Thursday, April 30, 2015

Kandyan Royal Flag discovered

It has been reported that Senarath Panawatta, the former curator of the Kandy National Museum has been able to locate and identify the original civil standard of the Kandyan Dynasty which had been last used by King Sri Wikrama Rajasinghe in 1815.

Royal Flag
This flag had been in possession of a certain doctor in Colombo, and after his sudden death in June, 1990 his wife, a Swiss lady, left the island for permanent settlement in switzerland taking the flag with her.
Panawatta says, depending on a series of photographs sent to him by the owner, that it represents almost a carbon copy of the sketch of the Kandyan Royal Flag which E.W. Perera reproduces in plate No. 100 in his well-known monograph, Sinhalese Banners and Standards published in 1916.
It had been taken away by Capt. William Pollock picked up from the battle ground at Hanwella Fort in 1803, when Sri Wikrama Rajasinghe had to retreat fighting the British. At the time E.W. Perera discovered this flag along with two other Sinhalese flags in 1908 at the Chelsia Military Hospital in London, it was already in a very bad state of preservation and unsuitable for photography.
Therefore, he had to first renovate it and prepare a sketch for publication. Since this was already a hundred years ago, it may have by now perished to dust. The sketch which E.W. Perera prepared and published in his monograph is without colours.
But the flag identified by Mr. Panawatta, though in a poor state due to age, being an original, its colours and is the only flag of a king of Sri Lanka so far known to exist.
Panawatta identifies this flag as the civil standard of the kings of the Kandyan Dynasty which Sri Wikrama Rajasinghe continued to use and says, this is different to the Sinhalese Royal Flag, the Great Flag of the Nation, which is now adopted as the National Flag with two stripes added.
Since the owners of the flag had already expressed their willingness to dispose of it he says that considering its uniqueness as a valuable cultural property, it is the duty of the Government to arrange to acquire it for the Colombo National Museum, where already the Regalia of Sri Wikrama Rajasinghe is exhibited.

http://archives.dailynews.lk/2008/08/06/art06.asp
-----------------------------------------------------------------------







Tuesday, April 28, 2015

උඩරට ගිවිසුම අදටත් වලංගුයි

 



                මීට වසර දෙසීයකට පමණ ප්‍රථම 1815 මාර්තු මස 02 දින සවස 4.00 ට පමණ ඓතිහාසික සෙංකඩගල මහනුවර මගුල්මඩුව අභියස විශේෂ සිදුවීමක් විය. ඒ නම් අස්ගිරි මහා විහාරයේ අනුනායක  වාරියපොල සුමංගල ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රීසීන් ගේ කතිර කොඩිය( Union Jack Flag ) බිම දමා සිංහ කොඩිය එසවීමයි. සිදු වූ දෙයින් ඉංග්‍රීසීන් විශ්මයට පත් වූහ.  එංගලන්තයේ තුන්වන ජෝර්ජ් මහාරජානන් ගේ නියෝජිත ආණ්ඩුකාර තැන්පත් රොබට් බ්‍රවුන්රිග් අත්සන් කරන්නට සකස් කරන ලද ගිවිසුම අතැතිව මගුල් මඩුවේ සූදානම්ව සිටි අතර එයට එක්ව සිටීමට නියමිත වූ සිංහල රදළයන් එකොලොස්දෙනද නොසන්සුන් වූහ. මේ වන විටත් ලංකාවේ කඳුරටින් දුර බැහැර ප්‍රදේශයක බුලත්සිංහල ප්‍රදේශයේ තවත් කඳු ඉස්මත්තක සිංහ කොඩිය එසැවීමට සූදානමක් වූහ. එහි අර්ථය නම් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු යොදාගන්නා ලද නැකතකට එය ඔසවා ඉංග්‍රීසීන් ගේ අධිරාජ්‍ය තැත පරාජයට පත්කිරීමට අවශ්‍ය ශක්තිය ගැනීමයි.නමුත් ඉංග්‍රීසි හේවායා විසින් කඩිමුඩියේ ඉංග්‍රීසි කොඩිය එසැවීම නිසා වාරියපොළ සුමංගල ස්වාමීන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කරන ලද  ඒ අප්‍රකට උත්සාහය ඵල රහිත විය.පසුව දළදා වහන්සේ සඟවාගෙන වනගත වූයේ එම උත්සාහයට වෙනත් ශක්තියක් ලබාදීමේ අදිටනිනි. එහෙත් ජාතියේ අවාසනාවට එයද අසාර්ථක විය. අවසානයේදී යාපනේ අඳුරු හිරගෙදරක ලගින්නට උන්වහන්සේට සිදු විය.

       වසර දහස් ගණනාවක් තිස්සේ සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගෙන සිටි සිංහලයන් ජාතියක් වශයෙන් සංවිධිත භාවයෙන් පිරිහීමකට ලක් වූයේ ඇයි දැයි යන්න ප්‍රහේලිකාවකි. ඔවුහු ඉතිහාසයේ යුග ගණනාවක් තිස්සේ විවිධ සතුරු ආක්‍රමණයන් හමුවේ අභීතව නැගී සිටිමින් දේශයේ ස්වාධීනත්වය  වෙනුවෙන් දිවි දුන්හ. එහෙත් ඒ සිදුවීම් වඩාත් හොඳින් නිරීක්ෂණය කරන කල්හි වැටහී යන්නේ ඒ කිසිවක් සංවිධිතව ගොඩ නැගූවක් නොවන බවයි. වෙසෙසින්ම වසර පන්සීයක් ආපස්සට හැරී විමසන කල්හි මේ බැව් පසක් වෙයි.ඔවුහු සැම විටම ජාතියට ආරෝවක් පැමිණි කල්හි නැගී සිටිති. ආසාධාරණයක් වූ සැණින් ඇඟ රුහිරු කකියවමින් නිර්භීතව ඉදිරියටම එති. එහිදී සතුරාගේ ඊතලයකට හෝ බයිනෙත්තු උණ්ඩයකට හෝ පපුව විවර කරන්නට මැළි නොවෙති. කිසි දිනකත් සතුරන් පස්සේ හඹා ගොස්  පසුපස්සෙන් පහර දී ඝාතනය කිරීමට තරම් සිංහලයා නිවට නොවීයයි කියති. ඉංග්‍රීසීන්ට සේවය කළ මොනරවිල කැප්පෙටිපොළ සිය ප්‍රතිමල්ලවයන් පරාජයට පත් කිරීමට ගිය ගමනේදී පළමු වරට ජාතියේ හෘද සාක්ෂිය අවබෝධ කරගත්තේය. එහිදී ඔහු ආපස්සට හැරී සිය අත තිබූ ආයුධ සියල්ල යළිත් ඉංග්‍රීසීන්ට භාර දෙන්නටයයි කියා හරවා යැවූ බව කියති. මේ වෑයම් කිසිවක් උපක්‍රමික නැත. කඳු සිඛර අස්සේ සැංගී සිට මහා කළු ගල් පෙරලා කළ ගරිල්ලා සටනක් ගැන කියන කල්හි එය උපක්‍රමික සංග්‍රාමයක් යැයි උදන් ඇණීමට හැකිද.නැත. සිංහල ජාතිය උපක්‍රමිකව වැඩ කලේ නම් 1815 දී සිය ස්වාධීනත්වය අහිමි කරගන්නේ නැත.

