන්න කෝරළය, වැනි ප්‍රදේශවල දියුණුවට කටයුතු කිරීම අපහසු බව පෙනී ගියෙන් 1889 දී ගෝර්ඩන් ආණ්‌ඩුකාරතුමා විසින් එතෙක්‌ පිහිටුවා තිබුණු පළාත් අට තවදුරටත් පුළුල් කරමින් රත්නපුරය අගනුවර කරමින්, සබරගමුව ශ්‍රී ලංකාවේ නවවෙනි පළාත ලෙස නම් කළේය.

රුහුණු, මායා, පිහිටි වශයෙන් ක්‍රියාත්මක වූ තුන් හෙළය රටට සුදු අලියෙක්‌ වෙමින් දැනට ක්‍රියාත්මක වන පළාත් නවයක්‌ ලෙස බිහි වූයේ ඔය ආකාරයටය.

මෙයින් කෙටි කළකින්ම පරිපාලන කටයුතු ශීඝ්‍රයෙන් පුළුල් වන්නට විය. පළාත පාලනය කළ ඒජන්ත තැනට රාජකාරි කටයුතු බහුල වන්නට වූයෙන් , පළාත් දිස්‌ත්‍රික්‌ක වලට බෙදිණි. බස්‌නාහිර පළාත කොළඹ, කළුතර, ගම්පහ වශයෙන් ද, දකුණු පළාත ගාල්ල, මාතර, හම්බන්තොට වශයෙන් ද, මධ්‍යම පළාත මහනුවර හා මාතලේ ලෙස ද, ඌව පළාත බදුල්ල හා මොනරාගල යනුවෙන් හා අනෙකුත් සියලුම පළාත් ද දිස්‌ත්‍රික්‌ක වශයෙන් කොටස්‌ දෙක තුන වනසේ බෙදී වෙන්විණි.

පරිපාලනයේ පහසුව අරමුණ කොටගෙන බෙදුණු පළාත් අද වන විට සුදු අලියෙක්‌ බවට පත්වී ඇතිවා පමණක්‌ නොව උතුරු හා නැගෙනහිර පළාත් ජනවර්ගයන්ගේ නිජබිම වශයෙන් සලකමින් වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමේ පදනම වශයෙන් ඒත්තු ගැන්වීමේ වෑයමක්‌ දක්‌වා ගමන්කොට ඇත.

එච්. එම්. කල්දේරා

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...