ලංකාව පාලනය කළ අපේ සිංහල රජවරු පාලන පහසුව පිණිස මුල සිටම රට කොටස් වශයෙන් බෙදා පාලනය කරන ලදී. මෙහි මුල්ම බෙදීම වශයෙන් රට කොටස් තුනකට බෙදා තිබුණේ ඈත අතීතයේ සිටය. එම බෙදීම රුහුණු, මායා, පිහිටි යනුවෙන් කොටස් තුනකට අයත්විය. එය කෙටියෙන් හඳුන්වන ලද්දේ ත්‍රිසිංහලය කියායි. මහවැලි ගඟින් හා දැදුරු ඔයෙන් නැගෙනහිර කොටස අයත්වූයේ පිහිටි රට හෙවත් තැනිතලා ප්රදේශයටයි. මෙම කොටස වැඩි වශයෙන් අයත් වූයේ වැව් බැඳි රාජ්‍යයටයි.
පිහිටි රටට අයත් ප්‍රධාන නගර වශයෙන් එදා ගැනුණේ මාවටුපුරය, නාගදීපය, මංඩතීපය. මන්නාරම, මාතොට, අනුරාධපුරය. පුත්තලම, කදුරුගොඩ, තන්තිරිමාලේ යන පෙදෙස්ය. මෙහි මහාග්රාම සහ පටුනුග්රාම වශයෙන් තවත් ගම් බොහෝ ගණනක් වී යෑයි විත්ති පොත්වල සඳහන්ව ඇත. පිහිටිරටේ එදා තිබූ එක්සාළිස් රට මෙසේ දක්වා ඇත.
1. අමන්දරට 2. ඇළසර රට 3. උඩුගොඩ 4. අස්ගිරිය 5. සිරියාල 6. මහගුළුරට 7. සුළුගලුරට 8. කඩියාව 9. පොළොන්නරුව 10. පූඩාව 11. කොට්ටපිටිය 12. මංගලම්රට 13. කලා රට 14. සලාවල් රට 15. කෑලි රට 16. මාවටුව 17. මන්නාරම 18. කරඹ වලාන 19. නෙල්ලිවලාන 20 මහගල්ගමුව 21. දහස්තොට 22. දඹු නුවර 23. තඹගොමුව 24. වඩුන්නාගල 25. පළුවක්රට 26. කෝකාලය 27. පදීරට 28. මෝරුරට 29. කුරුඳු රට 30. මානාවතුරට 31. වැලිගම 32. මරිච්චිය 33. බලතඩිය 34. මුංඩවල්ලිය 35. කණුකිනියාව 36. ගල්තලය 37. මින්නේරිය 38 කවුඩුළු රට 39. වෙල්ගම්රට 40. ගෝණාවතුරට 41. අනුරාධපුර රට.
මෙම එක් සාළිස් රට පාලනය සඳහා එම යුගයේ ඈපාවරුන් හා මාපාවරුන් සිට ඇත. මීළඟට රුහුණු රට වශයෙන් බෙදා වෙන්කළ ප්‍රදේශය සීමා වූයේ මහවැලි ගඟින් බටහිරටත් කළුගඟින් බටහිරටත් වෙන් වූ කොටසයි. එය අංක 1 සිතියම මගින් පැහැදිලි වේ. මෙහි ප්‍රධාන නගර ලෙසින් තිරිකුණාමලය, ගෝණගම, මහනුවර, මහියංගණය, බදුල්ල, මාගම, කතරගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි සිව්සාළිස් රටක් වශයෙන් හඳුන්වා දී තිබිණි. එම සිව්සාළිස් රට මෙසේ දක්වා ඇත.
1. කොත්මලය 2. මතුරට 3. ගොඩරට 4. පස්ගොමුව 5. සගම 6. කටුපුළුව 7. වේරනිම්බය 8. සොරබොර 9. කොටසර 10. ඌව 11. බදුල්ල 12. රිටිගල් දනව්ව 13. දෙගල්දනව්ව 14. කොක්කාගල 15. මාවටු රට 16. මැවැලිදනව්ව 17. කළුවැලිදනව්ව 18. කිණිහිරි රට 19. මාගම 20. මීවෙල් දනව්ව 21. එරා උළුරට 22. මිණිගල්රට 23. රුහුණුගල්රට 24. දිගාමඬුල්ල 25. මල්වතූ මඬුල්ල 26. ගල්බෝ රට 27. කොටගල 28. සබරගොමුව 29. පිටිගම 30. කඩරට 31. ඇඹලව 32. සඳගිරිය 33. සීවය 34. ගිරිවාය 35. මාගල් මඬුල්ල 36. කුඹුක්ගං දනව්ව 37. වැලිගම 38. දහස් ගව්ව 39. දොළොස්දහස් රට 40. උග්ගල්රට 41. නඳුන්ගල් රට 42. සපුගල්රට 43. බද රට 44. මාතොට දෙව්නුවර ආදී වශයෙන්ය. මේ ප්‍රදේශ පාලනය සඳහා ද එදා ඈපාවරු හා මාපාවරු පත්කර සිටි අතර රජු මුළු රටේම ප්‍රධානියා විය. භූමියේ භාරකරුවා වූයේ මහරජුය. එය ඉර හඳ පවතිනා තුරු සත්‍යයක් ලෙස සෙල් පුවරුවල කොටා ප්‍රකාශයට පත්කර තිබිණි. අනෙක් රට වූ මායා රට ප්‍රමාණයෙන් කුඩා වූ අතර එය දැදුරුඔයේ බටහිර හා කළුගඟේ නැගෙනහිර මිටියාවතේ විහිද තිබිණි.