         අපගේ අවසාන නරපතියා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ වඩුගයෙකි. ඔහු සිය ඒකාධිපති බලයෙන් රදළ ආධිපත්‍ය විනාශ කලේය. ඉංග්‍රීසීන් ගේ සටකපට රාජ දූතයා වූ ජෝන් ඩොයිලි ගැමියෙකු ලෙස හැසිරෙමින් කටේ පුරවා ගත්  බුලත්විට ඇතිව කළ සූක්ෂම මෙහෙයුම තුළ අවසාන අවුරුදු කීපය තුළ රජු බේබද්දෙකු විය. රජ මාළිගයේ සැම තැනකම හිස් මත්වතුර බෝතල් වලින් පිරීයන්නට විය. රදළවරු එකින් එකා දංගෙඩියට යද්දී. මල්වත්තේ පරණාතල රතනපාල අනුනායක තෙරණුවන් ද දංගෙඩියට යද්දී රජු ඒ ඝාතනයන් දෙස  මහත් අභිරුචියෙන් බලාසිටියේ යයි කියති. මේ කුමන්ත්‍රණයේ එක් පැත්තක බල අරගලයක් විය.ඉංග්‍රීසීන් සමග ගනුදෙනු කොට රහස් ගිවිසුම් ගසා රජුට ද්‍රොහී වීම නිසා පිළමතලව්වේ මහ අධිකාරම රජු අණින් දං ගෙඩියට දැක්කවූ පසු එම තැන් ගත් මොල්ලිගොඩ මහ නිළමේ ගේ සටකපට උපායෙන් ඇහැලේපොළ ද අනතුරට වැටිණ.ඇහැලේපොළ පවුලට මරු කැඳවීමට කුමන්ත්‍රණය කළ මූලිකයා වූයේ මොල්ලිගොඩයි. රජු ඇහැලේපොළගෙන් බිඳවීමට නොයෙකුත් ගතු කී ඔහු රජු පත්තිරිප්පුවේ සිටින විට කුමාරිහාමි සහ දරුවන් රජ හමු වට කැඳවීය. එය රජ අණින් කරන ලද්දක් නොවීය. ඔවුන් දැකීමට රජු නොකැමති බව දැන්වූ විට මෙවැනි දුෂ්ටයන් ජීවතුන් අතර සිටින්ට ඉඩ නොහල යුතු යයි රජුට ඇසෙන්නට කීහ. හෙඳටම සුරා මතින් සිටි රජු ඒ හරි යයි කියා ආපසු මාළිගයටම ගිය බව කියති. ඇහැලේපොළගේ බලඋපායන් කෙරෙහි  නොරිස්සූ මොල්ලිගොඩ රජු නැති අතරක් බලා කුමාරහාමි ඇතුළු පවුල වධකස්ථානයට කැඳවා දරුවන් කෙටවීමට අණ කළ බව ප්‍රකටය. රජු මෙය දැනගත් වහාම මොල්ලිගොඩ කැඳවා තරවටු කළේය. එක් මොල්ලියක් ඇති කුළු ගොනෙකු ආම්බාන් කිරීමත් අමාරු කොට මොල්ලිගොඩක් ඇති කුළු හරකෙකු කෙසේ අවනත කරන්නටදැයි ඉන්පසු තමන් අසල සිටි තමන්ගේ දුක්ගන්නා නිළමේට පවසා ඇත.      

        ඇහැලේ පොළ කොළඹට පැනගොස් ඉංග්‍රීසීන් සමග එකතු වී වඩුග රජා පැන්නවීමට හමුදා සමග බලන කන්ද තරණය කරන කල්හි මොල්ලිගොඩ නිළමේද සිය හමුදාව කැටුව එයට මුහුණ දීමට පැමිණෙමින් සිටියේය. එහිදී ඇහැලේපොළ විසින් මොල්ලිගොඩට හසුන් පතක් එවන ලද්දේය. එහි මෙසේ සඳහන් විය.

ගුණවත් මොල්ලිගොඩ සොහොයුරු තුමනි සොඳ -බලවත් වරද කලෙ මට වඩිග රජ තද

තෙරපත් කරලන්ට ඉංග්‍රීසි හට මෙසඳ -කොහොමත් ඉඩ දෙනු මැනවි නොකරමින්    යුද

එයට මොල්ලිගොඩ නිලමේ විසින් එවන ලද පිළතුරු පත මෙසේ විය.

බලවත් සොහොයුරනි ඇහැලේපොළර යුතු- ඉඩ හැර මම ඉඳිමිඔබ අදහසට සිතූ

මෙ විතර කල් පැවති අප ජාතියෙ දිමුතු - පුවතර නිදහස ඉවරයි මෙයින්       මතු

     රදළයන් රජු සහ ඉංග්‍රීසීන් අතර වූ න්‍යෂ්ටියේ බල අරගලය මේ අයුරින් නිමාවට පත් වෙමින් තිබුණි.රදළයන්ට එරෙහි වඩුග දෙමළ පීඩනය අවසන් කර ඉංග්‍රීසීන් සෙවණේ රදළ බලය යළි නැගිට්ටවා ගැනීම මෙහි අරමුණ විය. වඩා හෙඳ යහපාලනයක් ඉංග්‍රීසින් වෙතින් ඉටු වේවියැයි මේ රදළයන් සිතන්නට ඇත. ඒ අනුව 1815 මාර්තු මස 02 දින රාජාධිරාජසිංහයන් විසින් තැනූ ඓතිහාසික මගුල්මඩුවේදී රොබට්බ්‍රවුන්රිග් සහ උඩරට නිලමේ වරු දසදෙනෙකු මේ ගිවිසුමට අත්සන් ගැබූහ. නුවර කලාවිය දිසාවේ වන ගලගොඩ එහි සිටියත් එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා දිනපතාම ගලගොඩ වලව්ට  පැමිණ එය අත්සන් කිරීමට බල කලේය. එහෙත් ඔහු විසින් එය නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන ලද බව පුංචිබණ්ඩාර දොලපිහිල්ල මහතා ගේ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලය නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි.නමුත් උඩරට ගිවිසුමේ මුද්‍රිත පිටපතේ ගලගොඩගේ අත්සන සඳහන්ව ඇත. එය හොර අත්සනක් ද යන සැකය අප තුළ මතුවේ.

             1815 උඩරට ගිවිසුමේ 02  03 සහ05 වන වගන්ති ඉතා වැදගත්ය. 02 වන වගන්තිය මෙසේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො රජ දරුවන්ගෙ ප්‍රධාන තවද මහත් ශීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවකින ඒ රාජඟයට ඇත්තා වූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රජඟයෙන් බැහැර කරන්ඩ යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන නොහොත් ආවහ විවාහයෙන් පැවත එන අනෙක ප්‍රකාර වූ නෑදෑයින්ද හැම කල්ම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙදුනා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තා වූ සියළුම අයිතිවාසිකම් නැති කරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ.(..and all claim and title of the Malabar race to the Dominion of the Kandyan Provinces is abolished and extinguished )

       මෙම වගන්තිය අනුව සිංහලේ රටවල් ආණ්ඩු කිරීමට දෙමල වර්ගයාට ඇති අයිතිය ( ඉංග්‍රීසිපිටපතේ දක්වා තිබෙන්නේ මාලබාර්) යනුවෙනි) අවසන් කළ බව ඉංග්‍රීසි ආණ්ඩුව පිළිගෙන තිබේ. එසේම එම පුද්ගලයන් උදෙසා බලපැවැත්වූ මලබාර් නීතියද අහෝසි වී ඉංග්‍රීසි ගොවැර්ණමේන්තුවේ නීතිය බල පැවැත්වෙන්ඩ යෙදෙන්නේයැයිද ගිවිස ගෙන තිබේ.එහෙත් 1818 ජාතික විමුක්ති අරගලයෙන් පසුව ඉංග්‍රීසීන් මේ වගන්තිවල බලය ඒපාක්ෂිකව වෙනස් කර සියළුම බලතල රදලයන් ගේ බැහැර කෙට ඔවුන් සන්තක කර ගත් බව පැහැදිලිය.

          1815 වසරේ ජූනි මස කෙළඹදී පැවැත්වීමට නියමිත වූ තුන්වන ජෝර්ජ් මහ රජතුමාගේ පස් පණස් ජන්ම දින සැමරුම් උත්සවයට ඇහැලේපොළ සහ මොල්ලිගොඩ යන නිලමේ වරුන්ද කණිෂ්ට පිලමතලව්වේට ද කණිෂ්ට මොල්ලිගොඩ නිලමේට ද ආරාධන කරනු ලැබිණ. මේ වන විටත් පිළමතලව්වේ ගෙන් හිස් වූ මහ අදිකාරම් ධූරයට මොල්ලගොඩ පත් කර තිබුණි. ඒ පතාග 500 ක වැටුප් දීමනා සහිතවයි. ( රන් පවුම් 37 සිලිං 10 )  ඉංග්‍රීසීන් මේ නිලමේ වරුන්ට නවාතැන් ගැනීමට සුදු රෙදි වලින් සරසන ලද නිවාස සකස් කරන ලදහ.1815 ජූනි 05 ගැසට් පත්‍රයේ මේ නිලමේ වරුන්ගේ පැමිණීම ගැන විශේෂයෙන් සඳහන් කර තිබේ. එහිදී හැත්තෑ හත් වන වියේ සිටි ඇහැලේපොළ සුදු අසකු අරා පැමිණ ඇති අතර ඉංග්‍රීසි යුධ භටයන්ගේ ආචාර ගාලු මුවදොර පිටියේදී පරීක්ෂා කලේය. එහදී ආචාර වෙඩිමුර පවත්වන කල්හි නොකැමත්තෙන් මෙන් අසු පිටින් බැස්ස බවද  සටහන් තබා තිබේ. මේ ගෞරව බුහුමාන ඉතා ටික කලකට විය. 1818 න් පසු ඇහැලේ පොළ මොල්ලිගොඩ පිළමතලව්වේ ඇතුළ රදළයන් සියල්ල මුරිසියට පිටිවහල් කරන ලද්දේය.     

