Posted on February 21st, 2016
ආචාර්ය සූරිය ගුණසේකර Courtesy ඉරිදා
දිවයින
ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම
වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්‍රදායික
දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟය. සිංහල ජනතාව
විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්‍රවාදය එයින් ලේ විලක් බවට රට
පත්ව තිබිණි. සංහිඳියාවේ නාමයෙන් හෝ ත්‍රස්තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය
බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය. විපක්ෂ නායක සහ දෙමළ ජාතික
සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කරන ලද්දේ තමන් ඉල්ලා සිටින්නේ
ඓතිහාසිකව පැවැතෙන දෙමළ නිජ භූමිය බවය. මේ සඳහා වන ප්‍රතිඋත්තර බැඳීම් කිහිපයක්
ලැබී ඇති බැවින් මෙම මාතෘකාව සඳහා සංවාදයක් ඇරඹීමට ‘දිවයින’
ඉඩ වෙන්
කිරීමට තීරණය කළෙමු. මේ එහි පළමු වටයයි.
පසුගිය පෙබරවාරි 14 දින ඉරිදා දිවයින පුවත්පතේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් දෙමළ රාජ්‍යයක් ගැන අදහස් දක්වා තිබිණි. එම කරුණු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ගොඩනැංවුණ තොරතුරු නොව ඊළාම් සාහිත්‍යය අයත් මෑත කාලයේ ප්‍රබන්ධ කළ ඒවා වෙති. පුරාණ යාපනය (Ancient Jaffna) නමැති කෘතිය 1919 දී සම්පාදනය කළ රාසනාගයම් මුදලි විසින් ප්‍රකාශ කරන්නේ යාල්පානම් වයිපවමාලෙයි, පරරාජසේකරන් උලෙයි, වයියා පඩාල්, කයිල්ය මාලෙයි වැනි පොත්වල ඇති උක්ත කතා ගැහැනුන් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද කතා බවය. මෙම කතා උපයෝගී කරගෙන පේරාදෙණියේ ඉතිහාස කථිකාචාර්ය කේ. ඉන්ද්‍රපාලන් විසින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට 1967 දී ඉදිරිපත් කළ ආචාර්ය උපාධිය සඳහා වන නිබන්ධනය වූ Early
Tamil Settlements in Jaffna කෘතිය සඳහා පී. එච්. ඩී. (ආචාර්ය) උපාධිය ලැබුණි. එහි කියෑවෙන්නේ 1215 කාලිංග මාඝ ආක්රමණයේ පටන් යාපනේ වෙනම දෙමළ රාජ්‍යයක් ඇතිවූ බවය. ෙ-. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම සුවයෙන් පසුවන 1996 දී කීවේ මහාචාර්ය කේ. එම්. ද සිල්වා විසින් තමාට විස්තර කළ පරිදි උතුර – නැඟෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක් තිබූ නිසා 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් එම භූමිය දෙමළ නිජබිම ලෙස පිළිගෙන අත්සන් කළ බවය. දැන් සම්බන්ධන් මහතා ද එම කේ. එම්. ද සිල්වාගේ ඉතිහාසය පොත බලන ලෙස අපට කියයි. එහි ඇත්තේ ඉන්ද්‍රපාලන්ගේ පී. එච්. ඩී. නිබන්ධනයේ ඇති කතන්දර ඉතිහාසයයි.
