වඳවී යැමේ තර්ජනයට ලක්‌ව සිටින 40 ලක්‍ෂයක උඩරට සිංහලයෝ
උඩරැටියන්
මෙම ලිපියේ උඩරට සිංහලයන් වශයෙන් මා හඳුන්වනුයේ 1815 දී ඉංග්‍රීසීන් සමඟ උඩරට ගිවිසුම අත්සන් කළ අවස්‌ථාව වන විට උඩරට රාජධානිය වශයෙන් හඳුන්වන ලද භූමි ප්‍රදේශ පුරාම වාසය කළ සහ ඔවුන්ගෙන් පැවත එන පුද්ගලයන්ය. දිවයිනේ වර්ග ප්‍රමාණයෙන් 1/3 ක් පමණ වන මෙම ප්‍රදේශයේ වර්තමානයේ සිටින ජනගහනය රටේ මුළු ජනගහනයෙන් 1/3 ක්, එනම් ලක්‍ෂ 70 ක් පමණ වෙයි. කෙසේ වුවද, 1951 උඩරට ගැමි කොමිසම ආවරණය කළේ මධ්‍යම හා ඌව පළාත් දෙක පමණක් බැවින් විශේෂයෙන් ම මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ එම පළාත් දෙකටය.
ක්‍රි. ව. 1505 සිට 1815 දක්‌වා පෘතුගීසි, ඕලන්ද හා ඉංග්‍රීසි යන ප්‍රබල ත්‍රිවිධ ආක්‍රමණිකයන් සමඟ ද එසේම 1817 - 18 සහ 1848 යන කාල වකවානුවලදී ඉංග්‍රීසීන්ගේ දුර්දාන්ත පාලනයට ද එරෙහිව රට, ජාතිය හා ශාසනය ආරක්‍ෂා කොට ගැනීම සඳහා සටන්වැදී දස දහස් ගණනින් ජීවිත පූජා කළෝ මොවුහුය. සිය ඉඩකඩම්, අඹුදරුවන්, හරකාබාන ඇතුළු සියලු වස්‌තූන් ද තම උතුම් නිදහස ද අහිමි කොට ගත්තෝ ද මොවුහුමය. කරුණු එසේ වුවද, අද වනතුරුත් කිසිම ඉතිහාසඥයකු හෝ මොවුන්ට ලංකා ඉතිහාසයේ හිමි නියම තැන ගැන කිසිදු සටහනක් තැබීම හෝ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ කිසිදු ඇගයීමක් හෝ සිදු කොට ද නැත.
උඩරැටියන් හා පහතරැටියන් වශයෙන් සිංහල ජාතිය බෙදීම
මේ රටේ දකුණු හා බස්‌නාහිර මුහුදුබඩ තැනිතලාවල ජීවත් වූ සිංහලයන්ගෙන් කන්ද උඩරට ජීවත් වූ සිංහලයන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා ඉංග්‍රීසීන් විසින් ඔවුන් උඩරැටියන් වශයෙන් නම් කරනු ලැබීය. 1803 දී Aබ aජජදමබඑ දෙ ඔයෑ ෂික්‌බා දෙ Ceහකදබ නමැති ග්‍රන්ථය සම්පාදනය කරන ලද රොබට් පර්සිවල් නමැත්තා විසින් පළමුවරට මෙම බෙදීම සහ නම්දීම හඳුන්වා දී තිබේ. එසේ කිරීමෙන් බෙදා පාලනය කිරීමේ උපායක් වශයෙන් සිංහල ජාතිය ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායම් දෙකකට බෙදන ලදී. මේ අන්දමින් බෙදීමට පෙර මේ රටේ සියලු දෙනා හඳුන්වන ලද්දේ සිංහලයන් වශයෙනි. ඒ සිංහලේ වැසියන් යන අරුතිනි. සිංහලේ යනු මේ රට හැඳින්වීම සඳහා වසර දහස් ගණනක් භාවිතා වූ නමය. 1815 උඩරට ගිවිසුමේ ද මේ රට සඳහන් කොට ඇත්තේ සිංහලේ වශයෙනි. 