     ශ්‍රී වික්‍රම රාජ සිංහ සතුව තිබූ සිංහ කොඩිය වසර දහස් ගණනාවක් තිස්සේ සිංහල රාජ පරම්පරාවට අයත්ව තිබූ රාජකීය අභිමානය ප්‍රකට කරවන ලද සංකේතයක් බඳු විය. බෝමුරේ අප්පුරාල ආරච්චිලාගේ ගෙදරදී සිංහලේ රජු අල්ලා ගන්නා ලද්දේ එක්නැලිගොඩ ප්‍රමුඛ රදළවරුන් විසිනි.එහිදී රජුටත් බිසෝ වරුන්ටත් හිංසා කරන ලද පැවසේ. රජු පිටිවහල් කළ අතර සිංහ කොඩියත් රාජකීය කකුධ භාණ්ඩත් එංගලන්තයට යැවිණ. මේ භාණඩයන් දුටු ඉංග්‍රීසීන් සිංහල ජාතියේ අභිමානය කුමක්දැයි වටහා ගත් බව නිසැකය.

             1948 දී ලංකාවට නිදහස ලබා දෙනකල්හි ද මේ අභිමානවත් කොඩිය ඔසවා ඇත. එහෙත් නිදහස සමරන්නන්ට මගුල්මඩුව නම්  මතක් වූයේ නැත. ලක් රජය ඉංග්‍රීසින්ට භාරදෙන ලද්දේ මගුල්මඩුවේදී අත්සන් කරන ද ගිවිසුමක් මගින් බව මතකයට නතා ගත නොහැකි විය.ඒ වෙනුවට වෙස්ටිමිනිස්ටර් පාර්ලිමේන්තුවත් ටොප්හැට් එකත් ටේල්කොටයත් පමණක් ඩී.එස්. සේනානායක මහතා සතු විය.1950 දී පමණ ඔහු විසින් ජාතික කොඩිය නිර්මාණය කිරීම පිණිස නිශ්ශංක විජේරත්න මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කරන ලද්දේය. 1951 දී මෙම කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කරන ලදී. සැබවින්ම සිංහ කොඩිය විකෘති කිරීමට සහ ලංකාව ජාතීන් වශයෙන් බෙදා වෙන් කිරීමට එදා තීරණය කරන ලදහ.  සිංහ කොඩියේ ඉදිරිපසින් සිංහයා හිර කර පටි දෙකක් එල්ලා බෙදුම්වාදය ආරම්භ කරන ලද්දේ මෙලෙසය.

      එහෙත් උඩරට ගිවිසුම අනුව දෙමල වර්ගයාට මේ ශ්‍රී ලංකා ද්වීපය තුළ යලිත් ආණ්ඩු කිරීමට බලයක් ලැබෙන්නේ නැත. එසේම බුද්ධශාසනය හා දේවාගම කඩ කළ නොහැකිව පැවැත්වීම අනිවාර්ය වේ.එම ගිවිසුම අපගේ පසු කාලීන නීති පොතට ද ඇතුළත් වී තිබේ. එහෙයින් මෙම ගිවිසුම් ප්‍රකාරව ඇතිකර ගත් එකඟතාවයන් අදටත් වලංගුය.1951 සිට දැන් වසර හැටහතරක් ගෙවී ගොස් තිබේ. එදා සම්මත කරන ලද බෙදුම්වාදය මේවන විට කෙතරම් දුරට වර්ධනය ව ඇත්දැයි කල්පනා කළ යුතුය. ජාතීන් වශයෙන් බෙදුණු රට පක්ෂ වශයෙන් බෙදුණු සිංහලයා පාගා දමමින් දෙමළ මුස්ලිම් ජන වර්ග බලයට පත් කරමින් සිටී. අප නිදහස සමරන්නේ මෙලෙස බෙදී වෙන්වුණු රටක සිටය. වඩා යුක්ති ගරුක සමාජයක් සොයමින් වල්මත්ව සිටින සිංහල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයද දැන් සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් ව තිබේ. ඒවා පරිහරණය කරන්නේ අතලොස්සක් වූ බමුණු කුලයක් විසිනි. නීතිය අනුව ගියද නොගියද පක්ෂ වලට බෙදී සිටින සිංහලයා මෙකී බමුණු කුලය අනුමත කරති. ඔවුහු අනුගමනය කරති.1815 වර්ෂයෙන් පසු වසර දෙසීයක් ඉකුත්ව ගිය තැන බලලෝභී සිංහලයන් විසින් නැවතත් රට පාවා දී තිබේ. යහපාලනය සකස් කළ හැකි යයි කියන විජාතික බලවේගයන්ට මෙලෙස රට පාවා දී ඇත. එදා ඉංග්‍රීසීන් විසින් මල්වතු සහ අස්ගිරි මහනායක තෙරවරුන්ටද මෙවැනි යහපාලනයක් ගැන මහ ලොකු කතා කීබව ඉතිහාසයේ ඇත. එහෙත් වර්ෂ කීපයක් ඉකුත්වන්නට පළමු ඔවුහු ගිවිසුම කඩකොට සිංහල සිරිත් විරිත් උල්ලංඝණය කරමින් හැසිරෙන්ට වන. අද සිදු වන්නේද එලෙස නොවේද. එසේ නම් සිංහලයන් ගේ උපක්‍රමික භාවයේ විශාල අඩුපාඩුවක් තිබෙන බව අප තේරුම් ගත යුතුය.සිංහලයා පාර්ලිමේන්තුව තුළ ගාල් කර භේද භින්න කරන ලද බව ප්‍රකාශ කළ යුතුය.එසේ නම් නිදහස පවතින්නේ පාර්ලිමේන්තුව තුළවත් යටකී බමුණු කුලයේ මග පෙන්වීමෙන් රැස්කරගන්නා පක්ෂ දේශපාලනය තුළත් නොවේ. සිංහල රට පාවා දීමට ගිවිසුම් අත්සන් කළ මගුල් මඩුව පදනම්ව ඇරඹෙන නව ජාතික විමුක්ති අරගලයක් මගින් යැයි අප තේරුම් ගත යුතුය.

මතුගම සෙනවිරුවන් 
http://seneviruwan.blogspot.com/

සිංහල බහුතර මතයට විරුද්ධව ජාතික කොඩිය සම්මත වෙයි


ලංකාව බ්‍රිතාන්‍යයන්ට පවරා දීමට සකස් කරන ලද ගිවිසුම අත්සන් කිරීමට සුළු මොහොතකට පෙර සිංහල රජතුමාගේ රාජකීය කොඩිය යයි නම් දරා තිබූ සිංහ කොඩිය ඉංග්‍රීසි හේවායෙකු විසින් බිම හෙළන ලදහ. නමුත් අස්ගිරි මහා විහාරයේ අනුනායකව වැඩ සිටි වාරියපොල සුමංගල ස්වාමීන් වහන්සේ වහා මැදිහත්ව එම කොඩිය යලි ඔසවන ලද බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. 1815 වර්ෂයේ දී සිංහල රදළයන් විසින් අත්සන් කරනලද ගිවිසුම අනුව මාර්තු මස 02 දින පටන් එංගලන්තයේ මහ රජු ලංකාවේ රජු බවට පත් විය. ඔහු ලංකාවේ සාම්ප්‍රදායානුකූල ආගම ධර්මයත් සිරිත් විරිත් ආදියත් ආරක්ෂා කළ යුතු වන බවට ගිවිසුම අනුව සහතික විය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මේ වගන්ති වලට අකමැති වුවද භික්ෂූන් වහන්සේලා ගේ දැඩි ඉල්ලීම මත ගිවිසුමට එකඟ වූ බව පැවසෙයි. කෙසේ වෙතත් 1948 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් යම් තරමකට මිදුණු නිදහසක් ලංකාවට හිමි විය.

1945 දී පමණ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ ප්‍රකාශයක් වූයේ ලංකාවට නිදහස ලැබෙන විට සිංහලේ රාජකීය කොඩිය වශයෙන් තිබූ සිංහ කොඩිය යළි එසැවිය යුතු බවයි. ඒ අනුව1948 ජනවාරි මස 16 දිනදී මඩකලපු මන්ත්‍රීවරයාව සිටි සින්නලෙබ්බේ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට එම යෝජනාව ඉදිරිපත් කර ඇත.එහිදී ඩී.එස්.සේනානායක මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ අවසන් රජු දෙමළ ජන වර්ගයට අයත් නමුත් සිංහ කොඩිය නිල රාජකීය කොඩිය වශයෙන් පිළිගෙන කටයුතු කළ බැවින් එය එසැවීම කාලෝචිත බවයි. නමුත් නිදහස දිනා ගැන්මේදී දෙමළ ජනතාවටද සම තැන ඉල්වා සිටි ජී.ජී. පොන්නම්බලම් චෙල්වනායගම් ඇතුළු දෙමල නායකයන් මේ කොඩිය එසැවීමට සපුරා විරුද්ධ වූහ.දෙමල ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඔවුහු ආණ්ඩුකාරවරයාට අභියාචනා ඉදිරිපත් කළහ. මේ පිළිබඳ ප්‍රශ්ණය සමහන් කිරීම උදෙසා ඩී.එස් සේනානායක මහතා මේ දෙමළ නායකයන්ට යම් පොරොන්දුවක් විය. ඒ නම් නිදහස් දින උත්සවයෙන් පසුව නව ලංකාවේ නිල කොඩිය නිර්මාණය කිරීමට කොඩි කාරක සභාවක් පත්කරන බවයි. පොරොන්දු වූ ප්‍රකාරව 1948 මාර්තු මස 06 දින එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වූයේ ජෝන් කොතලාවල ජේ.ආර්.ජයවර්ධන ලලිත රාජපක්ෂ ටී.බී.ජයා සෙනරත් පරණ විතාන ජී.ජී. පොන්නම්බලම් සහ එස්.නඩේසන් යන මහත්වරුය. මෙම කමිටුව 1948 පෙබ 15 ජූනි 12 ජූනි 22 අගෝ 15 හා 23 යන දිනයන්හිදීද 1949 වසරේ මැයි 10 ජූලි 08 නො 22 දෙසැ 9 යන දිනයන්හිදී ද 1950 ජන 20 සහ පෙබ 13 දිනයන් වලදී රැස් වී ඇත.