පසුගිය පෙබරවාරි 14 දින ඉරිදා දිවයින පුවත්පතේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් දෙමළ රාජ්‍යයක් ගැන අදහස් දක්වා තිබිණි. එම කරුණු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ගොඩනැංවුණ තොරතුරු නොව ඊළාම් සාහිත්‍යය අයත් මෑත කාලයේ ප්‍රබන්ධ කළ ඒවා වෙති. පුරාණ යාපනය (Ancient Jaffna) නමැති කෘතිය 1919 දී සම්පාදනය කළ රාසනාගයම් මුදලි විසින් ප්‍රකාශ කරන්නේ යාල්පානම් වයිපවමාලෙයි, පරරාජසේකරන් උලෙයි, වයියා පඩාල්, කයිල්ය මාලෙයි වැනි පොත්වල ඇති උක්ත කතා ගැහැනුන් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද කතා බවය. මෙම කතා උපයෝගී කරගෙන පේරාදෙණියේ ඉතිහාස කථිකාචාර්ය කේ. ඉන්ද්‍රපාලන් විසින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට 1967 දී ඉදිරිපත් කළ ආචාර්ය උපාධිය සඳහා වන නිබන්ධනය වූ Early
Tamil Settlements in Jaffna කෘතිය සඳහා පී. එච්. ඩී. (ආචාර්ය) උපාධිය ලැබුණි. එහි කියෑවෙන්නේ 1215 කාලිංග මාඝ ආක්රමණයේ පටන් යාපනේ වෙනම දෙමළ රාජ්‍යයක් ඇතිවූ බවය. ෙ-. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම සුවයෙන් පසුවන 1996 දී කීවේ මහාචාර්ය කේ. එම්. ද සිල්වා විසින් තමාට විස්තර කළ පරිදි උතුර – නැඟෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක් තිබූ නිසා 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් එම භූමිය දෙමළ නිජබිම ලෙස පිළිගෙන අත්සන් කළ බවය. දැන් සම්බන්ධන් මහතා ද එම කේ. එම්. ද සිල්වාගේ ඉතිහාසය පොත බලන ලෙස අපට කියයි. එහි ඇත්තේ ඉන්ද්‍රපාලන්ගේ පී. එච්. ඩී. නිබන්ධනයේ ඇති කතන්දර ඉතිහාසයයි.
1.
උතුරේ දෙමළ
රාජ්‍යයක් පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාලිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු,
සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්තු ද සාහිත්‍ය
කෘති ද තිබිය යුතුය. එබඳු කිසිවක් යාපනේ නැත. මන්ත්‍රී මාලිගය සපුමල් කුමරුගේය.
නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය.
2.
ජැප්නා
කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක් පමණි. ලංකාවේ සිතියමක් නැති නිසා හා
රටේ අභ්‍යන්තරයේ විශාලත්වය හෝ තත්ත්වය නොදත් නිසා ලංකාව විශාල අධිරාජ්‍යයක් ලෙස
පරංගීහු සැලකූහ. එම්පරර් ඔෆ් කෝට්ටේ,
කිං ඔෆ්
සීතාවක, කිං ඔෆ් රයිගම, කිං ඔෆ් ගම්පල, කිං ඔෆ් ජැෆ්නා ආදී නම් භාවිතා කළේ එම
කිංලාගේ කිංඩම්ස් ද සඳහන් කරමිනි. ඉංග්‍රීසීන් ගෙනවුත් පදිංචි කරවූ දෙමළ
කතාකරන්නන් (දෙමළ හා මුස්ලිම්) බලාකියා ගැනීම ඔවුන්ගේ යුතුකමක් විය. ඉතිහාසය
ලිවූ ඉංග්‍රීසීහු සීතාවක, රයිගම,
ගම්පල හලා
දමා ජැෆ්නා කිංඩම් හා කිං ඔෆ් ජැෆ්නා පමණක් ඉතිරි කළහ. µ්‍රeන්සිස්කෝ
නිගරෝ පියතුමා විසින් සම්පාදනය කරන ලදුව ක්වේරෝස් පියතුමා විසින් ප්‍රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ
කියවෙන්නේ කිංඩම් 14 ක් තිබූ බවය. ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි.
3.