පැරණි විත්ති පොත්වලට අනුව මායා රාජ්‍යයේ රටවල් 29 ක් වූ බව සඳහන් වේ. එහි ප්‍රධාන ස්ථාන ලෙසින් මහණුවම්තොට. මාදම්පේ, කටුගස්තොට, කළුතර, කැලණිය, හස්ති ශෛලපුර, ශුභපර්වත යනාදිය සඳහන් වේ. රට විසි නවය අතරට 1. සිදුරුවාණය 2. බළවිට 3. මාතලේ 4. බෝගම්බර 5. දුම්බර 6. මායාදුනුරට 7. සඳපාන්දුනුරට 8. පාලම්ගොමුව 9. කුඹුරුගොමුව 10. අටකලන්ද 11. මානියම්ගොමුව 12. දෙණවක 13. කළුගල්ල 14. නවයොදුන්රට 15. පස්යොදුන්රට 16. පානබුනුරට 17. කැළණිදෙගංබඩ 18. අත්තනගල්ල 19. කුරුරට 20. පිටිගල්රට 21. දඹදෙණිය (මෙය පසුකාලීනව සිංහල රාජ්‍ය බවට පත්විය. ඒ ක්‍රි.ව. 1220 සිට 1276 දක්වාය). 22. බෙලිගල්රට 23. දෙලනමැද වෙලාන 24. දේවමැදිරට 25. කුරුණෑගල 26. ගල්බඩරට (විල්ලිගෙදර) 27. මිණිසරුව 28. තාරවින්න 29. මාදුරය ආදිය ගැනිණ.
මේ ඉහතින් දක්වන ලද්දේ එදා ඈත අතීතයේ දී අපේ රට බෙදා පාලනය කළ අයුරු සහ ඊට අයත් වූ පරිපාලන ප්රදේශයි. 1505 දී පෘතුගීසීන් අපේ රටට පැමිණි පසු ඔවුන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් ගති. ඉන්පසුව ලන්දේසීන් එම කටයුත්ත තම අතට ගැනීමට කටයුතු කළෝය.
පසුව වර්ෂ 1815 දී අපේ රට ඉංග්‍රීසීන් යටත් කරගත් පසු ඔවුන්ගේ පහසුව පිණිස එක් එක් අවස්ථාවලදී අපේ රට බෙදා පාලනය කළහ. මේ අනුව මුල්වරට 1833 දී විශේෂ නිවේදනයක් මගින් ලංකාව කොටස් පහකට බෙදන ලද අතර ඒ කොටස් පහත අයත්වූ ජනපද ප්රදේශයන්ද බෙදා හඳුන්වා දෙන ලදී. එම ගැසට් නිවේදනය 1833 ඔක්තෝබර් 1 දින දරන විශේෂ නිවේදනය ලෙස හැඳින්වේ. සිතියම අංක 2 මගින් එය පැහැදිලි කෙරේ. මේ මගින් හඳුන්වාදුන් පළාත් නම් 1 .උතුරු පළාත 2. දකුණු පළාත 3. නැගෙනහිර පළාත 4. බස්නාහිර පළාත 5. මැද පළාත යනු විසිනි. මෙය අපට වැදගත් වන්නේ ලංකාවේ පළමුවන පළාත් බෙදීම මෙය වන නිසාය. ඊට අයත්වූ පාලන ප්‍රදේශ මෙසේය.
1. උතුරු පළාත - යාපනය, මන්නාරම, වන්නිය, නුවරකලාවිය, දිසාවනිය හා ඩෙල්µaට් දූපතයි.
2. දකුණු පළාත - ගාල්ල, තංගල්ල, මාතර, හම්බන්තොට, සබරගමු දිසාවනිය, පාත ඌව හා වෙල්ලස්සයි.
3. නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලය, මඩකලපුව, තමන්කඩුව හා බින්තැන්න යන ප්‍රදේශ.
4. බස්නාහිර පළාත - කොළඹ, හලාවත, පුත්තලම, සත්කෝරළ දිසාවනිය, සතර කෝරළ දිසාවනිය, තුන්කෝරළ දිසාවනිය හා පාතබුලත්ගම යන ප්රදේශයන්ය.
5. මැද පළාත - මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්පත්තුව, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, වියළුව, ඌව දිසාවනිය, මාතලේ දිසාවනිය, උඩපළාත දිසාවනිය හා වලපනේ දිසාවනිය යන ප්රදේශයන්ය. මෙම ප්රකාශනයෙන් ඉංග්‍රීසීන් දිස්ත්‍රික්ක මායිම්ද නියම කරන ලදී. මෙම පාලන ප්‍රදේශ වෙන්කිරීම 1845 වනතුරු ඉංග්‍රීසීන් විසින් ක්‍රියාත්මක කළ අතර පසුව 1845 ඔක්තෝබර් 1 දින විශේෂ ප්රකාශනයක් මගින් යළිත් ලංකාව පළාත් 6 ක් ලෙසින් බෙදා වෙන්කරන ලදී. මෙම කාලයේදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වශයෙන් කටයුතු කරන ලද්දේ කැම්බල් මහතාය. ඔහුගේ නියමයෙන් පරිපාලනය සඳහා වෙන්කළ නව පළාත් හය මෙසේ විය. අංක 3 සිතියම මගින් එය විග්රහ කර ඇත. 1845 ඔක්තෝබර් විශේෂ ගැසට්පත මගින් වෙන්කළ පළාත් හය.
1. උතුරු පළාත - යාපනය, මන්නාරම, වන්නිය, නුවරකලාවිය. ඩෙල්µaට් දූපත.