1815 වන තුරු මේ රටේ සිටි සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සියලු දෙනාම හඳුන්වන ලද්දේ සිංහලයන් වශයෙනි. බොහෝ මුස්‌ලිම් ජනයා මුදියන්සේලාගේ, විදානලාගේ ආදී වශයෙන් සිංහල වාසගම් ද ගෙන සිංහල කාන්තාවන් විවාහ කරගෙන මේ රටේ ප්‍රධාන ජනවර්ගය වූ සිංහලයන් සමඟ ඒකාබද්ධව සිටි බව පෙනේ. එසේම මේ සියලු දෙනාම සිංහල භාෂාව ද මැනවින් උගත්හ. එම නිසා මොවුන් හැඳින්විය යුත්තේ zමුසිංහලයින්Z වශයෙන් මිස මුස්‌ලිම්වරුන් වශයෙන් නොවේ. ඉහතින් සඳහන් පරිදි උඩරට සිංහලයන් වසර 350 කට ආසන්න කාලයක් පුරා ජීවිත පරිත්‍යාගයෙන් සිදුÊකරන ලද වීරෝදාර සටන් නොවන්නට අද අපට සිංහලයන් කියා කීමට ජාතියක් හෝ සිංහල දේශය - ශ්‍රී ලංකාව කියා කීමට රටක් පවා නොතිබෙනු ඇත. එසේම වසර 2500 ක ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ද මේ දිවයිනෙන් අතුරුදන් වී යුරෝපීය ආක්‍රමණිකයකුගේ, නාවිකයකුගේ හෝ මුහුදු කොල්ලකරුවකුගේ නමින් හැඳින්වෙන මේ රට ලෝක සිතියමේ ඉන්දීය සාගරයේ තවත් එක් නොවැදගත් දිවයිනක් පමණක් වීමට ද ඉඩ තිබිණ. ඒ අනුව සිංහල ජාතියත්, සිංහල දේශයත් එසේම සිංහල බෞද්ධ සංස්‌කෘතියත් වර්තමාන ලෝකයට ඉතිරි කොට දීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ මේ උඩරට සිංහලයන්ටය. එබැවින් ලොව පුරා සිටින සෑම සිංහලයෙක්‌ම ඔවුqන්ට සදා ණයගැතිය.
ඓතිහාසික යථාර්ථය එසේ වුවද, 1951 උඩරට ගැමි කොමිෂන් සභා වාර්තාව හැරුණු විට 1948 න් පසු මේ රට කරවූ එකදු රජයක් හෝ මෙකී යථාර්ථය වටහා ගත් බවක් හෝ උඩරට සිංහලයන්ට සිදු වී තිබුණු ඓතිහාසික අසාධාරණයන් නිවැරැදි කිරීමට හෝ කිසිදු පියවරක් ගෙන නොමැති බව පැහැදිලිවම කිව යුතුය. එසේම උඩරැටියන්ට අහිමි වූ ඔවුන්ගේ ඉඩකඩම් හෝ අයිතිවාසිකම් ද කිසිවක් අද වන තුරු ලබා දී නැත. එසේ කරනු වෙනුවට සෑම රජයක්‌ම සිදු කොට ඇත්තේ ඔවුන් මුළුමනින් ම අමතක කොට දමා පාවාදී දේශපාලනික, ආර්ථික හා සාමාජික වශයෙන් තව තවත් පරිහානියට පත් කිරීමය. එසේම තම උපන් බිමේම ඔවුන් අනාථයන් බවට පත් කිරීමය. ඊට අමතරව උඩරටින් සිංහලයන් පන්නා දමා සුද්දන්ගේ තේ වතු අධිරාජ්‍යයේ වහල් සේවයට ඉන්දියාවෙන් (19 වැනි සියවස් මැද භාගයේදී) මෙහි ගෙනවිත් දමා ගිය ලක්‍ෂ 12 ක් පමණ ඉන්දියානුවන් කඳුරට පුරා පදිංචි කොට මුළු මහත් කන්ද උඩරටම දෙමළ රාජ්‍යයන් කිරීමේ භයානක කුමන්ත්‍රණයක් ද රාජ්‍ය අනුග්‍රහය ඇතිව දැනට ක්‍රියාත්මක වෙමින් පවතියි. දෙමළ වතුකම්කරුවන්ට වතුකරයේ ඉඩම් ලබාදීම, නිවාස සාදාදීම, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී විවිධ පහසුකම් ලබාදීම, විදේශ රටවලින් සෘජුවම ආධාර ලබාගැනීමට සලස්‌වා නිහඬව සිටීම ඔවුන්ගේ නියෝජිතයන්ට අවිධිමත් අන්දමින් මැති ඇමැතිකම් ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදීම ආදිය තුළින් වර්තමාන රජය ද මෙම පාවාදීම දිගටම කරගෙන යයි. මේ සියල්ලම කරනුයේ වතුකම්කරුවන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා ය.