යාපනය
පාලනය කළේ ජැෆ්නාපටම් හි සිටි මුදලි විසිනි. යාපනය වන ලැහැබ් සහිත කැලෑවක් මිස
රාජධානියක් නොවේ. උතුරේ වැදිආරච්චි (වඩමරච්චි) නැඟෙනහිර පස්හෙලපාලි
(පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (තෙන්මරච්චි) හා
බටහිර වැලිගම (යාපනය) යන ආරච්චි වසම් හතර වෙරළ ආසන්නයේ තිබූ කුඩා ජනාවාස හතරයි.
මුදලි යනු “මුදල්”
යන
අර්ථයයි. යාපාපටුනේ රේගු බදු හා වරාය බදු මුදල් අය කළ නිසා ඔහු මුදලි ලෙස හැඳින්
වුණ බව ක්වේරෝස් ග්‍රන්ථය පවසයි. මාතොටද මුදලිවරයෙක් විය.
4.
1619 දී සන්කිලිගෙන්
පෘතුගීසීන් යාපනය අල්ලාගත් විට ගිවිසුමක් අත්සන් කරන ලදී. එය සිංහල හා පෘතුගීසි
දෙබසින් සැකසිණ. සංකිලිගේ බිසව බෞද්ධ කාන්තාවකි. ඔහුගේ ඇමැතිවරු දසදෙනාම සිංහලය.
අගමැති ආනන්ද අමරකෝන්ය. (ක්වේරෝස් ග්රන්ථයා
5.
යාපනය
පාලනය කළ පෘතුගීසි කැප්ටන්ට වැඩි පැමිණිලි ගණනක් ලැබුණේ පරංගි සෙබළුන් විසින්
භික්ෂූන්ට හා විහාරස්ථානවලට අගෞරව හා හානි කරන බවටය. මේ බෞද්ධයන්ගේ පැමිණිලිය.
(ලිස්බන් කෞතුකාගාර ලේඛන)
6.
යාපනය මුස්ලිම්
වෙළෙඳ නගරයක් බව ක්aවේරෝස් පවසයි. සිංහල හා දකුණු ඉන්දියානු
වෙළෙඳුන්ද ඔවුන්ට සේවා සපයන්නවුන්ද මලබාර් (දෙමළ) ධීවරයන්aද,
තැනින් තැන
වූ ජනාවාසවල විසූහ. (ක්වේරෝස්) ගොවිතැන් ගැන සඳහන් නැත. සිංහලයන් හැරුණු විට
ඉතිරි ජනගහනය වූයේ ඉඩම් අහිමි කලින් කලට එන සංක්රමණිකයන්ය. (ක්වේරෝස්)
7.
අලිමංකඩින්
දකුණෙහි සිංහල රජුගේ නිලධාරීහු පාලනය කළහ. උතුරට ගෙනගිය භාණ්ඩවලට බදු අයකිරීම
අලිමංකඩදී සිදුවිය. යාපාපටුනින් එන දකුණු ඉන්දීය ආක්රමණවලට මුහුණදී පරාජය කිරීමට
කිලිනොච්චි අසල රණමඩුව වැව (ඉරණමඩු) ආශ්රිත එම යුද ජනපදය අනුරාධපුර යුගයෙහි සිට
පැවතුණි. වඩාත් උතුරේ පිහිටි සිංහලයාගේ විශාල වැව හා විශාල ජනපදය එය විය. (ක්වේරෝස්)
8.
ඕලන්ද
පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක් වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම්
බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්ස් ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග්
කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී “තේසවලමෙයි” නීතිය ඇතිකෙරිණි.
9.
ඕලන්ද පාලන
සමයේ නැඟෙනහිර පළාත පූර්ණ සිංහල පළාතකි. ෂෂ රාජසිංහ විසින් ත්‍රිකුණාමලයේ ත්‍රිකෝණ
කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්ටියාරයට ගොඩබැසි රොබට් නොක්ස්
පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය.
10.