2. දකුණු පළාත - ගාල්ල, මාතර, හම්බන්තොට, සබරගමුවේ යකාවේල්ල, හතරබාගේ.
3. නැගෙනහිර පළාත - ත්‍රිකුනාමලේ, මඩකලපුව, තමන්කඩුව, මැද පළාතට හසු නොවූ බින්තැන්නේ ඉතිරි කොටස්.
4. බස්නාහිර පළාත - කොළඹ, සතර කෝරළය, තුන් කෝරළය, දකුණු පළාතට අයත් නොවූ සබරගමුවේ ඉතිරි කොටස්, පාතබුලත්ගම.
5. වයඹ පළාත - හලාවත, පුත්තලම, හත්කෝරළය.
6. මැද පළාත - මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්පත්තුව, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, වියලුව, ඌව දිසාවනිය, මාතලේ දිසාවනිය, උඩ පළාත දිසාවනිය, වළපනේ දිසාවනිය, යන ප්රදේශයන්ය. මෙම ප්රකාශනයෙන් ඉංග්‍රීසීන් දිස්ක්‍රික්ක මායිම්ද නියම කරන ලදී. මෙම පාලන ප්‍රදේශ වෙන්කිරීම 1845 වනතුරු ඉංග්‍රීසීන් විසින් ක්‍රියාත්මක කළ අතර පසුව 1845 ඔක්තෝබර් 1 දින විශේෂ ප්රකාශණයක් මගින් යළිත් ලංකාව පළාත් 6 ක් ලෙසින් බෙදා වෙන්කරන ලදී. මෙම කාලයේදී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වශයෙන් කටයුතු කරන ලද්දේ කැම්බල් මහතාය. ඔහුගේ නියමයෙන් පරිපාලනය සඳහා වෙන්කළ නව පළාත් හය මෙසේ විය. අංක 3 සිතියම මගින් එය විග්රහ කර ඇත. 1845 ඔක්තෝබර් විශේෂ ගැසට්පත මගින් වෙන්කළ පළාත් හය(
1. උතුරු පළාත, යාපනය, මන්නාරම, වන්නිය නුවරකලාවිය, ඩෙල්µaට් දූපත,දකුණු පළාත, ගාල්ල, මාතර, හම්බන්තොට, සබරගමුවේ යකාවේල්ල, හතරබාගේ.
3. නැගෙනහිර පළාත, ත්‍රිකුණාමලේ, මඩකලපුව තමන්කඩුව, මැදපළාතට හසුනොවූ බින්තැන්නේ ඉතිරිකොටස්.
4. බස්නාහිර පළාත, කොළඹ, සතරකෝරළය, තුන්කෝරළය, දකුණු පළාතට අයත් නොවූ සබරගමුවේ ඉතිරි කොටස්, පාතබුලත්ගම.
5. වයඹ පළාත, හලාවත, පුත්තලම, හත්කෝරළය.
6. මැද පළාත, මහනුවර, යටනුවර, උඩුනුවර හා හාරිස්පත්තුව, තුම්පනේ, වියලුව, ඌව, මාතලේ, උඩ පළාත, වළපනේ, වෑගම්පහ, කොළවක්ගම්පහ, බින්තැන්න, මෙයන්වේවැල්ල, මාවැලිගඟබද, බින්තැන්නේ ඉතිරි වූ බිම් පෙදෙස් 1845 ප්‍රකාශයෙන් වයඹ නමින් අලුත් පළාතක් වෙන්වුණි. මැද පළාතට දකුණු පළාතින් කොටස් කීපයක් ද, බස්නාහිර පළාතට දකුණු පළාතින් සුළු ප්‍රමාණයක්ද යළිත් එකතු කරන ලදී. මෙසේ වෙන්කරන ලද්දේ රටතුළ සිවිල් පාලනයක් ගෙනයැමේ පහසුව සඳහා බව කියෑවේ.
මෙම බෙදීම බොහෝ කලක් නොතිබුණි. යළිත් වරක් 1873 දී පළාත් හතක් ලෙසින් ලංකාව බෙදා වෙන්කරන ලදී. මේ කාලයේ දී අපේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකරු ලෙස කටයුතු කළේ ග්රැගරි මහතාය. අපේ සිංහල උදවිය ඔහුට කීවේ ගිරිගෝරිස් ආණ්ඩුකාරතතැන කියායි. 1873 සැප්තැම්බර් 6 දින දරන විශේෂ ප්‍රකාශ පත්‍රයෙන් බෙදා වෙන්කරන ලද පළාත් හත මෙසේ දැක්වේ. අංක 4 සිතියම.
1. උතුරු පළාත - යාපනය, මන්නාරම, වන්නිය ඩෙල්µaට් දූපත.
2. දකුණු පළාත - ගාල්ල, මාතර, හම්බන්තොට, සබරගමුවේ යකාවේල්ල, හතරබාගේ.
3. නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලය, මඩකලපුව, මධ්‍යම පළාතට ඇතුළත් නොවූ බින්තැන්නේ කොටස්.
4. බස්නාහිර පළාත - කොළඹ, සතර කෝරළය, තුන්කෝරළය, දකුණු පළාතට අයිති නොවූ සබරගමුවේ ඉතිරි කොටස්, පාත බුලත්ගම.
5. වයඹ පළාත - හලාවත, පුත්තලම, දෙමළ හත්පත්තුව, ඇතුළත් නොවූ හත්කෝරළය.