එහිදී මහජනතාව වෙත ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරන ලදී. ලංකාව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් වශයෙන් ඩොමීනියන් තත්ත්වය ලබා ඇති බැවින් බ්‍රිතාන්‍ය කතිර කොඩියට වෙනස් වූ රටේ අනන්‍යතාව සහතික කරන ජාතික කොඩියක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන් විය. වසර දෙකක් තිස්සේ 227 දෙනෙකු ගෙන් පමණ මේ පිළිබඳව සාක්ෂි ලබා ගෙන තිබුණි. එහිදී 159 දෙනෙකු සිංහල භාෂාවෙන්ද හැට අට දෙනෙකු ඉංග්‍රීසි භාෂාවෙන්ද යෝජනා ඉදිරිපත්කර ඇත. සකස් කරන ලද නූතන කොඩියට විරුද්ධව කොමිටියේ සාමාජික එස්.නඩේසන් මහතා අදහස් ප්‍රකාශ කරන ලද්දේය. ඔහු තර්ක කලේ මෙම කොඩියේ සිංහයාට පිටතින් ගසන ලද පටි දෙක නිසා සිය ජන වර්ගයන් ගේ අනන්‍යතාව බැහැරට දමා ඇති බවයි. ඔවුන්ගේ ජාතික ජීවිතය සිරගත කිරීම සිදු නොවිය යුතු බව ඔහුගේ තර්කය විය.( In Our national life We do not Want create Water tight compartments )මෙම කොඩි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් 97 දෙනෙකු ගේ කැමැත්ත වූයේ පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් සම්මත කර ගත යුතු බවයි.ඔවුන් සියල්ල සිංහලයන් වෙති.ටිබෙට් ජාතික එස.මහින්ද හිමියන් ද මේ සිංහ කොඩිය වනා එකල ලියූ කවි පද කීපයක් විය.

දිය නෙත් දහම් රන් පාටින් හෙළිවේය - බිය නැති බවට සිහ රද සළකුණු වේය

නියමය බලය රන් කඩුවෙන් කිය වේය - මෙය අප සිංහ කොඩියේ තොරතුරු වේය

විජය අබා පැරකුම්බා දෙරජ වරු - නිජය බලෙන් කෙරෙමින් රුපු අඳුරු දුරු

විජය ලබා නැන්වූවෝ වෙමින් සුරු - දජය මෙන්න නරඹව් තෙපි පපා ගරු



සිංහල ජනතාව අතරින් කීප දෙනෙකු ශ්‍රීපාද ස්ථානය සහ දළදා කරඬුව කොඩියේ සංකේතය වශයෙන් ගත යුතු බවද සූර්යා සහ ශ්‍රී පාදය ගත යුතු බවද දක්වා තිබුණි.ඒ. මයාලන් නම් පුද්ගලයෙක් කියා සිට ඇත්තේ කඩුව නැති සිංහයාද වෘෂභ(නන්දි ) රූපයද අඩ සඳ හා තරුවද සහිතව කොඩිය සකස්විය යුතු බවයි. ගරුතර ස්වාමීන් වහන්සේලා ගේ අදහස් කීපයක් ඉදිරිපත් වූ අතර ලංකාව බෞද්ධ රටක් බැවින් බෞද්ධත්වය නිරූපණය වීමක් මෙම කොඩියෙන් සිදු විය යුතු බව අදහස විය. ඇතැම් අය මෙතෙක් පැවති යුනියක් ජැක් කොඩිය සමග සිංහයා යෙදීමටද යේජනා කර තිබුණි. වඩාත්ම වැදගත් කාරණය වශයෙන් සඳහන් කළ හැක්කේ ආනන්ද විදුහලේ ගුරු මග නම් සංවිධානය කියා සිටි මතයයි.ඔවුහු සිංහයා අඩ සඳ තරුව දාගැබ කුරුසිය මෙන්ම කොන් සතරේ පිත්තල පහනද බෝකොළ ද යෝජනා කර තිබුණි. මෙහි අදහස නම් ලංකාව බහුජාතික බහුආගමික රටක් වශයෙන් ඔවුන් පිළිගත් බවයි.

පසු කාලයක සුන්දරලිංගම් මහතා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ සූර්යා ප්‍රධාන පටි සහිත කොඩිය පිළිබඳ අදහසක් පලුකාමම් සුභ සාධක සංගමය විසින් ඉදි පත් කර තිබුණි.එසේම කාත්තන්කුඩි තරුණ යෝනක සංගමයේ අදහස වූයේ කහ රතු කොළ පසුබිමේ සිංහයා අඩසඳ තරුව සහ වෘෂභ රූපය ඇතුළත් විය යුතු බවයි.හලාවත බිෂොප් වරයා ප්‍රකාශ කර තිබෙන අදහසද ඉතා වැදගත්ය. ඔහු අනෙක් අයට වඩා මේ කොඩියේ ඉතිහාසය සඳහන් කරමින් අගනා ලිපියක් ඉදිරිපත් කර ඇත. එයට අනුව පැරණි සිංහ කොඩිය ඉතිහාසය විසින් ලබා දුන් ජාතික කොඩියක් බවත් නමුත් එය සිංහල කොඩියක් නොවන බවත් කියා තිබුණි.කපුකොටුව දොළපිහිල්ල කැපෙටිපොළ උනම්බුව ආදී උඩරට ප්‍රධානීන් බහුතරයක් සිංහ කොඩියම සම්මත කර ගැනීමට මැලිකමක් දැක්වූහ. ඔවුහු තමන්ගේ උගත් කම දක්වාලමින් සියළු ජන වර්ග නියෝජනයට පටි අවශ්‍ය බව සඳහන් කර තිබීම සැලකිල්ලට ගත යුතුය. මේආකාරයට සාමාන්‍ය සිංහල ජනතාව අතරින් බහුතරයක් පැරණි සිංහල කොඩිය අවශ්‍ය බව ප්‍රකාශ කර සිටි අතර හැට නව දෙනෙකු සිංහයා ඉවත් කර ජන වර්ග නියෝජනය සඳහා වර්ණ පටි යෙදීම හෝ දම්වැල් මෙන් පටි යෙදීම නිර්දේශ කර ඇත. එයින් 22 දෙදෙනෙකු සිංහලයන් නොවෙති.ඔවුහු සිංහයා යෙදීමට එකහෙලා අකමැති වූහ.මෙයින් තේරුම්ගත යුතුව ඇත්තේ බහුතර සාමාන්‍ය ජනතාවට පවා එදා කොඩිය සකස් කර ගැනීමට තිබූ උනනන්දුවයි. එසේම ඔවුහු තම හෘද සාක්ෂ්‍යට එකඟව සිංහ කොඩිය අනුමත කර තිබුණි. නමුත් සිංහල බහුතරයේ ප්‍රජාතන්ත්‍රීය අදහස් වලට ගරු නොකළ කාරක සබාව සිංහ කොඩියට තැඹිලි වර්ණයෙන් සහ කොළ වර්ණයෙන් යුතු පටි දෙකක් එක්කිරීමට තීරණය කොට සම්මත කර ගෙන ඇත.