1761 යාපනේ දක්වන
ඕලන්ද සිතියමෙහි චාවාකච්ෙච්රිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක් දක්වා ඇත. මේ තනි සිංහල ජනපදයකි.
එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්වේ. ඉන් දකුණ
රජුගේ පාලනයයි.
11.
මහනුවරට
විරුද්ධව ඕලන්දයන් කළ ආක්‍රමණ අසාර්ථකවීම නිසා ජාන් මක්කාර් ඕලන්ද නිලධාරියා කළේ
දෙමළ අය ලවා වැරදි ඉතිහාසයක් ලියවීමය. ඉල්ලීම පිළිගත් මයිල්වාතනම් පුලවර් විසින්
යාල්පානම් වයිපව මාලෙයි ලියා තෑගිබෝග හා මුදලි තනතුරක්ද ඕලන්දයන්ගෙන් ලබාගනී. 18 සියවසේ යාපනවාසීන් දැන සිටි කරුණු විජය
කුමරුගේ පටන් දක්වන්නට ගොස් පුලවර් තම කෘතිය මහා පැටලුම් ජාලයක් කරගෙන ඇත.
සම්බන්ධන් මහතා ඇතුළු ඊළාම්වාදීන් ඊට “දෙමළ
මහවංශය” යනුවෙන් කියති. එහි එන සෑම කරුණක්ම ගොතන
ලද ව්‍යාජ ඒවා බව ඔප්පු කළ හැක.
12.
උතුරු හා
නැඟෙනහිර පළාත්වල (ඊනියා දෙමළ නිජබිමේ) මුහුදුබඩ දිගට ගව්වක් පළල ඇති බිම්පටියක්
1766 දී හඟුරන්කෙත ගිවිසුම මගින් ඕලන්දයන්
විසින් ලබාගත්තේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙනි.
13.
බ්‍රිතාන්‍ය
පෙරදිග වෙළෙඳ සමාගම 1796 දී ඕලන්දයන් සතු මුහුදුබඩ ප්‍රදේශ ලබා
ගැනීමේදී යාපනය හඳුන්වන්නේ යාපනේ දිසාවනිය (Jaffna
Disawani) යනුවෙනි.
ඕලන්දයන් පෘතුගීසීන්ගෙන් ලබාගන්නේද යාපනේ දිසාවනියයි. මේ සිංහල රජුගේ “දිසාව”
නමැති
යාපනය දිසාවනිය බව පැහැදිලිය.
14.
1818 ඇතිවූ
වෙල්ලස්ස නිදහස් අරගලය යාපනයටත් මුළු ලංකාවටත් තීරණාත්මක විය. තමනට අවිශ්වාසී වූ
උඩරට රදල ප්‍රභූවරුන් සම්පූර්ණයෙන් වාෂ්පකර ඔවුන් තනතුරුවලින් ඉවත් කිරීම බ්රවුන්රිග්
ආණ්ඩුකාර තැන විසින් කරන ලදී, ඉදිරියට
පරිපාලනයට සහභාගි කරගන්නා අලුත් පංතිය උතුරේ දෙමළ කතාකරන අය අතුරින් බිහිකර ගැනීමට
(Elite
class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්‍රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය. අනාගතයේදී ලංකාවේ පාලක මධ්‍යම පන්තිය උතුරේ දෙමළ උගතුන්ගෙන් ඇති කිරීමේ එම ක්‍රියාවලිය අද ඊළාම් සටන යනුවෙන් හැඳින්වේ. 1818 අරගලය නිසා සිංහලයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය එදා සිට අද දක්වා ක්‍රියාත්මකය.
class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්‍රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය. අනාගතයේදී ලංකාවේ පාලක මධ්‍යම පන්තිය උතුරේ දෙමළ උගතුන්ගෙන් ඇති කිරීමේ එම ක්‍රියාවලිය අද ඊළාම් සටන යනුවෙන් හැඳින්වේ. 1818 අරගලය නිසා සිංහලයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය එදා සිට අද දක්වා ක්‍රියාත්මකය.