6. මැද පළාත - මහනුවර, යටිනුවර, උඩුනුවර, හාරිස්පත්තුව, තුම්පනේ, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, වෙල්ලස්ස, වියලුව, ඌව, මාතලේ, උඩපළාත, වලපනේ, බින්තැන්නට ඇතුළත් වෑගම්පහ, කොළවක් ගම්පහ, මෙයන්වැල්ල, මහවැලිගඟේ වම් ඉවුර බද බින්තැන්නේ කොටස්.
7. උතුරු මැද පළාත - නුවරකලාවිය, තමන්කඩුව, සත්කෝරළයේ දෙමළ හත්පත්තුව.
මෙම විශේෂ පත්‍රිකාව මගින් බෙදූ පළාත් හතේ බෙදීමට උතුරුමැද පළාත යනුවෙන් අලුත් පළාතක් නිර්මාණය වූයේ වයඹින් හා උතුරින් ද කොටස් එකතු කිරීමෙන්ය. නමුත් මෙම පළාත් හතේ පාලනයද වසර කීපයකින් අවසන් විය. 1886 දී යළිත් ඌව යනුවෙන් පළාතක් බෙදා වෙන්කර පළාත් අටක් වශයෙන් පාලනය කෙරිණි.
වර්ෂ 1886 පෙබරවාරි මස 1 වැනි දින විශේෂ ප්රකාශනයක් මගින් මෙම වෙන්කිරීම සිදුකරන ලදී. මෙම බෙදීම සිදුකරන ලද්දේ ගෝර්ඩන් ආණ්ඩුකරුට පෙර සිටි ලොංග්ඩන් ආණ්ඩුකරුගේ කාලයේ දීය. ඔහු සිවිල් පරිපාලන ක්‍රමය බොහෝසේ විමධ්‍ය ගත කළ අයකු සේ සැලැකේ. එසේම ඔහුගේ කාලයේ මංමාවත් ඉදිවීමද දියුණු විය. අලුතින් ඇතිකළ ඌව පළාත පුරාණ මැද පළාතට අයත් නොවූ කොටස් එකතුකර නිර්මාණය කරන ලදී.
මෙසේ නිර්මාණය කරන ලද පළාත් අටේ පාලනය සිදුවූයේ ද වසර කීපයක් පමණි. යළිත් 1889 ජනවාරි 1 දින විශේෂ ප්‍රකාශයක් මගින් 1873 දී වෙන්කළ බස්නාහිර පළාත කොටස් කර එක්කොටසක් බස්නාහිර පළාත කියාද අනෙක් කොටස සබරගමු පළාත කියාද කොටස්කර පළාත් 9 ක් වනසේ බෙදන ලදී. අංක 6 සිතියම. මෙම පළාත් නවයේ බෙදීම ක්‍රියාත්මක කිරීමට මුල්වූයේ එවක සිටි ගෝඩන් ආණ්ඩුකාරවරයාය. යළිත් 1898 නොවැම්බර් මාසයේ විශේෂ පත්‍රිකාවක් මගින් උතුරුකරයේ තුනුත්කෙත පත්තුව යාපනේ දිස්ත්‍රික්කයට එකතු කරන ලදී.
1815 දී ලංකාවේ පාලනය ඉංග්‍රීසීන් අතට ගියපසු පාලනතන්ත්‍රය දිස්ත්‍රික මට්ටමින් විමධ්‍යගත කර දිසාපතිවරු හා ආදායම් පාලකවරු මගින් සිවිල් පාලනයක් ගෙන ගියේය. එය අපේ රටේ තිබූ පැරණි ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් ඉවත් කිරීමකි.
එදා තිබූ රාජකාරි ක්‍රමය මඟින් සිංහල රදළ පිරිස් නොයෙක් මුලාදැනි තනතුරු දරන ලද්දේ කෝරළ පත්තු හා දිශා පාලන ක්‍රම තුළය. ඉංග්‍රීසීන් 1815 උඩරට ගිවිසුම මගින් උපක්රමශීලීව මෙම තනතුරු නැතිකර ඔවුන්ගේ හමුදා නිලධාරීන් පාලන කාර්යයට සහභාගි කරවන ලද්දේ මෙවැනි පළාත් බෙදීම ආදී ක්රමෝපායයන් තුළය. පසුව 1818 හා 1848 මහා අරගල ඇතිවූයේත් පසුව 1948 දක්වා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් ඇතිවූයේත් මේ ක්‍රියාවන්හි ප්‍රතිඵල ලෙසින්ය. අදත් අපි ඒ ක්‍රම තුළම අනුගත වී සිටිමු.
* ධර්මරත්න තෙන්නකෝන්
පාදක සටහන් -
පුරාවෘත්ත සංග්‍රහය සිරිලක් කඩයිම්
"අතීත ලංකා"
මහවැලි වංශය
කන්ද උඩරට රාජධානිය සහ 1818 කැරැල්ල
http://www.divaina.com/2014/03/10/mano05.html
---------------------------------------------------------------------------------------------------------------
තුන් හෙළය පළාත්වලට බෙදුනේ මෙහෙමයි!