සුද්දන්ට වහල් බැලමෙහෙවර කරමින් තමන් උපයාගත් හැම සතයක්‌ම ඉන්දියාවට යෑවූ එසේම ඉන්දියාව තම මව්බිම වශයෙන් අදත් වඳින පුදන වතු කම්කරුවන්ට මේ අන්දමින් සලකන සෑම රජයක්‌ම, උඩරැටියන්ගෙන් එදා ඉංග්‍රීSසීන් විසින් කොල්ලකා ගත් අක්‌කර ලක්‍ෂ හයකට (6,00,000) ආසන්න ඔවුන්ගේම ඉඩම්වලින් අඟලක්‌වත් තවම ආපසු ලබා දී නැත. දිවයිනේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ විනාශ කොට දැමූ වනාන්තර නැවත වැවීමට ද ක්‍රමවත් වැඩපිළිවෙළක් නැත. සමස්‌ත කඳුකරයම සීතල මුඩු කාන්තාරයක් බවට පත් කරමින් වාර්ෂිකව ටොන් දහස් ගණනින් සරු පස මහ මුහුදට ගෙන යන සෝදාපාළුව පිළිබඳව ද කිසිවකුගේ අවධානය යොමු වී ඇති බවක් ද නොපෙනේ.
රට මැද තමිල්නාඩුවක්
1953 පැවැති කොතලාවල රජය හැර වෙනත් කිසිම රජයක් මේ රට මැද දෙමළ රාජ්‍යයක් බිහිවීම වැළැක්‌වීම සඳහා කිසිදු ක්‍රමවත් පියවරක් ගෙන නැත. 1987 දී සිරිමා - ශාස්‌ත්‍රී ගිවිසුමෙන් ද මෙම ප්‍රශ්නය විසඳීම සඳහා එක්‌තරා ප්‍රමාණයක උත්සාහයක් දරා තිබුණ ද එය ද නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නැත. මේ අතර 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අනුව දිවුරුම් පෙත්සමකින් රට මැද සිටින සියලුම ඉන්දියානු වතු කම්කරුවන්ට ශ්‍රී ලංකා රටවැසිභාවය ප්‍රදානය කොට ඇත. ඉන්දියාව ඇතුළු සිංහල බෞද්ධ විරෝධී බටහිර රටවලින් මොවුන්ට කෙලින්ම ආධාර ලබා ගැනීමට ඉඩ දී සියලුම රජයන් දැස පියාගෙන සිට ඇත. එසේම සියලුම රජයන් විසින් මෙම ප්‍රදේශවල දෙමළ ජනතාව වෙනුවෙන් ප්‍රකෝටි ගණනින් මුදල් වැය කොට ඇත.