දෙවැනි කොටස
15.
1640 ක්වේරෝස්
සඳහන් කළ යාපනේ කැලෑව 1830 ජන. 25 දිනත්
එසේමය. යාපනේ කලෙක්ටර් (දිසාපති) කෝල්බෲක්ට මෙදින එය පැවසීය. ස්ථිර ජනගහනයක්
නැති රජයේ හෝ පුද්ගලික ඉඩම් නැති ගොවිතැන් නැති කැලෑවෙන් වැසුණු වාරිමාර්ග ක්‍රම
නැති යාපන අර්ධද්වීපයක් ගැන කලෙක්ට සාක්ෂි දී ඇත. එනිසා කෝල්බෲක් යෝජනා කළේ
යාපනය දෙමළ කතා කරන්නන්ගෙන් ජනාවාස කිරීම ගැනය. පාරවල් සෑදීමට දකුණු ඉන්දියාවෙන්
ගෙනා දෙමළ කතාකරන අය තම 15 අවුරුදු කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු
ඔවුන්ගේ රටට නොයවා යාපනේ පදිංචිකරවා ඉඩම් හිමිකම ලබාදී ගොවි උපකරණ, සතුන් හා ගොවිතැන් කිරීමේ දැනුම ලබාදීම
නිර්දේශ කළේය.
ඉඩම් අයිතිය සදාකාලිකව ස්ථිරකර දීමට තේසවලමෙයි
සම්ප්රදාය මෙරට නීති පද්ධතිවලට ඇතුළත් කළේ කොමිසමේ දෙවැනි කොමසාරිස් කැමරන්ය.
සිංහලයාගේ හිස් මුදුනට මෙසේ ඇණය ගසා ඉන් නොනැවතී ලංකාව පළාත් 5 ට බෙදීය. 1833 දී ඉන්
බෙදුණු උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු 3000 ක් පැරණි
දෙමළ නිජබිම විය. පුදුමය නම් ජයවර්ධන ජනාධිපති එය පිළිගෙන 1987 ජුලි 29 ගිවිසුමට
අත්සන් කිරීමය. ජනාධිපතිවරයකුට රට ගැන දැනුමක් තිබිය යුතු බව මින් පෙනේ. ලංකාවේ
මුස්ලිමුන් දෙමළ කතාකරන්නේ ඔවුන් පාරේ වැඩට ආ අය නිසා බවත් ඔවුන්ද පාරේ භාෂාව කතාකිරීමට පටන්ගත් බවත් කැප්ටන් ස්නයිඩර්
පවසයි.
16.
උතුරේ
බිහිවන නව උගත් මධ්‍යම පන්තියට දේශපාලන බලතලද ලබාදිය යුතු බව කෝල්බෲක් දිටී.
එබැවින් ආසියාවේ ප්‍රථම වරට ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකිරීමට යෝජනා කළේය. 96% වූ සිංහලයන්ට හා 3% වූ දෙමළ කතාකරන අයට දේශපාලන සම තත්ත්වය
ලබාදීම ඉන් අදහස් කළේය. ඉංග්‍රීසි උගතුන් දෙමළ නිසා පරිපාලනයේ පහළ මට්ටමේ දෙමළ
අයට ආනිවාර්යයෙන් හිමි විය.
17.
1880 දී පමණ
ඉංග්‍රීසි උගත් සිංහල මධ්‍යම පන්තියක් බිහිවන විට දෙමළ අය දේශපාලනයේ හා පරිපාලනයේ
වැජඹුණි. 1874 පී. අරුණාචලම් කේම්බ්‍රි- එම්. ඒ.
සමර්ථවී ලංකාවට ආ විට කොළඹ වරාය ජැටියේ සිට ඔහුගේ නිවසට රික්ෂෝව ඇදගෙන ගියේ සිංහල
ප්‍රභූවරුන්ය. ඉංග්‍රීසි උපාය සාර්ථකව තිබිණි.