ශ්‍රී ලංකාව පුරාණයේ පාලනයේ පහසුව සඳහා බෙදී තිබුණේ රුහුණු, මායා, පිහිටි වශයෙනි. ශ්‍රී ලංකාවේ දකුණු මැද පෙදෙසේ කඳු රාශියක් පිහිටා තිබුණ අතර අඩි 8292 ක් උසැති පිදුරුතලාගල ඒවායින් උසම කන්ද විය. මේ වන විට උඩරට නමින් හඳුන්වනු ලබන මේ අති විශාල කඳුකර ප්‍රදේශය, සුවදායක, ශීතල දේශගුණයකින් ද යුක්ත විය. ස්වභාවයෙන්ම හැම කල්හිම දිය පිරුණු ගංගා හා ඇළ ,දොළ, නිසා මේ ප්‍රදේශයේ ජලය සුලබය. මේ ගංගා තැන් තැන් වල විසිතුරු දිය ඇලි ලෙසින් පහළට ගලනු දැකීම උඩරට ප්‍රදේශයටම ආවේනික දසුනක් විය. මුළුමහත් කඳුකර ප්‍රදේශයම සරුවට වැඩුණු වෘක්ෂලතාවන්ගෙන්ද, ස්වාභාවික සුන්දරත්වයෙන් ද, අනූනය. මේ සෞන්දර්ය උඩරට පිහිටි කඳුවල ද මැනවින් දැකගත හැකිය. කඳුකර පෙදෙසේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 80 සිට 125 දක්වා ද වෙයි. රම්බොඩ හා නකල්ස් පෙදෙස අවට මහවැලි ගඟේ ඉහළ නිම්නයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 140 සිට 200 දක්වා වෙයි. අනෙක් ප්‍රදේශවලට වඩා විශාල ස්වභාවයකින් යුක්ත ඌව කඳුකරයේ හා නැගෙනහිර කඳුකරයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 65 සිට 100 දක්වා පවතී. මේ පුරාණ කන්ද උඩරට අසිරියෙන් බිඳකි. සිංහල රජවරුන්ගේ අන්තිම බලකොටුව වූයේ කඳුවලින් වටවූ උඩරට රාජ්‍යයයි. යුරෝපීය සතුරන් පහත රට අල්ලාගෙන සිටියදී නිදහස ආරක්ෂා වී තිබුණේ මේ කන්ද උඩරට රාජ්‍යයේ ය.
මහවැලි ගඟට නැගෙනහිරින් පිහිටි මුළු පෙදෙස ද, පහළ ඌව ද, හම්බන්තොට, ගාලු, මාතර, දිස්ත්‍රික්කද ඇතුළත් වූ රුහුණු රටේ අගනුවර වූයේ මහගම හෙවත් මාගමය. දැන් මාගම හඳුන්වන්නේ තිස්සමහරාමය ලෙසය.
රජරට ගැන සඳහනක් 9 වැනි සියවස දක්වාම වංශකතාවල සඳහන් නොවන නමුත් ක්‍රි. පූ. 161 වැන්නේදී දුටුගැමුණු මහ රජතුමා ලංකාව එක්සේසත් කිරීමට පෙරාතුව විසූ රජවරුන් අනුරාධපුරය රාජධානිය කරගෙන රජකම් කළ රජරට ප්‍රධාන දිසා හතරකට අනුව නම් කරනු ලැබූ ප්‍රදේශ හතරකට බෙදා තිබුණේය. මෙයින් ඉහළ වැදගත්කමක් ලැබී තිබුණේ 66 වැනි සියවසේ අවසානයේ පටන් දකුණු දේශයටය. දකුණු දේaශය පාලනය කරන ලද්දේ උප රාජයකු විසින්ය. දොළොස් වැනි සියවසේ අගභාගය වන විට මේ නම් වල වෙනසක් ඇති වී රජරට පිහිටි රට යනුවෙන් හැඳින්වීම ඇරඹිණි. දකුණු දේශය හා මලය දේශය එක්කොට මහයා රට යනුවෙන් හැඳින්වීම ඇරැඹිණි. මායා රට යනුවෙන් හැඳින්වූයේ එය මායා හෙවත් මායාගේ ප්‍රදේශය යන අර්ථයෙනි.
වෙනසකට භාජන නොවූ රුහුණු රට හෙවත් රෝහණ දේශයත් මායා රටත් එක්කොට ත්රිසිංහල රාජ්‍ය හෝ තුන් රාජ්‍ය වශයෙන් හැඳින්විය.
රජරටත් රුහුණත් එකිනෙකින් වෙන් කරන ලද්දේ මහවැලි (මහවැලි) ගඟෙනි. මහවැලි ගඟ යටකී රාජ්‍ය දෙකට රැකවරණ ලබාදුන් බාධක ගංඟාවක් විය. ක්‍රි. පූ. දෙවැනි සියවසේදී දුටුගැමුණු කුමරු විසින් මෙහෙයවූ යුද්ධයේදීත්, දොළොස්වැනි සියවසේදී පරාක්‍රමබාහු රජු සහ මානාභරණ රජු අතර පැවැති අභ්‍යන්තර යුද්ධයේදීත් මහවැලි ගඟ අසල බොහෝ සටන් පැවති බව සඳහන් වේ. ගඟදිගේ පිහිටි තොටුපොළවලට රැකවරණය පතා පිහිටුවන ලද බළ කොටු රාශියකට විජිත නගර නමැති මහබළ කොටුවෙන් උදව් ලැබී ඇත. දොළොස්වැනි සියවසේ පොළොන්නරුව යනුවෙන් හැඳින්වෙන්නේ මේ බල කොටුවයි. පොළොන්නරුව යුද්ධෝපක්‍රමික අතින් වැදගත් විය. රුහුණෙන් සිදුවන ආක්රමණවලින් රජරට රැකුණේ පොළොන්නරුවෙන් ලැබුණ ආරක්ෂාව නිසාය. එසේම ආක්‍රමිණිකයන්ගෙන් තර්ජන එල්ලවූ හැම විටම එයට එරෙහිව ලහි ලහියේ ආරක්ෂාව සංවිධාන කිරීමට හා අවශ්‍ය වූ විටෙක රුහුණු පාලකයන්ට පලායැමට සුදුසු තැනක් වූයේද පොළොන්නරුවයි.
