Saturday, March 7, 2015

උඩරට ගිවිසුමට වසර 200 ක් පිරීම නිමිති කොට ගෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටඓතිහාසික ජන හමුවක් පැවැත් වුනි.

1815 මාර්තු 02 දා මහනුවර මගුල් මඩුවේදී එවකට “සිංහලේ” ලෙස හැඳින්වූ වර්තමාන ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කරමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් සමග උඩරට රදළවරුන් අත්සන් තැබූ උඩරට ගිවිසුමට වසර 200 ක් පිරීම නිමිති කොට ගෙන ඓතිහාසික ජන හමුවක් පසුගිය 02 සඳුදා සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පැවැත් වුනි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය සංවිධානය කල මෙම ජන හමුවේ විශේෂත්වය වුයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට...




















































සුදු අදිරද සපත්තුවේ හැටි සුදු පුතුනට කියයි


http://www.lankadeepa.lk/index.php/articles/299235
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්‍රියා  පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති ඇතුළු රජය දැනුවත් කිරීමේ ජන හමුවක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අභියසදී පැවැත්වීමට යයි.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කෙරෙන මෙම ජන හමුව මාර්තු  මස 02 වැනි සඳුදා සවස 04 සිට රාත්‍රී 07 දක්වා පැවැත් වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු වන ජනක අලහප්පෙරුම පැවසුවේ " මේ වසරේදී 1815 මහනුවර මගුල් මඩුවේදී සිංහල නායකයින් රවටා අත්සන් කළ ව්‍යාජ ගිවිසුමට වසර 200 සම්පුර්ණ වන බවයි.

රට වෙනුවෙන් එදා අභිතව සටන් වැදුණු සහ ජීවිත පරිත්‍යාග කළ ගැමුණු මහරජු, වීර කැප්පෙටිපොල, පුරන් අප්පු වැනි අභීත විරුවන් සැමරීම ශ්‍රී ලාංකික කාගේත් යුතුකමක්. බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාව යටත් කළ අවස්තාවේදී සිදුවූ අසාමාන්‍ය මිනිස් ඝාතන, දේපළ විනාශ කිරීම් වැනි අපරාධ පිළිබඳව බ්‍රිතාන්‍යයේ වර්තමාන දේශපාලඥයින් දැනුවත් කිරීම තමා මෙම ජන හමුවේ බලාපොරොත්තුව. මෙහිදී 1815 දී උඩරට ගිවිසුමට අත්සන් කල සිංහල ප්‍රභූන් සංකේතාත්මකව සිහිපත් කරමින් මුල් ඇඳුමෙන් සැරසුණ කණ්ඩායමක් සුදු ජාතීන් කළ  අපරාධ පිළිබඳ සියලු සාක්කි සහ විස්තර ඇතුළත් සංදේශයක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙතටත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් භාරදීමට ද කටයුතු යොදා ඇත".


JANAKA

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...