පිටරටකින් සුද්දන්ගේ කුලී වැඩ කිරීමට මෙහි ගෙන ආ මේ රට තමන්ගේ මව්බිම වශයෙන් පිළි නොගන්නා ඉන්දියානුවන්ට මෙසේ සැලකුව ද කොත්මලේ, වික්‌ටෝරියා වැනි ජලාශ සඳහා ඉඩම් අත්පත් කර ගැනීම නිසා අවතැන් වූ එක පවුලක් හෝ වලපනේ නාය යැමෙන් අනාථ වූ එක සිංහල පවුලක් හෝ උඩරට කඳුකරයේ පදිංචි කිරීමට කිසිම රජයකට නොහැකි වී ඇත්තේ වතු දෙමළ ජනතාවගේ විරෝධය නිසා ය. ඔවුන් සියලුදෙනාම ඔවුන්ගේ නිජ භූමියෙන් උද්ධරණය කොට වියළි කලාපයට පන්නා හැර ඇත. පසුගියදා කොස්‌ලන්දේ නාය යැම නිසා අවතැන් වූවන් සඳහා මසක් ගත වීමටත් පෙර වතුකරයෙන් ඉඩම් හඳුනාගෙන රජය විසින්ම රජයේ වියදමින් ඔවුන්ට නිවාස සාදා දීමට ද කටයුතු කොට අවසාන බව රජයේ ප්‍රවෘත්ති මාධ්‍යයෙන් 2014 නොවැම්බර් 14 වැනි දින ප්‍රකාශ විය. මෙවර රාජපක්‍ෂ මහතාගේ ජනාධිපති මැතිවරණ ප්‍රකාශයෙන් ද වතුකරයේ සෑම දෙමළ පවුලකටම පර්චස් 7 බැගින් ලබා දෙන බව පොරොන්දු වී ඇත. එක් අතකින් මේ රටේ වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් සිටි භූමියේ පරම උරුමකරුවන් වූ සිංහලයන්ටත්, අනෙක් අතින් පිටරටකින් වතුවල කුලියට ගෙන ආ පිරිසකටත් ලංකා ආණ්‌ඩු සලකන දෙබඩි පිළිවෙත මෙයින්ම පැහැදිලි වෙයි. එසේම උඩරට ජනතාව කෙරෙහි රජය දක්‌වන සැලකිල්ල ද මනාව ප්‍රදර්ශනය වෙයි. ආපදාවකට පත් මිනිසුන්ට සැලකීම ඉතා හොඳ මනුෂ්‍ය ගුණධර්මයකි. එහෙත් රට ජාතිය රැක ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් වසර 350 ක් තිස්‌සේ සටන් කළ ඉරහඳ පෑයූ දා සිට මෙහි පදිංචිකරුවන් වූ උඩරට සිංහලයන්ට මේ අන්දමින් ෙද්‍රdaහී වීම කිසිසේත් අනුමත කළ නොහැක.
වසර 350 ක් තිස්‌සේ උඩරට රාජධානියේ සිංහලයන් විසින් කරන ලද කාර්ය භාරය මහා වංශයේ රන් අකුරින් ලියා තබනු වෙනුවට ඔවුන් මුළුමනින් ම අමතක කොට දමා ඇති අතර, දේශපාලන, ආර්ථික හා සාමාජික වශයෙන් ද නොසලකා හැර තම උපන් බිමේ ම ඔවුන් අද අනාථයන් බවට පත් කොට ඇත. තම උපන් බිම මේ අන්දමින් නොසලකා හරින ලද ජන කොට්‌ඨාශයක් මේ ලෝකයේ වෙනත් කිසිම රටක ඇතැයි මම නොසිතමි.
1951 උඩරට ගැමි කොමිසමෙන් හඳුනාගෙන තිබුණු උඩරැටියන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ඉඩම් නොමැතිකමය. 1949 දී එය පවුල් 39,000 ක් වශයෙන් හඳුනාගෙන තිබිණි. වර්තමානයේ එම සංඛ්‍යාව 2,00,000 ද ඉක්‌මවා ඇත. ඔවුන්ගේ අනෙකුත් ගැටලු අතර තම ගම්බිම්වලට යැමට මාර්ග පහසුකම් හා පණනල ගැට ගසා ගැනීම සඳහා ගොවිතැන් කර ගැනීමට වාරි මාර්ග පහසුකම් නොමැති වීම, සෝදාපාළුව නිසා භූමිය නිසරු වීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, විරැකියාව, නිවාස හා දරිද්‍රතාවය ආදී ප්‍රශ්න හඳුනාගෙන තිබිණි.
අද මෙම ගැටලු කොතරම් උග්‍ර වී ඇද්දැයි කිවහොත් 2003 කාර්ය සාධක වාර්තාව අනුව උඩරට ප්‍රදේශ දිවයිනේම වැඩිම දරිද්‍රතාව ඇති ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන ඇත. සමස්‌ත දිවයිනේ අවම මානව දර්ශකය වූ 0.694 වාර්තා වී ඇත්තේ මහනුවර දිස්‌ත්‍රිකයෙනි.