මෙම කොඩිය පිළිබඳව 1951 මාර්තු මස01 සහ 02 දින පවත්වන්නට යෙදුණු නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසි වාරයේදී කොඩිය වෙනස් කිරීමට එරෙහිව සිංහල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කතා කළහ. මතුගම මන්ත්‍රීවරයාව සිටි විල්මට් ඒ. පෙරේරා මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය. ගරු කතා නායක තුමනි සිංහල කොඩිය ගැන වාද කරන අවස්ථාවේහිදී සිංහලයෙකු හැටියට මගේ අදහස් සිංහලෙන් ප්‍රකාශ කිරීම යෝග්‍ය යයි මම සිතමි. සිංහලයන්ගේ මේ කොඩිය ගැන ඈත අතීතයේ සිට පැවත එන ත්‍රිසිංහල කොඩිය වූද නුවර රාජධානියේ කොඩිය වූද මේ කොඩිය ගැන විවේචනයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.එහෙත් මා නගන එකම ප්‍රශ්ණය නම් විලබාවේ කැප්පෙටිපොළ ආදී ශ්‍රේෂ්ට ජාතික වීරයන් මේ ලාංඡනය ආරක්ෂා කිරීමට ඒ වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වුණි නම් මෙරට මහ ජනයා වෙනුවෙන් මේ ගරු සභාවෙහි පෙනී සිටින මැති ඇමතිවරුන් ඒ ශ්‍රේෂ්ඨ ලාංඡනය කෙළසන්නට එහි ඉරි අදින්නට මොන හිතකින් අදහස් කරන්නේද මොන හිතකින් එවැන්නක් අනුමතකරන්නේද යන්න සිංහලයෙකු හැටියටමට නම් නොවැටහේ.

කථානායක තුමනි 1948 ජනවාරි 16 දා මේ කොඩි ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබූ විවාදයේදී මේ රටේ සිටින්නේ සිංහලයන් පමණක් නොවේ සුළු ජාතීන්ද ඇත කියා මම කීවෙමි. එබැවින් ඒ සුළු ජාතීහු අප කොඩියෙහි යම් කිසි ස්ථානයක් වුවමනා යයි ඉල්ලා සිටිත් නම් සියළු දෙනාටම ගෞරව කල හැකි වෙනම කොඩියක් සකස් කර ගැනීමට ඉඩදිය යුතුය කියා මම එදින කීවෙමි. මා එදා කී දෙය අදද අනුමත කරමි.අපේ කොඩිය නොකෙලෙසා එයට ඉඩ නොදී සුලු ජාතීන් ගේ ද අයිතිවාසිකම් රැකෙන පරිදි ඔවුන්ගේද ගෞරවය ලැබෙන පරිදි වෙනම කොඩියක් සකස් කර ගැනීමට ඉඩ තැබිය යුතුය කියා මා එදා කළ ප්‍රකාශය එක වචනයක්වත් වෙනස් කිරීමට මාගේ බලාපොරොත්තුවක් නැත. එසේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති මේ යෝජනාව නම් මොන විදියකින් වත් පිළිගත නොහැක. එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවාත් හැර අප සියලු දෙනාම එය හෙළා දකිමු. මෙතෙක් කල් පිළිගෙන ගෞරව කල ඒ සිංහ කොඩියෙහි ඉරි ඇඳ ඊට කෑලි එකතු කර එය කෙලසීම ගැන සිංහලයෙකු වශයෙන් මගේ විරුද්ධත්වය ප්‍රකශ කරනාවත් හැර ඔවැනි යෝජනාවක් ගෙනා ආ ආණ්ඩුවද හෙළා දකිමි.

විල්මට් පෙරේරා මහාතගේ අදහස් දැක්වීමෙන් අනතුරුව කොඩිකාරක සභාවේ සභාපති බණ්ඩාරනායක මහාතා අදහස් දැක්වූ අතර වැලිමඩ මන්ත්‍රී වරයාව සිටි කේ.වී.ඩී. සුගතදාස මහතා ද සිංහල භාෂාවෙන් දැක්වූ ප්‍රකාශය ඉතා වැදගත් යයි සිතමි.

අවුරුදු 136 කට ප්‍රථම 1815 මාර්ත 02 වැනිදා අද වැනි දිනක මෙරට ඉංග්‍රීස්න්ට යටත් වීමෙන් පසු පහත දමන ලද සිංහ කොඩිය මේ රටේ ජාතික කොඩිය වශයෙන් නැන්විය යුතුය යන්න කල්පනා කිරීම නොහොත් තීරණ කිරීම සඳහා මේ සභාව රැස්ව සිටින බව කවුරුත් දන්නා කාරණයකි. 1948 පෙබරවාරි 04 දින අපට නිදහස ලැබුණි. එම අවස්ථාවේදී සාධාරණ යුක්තියක් ඉෂ්ට නොවේ යයි යන අදහස මෙරට සුළු ජාතීන් අතර ඇති වූ නමුත් මේ රටේ මහ ජාතිය විසින් සුලු ජාතියේ අයිතිවාසිකම් වලට සාධාරණයක් ඉටු කරන බවට එදා පොරෙන්දු විය. සුළු ජාතීන් වෙනුවෙන් යුක්තිය සාධාරණය එදා මෙන්ම අදත් ඉටු කරන බව මේ යෝජනාව ගැන කල්පනා කරන කාහටත් පෙනී යවා ඇත.තවද කතා නායක තුමනි මෙරට ස්ථීර ජනතාවට එනම් සිංහල ජනතාවට සාධාරණය ලැබෙන පරිදි අප කටයුතු කළ නමුත් හැම අවස්ථාවකදීම ඔවුන්ට වඩා මෙරට සුළු ජාතීන්ට යුක්තිය ඉටු වන පරිදි කටයුතු කරන බව ඇත්තකි.මෙරට අධ්‍යාපනය ගෙන බලමු. මේ හැම එකක්ම සුලු ජාතීන්ට අවාසියක් ලැබෙන අයුරින් නොමැත. ඔවුන්ට වාසි වන පරිදි විසඳා තිබෙනවා පෙනී යනවා ඇත. ජාතික කොඩිය සම්බන්ධයෙන්ද එසේමය. මේ රටට ජාතියට කොඩියක් සකස් කිරීමේ දී සුළු ජාතීන් සමග සහයෝගයක් දැක්වීම ඔවුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම අවශ්‍ය බැවින් කොඩි කාරක සභාව විසින් යෝජනා කර තිබෙන මේ කොඩිය ගරු අග්‍රාමාත්‍ය තුමා විසින් සභාවට ඉදිරිපත් කර ඇත. එය කර තිබෙන්නේ එතුමාගේ පොරොන්දුවක් ඉටු කිරීම පිණිසය.

මෙම විවාදයේදී දීර්ඝවශයෙන් කරුණු දැක්වූයේ වවුනියා මන්ත්‍රීවරයාව සිටි සී.සුන්දරලිංගම් මහතාය. 1948 දී සිංහ කොඩිය පිළිබඳ අදහස ඉදිරිපත් වූ අවස්ථාවේ සිට එයට එරෙහිව දෙමළ ජනතාවගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළ ආකාරය ඔහු හෙළි කලේය. ඉංග්‍රීසීන් රට භාර ගන්නා විට ලංකාව කොටස් තුනකට බෙදී ගිය රාජ්‍යයක් වශයෙන් තිබූ බව ඔහු කළ ප්‍රකාශය ජේ.ආර්.ජයවර්ධන මහතා ප්‍රතික්ෂේප කලේය. සුන්දරලිංගම් මහතා දිගින් දිගටම ප්‍රකාශ කලේ සිංහ කොඩියට බැහැරින් සුළු ජාතීන් වෙනුවෙන් පටි යෙදීම ඔවුන්ට කළ මදිපුංචිකමක් ලෙසටය.

. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා ජාතික කොඩිය පිළිබඳ විවාදය ආරම්භ කරමින් මූලිකව පවසා ඇත්තේ අවසන් වඩුග දෙමල රජු පවා සිංහ කොඩිය රාජ්‍යයේ කොඩිය වශයෙන් භාවිතා කර ඇති බවයි. එසේම මහා බ්‍රිතාන්‍ය උදාහරණයට ගනිමින් ඔහු ප්‍රකාශ කර සිටි අදහස් මෙසේය. යුනියන් ජැක් කොඩිය සියළුම ඉංග්‍රීසි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී යොදා ගත්තද එංගලන්තයේ වේල්සයේ සහ ස්කොට්ලන්තයේ දී එහි අනන්‍යතාවයන් ප්‍රකට කරවන කතිර කොඩිය මකර රුව සහිත කොඩිය සහ සිංහ රුව සහිත කොඩිය යොදා ගන්නා බවයි. ඒ අනුව අවශ්‍ය නම් මෙහි යෝජනා කරන ලද කොඩිය ලංකාවේ ජාතික කොඩිය වශයෙන් පිළිගෙන සිංහ කොඩිය වෘෂභ කොඩිය සහ අඩසඳ හා තරුව සහිත කොඩිය එසැවීමට ඒ ඒ පළාත් වලදී බාධාවක් නොමැති බවයි.( If for instance in England the king himself can use certain flag on certain occasions .then I say there is northing to prevent the Muslims for instance , using the green flag with the crescent and the star , or the Tamils using the Nandi flag or the Sinhalese If they want to using this flag it self.)

සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව මේ කොඩි කාරක සභාව ඉදිරියේ විවිධ යෝජනා ඉදිරSපත් කරනු ලැබුවද ඩොමිනීයන් තත්ත්වය ලැබූ රටක් වශයෙන් යුනියන් ජැක් කොඩිය ඉවත් කර සිංහයා සහිත නව කොඩියක් භාවිතා කිරීමට එකඟ වීම පැසසුම් කටයුතු බව ඔහුගේ අදහස විය. එය කොඩි කාරක සභාවේ සුදුසුතර තීරණයක් ලෙස සලකන බවද ප්‍රකාශ කර සිටියේය.