18.
1914 දී උගත්
ලාංකිකයන්ට තම ඡන්දයෙන් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට මැකලම් ප්‍රතිසංස්කරණ ඉඩදුන්
විට සිංහල ප්රභූහු තම දොස්තර මාකස් ප්‍රනාන්දු පරදවා පී. රාමනාදන්ව ජයග්‍රහණය
කරවූහ.
19.
දෙමළ
නායකත්වය පිළිගැනීම හේතුවෙන් සිංහල,
දෙමළ, මුසිල්ම හැම දෙනාම පී. අරුණාචලම් විසින්
නායකත්වය සපයමින් 1918 දී ලංකා ජාතික සංගමය පිහිටුවා සභාපතිද
විය.
20.
අනපේක්ෂිත
සිදුවීමක් නිසා 1920 මැනිං ප්‍රතිසංස්කරණ වලින් දෙමළ දේශපාලන
ප්‍රමුඛත්වය බිඳවැටුණි. උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීන් 16 ක් ව්‍යවස්ථාදායකයට පත්කර ගැනීමට ඉඩ
දුන් විට සිංහල 13 ක් හා දෙමළ 03 ක් තේරුණි. එවිට රාමනාදන් හා අරුණාචලම්
සහෝදරවරු ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී දෙමළ මහජන සභාව ඇරඹූහ.
21.
1931 සිට
ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතට සර්වජන ඡන්ද බලය නිසා දෙමළ දේශපාලන බලය තවත් පිරිහී
ගියේය. නමුත් දෙමළ පරිපාලන බලය එසේම විය. 1931 දී සර්ව
සිංහල කැබිනට් මණ්ඩලයක් ද බිහිවුණි. දැන් දෙමළ ඉල්ලීම වූයේ ලංකාවේ පාලන බලය නොව
පනහට පනහේ සිංහල – දෙමළ සමතැන් බලයයි.
22.
සෝල්බරී
කොමිසම මගින් ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩුවක් නිර්දේශ කරන ලදී. එවිට 1946 ජුනිවලදී ආණ්ඩුකාර මේසන් මුවර් විසින්
සිංහල මහ සභාව, දෙමළ කොංග්‍රසය හා මුස්ලිම් ලීගය කැඳවා
විමසුවේ “පාර්ලිමේන්තු ආණ්ඩුවක් දීමට ප්රජාතන්ත්රවාදී
දේශපාලන පක්ෂ කෝ” යනුවෙනි. මෙම සිංහල, දෙමළ හා මුස්ලිම් සංවිධාන තුන එකතු
වීමෙන් වුවද පක්ෂයක් සෑදිය හැකි බවට ආණ්ඩුකාරයා පොඩි “අයිඩියාවක්” දුණි. එය පිළිගත් සිංහල මහ සභාව, ලංකා දෙමළ කොංග්‍රසය හා මුස්ලිම් ලීගය
එකතුවී තුන්ගොල්ලට 1/3 + 1/3 + 2/3 බල ව්යqහයක් ඇති
වඅබෝධය පිට 1946.09.06 දින සංවිධාන තුන එකතුකර යුනයිටඩ් නැෂනල්
පාටි ලෙස ඉංග්‍රීසීන්ගේ වුමනවාට පක්ෂයක් සෑදූහ.
23.
දෙමළ මුස්ලිම්
(1/3 + 1/3 + 2/3) බලය නිසා
සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තිය මගින් ලංකාව ගැන සිංහලයාට ඇති
අයිතිය වක්‍ර ලෙස නැතිකර දැමිණ. දෙමළ හා මුස්ලිම් අයට නැති අයිතියක් සිංහලයාට
නැති බව ඉන් කියවුණි.
24.