මෙම පළාත් දෙකේ ගැමියන්ගේ ගැටලු නිරාකරණය සඳහා සෘජුවම අග්‍රාමාත්‍යවරයා යටතේ අමාත්‍යාංශ ලේකම්වරයකුගේ භාරයේ, විශේෂ බලතල සහිත සංවර්ධන අධිකාරියක් පිහිටුවන මෙන් උ. ගැ. පු. කොමිෂමෙන් 1951 දී නිර්දේශ කොට තිබිණ. එහෙත් අද වන තුරුම එය ද සිදු කොට නැත. 1953 දී ප්‍රතිපත්තියක් වශයෙන් මෙය පිළිගනු ලැබ එවකට ස්‌වදේශ කටයුතු භාර අමාත්‍යවරයා වූ ඒ රත්නායක මහතා විසින් කොමිෂමේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සය අවුරුදු සැලැස්‌මක් සකස් කරන ලදී. එසේ වුවද එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තුවක් පිහිටුවන ලද්දේ 1958 දී ය. එය ද පූර්ණ බලතලැති වැදගත් දෙපාර්තමේන්තුවක් නොවූ C ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් පමණක් විය. එහි කාර්යභාරය වූයේ රජය මගින් සපයන ලද සුළු මුදලක් විවිධ දෙපාර්තමේන්තු මගින් කුඩා මාර්ග සහ වාරිමාර්ග ආදිය සඳහා බෙදා දී සම්බන්ධීකරණය කිරීම පමණි. අනතුරුව 1964 දී එය ඊ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා කොමසාරිස් වශයෙන් නම් කෙරිණ. ඉතා දිගු නින්දකින් පසු 1989 දී මහවැලි අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘති අමාත්‍යාංශයක් මේ සඳහා පිහිටුවන ලදී. එදා ණ්‌බාහ්බ යන වචනය වෙනුවට එය ඹචජදමබඑරහ Deඩැකදචපැබඑ - ඵසබසිඑරහ වශයෙන් නම් කෙරුණේ උඩරට (ණ්‌බාහ්බ) යන වචනය භාවිතා කිරීමට එරෙහිව රජයේම ඇතැම් මැති ඇමැතිවරුන් විරුද්ධ වූ නිසාය. 1993 දී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAෂCA) මගින් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා මහා සැලැස්‌මක් පිළියෙළ කරන ලදී. කෘෂිකාර්මික හා ග්‍රාම සංවර්ධන වැඩසටහනක් වූ ඒ සඳහා රුපියල් බිලියන 15.4 ඇස්‌තමේන්තු කොට තිබිණ. එම සැලසුම ක්‍රියාත්මක කිරීමේ කාලය 2003 දී අවසන් වූයේ ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙනමය. නැවතත් 2005 අගෝස්‌තු 24 අංක 26 දරණ පනතින් ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය නම් වූ ආයතනයක් පිහිටුවන ලදී. 1951 උ. ගැ. කො. වාර්තාව හෝ උඩරට ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කිසිදු අවබෝධයක් නැති දේශපාලන ගැත්තන්ගෙන් එය පුරවා ආයතනයේ ප්‍රතිපාද දේශපාලන ප්‍රචාරක වැඩ සඳහා සහ ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වැය කළ මෙම ආයතනය ද 2014 ජනවාරි මස 08 වනදා අවසන් ගමන යවන ලද්දේ දිsවි නැඟුම දෙපාර්තමේන්තුව පිහිටුවීමත් සමඟය. මෙම නව ආයතනය උඩරට ගැමි පුනරුත්ථාපන කටයුතුවලට කිසිදුÊසම්බන්ධතාවක් නැති අතර එය ද පෙර පරිදිම දේශපාලන ඉත්තන්ගෙන් පුරවා, පවතින රජයේ පක්‍ෂ දේශපාලන වැඩසටහන් ක්‍රියාත්මක කර ගැනීම සඳහා පමණක් යොදාගෙන ඇති බව පෙනේ.