ඩී.එස්.සේනානායක මහතා නිදහස් ලංකාවේ අගමැති වීම සඳහා සීතල බල අරගලයක් විය. එයින් ඔහු ජයග්‍රහණය කරනු ලැබුවද ඒ වන විට ලංකා සමසමාජපක්ෂය ජනතාව අතරට ගොස් කල සංවිධාන කටයුතු වලදී එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහිව ජන මතයක් ඇතිකිරීමට සමත් විය. මැතිවරණයේදී මීරිගම ආසනයට තරඟ වැදුණු ඩී.එස්. සේනානායක මහතා ගේ ප්‍රතිවාදියා වූ ඇඩ්මන් සමරක්කොඩි මහතා සමසමාජ පාක්ෂිකයෙකු විය. ඔහු ජනතාව අතරේ වීරයෙකු වූ බැවින් ඩී.එස්. ට තර්ජනයක් ඇති විය. මේ අවසථාවේදී හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් රත්නපුරයෙන් මීරිගමට වඩම්මවා තම ජයග්‍රහණයට දායකත්වයක් ලබා ගැනීමට පවා උනන්දු වී ඇත. ජාතික බලවේග ඔහු විසින් භාවිතා කරන ලද්දේ එසේය.එවැනි තත්ත්වයක් යටතේ සිංහ කොඩිය පිළිබඳ තීරණ ගැනීමේදී ඔහු වඩාත් පරිස්සම් වී ඇත. සමසමාජ පාක්ෂිකයන් ජාතික මතයන්ට ගරු නොකළ පිරිසක් බැවින් සියළු දෙනාට එකඟවිය හැකි එකඟතාවයකට පත්වීම ඔහුගේ අදහස් වී යැයි සිතමි. සුදු අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස ලබා වැඩි කාලයක් ගත නොවී තිබියදී නිදහසේ පරිපූර්ණත්වයට යෑමේ ගමනට කොඩිය බාධාවක් කර නොගැනීමද ඔහුගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් ඩී.එස්.සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසුව සමසමාජ පක්ෂය තවත් බලවත් විය. අධිරාජ්‍ය විරෝධි හැඟීම් ජනතාව අතරින් කුළු ගැන්වෙන්නට විය. මෙය බ්‍රිතාණය ආණුඩුවට පක්ෂපාත දේශීය නියෝජිතයන්ගේ ද සුදු නිළධාරීන්ගේද කනස්සල්ලට හේතු විය.ඔවුහු නිතරම කැබිනට් මණ්ඩලයට තීරණ ගත හැකි වන ලෙස ඡායා කැබිනට්ටුවක් වශයෙන් ක්‍රියා කළහ.සටකපට බ්‍රිතාන්‍ය නිළධාරියෙකු වන අයිවර් ජෙනිංස් ද මෙහි විය. කොතලාවල මහතාද බණ්ඩාරනායක මහතාද මේ ඡායා කැබිනට්ටුව ඉදිරියට කැඳවූ ඔවුහු පවත්නා තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළහ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිංහලයින් නියෝජනය පිණිස තවත් පකෂයක් සාදා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්කරන සැටියට එහිදී කොතලාවලගෙන් ඉල්වා සිටි බව පැවසෙයි. එහිදී තරමක් කේන්ති ගිය කොතලාවල එය ප්‍රතික්ෂේප කළ නමුත් බණ්ඩාරනායක මහතා කොන්දේසි තුනක් ඉදිරිපත් කොට එම ඉල්ලීම භාරගෙන සිය අභිප්‍රාය වන බලය සඳහා යන ගමනට අවතීර්ණ වූ බව පැවසෙයි. ඒ අනුව විපක්ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නගා ගත්තේය. මේ සාකච්ඡාව සිදු වන අවස්ථාවේ එහි සිටි පොලිස් නිළධාරියෙකු වූ අගලවත්තේ දයාරත්න රාළහාමි විසින් කළ හෙළිදරව්වක් බැවින් එය සත්‍ය සිද්දියක් ලෙසට කල්පනා කරමි.මෙයින් අප තේරුම් ගතයුත්තේ කොඩි සිද්දියේදී ඉංග්‍රීසින් යමක් අවබෝධ කරගත් ආකාරයයි. ඒ නම් සිංහලයා මතවාදීව බෙදී ගිය පසු ඔහුගේ ශක්තිය හීන වන බවයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස පක්ෂය යන පක්ෂ දෙක විසින් සිංහලයා දෙකට බෙදා රට පාලනය කිරීම මත එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්විණ. කෙසේ වෙතත් මේ කොඩි කාරක සභාවාර්තාව 1953 දී පාර්ලිමේන්තු සැසි වාර්තා කණ්ඩයට ඇතුළත් කර ලංකාවේ නිල ජාතික කොඩිය ලෙසින් භාවිතා කරන්නට වන. 1978 දී එම කොඩිය ව්‍යවස්ථා ගත විය.අද වන විට සිංහල දෙමළ හා මුස්ලිම් යනුවෙන් රට බෙදීමේ තත්ත්වයකට දේශපාලනය සකස්ව තිබේ. එම තත්ත්වය 1951 දී සම්මතකරගත් ජාතික කොඩියෙන් ආරම්භ වූ බව සැලකිය යුතුය.