ශ්‍රී ලංකාව පුරාණයේ පාලනයේ පහසුව සඳහා බෙදී තිබුණේ රුහුණු, මායා, පිහිටි වශයෙනි. ශ්‍රී ලංකාවේ දකුණු මැද පෙදෙසේ කඳු රාශියක් පිහිටා තිබුණ අතර අඩි 8292 ක් උසැති පිදුරුතලාගල ඒවායින් උසම කන්ද විය. මේ වන විට උඩරට නමින් හඳුන්වනු ලබන මේ අති විශාල කඳුකර ප්‍රදේශය, සුවදායක, ශීතල දේශගුණයකින් ද යුක්ත විය. ස්වභාවයෙන්ම හැම කල්හිම දිය පිරුණු ගංගා හා ඇළ ,දොළ, නිසා මේ ප්‍රදේශයේ ජලය සුලබය. මේ ගංගා තැන් තැන් වල විසිතුරු දිය ඇලි ලෙසින් පහළට ගලනු දැකීම උඩරට ප්‍රදේශයටම ආවේනික දසුනක් විය. මුළුමහත් කඳුකර ප්‍රදේශයම සරුවට වැඩුණු වෘක්ෂලතාවන්ගෙන්ද, ස්වාභාවික සුන්දරත්වයෙන් ද, අනූනය. මේ සෞන්දර්ය උඩරට පිහිටි කඳුවල ද මැනවින් දැකගත හැකිය. කඳුකර පෙදෙසේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 80 සිට 125 දක්වා ද වෙයි. රම්බොඩ හා නකල්ස් පෙදෙස අවට මහවැලි ගඟේ ඉහළ නිම්නයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 140 සිට 200 දක්වා වෙයි. අනෙක් ප්‍රදේශවලට වඩා විශාල ස්වභාවයකින් යුක්ත ඌව කඳුකරයේ හා නැගෙනහිර කඳුකරයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 65 සිට 100 දක්වා පවතී. මේ පුරාණ කන්ද උඩරට අසිරියෙන් බිඳකි. සිංහල රජවරුන්ගේ අන්තිම බලකොටුව වූයේ කඳුවලින් වටවූ උඩරට රාජ්‍යයයි. යුරෝපීය සතුරන් පහත රට අල්ලාගෙන සිටියදී නිදහස ආරක්ෂා වී තිබුණේ මේ කන්ද උඩරට රාජ්‍යයේ ය.
මහවැලි ගඟට නැගෙනහිරින් පිහිටි මුළු පෙදෙස ද, පහළ ඌව ද, හම්බන්තොට, ගාලු, මාතර, දිස්ත්‍රික්කද ඇතුළත් වූ රුහුණු රටේ අගනුවර වූයේ මහගම හෙවත් මාගමය. දැන් මාගම හඳුන්වන්නේ තිස්සමහරාමය ලෙසය.
රජරට ගැන සඳහනක් 9 වැනි සියවස දක්වාම වංශකතාවල සඳහන් නොවන නමුත් ක්‍රි. පූ. 161 වැන්නේදී දුටුගැමුණු මහ රජතුමා ලංකාව එක්සේසත් කිරීමට පෙරාතුව විසූ රජවරුන් අනුරාධපුරය රාජධානිය කරගෙන රජකම් කළ රජරට ප්‍රධාන දිසා හතරකට අනුව නම් කරනු ලැබූ ප්‍රදේශ හතරකට බෙදා තිබුණේය. මෙයින් ඉහළ වැදගත්කමක් ලැබී තිබුණේ 66 වැනි සියවසේ අවසානයේ පටන් දකුණු දේශයටය. දකුණු දේaශය පාලනය කරන ලද්දේ උප රාජයකු විසින්ය. දොළොස් වැනි සියවසේ අගභාගය වන විට මේ නම් වල වෙනසක් ඇති වී රජරට පිහිටි රට යනුවෙන් හැඳින්වීම ඇරඹිණි. දකුණු දේශය හා මලය දේශය එක්කොට මහයා රට යනුවෙන් හැඳින්වීම ඇරැඹිණි. මායා රට යනුවෙන් හැඳින්වූයේ එය මායා හෙවත් මායාගේ ප්‍රදේශය යන අර්ථයෙනි.
වෙනසකට භාජන නොවූ රුහුණු රට හෙවත් රෝහණ දේශයත් මායා රටත් එක්කොට ත්රිසිංහල රාජ්‍ය හෝ තුන් රාජ්‍ය වශයෙන් හැඳින්විය.
රජරටත් රුහුණත් එකිනෙකින් වෙන් කරන ලද්දේ මහවැලි (මහවැලි) ගඟෙනි. මහවැලි ගඟ යටකී රාජ්‍ය දෙකට රැකවරණ ලබාදුන් බාධක ගංඟාවක් විය. ක්‍රි. පූ. දෙවැනි සියවසේදී දුටුගැමුණු කුමරු විසින් මෙහෙයවූ යුද්ධයේදීත්, දොළොස්වැනි සියවසේදී පරාක්‍රමබාහු රජු සහ මානාභරණ රජු අතර පැවැති අභ්‍යන්තර යුද්ධයේදීත් මහවැලි ගඟ අසල බොහෝ සටන් පැවති බව සඳහන් වේ. ගඟදිගේ පිහිටි තොටුපොළවලට රැකවරණය පතා පිහිටුවන ලද බළ කොටු රාශියකට විජිත නගර නමැති මහබළ කොටුවෙන් උදව් ලැබී ඇත. දොළොස්වැනි සියවසේ පොළොන්නරුව යනුවෙන් හැඳින්වෙන්නේ මේ බල කොටුවයි. පොළොන්නරුව යුද්ධෝපක්‍රමික අතින් වැදගත් විය. රුහුණෙන් සිදුවන ආක්රමණවලින් රජරට රැකුණේ පොළොන්නරුවෙන් ලැබුණ ආරක්ෂාව නිසාය. එසේම ආක්‍රමිණිකයන්ගෙන් තර්ජන එල්ලවූ හැම විටම එයට එරෙහිව ලහි ලහියේ ආරක්ෂාව සංවිධාන කිරීමට හා අවශ්‍ය වූ විටෙක රුහුණු පාලකයන්ට පලායැමට සුදුසු තැනක් වූයේද පොළොන්නරුවයි.