මේ අනුව නිදහසින් පසු පැවැති සෑම රජයක්‌ම අද දක්‌වා රටේ 1/3 ක් පමණ වූ ප්‍රදේශයක ජීවත්වන මුළු රටේ ජනගහනයෙන් 1/5 ක් එනම් ලක්‍ෂ 40 ක් පමණ ජනතාවකට, එසේම වසර 350 ක් තිස්‌සේ රට රැකගත් වීරෝදාර ජනතාවකට සලකා ඇති ආකාරය හොඳින් පැහැදිලි වෙයි.
උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවේ/ අධිකාරියේ මළගම
2014 ජනවාරි 08 වැනි දින උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව වසා දැමීම 1951 සිට මේ දක්‌වා පැවැති සෑම රජයක් විසින්ම ක්‍රියාත්මක කළ උඩරට ජනතාව පාවාදීමේ වැඩපිළිවෙළේ කූඨ ප්‍රාප්තිය වශයෙන් මම දකිමි. මෙම තීරණයෙන් උඩරට ගැමි පුනරුත්ථාපනය නමැති විෂය මිහිදන් කළා පමණක් නොව උඩරැටියන් නමැති අභිමානවත් ජන කොට්‌ඨාසය ද නින්දාවට හා අවඥාවට පත් කොට ඇත. මෙම අදූරදර්ශී තීරණයට එළඹි සියලු දෙනාගෙන්ම මා අසා සිටින ප්‍රබල ප්‍රශ්නය නම් මේ රටත් ජාතියත් වසර 350 ක් තුළ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට ගත් වීරෝදාර ජනතාවකට මේ නින්දාව, මේ අපහාසය, සිදුකළේ ඇයි? යන්නය. ඔවුන් වෙනුවෙන් තිබුණු එකම රාජ්‍ය ආයතනය වසා දැම්මේ ඇයි යන්නය. මේ අන්දමින් මෙම අපරාධය කරන තුරු උඩරට ප්‍රදේශ නියෝජනය කරනවා යයි කියන පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 100 ක් පමණ දෙනා කුමක් කළේද? ඔවුන් හෝ පළාත් සභා ආණ්‌ඩුකාරවරු මහ ඇමැතිවරු මහජන නියෝජිතයන් සහ ප්‍රාදේශීය සභාවල සිටින කිසිවකු මීට විරුද්ධව එක වචනයක් හෝ කථා නොකළේ ඇයි. සමස්‌ත උඩරට ප්‍රදේශ පුරාම සිටින ගැහැනු හා මිනිස්‌සු අද මේ ප්‍රශ්නය අසනු ඇත. බහ නොතේරෙන දරුවන් ද ඔවුන්ට මේ අසාධාරණය තේරුණුදාට මේ ගැන විමසනු ඇත. මගේ අදහස අනුව මෙම ආයතනය වසා දැමීමට ඡන්දය දුන්, ඒ පිළිබ\ නිහඬව සිටි කිසිම මහජන නියෝජිතයකුට, ආත්ම ගරුත්වය කියා කළඳක් හෝ තිබේ නම්, තවදුරටත් එකී තනතුරුවල සිටිය නොහැක. එසේම සිටීමට අයිතියක් ද නැත. නැවත කවදා හෝ මහජනතාව ඉදිරියට යායුතුය. ගියදාට ඔවුන් විසින් ඔබ සියලු දෙනා ප්‍රතික්‍ෂේප කොට පලවා හරිනු ඇත.
මේ අපරාධයෙන් නින්දාවෙන් හා පාවාදීමෙන් ගැලවීමට ඇති එකම මඟ දැන්වත් මීට වගකිව යුතු බලධාරීන්ට කරුණු පැහැදිලි කොට උඩරට ගැමි පුනරුත්ථාපන අධිකාරිය නැවත පිහිටුවා 1951 උ. ගැ. ප්‍ර. කොමිසමේ සඳහන් පරිදි පූර්ණ බලැති සංවර්ධන අධිකාරියක් බවට එය පත්කොට ඒ වීරෝදාර මිනිසුන් වෙනුවෙන් කළයුතු මෙහෙවර සිදුකොට ඔවුන්ට කෘතගුණ දැක්‌වීමය. එසේ කිරීමට කිසිවකු ඉදිරිපත් නොවේය යන පදනම මත, උ. ගැ. පු. අධිකාරිය වහාම නැවත පිහිටුවා ඉහත සඳහන් පරිදි උඩරැටියන් වෙනුවෙන් තම පැහැර හරින ලද යුතුකම ඉටුකරන මෙන් මේ තීරණ ගත් රජයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගෙන් මම මින් ඉල්ලා සිටිමි.