මෙම සිංහල, දෙමළ,
මුස්ලිම්
සම අයිතිය සහතික වීමට සංකේතයක් ලෙස 1951 දී ජාතික
සිංහල කොඩිය තුළට මුස්ලිම් හා දෙමළ වර්ගයා ද ඇතුළත් කෙරිණි.
25.
1956 දී බණ්ඩාරනායක
විසින් Sසබය්කැse
sය්කක ඉe එයෑ දබැ දසෛජස්ක ක්බටම්ටැ සබ Ceහකදබ ලෙස සිංහල එක් රාජ්‍ය භාෂාවක්
පමණක් කරන ලදී.
26.
1972 දී
මැතිනියගේ ආණ්ඩුව විසින් රටේ නම ශ්‍රී ලංකා ලෙස වෙනස් කර ජාතිය ශ්‍රී ලාංකික ලෙස
වෙනස් කළාය. දැන් 1/3 + 1/3 + 1/3 } 3/3 එවිට ස්ථිරය
සිංහලයා තවදුරටත් ජාතිය නොව ජන වර්ගයකි. ශ්‍රී ලාංකික ජාතිය තුළ ඔහු 1/3 ක ජන වර්ගයක් වන්නේය. එදා 1833 දී 96% හා 3% පිරිස්වලට ව්‍යවස්ථාදායකයේ සමාන
නියෝජනය ලැබීමට එය සමානය. එමෙන්ම ලංකාව 19 සියවසේ
යුරෝපියන් විසින් ශිෂ්ටාචාර කළ රටක් නොවේ.
27.
සියල්ල
සැකසුණ විට 1976 වඩුක්කොඩේ සම්මේලනයේ සිට ඊළාම් සටන
ඇරැඹුණි. දේශපාලන පෙරමුණ, සන්නද්ධ පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ
(ඩයස් පෝරාව) ලෙස පෙරමුණු 3 ක් සටන
සඳහා විය.
28.
1978 ව්‍යවස්ථාවෙන්
බහුජාතික කොඩිය ව්‍යවස්ථා ගත කරන ලදී. ශ්‍රී ලාංකික ජාතියක් මිස සිංහල ජාතිය හෝ
සිංහල කොඩිය කතාකළ විට දඩයමට ලක්වේ.
29.
1987 ජුලි 29 දින එල්. ටී. ටී. ඊ. සංවිධානයට ත්‍රස්තවාදයෙන්
බැහැර වී දේශපාලනයට අවතීර්ණ වීම සඳහා පළාත් සභා විසඳුම ලබා දුණි. ඉන්දු – ලංකා ගිවිසුම මගින් ජනාධිපති හා රජය
විසින් සම්බන්ධන් මහතා පවසන බොරුව වන උතුරු –
නැඟෙනහිර
දෙමළ නිජබිම පිළිගෙන අත්සන් කෙරිණි. 2009 මැයි මස LTTE පරාජය වූ පසු දැන් දේශපාලන පෙරමුණ ක්‍රියාත්මකය.
ඊට අර්ධ ස්වාධීන පාලන ක්‍රමයක් උතුරේ ලබාදී ඇත. දැන් සටන වී ඇත්තේ රටේ බලය උතුරට
හා නැඟෙනහිරට බෙදා ගැනීමටය.
1818 සිට 1948 දක්වා ඉංග්‍රීසීන් ඉටුකළ කොටස 1948 සිට මේ දක්වා වඩාත් හොඳින් ඉටුකිරීමට
පසුගිය 68 වසර තුළ මෙරට බලයට පත්වූ එ.ජා.ප. සහ ශ්‍රීලනිප
රජයන් විසින් වගබලාගෙන ඇත. 1948 දී නිදහස
ලැබුණේ රටට හා ජාතියට ගැළපෙන අන්දමින් රට වෙනස් කර ගැනීමට බව මේ අඳබාලයෝ නොදනිති.
ආචාර්ය සූරිය ගුණසේකර