පුරාණ යුගයේ රට බෙදා තිබුණු පිළිවෙළ ගැන හෝ එබඳු කොටස් පාලනය කළ ආකාරය ගැන හෝ මෙතෙක් ලැබී ඇත්තේ තොරතුරු ස්වල්පයක් පමණකි. එසේ වුවද 8 වැනි සියවසේ සිට 12 වැනි සියවස දක්වා කාලය එනම් මධ්‍යතන යුගයේ පාලනය කරන ලද ආකාරය පිළිබඳ තොරතුරු රාශියක් (ක්‍රි. ව. 1187 - 1196 ) කාලයේ රජකළ නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද ටැම් ලිපියක "තුන් හෙළය" (රුහුණු, පිහිටි, මායා) ගැන සඳහන් වේ.
පහතරට වියළි ප්‍රදේශය සිංහල සභ්‍යත්වයේ මුල් බිමය. ඒ හේතුවෙන් එම ප්‍රදේශය ඉතිහාසයේ වැදගත්ම ප්රදේශයයි. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වන මේ ප්‍රදේශයට වයඹ, උතුර, ඊසාන, උතුරු මැද, නැගෙනහිර, ගිණිකොණ යන මේ කොටස් ඇතුළත්ය. ඔක්තෝබරයේ සිට අප්‍රේල් දක්වා පමණක් වැසි ලැබෙන නිසාත් (ඊසාන මෝසම්) මැයි සිට සැප්තැම්බර් දක්වා නියඟ ඇතිවන නිසාත්, (නිරිත මෝසම්) මේ ප්‍රදේශ වියළි කලාපය යනුවෙන් හැඳින්වෙයි.
ප්‍රධාන වශයෙන් යුරෝපීය ජාතීන් තුනක් සමග නිරන්තරයෙන් පැවති අරගල අවසානයේ 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව රටේ පාලනයට ඉංග්‍රීසීන් අවතීර්ණ වීමත් සමගම, එතෙක් පැවති පාලන ක්‍රමය ද වෙනස්වීම ඇරැඹිණි. ඒ අනුව ලංකාවේ පාලනතන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය විලියම් කෝල්බෘක් සාමිවරයා පත්කරනු ලැබ 1824 අප්‍රේල් මාසයේදී අවශ්‍ය කටයුතු සඳහා ලංකාවට පැමිණියේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් විවිධ පුද්ගලයන්, සමිති සමාගම් හමුවෙමින් එක් රැස්කර ගත් කරුණු පදනම් කොටගෙන පරිපාලනය පිළිබඳ විශාල වෙනස්කම් සිදුවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කරමින් 1832 මාර්තු මාසයේ දී ඔහු සිය වාර්තාව බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළේය.
මේ වනවිට උඩරට පහතරට යනුවෙන් ක්‍රියාත්මක වූ පාලන ක්‍රමය එක්කරමින් එකම පාලනයක් බවට පත්කළ යුතු බව කෝල්බෘක් හා කැමරන් නිර්දේශයන් වූ අතර දිවයිනම පරිපාලන පළාත් පහකට වෙන් කිරීම තවත් එක් නිර්දේශයක් විය.
යාපනය අගනගරය කරමින් උතුරු පළාත ගාල්ල අගනුවර කරමින් දකුණු පළාත, ත්‍රිකුණාමලය අගනුවර කරමින් නැගෙනහිර පළාත, කොළඹ අගනුවර වශයෙන් බස්නාහිර පළාත හා මහනුවර අගනගරය මධ්‍යම පළාත ඉහත කී නිර්දේශය අනුව පිහිටුවන ලැබූ පළාත් පහයි. එක් පළාතක ප්‍රධාන රටකරවන නිලධාරියා ආණ්ඩුවේ ඒජන්ත වශයෙන් හැඳින් විය. ආණ්ඩුවේ ඒජන්තවරු පස් දෙනකුට සීමාවීම අනුව ආණ්ඩුවේ මුදල් විශාල ප්‍රමාණයක් අඩුකර ගැනීමට හැකි වීම ඉහතකී නිර්දේශයේ එක් වැදගත් අංගයක් විය. මේ පළාත් බෙදීයැමේ කිසිදු ඓතිහාසික හෝ ස්වාභාවික හෝ දේශපාලන සම්බන්ධකම් ගැන සැලකිල්ලක් දක්වා කරන ලද්දක් නොවන බව සඳහන් වේ. මුළු රටෙන් 1/5 ක් පමණ විශාල වූ කොටසක් එක් පළාතකට වෙන්වීම, මේ පළාත් බෙදීමේ ප්‍රධාන දුර්වලකමක් වශයෙන් හැඳින්වෙන අතර ගමනාගමන දුෂ්කරතා බෙහෙවින් බලපැවැත් වූ එකල තම පාලනය අදාළ පළාතේ බොහෝ කොටස් ආණ්ඩුවේ ඒජන්තවරයාගේ අවධානයෙන් ගිලිහීයැම හේතුකොට ගෙන ජනතාවට මහත්වූ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය.