අනාගත පරම්පරාවේ ශාපයට ලක්‌වන උඩරට දේශපාලනඥයෝ
මෙහිලා සඳහන් කළ යුතු තවත් එක් වැදගත් ප්‍රශ්නයක් ඇත. එනම් සාම්ප්‍රදායික උඩරට ප්‍රදේශ නියෝජනය කරනවායි කියන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් දහස් ගණනක් ඔවුන්ට ඡන්දය දුන් මිනිසුන්ට මේ රජය මෙවැනි ෙද්‍රdaහිකමක් කරන තුරු ගොලුවන්, බිහිරන් හා අන්ධයන් මෙන් බලා සිටියේ ඇයි යන්නය.
තමන් නියෝජනය කරනවා යයි කියන එසේම තමන්ට දේශපාලන ක්‍ෂේත්‍රයේ වරප්‍රසාද භුක්‌ති විඳීමට ඡන්දය දුන් ඒ මිනිසුන් වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුq නොකොට., තම වරප්‍රසාද සහ මැති ඇමැතිකම් ආරක්‍ෂා කර ගැනීම පමණක් අරමුණු කොට ගෙන නිර්ල-ජිත අන්දමින් තම ජනතාව පාවාදුන් මොවුන් කිසිවෙකුට ආත්ම ගරුත්වය කියා යමක් ඇත්නම් තව මොහොතක් හෝ තමන් දරන තනතුරුවල රැඳී සිටීමට සදාචාරයක් තිබේද? තමන් බලයට පත් කළ තම ජනතාව මේ අන්දමින් පාවාදී තනතුරුවල රැඳී සිටීම සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව අපාගත වන පාපයකි. මෙම සටහන තැබීමට මා අදහස් කළේ යටත් පිරිසෙයින් තම ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට හෝ එක වචනයක් හෝ කථා කිරීමට හෝ ලිවීමට එක ද ජනතා නායකයකු නොසිටි නිසාය. ඒ රත්නායක, ඇම්. ඩී. බණ්‌ඩා සහ එම්. බී. ඩබ්ලිව්. මැදිවක වැනි දේශපාලනඥයන් නොමැති පාඩුව දැනෙන්නේ මෙවැනි අවස්‌ථාවන්හිදී ය.
වසර 350 කට අධික කාලයක් පුරා තම රට ජාතිය වෙනුවෙන් දිවි හිමියෙන් එඩිතරව සටන් වැදි මේ රට ජාතිය හා ශාසනය අපට ආරක්‍ෂා කොට දුන් ඒ අපගේ මුතුන්මිත්තන්ගේ නාමයෙන් වර්තමානයේ ජීවතුන් අතර සිටින සියලුදෙනාගේ වේදනා හා දුක් අඳෝනා සමස්‌ත ජාතියටම ඇසෙන සේ, පෙනෙන සේ මෙසේ ලියා තැබීමට අදහස් කළේ, මේ මහා අසාධාරණය වෙනුවෙන් හඬක් නැගීමට හා සටන් කිරීමට හැකි එක මිනිසෙකු හෝ හෙට දින බිහිවනු ඇතැයි යන අපේක්‍ෂාවෙනි. නිරනුමානයෙන්ම එදාට ඔහු සමඟÊඑක් වන උඩරට සිංහලයන් මේ මහ අපරාධය සිදු කළ හා ඊට අනුග්‍රහය දැක්‌වූ සෑම දේශපාලනඥයකුටම ශාප කරනු ඇත.
ආචාර්ය සුදත් ගුණසේකර
මහනුවර ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සභාපති