මතුගම සෙනවිරුවන්

http://seneviruwan.blogspot.com/

Sunday, April 26, 2015

ගැමුණු කුමරුනි කීර්ති කුමරුනි ඔබ විසින් රැ ක දුන් දේශයයලි විනාශය හමුවේ ය

Posted on April 24th, 2015-ධර්මසිරි සෙනෙවිරත්න


පුංචිම  පුංචි කාලයේදීත්  ගැමුණු කුමරු  හිතුවේ රට ගැනය පියා සමග  නොහොඳ නෝක්කාඩු  වුනෙත් එනිසාය  අතපය හකුලා ගෙන නිදා ගෙන  තම  වේදනාව  සහ අධිෂ් ට්හා නය පෙන්වුයෙත් සිංහල බෞද්ධයන් රැකගැනීමේ සටන  අත්‍යවශ්‍ය දෙයක්  නිසය් .පුංචි කීර්ති කුමාරයා කර කොළ කමින් වයස 12 සිට බික්ෂුන් වහන්සේගේ ආරක්ෂාව යටතේ  කැ ලේ හැංගී යුද හරඹ පුහුණුවෙමින් දුක් වින්දේ  සිංහලේ රකීමටය . අනේ ඔබ දෙදෙනා වින්ද දුක් කන්දරාව දැන් ඉන්න තරුණ න්   දන්නේ නැත ඉතිහාසය මෙලෝ හසරක් නුගත් උන් දන්නේ බය්ලා නටමින්  වල්බූරු නිදහස  භුක්ති වි දී න්නත් පමණයජේත්තු ජීවිතයකට ඉඩ ඇත්නම් උන් ඊලාමය යටතේත්  බය්ලා නටමින් සිටිනු ඇත .
                                                                        2015 අප්‍රේල් 14 අලුත් අවුරුදු දවසේ  කාතන් කුදියේ ඉස්ලාමික කෞතුකාගාරයක්  විවුර්ත කර  ඇත පැරකුම්බා රජ දවසෙත්  රජු යටතේ මුස්ලිම් වරු ඇමතිවරු වී සිටි බවත්  සිංහල දේශයේ  පේෂ කර්මය හා යකඩ කර්මාන්තයේ මූලිකයන්  හා ආදිතමයන්  මුස්ලිම් වරු බවත් එහි දක්වා ඇත .  මුස්ලිම් ඇමැතියන්ගේ පිලිරු  යය පිලිරූ හදා ඇත . දැන් මුන් හදන්නේ  දෙමලු මෙන්ම මුස්ලිම් වරුද  ලංකාවේ ආදිතමයන් යය දරුවන්ට ඒත්තු ගැන්වීමටය  මේවා ඉගෙන ගත දෙමල දරුවෝ වසර 30 ක් අපව විනාශ කළහ   මයිත්‍රී රනිල් රජයේ  අලුත් මුස්ලිම් ඇමතියා ලවා රජය මේවා කරවන්නේ  මුස්ලිම් චන්ද ගෙන සිංහල බලය නැතිකිරීමේ රනිල්ගේ අභිප්‍රාය ඉටු කිරීමටය රනි නාදය මානුෂික මෙහෙයුම් වලක්වා ප්‍රභා බේරා ගැනීමට  2009 දී  මැදවච්චි  පාමංකඩ  වැනි නොසන්ඩාල කතා කියමින් මහින්ද  මානසිකව වට්ට වීමට කටයුතුකළ හැටි මේ මොහොතේ  මතක් කර ගන්න මගේ  දරුවනි . සෝම හාමුදුරුවෝ මරා ගත අ  ය දැන් බුරුතු පිටින් හාමුදුරුවරු බිලීබා ගනිති මාදුළුවාවේ සෝභිත හිමි එදා ජාතියේ මුරදෙවන්ගේ පලමුවෙනියාය  එහෙත් ඉන්දියානුවොත් බට හිරයොත් එතුමා  විකුර්තිකළහ රතන චම්පික ආදීන් නම් හැමදාම ප්‍රතිපත්ති වෙනස් කලඅ  යය් හෙළ උරුමය යන නම එපාකරවන්නට  පරයෝ රනිල් ලවා මොවුන්ද බිලීබා ගත්හ . ගමේ මිනිහෙකුවූ මයිත්‍රී  දැන් මුන්ගේ හිරභාරයෙය.  ජේ ආර් 1932 දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කල යුත්යය්  සන්දේශයක් ඉදිරිපත් කල බව දන්නේ   මුහුණු පොත් බුවෝ කී දෙනාද . දැන් නිකන් දෙන  වය්  මගින් ගම්වල  සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ද  ”’හය්   ෆය් ” කරගන්නට රජය උත්සාහ ගන්නේ   නුතන මෙවලම් වලට ගිජුවූ විට ජාතිය අමතක වෙන   ප්‍රේත කුම්භාන්දයින්  ලංකාවේ සෑහෙන්නට ඉන්න නිසාය  .  අශ්රෝෆ්ෆ් ගේ කාලයේ කුරගල  බොරු සෙල්ලිපි  කොටවා ඒ භුමිය  මුස්ලිම් පුදබිමක් බව ඔප්පු කරන්නට   උත්සාගත් හ. ලත් තැන මේවා ලොප් නොකර සිංහලයෝ  බට හිටයන්ගේ ඉඳුල් කකා ඉන්දියානුන්ගේ පරිප්පු කකා සිටි නිසා   අද ලංකා පොලිසිය ත් අලුත් රජයත්  මුස්ලිම් අබුසාලියාට බයය . ඩී එස්     නම් එජා පයේ නිර්මාතෘ වරයා කන්නන් ගරගේ නිදහස් අධ්‍යාපනයට විරුධව  ක්‍රියා කලේ අය දය  අලුත් තරුණයෝ දන්නා වාද සිංහලයා ඉගෙන ගෙන ඉහල තනතුරු වලට ගියොත් බටහිරයන් ඩී  එස් ගෙන් බලා පොරොත්තුවූ  වහල්  ගැතිකම  සමාජයෙන් තුරන් වන බව ඔහු දන්නා නිසා ””’  මුන් ඔක්කොම ඉගෙන ගත්තොත්  පොල්ගෙඩියක් කඩා ගන්න වත් එකෙක්  ඉතුරු වෙන්නේ නැහැ”’ ඔහු කීවේ එනිසය්  .  කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත අනුමත කරවා ගත්තේ ඩී  එස් රටින් පිටවූ අවස්තාවකය .. ඩී  එස්  මේ නිසා කන්නන්ගර චන්දයෙන් පරදවන්නට වැඩ කළේය  .ඒ ජා පය හැමදාම කලේ  මේවාය ඩී  එස් ඩඩ්ලි ටිකක් හරි හොඳ වුනත් අනිත් උන් නම්  අසමත්ජාතියෝය  මෙයි න අන්තිම ද්‍රෝහියා රනිල්ය   චන්ද්‍රිකා නම් චව්ර  ගැහැණිය රනිල්ටම උපන් ගැහැනියකි  මේ දෙන්නා මයිත්‍රී විනාශ කර ඇත  ඉන්දීය මෝඩි අනුගමනය කරන මෝඩයෙකු බවට මයිත්‍රී පත් කලේ මුන් දෙන්නාය   තමන්ටන්  පිටරටි  ඇති තෙරපුම ගැන  දැන් මයිත්‍රී මැසිවිලි කියය්  තැන තේරෙනවද   මගේ දරුවනේ  මේවා දන්නා අයගේ බඩ  පපු  දනවා දරුවනේ හිරුනොබසින අධිරාජ්ජයටවත් සිංහල බෞද්ධයන් 4% කට වඩා කිතුනුවන් කර ගන්නට නොදී දේශය ආගම රැක  ගත් දේශ ප්‍රේමීන් නොහිටින්නට උඹලා එක්කෝ දෙමළය කිතුණුය නැත්නම් මුස්ලිම්ය . සිංහලයන් විසින් තනා  හදා වඩා  වසර දහස් ගණනක් රැකගත් එකම දේශය නැතිකරන්නට  යහපාලන යය කියන   ය. ම පාලකයින්ට ඉඩ දෙන්න එපා දරුවනේඋතුරේ සිටි 25000 ක්සින්හලයන් කෝ කොලඹ  දෙමලු  අල්ලා ගත්තේ කොහොමද  අධි ආරක්‍ෂිත කලාප  වල ඉඩම් දැන් ආපසු  දෙන්නේ  සිංහල දේශය රක ගන්නටද  බැසිල්  ගොඨ  මහින්ද අත්අඩංගුවට ගන්නට වලිකන ආණ්ඩුව විග්නේශ්වරන් රටට විරුද්ධව කරනදෙවල් ගැන නොසොයන්නේ අය ‘ ඊලාමය  ප්‍රකාශ කල රටින් පැනගිය  වර්ධරාජා පෙරුමාල් ලංකාවට  නැවත ආවේ මේ යහපාලන  කාලයේ ය මහින්ද හිටියා නම්  මේ ත්‍රස්තයා එය් ද.  වෙනස තේරෙනවද . 
                                                      අඩුම ගනනේ  රනිල් චන්ද්‍රිකාගෙන්   මය්ත්රීව වත් බේරාගන්නට සටන් කරන්න  මේ මනුස්සයා  අරුන් විසින්  විකුර්තිභාවයට පත් කර ඇත .  ඒ බය්යා අර ටෝය්ය ලාට වඩා””’ හොඳ””’ වියහැක අඩුගනනේ උත්සාහයක් වත් ගන්න . පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තිබු බෞද්ධ විහාර නටබුන්   අද දෙමල කක්කුස්සි හැදීමට අරගෙන ඇතිබව ඔබ දන්නවාද .එජා පයේ ම සිටි  සිරිල් මැති ව්  විසින් පල කල   සිංහල බෞධ්ධයිනි අවදිවව්   පොතේ ඇති එදා පැරණි විහාරාරාම ගැනවත් එජා පයෝ කියවා නැද්ද  සිරිල් ව එළවා දැම්මේ  ජේ ආර් ය .
                                                   මහින්ද බලය තිබු විට 13අ අහෝසි නොකිරීමේ වැරැද්ද  නිසා අද රනිල් ද්‍රෝහියා බලයට පත්විය  ප්‍රභා මරුමහින්ද පසුව පිටරටුන් ට ටිකක් බය වුනා විය හැක  . එහෙත් එය අහෝසි කරවා ගත හැක්කේ මහින්ද හැර රනිල් ලවා නම් නොවේ එනිසය් නැවත මහින්ද අවශ්‍ය රට බේරාදී  ගෝඨා  වැනි සුදුසු කෙනෙක් පත්කර මහින්දට වීරයෙක් ලෙස විශ්‍රාම ගිය හැක 
                  ගැමුණු පුතනුවනි        කීර්ති පුතනුවනි   නැවත සිංහලේ ඉපදී  නුතන නොදරුවන්  ට අපේකම හඳුන්වා දෙන්න  මාගේ දේශය රැ  ක දෙන්න   දැන් ඇත්තේ ඇති බිහිසුනුම අවස්තාවය්     සිංහලේද   ඊලාමයද ? දෙකෙන් එකක් තෝරා ගන්න දරුවනි    විහාර මහා දේවී මාතාවනි ඔබවැනි වීර මාතාවන්ගේ කුසින් ඉපදුන දරුවෝ   අද විනාශය අභිමුඛයේය    ඉන්දියාවේ හා බටහිර  ම්ලේච්චයින්ගෙන්  රට බේරා ගෙන රනිල් වැනි උන්ගේ ඒජන්තයින්  අවීචි මහා නරකාදියට දක්කන කෙනෙක් වහාම රටට අවශ්ෂ්‍ය ය  

අනුග්‍රහය ලංකා වෙබ්

Friday, April 24, 2015

Sri Lanka National Flag

Sri Lanka National Flag

The National Flag of Sri Lanka represents the country and her heritage as rallying device that integrates the minorities with the majority race.

When Vijaya, the first King of the Sri Lanka, arrived in Sri Lanka from India in 486 BC, he brought with him a flag with a symbol of a lion on it. Since then the Lion symbol played a significant role in the history of Sri Lanka.

SYMBOLISM OF THE NATIONAL FLAG

THE BO LEAVES

Buddhism and its influence on the nation.