ආරම්භයේ 1834 දී පළාත් පහක් වශයෙන් පැවතිය ද , ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්ඩුකාරයා (1841 - 1847) 1845 දී හලාවත, පුත්තලම හා සත්කෝරළය එක්කොට, පුත්තලම අගනුවර ලෙස පවත්වමින්, වයඹ පළාත බිහිකළේය. 1856 දී නැවත වරක් වයඹ පළාතේ අගනුවර කුරුණෑගල බවට පත්කරන ලදී. 1870 දී නැගෙනහිර පළාතේ අගනුවර වශයෙන් පැවති ත්‍රිකුණාමලය වෙනුවට මඩකලපුව තෝරා ගන්නා ලදී.
1872 සිට 1877 දක්වා වසර පහක් ආණ්ඩුකාරධූරය දැරූ ශ්‍රීමන් විලියම් හෙන්ද්‍රිතුමාට, නුවර කලාපයේ හා තමන්කඩුවේ කළ සංචාරයකදී වැටහී ගිය පරිදි යාපනය දිසාපතිවරයාට ඈත සිංහල ගම් දනව් වෙනුවෙන් කටයුතු කිරීමේ දුෂ්කරතාවය පෙනී ගියෙන් 1873 දී අනුරාධපුරය අගනගරය කරමින් උතුරු පළාතට අයත්කොට තිබූ නුවර කළාපයත්, නැගෙනහිර පළාතට එක්කොට තිබූ තමන්කඩුවත් එක්කොට උතුරු මැද පළාත පිහිටුවීය.
එක්දාස් අටසීය අනූව පමණ වන විට මොණරාගල, වැලිමඩ හා බදුල්ල ප්‍රදේශවල වතු වගාව සීග්‍රයෙන් වර්ධනය වන්නට විය. මේ වනවිටත් මෙකී ප්‍රදේශ ද මහනුවර අගනුවර කොට ගෙන පිහිටුවා තිබුණත් මහනුවර ඒජන්තගේ අවධානය යොමු වීම අපහසු කටයුත්තක් විය.
මේ දුර බැහැර ප්‍රදේශ තනි පළාතක් යටතට ගැනීම පාලන කටයුතු වලටද පහසුවක් විය හැකි බව සලකා ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්ඩුකාර තුමා මධ්‍ය පළාතට අයත්ව තිබූ බින්තැන්න, වියලුව, වෙල්ලස්ස, උඩුකිඳ, යටිකිඳ, කොටස් ද දකුණු පළාතට අයත්ව තිබූ වැල්ලවාය, බුත්තල යන පෙදෙස් ද එක්කොට බදුල්ල අගනුවර කරමින් ඌව පළාත බිහි කළේය.
එසේම කුකුළු කෝරළය, කොළොන්න කෝරළය, වැනි ප්‍රදේශවල දියුණුවට කටයුතු කිරීම අපහසු බව පෙනී ගියෙන් 1889 දී ගෝර්ඩන් ආණ්ඩුකාරතුමා විසින් එතෙක් පිහිටුවා තිබුණු පළාත් අට තවදුරටත් පුළුල් කරමින් රත්නපුරය අගනුවර කරමින්, සබරගමුව ශ්‍රී ලංකාවේ නවවෙනි පළාත ලෙස නම් කළේය.
රුහුණු, මායා, පිහිටි වශයෙන් ක්‍රියාත්මක වූ තුන් හෙළය රටට සුදු අලියෙක් වෙමින් දැනට ක්‍රියාත්මක වන පළාත් නවයක් ලෙස බිහි වූයේ ඔය ආකාරයටය.
මෙයින් කෙටි කළකින්ම පරිපාලන කටයුතු ශීඝ්‍රයෙන් පුළුල් වන්නට විය. පළාත පාලනය කළ ඒජන්ත තැනට රාජකාරි කටයුතු බහුල වන්නට වූයෙන් , පළාත් දිස්ත්‍රික්ක වලට බෙදිණි. බස්නාහිර පළාත කොළඹ, කළුතර, ගම්පහ වශයෙන් ද, දකුණු පළාත ගාල්ල, මාතර, හම්බන්තොට වශයෙන් ද, මධ්‍යම පළාත මහනුවර හා මාතලේ ලෙස ද, ඌව පළාත බදුල්ල හා මොනරාගල යනුවෙන් හා අනෙකුත් සියලුම පළාත් ද දිස්ත්‍රික්ක වශයෙන් කොටස් දෙක තුන වනසේ බෙදී වෙන්විණි.
පරිපාලනයේ පහසුව අරමුණ කොටගෙන බෙදුණු පළාත් අද වන විට සුදු අලියෙක් බවට පත්වී ඇතිවා පමණක් නොව උතුරු හා නැගෙනහිර පළාත් ජනවර්ගයන්ගේ නිජබිම වශයෙන් සලකමින් වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ පදනම වශයෙන් ඒත්තු ගැන්වීමේ වෑයමක් දක්වා ගමන්කොට ඇත.
එච්. එම්. කල්දේරා
June 1st, 2015 at 6:08 pm
June 1st, 2015 at 7:09 pm
SHYLOCK IS MUCH FAIRER PERSON THAN THESE TAMILS IN COMPARISON. I CALL UPON TOSE TAMILS INCLUDING SAMPANTHAN AND VIGNESWARAN TO SPELL OUT WHAT THEIR GRIEVANCES ARE. BLOODY BULL SHIT THEY SAYING. mAJORITY sINHALESE HAVE NO DISCRIMINATION AGAINST TAMIL PEOPLE.