They also stand for the four virtues of Kindness (Mettha), Compassion (Karuna), Equanimity (Upeksha) and (Muditha) Happiness.

YELLOW BORDER

YELLOW BORDER People from other cultures living in Sri Lanka

ORANGE STRIPE The Tamil community

GREEN STRIPE The Muslim community

SWORD The soverignty of the nation

rTHE LION The Sinhalese ethnicity and the strength of the nation

1948 -1951 KING SRI WICKRAMA RAJASINGHE FLAG
This is the flag that was raised by D.S. Senanayake, the first Prime Minister of Ceylon on Independence Day 1948. It did not have the two saffron and green stripes as well as the four bo leaves. This was based on the original lion flag of King Sri Wikrama Rajasinghe

1951 -1972: MODIFIED FLAG OF KING SRI

The necessity of a National Flag was discussed even before Sri Lanka gained independence on February 4,1948. Mr. A. Sinnalebbe, MP for Batticaloa tabled a motion in the State Council on January 16,1948 suggesting that the Lion Flag of King Sri Wickrama Rajasinghe which was taken to Britain in 1815 should be made the National Flag.

This was debated and later Prime Minister Rt. Hon. D.S. Senanayake named an Advisory Committee for the formulation of a National Flag.

WIKRAMA RAJASINGHE

The Members of the National Flag Committee Mr. S.W.R.D. Bandaranaike (Chairman),

Sir John Kotalawela,_

Mr.J.R.Jayewardene,

Mr.T.B.Jayah,_

Dr. L.A. Rajapakse, Mr.G.G.Ponnambalam

Senator S. Nadesan,_

Dr.Senarath Paranavithana (Secretary).

The National Flag recommended by the special committee was presented to Parliament by Mr. D.S. Senanayake on March 2,1951 and adopted. It had two strips, one green and the other yellow. Each of these strips had to be equal to one seventh the size of the flag.

1972 TO PRESENT

When Sri Lanka was first made a Republic in 1972 the stylized Bo Leaves depicted in the National Flag were changed to resemble natural Bo leaves. The amended flag was first unfurled at the Republic Day celebrations held on May 22,1972.

The National Flag is incorporated in Section 6 Second Schedule of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka of September 09,1978.

DISPLAY OUT OF DOORS *

Whenever the National Flag is flown, it should occupy the position of honour and be distinctly placed.

The National Flag should always be hoisted slowly and ceremoniously and the same as for lowering.

The National Flag should be flown with the two vertical stripes next to the flag-pole.

The flag may be flown on buildings at night but only on very special occasions. On all such occasions, the, flag should always be floodlit while it remains hoisted. Religious flags should be displayed at the same level.

When a number of flags of localities or pennants of societies, school and dub flags, etc., are grouped and displayed from staffs with the National Flag, the National Flag should be at the centre and at the highest point in the group.

When the flags of provinces, pennants of schools, etc., are flown on the same halyard with the National Flag, the latter should be at the peak.

When other flags are flown, the National Flag should be hoisted first and lowered last

When the National Flag is displayed from a window sill, balcony or in front of a
building, it should be placed at the peak of the staff unless it is at half-mast.The
staff should be at an angle 45 degrees and not horizontal.
When the National Flag is displayed across a street it should be flown horizontally along its length with the lion upright.

When the National Flag is displayed on a speaker's platform, it shall be flown on the speaker's right as he faces the audience or flat against the wall above and behind the speaker.

INCORRECT DISPLAY

A damaged, disfigured or faded National Flag should not be displayed.

The National Flag shall not be dipped in salute to any person or thing.

No other flag or bunting shall be placed higher than or above or, except as hereinafter provided, side by side with the National Flag nor shall any object including flowers or garlands or emblem be placed on or above the flag-mast from which the National Flag is flown.

The National Flag shall not be used as a festoon, rosette or bunting or in any other manner for decoration; nor shall other coloured pieces of cloth be so arranged as to give the appearance of the National Flag.

The National Flag shall not be used to cover a speaker's desk nor shall it be draped over a speaker's platform.
The National Flag shall not be displayed with the Lion upside down.
The National Flag shall not be allowed to touch the ground or the floor or trail in water.
The National Flag shall not be displayed orfastened in a manner that may damage it.
The National Flag should not be displayed on a float in a parade except from a staff.

The National Flag should be attached to the halyard before hoisting-and the flag should be folded and either placed on a high object (never on the ground) or held by hand.
The chief guest at the function should hoist the National Flag smartly. During the ceremony all should stand to attention, refrain from smoking, drinking, eating, conversing, laughing or acting in a way that distracts from the solemnity of the occasion. Service personnel in uniform will salute as prescribed in respective service
Immediately after the National Flag is hoisted the National Anthem should be played or sung by a choir and preferably by all those present. Non- nationals are not expected to join in the singing but they stand as a mark of respect.
During rendition of the National Anthem when the National Flag is displayed all persons present except those in uniform should stand to attention facing the National Flag. Persons in uniform should render the appropriate salute. Men not in uniform wearing head-dress and not saluting should remove their headdress.
http://srilanka.travel-culture.com/guide/srilanka-flag.shtml

A Soldier's Film Journal of Ceylon (Sri Lanka) 1944-1945

https://www.youtube.com/watch?v=S3c3tU9qD5w

A sample of Tamil Tiger (LTTE) atrocities against civilians shown on the U-Tube.


Click here for other interesting posts.

The Tamil Tigers were the first terrorist group to perfect the body-detonator that they supplied to the various middle-eastern terror groups and Jihadists as well. Many of the suicide blasts carried out in Sri Lanka have been captured in video and are available as U-tube videos. Another genre of killing took place in the absence of photo evidence except for photos taken by the propaganda wing of the Tigers. Prabhakaran wanted to see the action at the war front, as well as visual evidence that prisoners were eliminated. But these are not easily available.

The Tigers killed many of the civilians that they trapped as human shields, as they wanted to eliminated the dead and wounded. They also wanted to put the blame on the government and evoke international sympathy. Some authenticated examples of where they did that are: In some instances, the wounded were loaded in an old bus and set fire. They would move sick people to the firing zone at war front, allow the sick (Tamil) civilians to get shelled, and announce to the red cross that the area had a hospital! Later they would claim that a hospital was shell after they declared the area to be a hospital!

Such Atrocities and misrepresentations cannot be tolerated under any circumstance.


Warning - some of the links are graphic.

Keep your audio on







Sri Lankan (Sinhalese and Tamil) victims murdered by the Terrorist LTTE (Liberation Tigers of Tamil Eelam) seem to be forgotten by the UN and the `Human Rights' NGOs. In fact, the blame for ALL THE LTTE killings has been transferred to the army, using propaganda films like those of channel-4 British-LTTE co-production. The UN has been hoodwinked into releasing reports claiming `credible sources' with no sources revealed! Hack writers have claimed 40,000 missing persons, without counting those in Indian camps, `refugees' in the West, Australia etc.

However, Sri Lankans be they Tamils, Muslims or Sinhalese, they are forever indebted to the soldiers. Now people can venture out without the fear of being blasted.



Here is a small sample of the Bomb Blasts- suicide attacks.


  • Abimanpura LTTE Terrorists attack a civilian bus 18 killed by Tamil Tigers abi 1 abi 2 abi 3
    Moratuwa Bomb Blast 2008.06.06 19 killed by Tamil Tigers
  • Moratuwa
    Piliyandala Bus Bomb Blast on 25th April 2008 at 6.40 PM 10 killed by Tamil Tigers
  • Pili 1
  • Pili 2
  • Pili 3
    Anuradhapura MORE THAN 120 KILLED by Tamil-Tiger KILLING FIELD IN SRI LANKA.
  • Anu 1
  • Anu 2
  • Anu 3
    KANDY WATTEGAMA BUS BOMB BLAST killed by Tamil Tigers.
  • Watte 1
    LTTE Terrorist Bomb Blast in Nugegoda by Tamil Tigers - 28 Nov 2007
  • Nuge 2
    Bomb Blast in Colombo by Tamil Tigers - Detail News 16/05/2008
  • Colombo-2008
    LTTE Terrorist Blast Another Bus Bomb - Sep 16 2008
  • http://www.youtube.com/watch?v=DpD153VfZYY&feature=related
    Social Services and Social Welfare Ministry by Tamil Tigers
  • Welfare min
    Mt. Lavinia, Sri Lanka Bus Bomb – killed by Tamil Tigers 23-02-2008
  • Mt. Lavinia
    LTTE Terrorists Bomb Kills 4 Including 2 School Children by Tamil Tigers
  • School kids
    LTTE Attack Kebithigollewa 26 killed by Tamil Tigers
  • Kebilithi

Adapted with thanks from a compilation by James Corea.

Click here for other interesting posts.

--------------------------------------------------------------------------------------------------------
http://dh-web.org/place.names/posts/tiger-atr.html

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...